NovelsShort Storiesඑක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක්

-

spot_img

එක් අඟහරුවාදාවක් – A Tuesday

මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට ලැජ්ජාවක් දැණුනි. විවේක කාලයේදී සීනුව නාද වූ වහාම වැසිකිලිය අසළට ගොස් කෙළවරේම වැසිකිලියට වැදී නොහැඬුවේ නම් මා බැලුමක් මෙන් පිපිරී යනු නිසැකය. කඳුළු නිමක් නැති වග පෙනෙන්නට තිබුණි. පිස දැමූ තරමට, ඒවා තව තවත් ගලා ගියේය. ප්‍රශ්නත් එසේම විය. ඇයි? ඇයි? මට මෙහෙම වෙන්න මම කළ වැරැද්ද මොකක්ද? ඒ දවස පටන් ගත්තේම නරකටය.

උදෑසන මට හොඳටම නින්ද ගොස් තිබුණි. වැඩමුරය අහවර වී තාත්තා ගෙදර එන වෙලාව. මා එය මතක තබා ගත යුතුව තිබුණි. පිටුපසට එල්ල වූ පා පහරකින් මා තිගැස්සී අවදි වුණේ ශාප කිරීම් අසමිනි. අවසානයේ බයිසිකලය ගෙයින් එළියට ගත්විට මට තරමක සැහැල්ලුවක් දැනුණි. ඊට ටික වේලාවකට පසු, පාසලේ ඉදිරිපස ගේට්ටුවේ සිට කිලෝමීටරයක් ​​පමණ දුරින් හිඳිමින් මම අසරණව වටපිට බැලුවෙමි. සමහරවිට පාසලට නොයා ඕනෑම තැනකට ඇවිද යා යුතුව තිබුණ නමුත් කෙසේ හෝ මම එතැනට ඇවිත් තිබේ.

 A Tuesday

ඉන්පසු මම ඇයව දුටුවෙමි. ඇගේ පිග්ටේල්ස් වලට මම කැමතිය. සමහර දවස්වලට ඈ පෝනි ටේල් එකක් දැමූවත් මම එයට කැමති නොවෙමි. අද සමහරවිට මට ඈ සමග කතා කිරීමට හැකිවේවි. මම ඇගේ පන්තියේම වග ඈ දැන සිටියාය. ඒ දවස අද වනු ඇත. මම ඇය සමීපයට ගමන් කළෙමි. ඇය කවුදෝ සමග ඇවිදිමින් සිටියාය. ඇයට බොහෝ මිතුරන් සිටියි. මට කෝපයක් දැණුනි. වැසිකිළියෙන් එළියට ඒමට කලින් මගේ කමිසය පිරිසිඳු දැයි බැලුවෙමි. නාහෙට නාහන කොල්ලෝ රංචුවක් වැසිකිලියෙන් පිටතට වී සිටියෝය.

“Plumbing troubles?”

එකෙකු හඬනගා විමසූ අතර ඔවුන් හැමෝම මහ හඬින් හිනැහුණෝය.

“හොඳ ඩිනර් එකක් අරන් වගේ”

“ඉන්න… උදේ ඉඳලම ක්ලාස් එකෙන් ගඳක් ආවා. එතකොට ඔයාද ඒ? “

ඒ තවත් එකෙකි. ඉන්පසු ඔවුන් මහ හඬින් සිනාසීමට පටන් ගත්තේ නහය වසාගෙන, බඩේ අත් තියාගෙන, කෙඳිරිගාමින්, අසලින් යන අයව විනෝදයට පත් කරමින්. කළ හැකි කිසිවක් නොවූයෙන් මමද හිනැහුණෙමි. නමුත් මගේ හිත වෙනතක තිබුණි. ඔහු එතන හිටියේය. ඔහුවටා නිරතුරුවම කෙල්ලන් දැවටුණේය. ඔහු, අනෙක් පිරිමි ළමයින් සමඟ කිසි විටෙකත් පහත් ස්වරයකින් කතා නොකළේය. අවුරුදු 40 ක කෙනෙකු මෙන් හඬ නගා ව්‍යාජ උච්චාරණයකින් කතා කරමින් ගුරුවරුන්ට ගොට්ට අල්ලා ශිෂ්‍ය නායකකමත්, ක්‍රිකට් කණ්ඩායමේ මට හිමි තැනත් උදුරගත්තේය. සීනුව නාද වූ අතර කොල්ලන් මට නොයෙක් දේවල් කියමින් සමච්චල් කළෝය. මම නිහඬවම අසුනට ගියෙමි. ඇය දෙස බැලූවිට මගේ වේදනාව දෙගුණ තෙගුණ විය. සමහර විට අසනීප බව පවසා මෙතනින් පිටවීම හොඳය. දහවල් කාලයේදී ගෙදර එන විට තාත්තාත් මාව තේරුම් ගනීවි. ගුරුවරිය පන්තියට ඇතුළු වූ වහාම නිශ්ශබ්දතාවයක් ඇති විය. ඉන්පසු පන්තිය ඇරඹුණි.

