NovelsShort Storiesඔබ සමඟ වැඩෙමි

ඔබ සමඟ වැඩෙමි

-

spot_img

ඔබ සමඟ වැඩෙමි – Growing Up with You

වතුර බාල්දිය ඇල කරන මම අවසාන වතුර ටිකත් ජෝගුවට දමා ගමි. ඔබේ පියා සමග පාවහන් නොමැතිව එළියේ ඇවිද්දාට පසු කකුල්වල ගෑවුණු කුණු සෝදා ගැනීමට අවැසි තරමට ඒ වතුර උණුසුම්‍ ය. මම වතුර ටික ඔබේ ඇඟිලිවලට ඉසිමි. ඔබේ සිඟිති දෙපා සේදීමෙන් අනතුරුව තුර්කි තුවායෙන් ඔබව ඔතා ගෙතුළට ඔසවාගෙන යමි. පාසල් නිල ඇඳුම, බේබි ක්‍රීම්, ලෝෂන් සහ පනාව විසිරී ඇති ඇඳ මත ඔබව තබා නැවත වරක් සිරුරේ තෙත පිස දමමි. එවිට අපි දෙන්නාම හිනැහෙමු. ඉන් පසුව ලෝෂන් ගල්වමි. උණුසුම් අගෝස්තු උදෑසනක එතරම් අවශ්‍ය නොවුණත්.

සයිකල් රික්ෂෝකාරයා ඈතින් එනු පෙනේ. ඔබ, මගේ හුරතල් පුතා, නිල් පැහැ පොකෙමොන් පාසල් බෑගය පිටේ එල්ලාගෙන පාසල් යෑමට සූදානමිනි. මම තැඹිලි පැහැ ස්කුබිඩූ වතුර බෝතලය ඔබේ ගෙල වටා එල්ලමි. මට දැනෙන්නේ ඔබ පාසල් යන මුල්ම දිනය අද කියායි. මාස තුනක්ම ගත වී ඇති නමුත් එය අද ඊයේ සිදුවූවාක් මෙනි. ඔබ නැති හිස් නිවසට යන මම මහත් තනිකමින් කෝපි බොමි. අද ඔබේ පියා ඔබට පහරක් ගසා ඔෆිස් එකට ගියේය. ඔබ ආත්තම්මා සමග සුරතල් වෙයි. මා ඔබව වැළඳගත්විට ඔබ මදෙස බලන්නේ දුකෙනි. මට ඔබව දැනේ. මාසයක් තිස්සේ ඔබට කියන්නට තැතනූ දෙය මම ඔබ හා පවසමි.

Short Story

“අහන්න, පැටියෝ, ඔයා අද ඉස්කෝලෙ ඇරිලා ආවම ආත්තම්ම ඔයාට ඇඳුම් මාරු කර ගන්න උදව් කරයි. අම්මට අද ඉඳලා කොලේජ් යන්න තියෙනවනේ.”

ඔබ කිසිත් නොපවසාම හිස වනයි. මම ඔබේ නළලට හාදුවක් දුන් පසු ඔබ රික්ෂෝව අසලට දුවයි. රික්ෂෝවට නැගී මට අත වනන ඔබ අසල අසුන්ගෙන ඉන්නා කුඩා යහළුවා දෙසට හැරේ. මම සුසුමක් හෙළමින් නිවස තුළට දිව යමි.

මම මගේ ස්කූටරය සිසුන් සඳහා වෙන් කර ඇති ස්ථානයේ නතර කරමි. හෙල්මටය ගලවා අවුල් වී ගිය හිසකෙස් සකසා ගනිමි. බෑගය අතට ගන්නා මට නුහුරු නුපුරුදු ගතියක් දැනෙයි. මේ බෑගය අවලස්සනය. එය නොගැළපේ. ඉදිරියට යන මට විද්‍යාල ගොඩනැගිල්ල සුන්දරව දර්ශනය වේ. එහි ඇති විශාල කුළුණු සහ ජනේල සම්ප්‍රදාය සමඟ මුසුවූ නූතනත්වය සංකේතවත් කරයි. තණබිම කොළ පැහැ කළාලයක් මෙනි. දෙපස තල් ගස් පේළියකි. සයිකස් ගස් අසළ ඇති දිය උල්පත සොඳුරුය. මම දොරටුව අසළ පැකිළෙමින් සිටිමි.

