Featuresඅඬවැඩියාවේ අඩුවැඩි සහ අවනඩු

අඬවැඩියාවේ අඩුවැඩි සහ අවනඩු

-

spot_img

අඬවැඩියාවේ අඩුවැඩි සහ අවනඩු

පුද්ගලයකුගේ හෝ සමාජයක සතුට නිර්මාණය වීම යනු, එම පුද්ගලයා හෝ සමාජ තන්ත්‍රය වටා ඇති, දුක්ඛ දෝමනස්සයන් පළවා හැරීම ය. දුකට ආවැඩීම හෝ හේතු දක්වමින් අඬවැඩියා කීම දුක නිවීමේ මඟ නොවේ. දුක වවාගෙන, මවාගෙන, රවාගෙන සිටීම අසුභවාදී ය. දුක, සුඛ වීම හෝ දොම්නස්, සොම්නස් වීම යමෙකු ජීවිතය දෙස බලන දෘෂ්ටි කෝණයට සාපෙක්ෂව ධනාත්මක හෝ සෘණාත්මක හැඩයක් ගනී. ඔබේ සතුටේ නිමවුම්කරු ඔබය. සමාජයේ යහපත හෝ අයහපත නිර්මාණය වනුයේ ඔබේ සමාජගතවීමට සාපේක්ෂව ය. ඔබේ සතුටේ, දුකේ මෙන්ම අඬවැඩියාවේ සහ අවනඩුවේ ද මැවුම්කරු හෝ ගැලවුම්කරු ඔබ මිස අන් කිසිවෙක් නොවේ. 

Bakusuwatha

පුද්ගල මනසක හෝ සමාජ තන්ත්‍රයක සතුට හෝ දුක නිර්මාණය වීමේ අඩුවැඩිය තිබේ. එය ඉවුම්,පිහුම්, මැහුම්, ගෙතුම් වල සිට ඉගෙනීම, රැකියාව, විනෝදාංශය දක්වා විහිදුණු එකකි. කෑමක, බීමක රසය ලැබෙන්නට ඊට යොදන අඩුවැඩිය දැන සිටිය යුතුවාක් මෙන්ම, ඉගෙනීමේදී ඔබ දක්ෂ විෂය ධාරාවද, රැකියාවේදී ඔබේ වෘත්තීය සුදුසුකම්ද, විනෝදාංශයකදී ඔබේ සීමාවද එකිනෙකට ආවේණික අඩුවැඩිය ය. නිසි ලෙස කළමණාකරනය හෝ සකසුරුවම් නොවූ ඉහත ඕනෑම දෙයක් සෘජුව ඔබටත්, වක්‍රව සමාජයටත් හිතකර ලෙස හෝ අහිතකර ලෙස බලපැ හැකිය. ඔබේ සතුට හෝ දුක සෑමවිටම අනෙකාගේ සතුට හෝ දුක නිර්මාණය කිරීමට බලනොපාන බව සැබෑය. එහෙත් වඩා යහපත් සමාජගතවීමක් යනු පොදු සමාජයේ අඬවැඩියා සහ අවනඩු අවම වීමකි.

Bakusuwatha

වත්මන් සමාජයේ බොහෝ දෙනා සිතන පරිදි සමාජ මාධ්‍ය යනු විනෝදාස්වාදය සපයන, ඒ හරහා සතුට උත්පාදනය කරනා තැනකි. එහි අඩුවැඩිය පිරික්සීමේදී නිරීක්ෂණය වන ප්‍රධාන කාරණය වනුයේ ඒ සඳහා ඔවුන් “මාකට්” කරනුයේ ද දුක වීම ය. පිටිසර පලාතක, දුෂ්කර ගම්මානයක, අවම පහසුකම් යටතේ ජීවත්වන අඹු සැමියන් සමාජ මාධ්‍ය හරහා තම ජීවිතය පෙන්වමින් එහි වෙහෙසෙකර බව කියයි. විදේශගත වූවෙක් “සුද්දෙක් හෝ සුද්දියක්” කසාද බැඳගෙන කැඩිච්ච සිංහල කතාකරන හැටිත්, අමාරුවෙන් ලංකාවේ කෑම හදන හැටිත් පෙන්වයි. බැලු බැල්මට මේ සිද්ධි දෙකෙන් එකක් “ගොඩේ” සහ අනෙක “පොෂ්” ලෙස පෙනුනද, මේ දෙපාර්ශවයම අපට කියනුයේ ඔවුන්ගේ ජීවිතවල අඬවැඩියා සහ අවනඩුය. ගම දුෂ්කරය, කටුකය කියන පිරිස සේම ඉන් එපිට ලෝකය නියමය, මාරය කියන පිරිසටද ජීවිතයේ “මිස්” වූ දේවල් එමට ය. ඒ “මිස්” වීම “යූස්” කරනුයේ ඇඳුම් අන්දන, ක්‍රීම් ගල්වන, කෑම විකුණන මුදළාලිලා පිරිසකි.