“ආයෙ පාචනේ හැදෙන්න කලින් එලියට යන්න තියෙන අන්තිම අවස්ථාව. මල ජරාව!”

කිසිවෙකු මිමුණූ අතර සිනා හඬක් නැගුණි. එවිට මම එය දුටුවෙමි. ඇය අත ඉහළට ඔසවාගෙන, ලැජ්ජාශීලී සිනහවක් ඇතිව ඔහුට අතවැනූ අතර ඔහු ඈට දිව දිගු කළේය. ප්‍රතිචාර ලෙස ඈ හිනැහුණාය. මා ගැහෙන බව දැණුනි. මම මගේ වම් පැත්තේ සිටි කෙනාට හේත්තු වී

 A Tuesday

“කුරුල්ලෙක් අද මට රහසක් කිව්වා..”

යනුවෙන් මුමුණමින් කීවෙමි. මා අසල සිටි පිරිමි ළමයා ගුරුවරිය දෙස බලා අනතුරුව මා දෙසට හැරුණේය.

“මොකක්ද…. මොකක්ද?”

මම කිසිවක් නොකියා හිනැහුණෙමි. අසල සිටි පිරිමි ළමයා පන්ති කාමරයේ කළු ලෑල්ල සහ මදෙස බලා සිටියදී මම දිගටම සටහන් ලිව්වෙමි. අවසානයේ පිරිමි ළමයා නොඉවසිලිමත් වූ අතර මා දෙසට හැරුණේ,

“මොකක්ද? ඒ මොකක්ද?”

යනුවෙන් විමසමිනි.

“හරිම රසවත් දෙයක්”

“මම ඒ ගැන කතා කරන්නවත් හොඳ නැහැ.”

මම මිමුණුවෙමි. දැන් මම ඔහුගේ අවධානය සම්පූර්ණයෙන්ම ලබා ගත්තා.

“එහෙනම්, මට කියන්න.”

“මම දන්නේ නැහැ. මම කිව්වා වගේ, මම ඒ ගැන කතා කරන්නවත් හොඳ නැහැ.”

“ඒ අපි දන්න කෙනෙක්ද?”

“සමහර විට”

ඒ මොහොතේ මගේ ඇස් දිලිසුණි.

“එහෙනම්, මට කියන්න. කරුණාකරලා?”

“නමුත් ඔයා වෙන කෙනෙකුට කිව්වොත් මොකද කරන්නේ?”

“කාටවත් කියන්නෑ.. කරුණාකරල මට කියන්න, මම කාටවත් කියන්නේ නැහැ. දිවුරනවා.”

ඔහු දැන් මගේ වම් අතේ එල්ලී සිටියේය. මම ඔහු දෙස බලා කනස්සල්ලක් මවාපාමින්

“හරි.. මම මේක ඔයාට කිව්ව බව කාටවත් කියන්නේ නැහැ කියලා දිවුරන්න. එහෙම කළොත් මට කරදර කන්දක් වැටෙයි.”

“මම දිවුරනවා”

ඔහු මගේ අත අල්ලාගෙන මගේ අත මත අත තබමින් පොරොන්දු විය.

“කරුණාකරලා මට කියන්න.”

“දෙන්නෙක් යාළුවෙලා වගේ….”

මම මුමුණමින්, වහාම කට හරහා සිපර් එකක් වැසෙන ආකාරය අනුකරණය කළෙමි. මා අසල සිටි පිරිමි ළමයා මා දෙස බලා සිටියේය. ඔහුගේ හකු බිමට වැටීමට ආසන්නව තිබූ අතර, ගුරුවරයා කතා කිරීමට පටන් ගත් විට පන්ති කාමරය ඉදිරිපිටට ආපසු හැරුණි.

 A Tuesday

“ඔයා විහිළු කරනවා”

ඇය පුවරුවේ යමක් ලිවීමට හැරෙන විට ඔහු හුස්ම ගත්තේය.

“හොඳයි, මාව විශ්වාස කරන්න එපා.”

මම කිසිවක් කීවේ නැත. ගිනි පුපුර දැල්වී තිබේ.

දිගු මොහොතකට පසු, ඔහු මා දෙසට නැඹුරු වී

“කවුද?”