Short Story

ආලින්දයේ සිටින ගුරුවරුන් දෙදෙනෙක් ඇතුළත් වීමේ පත්‍රිකා ලකුණු කර යා යුතු දිශාව පෙන්වයි. ශ්‍රවණාගාරය අලුත් උපාධිධාරීන්ගෙන් පිරී කලබළකාරී ස්වභාවයක් උසුලයි. මම ඔවුන් හා එක් වෙමි. මා වැනිම අය සමගින්. ඇත්තටම මට දැන් පෙර තරම් අතරමං වූ බවක් නොදැනේ. උස් සිවිලිම් සහිත ශ්‍රවණාගාරයේ ආසන පේළි දිගේ තරුණ සිසුන් පිරී ඇත. මට දැන් වයස තිහකි. නමුත් බොහෝ කලකට පසු මම නව ආරම්භයක් සහ අපේක්ෂාවන් සමගින් සූදානමිනි. විදුහල්පතිවරයා වේදිකාවට පිවිස නව කණ්ඩායමට සිය සුබපැතුම් පුද කරමින් කතාව අරඹයි. මෙහිදී අනුගමනය කළ යුතු නීති රීති පිළිබඳව දැනුම් දෙයි. ඔහුගේ කතාව අවසානයේ අත්පොළසන් හඬ ඇසේ. අනතුරුව අපිට කාල සටහන ලැබෙන අතර මම පංතිය වෙතට පිය මනින්නෙමි.

මම දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ලීලා අසල වාඩි වූයෙමි. ඇය ආත්ම විශ්වාසයෙන් සහ සැහැල්ලුවෙන් සිටියි. තොරතෝංචියක් නැතිව කියවන සිසුන්ගෙන් පංතිය පිරී ඇත. මම සාමාන්‍ය වීමට, මිතුරන් පිරිසක් ඉදිරියේ සැහැල්ලුවෙන් සතුටින් සිටි මාව සොයා ගැනීමට උත්සාහ කරමි. ඒ කාලයේ මට වයස විසි තුනකි. ඒ මම හමුදා වෛද්‍යවරයකු සමඟ විවාහ වී ස්ථාන මාරු කිරීමට පෙර. ඉන් පසු මගේ ජීවිතය වෙනස් වුණේය. මම මේ කරන්නේ හරි දෙයක්දැයි මට තවම අවිශ්වාසය. මට හොඳ ගුරුවරියක් වෙන්න පුළුවන් වෙයිද? මම අත් ඔරලෝසුව දෙස බලමි. වෙලාව උදේ 9.30 යි. ඔබේ විවේක කාලය. ඔබ හිනැහෙමින් සැන්ඩ්විච් රසවිඳිනු ඇතැයි මට සිතේ. ඉන්පසු එලඹෙන්නේ ක්‍රීඩා කරන වෙලාවයි. කිසිවෙක් ඔබව ඔවුන්ගේ කණ්ඩායමට ගන්නේ නැත. එක් වරම සුළඟක් හමා යයි. ඉන්දියානු ඉතිහාසය උගන්වන ඉන්දර්ප්‍රීත් කෞර් මෙනෙවිය පන්ති කාමරයට පිවිසෙයි. ඇයට ඇත්තේ කරුණාවන්ත ඇස් දෙකක් සහ අණ දෙන කටහඬකි. දුටුමනින්ම මම ඇයට කැමති වෙමි. මිනිත්තු දහයක් ඇතුළත, මම ඉතිහාසයට ඇදී ගොස් සිටින බව දැනේ. කෞර් මෙනෙවියගේ කටහඬ අපූරුය. මවකගේ මෙනි.