Bakusuwatha

රඛිත රාජපක්ෂට ඇප ලැබී චරිත් අබේසිංහ යළි බන්ධනාගාරගත වීමේ අඩුවැඩිය ද බොහෝ ය. රඛිත කාර් එකෙන් ගෙදර යෑමත්, චරිත් මාංචු පිට යළි ඇතුලට යෑමත් මාලිමා දේශපාලන අවනඩුවේ ප්‍රධාන අඬවැඩියා බවට පත්වී තිබේ. මේ නාටකය චරිත්ගේ සහ විජේදාස රාජපක්ෂගේ කට වහන්නට ආණ්ඩුව රඟ දැක්වූ පිටපතක් බව දන්නෝ දනිති. ආණ්ඩුවට විරුද්ධව කට ඇරියහොත් වැරදි තැනින් පාර මාරුවූවා කියා හෝ ඇතුලට දමන බව දැන් කිරිසප්පයන් පවා දන්නා ප්‍රසිද්ධ රහසකි. ආණ්ඩු හදන්නා සහ කඩන්නා ලෙස ඇතැමුන් හඳුන්වන විජේදාසගේ පුතා පමණක් නොව “මිස්ටර් ක්ලීන්” යැයි හැඳින්වූ රනිල් වික්‍රමසිංහට නඩු වැටෙන්නේත් ආණ්ඩුවේ ඉහත කී න්‍යායෙනි. සියයට 2.5 සිට සියයට 9 ට ඉහළ ආ රාජපක්ෂ කඳවුර අවම වශයෙන් තරාතිරම නොබලා තම පාක්ෂිකයා වෙනුවෙන් හෝ පෙනී සිටී. ආණ්ඩුවට පසු වැඩිම ජන්ද පදනම හිමි සජබයට ස්වාධීනව ජන්දය ඉල්ලා පාර්ලිමේන්තු ආ රාමනාදන් අර්චුනා ආණ්ඩුවට ලබාදෙන තරමේ පීඩනයක්වත් ලබාදීමට නොහැකි වීම හාස්‍යයට කරුණකි. මේ ගමනේ කෙළවර රනිල් වික්‍රමසිංහ අතින් යූ.එන්.පී එකට වූ දෙය සජිත් ප්‍රේමදාස අතින් සජයබට වන්නේ යැයි කෙනෙකුට සිතුණහොත් එය අඬවැඩියාවක් හෝ අවනඩුවක් යැයි නොසිතා බාර ගැනීමට වුවමනා තරම් අඩුවැඩිය තිබේ.

Bakusuwatha

විශ්‍රාම වැටුප අසා ගෝඨාට සහ නඩු විධාන සංග්‍රහයේ පළවෙනි වගන්ති දෙක අසා නාමල්ට සහ තවත් එකී, මෙකී, නොකී අයට දුරකථන ඇමතුම් දුන් තැනැත්තා අපරාධ චෝදනා වලට ලක්වුවෙක් බව පොලීසිය කියයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට නීතීඥ සංගමය දැඩි විරෝධය පළ කර සිටී. ෆේස්බුක් පෝස්ට් රැල්ලකට බියවී දෙවිනුවර දේවාලයේ කාවඩි තහනම “රිවස්” කරගනී. රත්නශ්‍රි විජේසිංහ පුස්තකාල මණ්ඩල සභාපතිකමෙන් ඉල්ලා අස්වී නැවත එය බාරගනී. ශානිලාට, රවීලාට හෙණයක්වත් නැතත් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගත්තාට පුජිත්ලාට, හේමසිරිලාට දඬුවම් දී දඟගෙයි යවා ඇත. අඩුවැඩි වශයෙන් මේ අවනඬු වලට අඬවැඩියාවක් වී සෝදන්නට, අපුල්ලන්නට මාලිමා පාක්ෂිකයනට සිදුව ඇත. ජවිපයේ වත්මන් ක්‍රියාපටිපාටිය චේට, ක්‍රැස්තෝට, මාක්ස්ට, ලෙනින්ට වඩා දැන් වඩාත් කිට්ටු හිට්ලර්ට ය. “බලය ඇතිවන්නේ ආරක්ෂාවීමෙන් නොව පහර දීමෙන්‍ ය” කියා කීවේ අඩොල්ෆ් හිට්ලර් ය. ආණ්ඩුව අඩුවක් නැතිව වැඩි වැඩියෙන් හිට්ලර්ගේ ඒ කියමන සනාථ කරමින් සිටී. එය අවනඩුවක් හෝ අඬවැඩියාවක් කියා ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. අවැසිනම් සේදීමට, ඇපිල්ලීමට හැකිය.

Bakusuwatha

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you