කියා ඇසුවේය. මම කිසිවක් නොකියා සිටියෙමි, නමුත් ඒ වෙනුවට, මම ඇය දෙස කෙලින්ම බැලුවෙමි. ඇගේ අතේ පිග්ටේල් එකක් තිබුණ අතර ඈ ගැඹුරු කල්පනාවක සිටියාය. මා අසල සිටි පිරිමි ළමයා කලබල වන බව මට දැනුණ මුත් මම එය නොසැලකුවෙමි. ඒ වෙනුවට, හිස හරවා ඔහු දෙස බැලුවෙමි. පසුව සටහන් පොතට හිස නැමුවෙමි. පිටත සිට බලා සිටින වෙනත් ඕනෑම කෙනෙකුට, එය අහිංසක ක්‍රියාවක් විය. පන්තියේ හිස හරවන පිරිමි ළමයෙක් පමණි. සමහර විට ඔහු සිතමින් සිටියා විය හැකිය. නමුත් මා අසල සිටි පිරිමි ළමයා එය හොඳින් වටහාගෙන තිබුණි. ඔහුගේ දෑස් පළල් වූ අතර ඔහුගේ කට ඇරුණි. අවසානයේ ඔහුට එය තේරුම් ගැනීමට හැකි වූ විට, ඔහු මා දෙසට හැරුණි.

“කොහොමද?”

ඒ උදෑසන ඔවුන් දුටු අයුරු මගේ හිතට නැඟුණි. ඇවිදිමින්, යම් විහිළුවකට සිනාසෙමින්. ඇය අත දිගු කර ඔහුගේ උරහිසට තට්ටු කළාය. ඔහු, බිස්කට් පැකට්ටුවක් ඇයට දිගු කළ අතර, ඇය එය පිළිගත්තාය. මට එය දරාගන්න බැරි වුණි. ඇයි ඔයා එහෙම කරන්නේ? ඇයි එයා එහෙම කරන්නේ? එයාට එයා ගැන කොච්චර කාලයක් මෙහෙම හිතුනද? එතකොට මම? කෙල්ලෝ බොරුකාරයෝ. මට ඕනෙ ඇගෙන් පළිගන්න. මම ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් උරහිස් හකුලුවා ගත්තා.

“පෙනෙන විදිහට එයාලා එකට ලන්ච් ගන්නවා, කෑම බෙදා ගන්නවා. ඉස්කෝලෙන් පිටවෙනකොට කවුරුහරි එයාලා අත් අල්ලගෙන ඉන්නවා දැකලා තියේ. එයාලා නැගෙනහිර පැත්තෙ ගේට්ටුවට යනවා, එතන හරිම පාළුයි. කාටවත් නොපෙනී අත් අල්ලගන්න ලේසියි. ඔයා දන්නවද..”

“කවුද ඔයාට කිව්වේ?”

නමුත් මම එය ගණන් ගත්තේ නැත. ෆියුස් එක පත්තු වී තිබුණි. මට සිනහව වළකා ගත නොහැකි විය. ඕපාදූපය බියජනක වේගයකින් පැතිර ගියේය. දිවා ආහාර සීනුව නාද වීමට පෙර, මුළු හත්වන පන්තියම නව පෙම්වතුන් පිළිබඳ පුවතෙන් පිරී තිබුණි. ඇය ඔවුන් අසලින් යන විට සමහර පිරිමි ළමයින් ඔහුගේ නම කෑ ගසා පැවසූ අතර ඇය එතැනින් වේගයෙන් ඉවත් විය. දහවල් විවේකය පැමිණි විට, ඇය මගේ පන්තියේ තවත් ගැහැණු ළමයෙකු සමග අඬමින් සිටිනු මම දුටුවෙමි. අවසාන කාල පරිච්ඡේදයට පෙර, ඔහුව විදුහල්පති කාර්යාලයට කැඳවනු ලැබීය. පෙනෙන විදිහට, ඔහුගේ දෙමව්පියන්ටද කතා කර තිබේ. නිවසට ආ විට මා තුළ වේදනාකාරී මිහිරි හැඟීමක් ඇති විය. පාසලේ සිදු වූ දේ ගැන මට කුරිරු සතුටක් දැණුනි. තාත්තා දොරකඩ ඉඳගෙන පාර මැද සෙල්ලම් කරමින් සිටි පිරිමි ළමයින් දෙස බලා සිටි අතර මම වචනයක්වත් නොපවසා ඔහු පසුකර ගියෙමි. මට දැනුණු සතුට කොහේදෝ ගිය අතර බයිසිකලයේ අලුත්වැඩියා කෙරූ ටයරය ඔහු දුටුවේය. ඔහු මගේ හිස පිටුපසට තදින් පහර දුන්නේය.

“කිසිම ප්‍රයෝජනයක් නැති කාළකණ්ණියෙක්.”

මට මහත් ලැජ්ජාවක් දැනුණි.

“බයිසිකලේවත් හරියට පරිස්සම් කර ගන්න බැරි හැටි. ට්‍රක් එකකට පැනලවත් අපිට නිදහසේ ඉන්න දෙන්න බැරි ඇයි? මැරිලවත් යන්නෙ නෑ.”

එය තවත් එක් අඟහරුවාදා දිනයකි.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Prasanth Sriram විසින් රචිත A Tuesday කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you