Short Story

මම විද්‍යාලයට ගොස් සති දෙකක් ගත වී ගොසිනි. මා නිවසට පැමිණෙන විට ඔබ බිම වැතිරී ඔබේ හොට් වීල්ස් කාර් සමග සෙල්ලම් කරමින් සිටියි. ඔබ සතුටිනි. අත්තම්මා සෙල්ලම් කිරීමට උදව් කළ බවත්, පාසලට රැගෙන යෑමට කෑම සකසා දුන් බවත් ඔබ සතුටින් පවසද්දී මට සියුම් රිදීමක් දැනුණි. ඔබව නාවන්නට පෙර ළදරු සබන් සහ ක්‍රීම් බේසම අසළ තබමි. ස්නැක් පෙට්ටිය ඔබේ බෑගයට දමා, බෙල්ලේ වතුර බෝතලය එල්ලමි. පාසලට යෑමට පෙර මාව වැළඳගෙන මට සුබ දවසක් යනුවෙන් පවසන්න. සවස් වරුවේ එළියට ගොස් ඔබ උද්‍යානයේ සෙල්ලම් කරන ආකාරය බලා සිටිමි. මම වෙහෙසට පත්ව සිටින බව ඔබ දන්නා අතර වෙනදා මෙන් ඔබ සමඟ සෙල්ලම් කිරීමට මට බල කරන්නේ නැත. ඒ වෙනුවට ඔබ ඔබේ අලුත් මිතුරන් හා එක් වෙයි. ඔබ මා වෙනුවෙන් නව ජීවිතයක් ගොඩනඟා ගත්තාද? ඔබ එක්ක මතක ගොඩනගා ගැනීමට ඇති කාලය මා අතින් ගිලිහී ගොසින්ද?

දින ගෙවී යත්ම, මගේ පියවර ස්ථාවර වන අතර විද්‍යාලයේදී මගේ කටහඬ ශක්තිමත් වේ. වයසින් බාල මොවුන්ට වඩා මට අත්දැකීම් තිබේ. මාව අමතක කිරීම කොතරම් හොඳදැයි මම දනිමි. නමුත් මට වැටහී ගිය දෙයනම් මම මාව මතක තියාගෙන අලුත් කරගත යුතු බවයි. ඒ නිසා මින් පෙර නොවූ අන්දමට මම මාව ශක්තිමත් කර ගන්නෙමි. ගුරුවරුන් කිහිප දෙනෙක් මා වැනි සිසුන්ට ඉක්මනින් ගෙදර යාමට ඉඩ දීමට තරම් කාරුණික වීම වාසනාවකි. ඔබ අතපය තුවාලකර නොගෙන නිවසට ඇවිත් බව දකින මට සැනසිල්ලක් දැනේ. ඉඩ ලැබුණ විට මම ඔබ හා සෙල්ලම් කරමි. ඇවිදීම, සෙල්ලම් කිරීම සහ ඇඟපත සේදීමෙන් පසු, අපි පාඩම් කාමරයේ පොත් දිග හැරගෙන, එකිනෙකාට ප්‍රතිවිරුද්ධව වාඩි වී සිටිමු. ඔබ තැඹිලි සහ රතුපාට පැන්සල් වලින් හිරු එළිය වර්ණ ගන්වන අන්දම දෙස මම ආඩම්බරයෙන් බලමි. මම, ළමා අධ්‍යාපනය පිළිබඳ මට දුන් පැවරුම ලියන විට ඔබ මා දෙස ආඩම්බරයෙන් බලයි. මම ශක්තිමත් වෙමින් සිටිමි. ඔබ සමගම. ඔබ නිසාවෙන්ම.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Suma Jayachandar විසින් රචිත Growing Up With You කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

වත්මන් රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා...
- Advertisement -spot_img

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

රත් දෝතළු – 88

රත් දෝතළු - 88 මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you