Newsඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

-

spot_img

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති එකම රට ඇෆ්ගනිස්ථානය බව යුනෙස්කෝ සංවිධානය පවසයි. 2021 දී ඇෆ්ගනිස්ථානයේ බලය නැවත ලබා ගැනීමෙන් පසු තලේබාන්වරු ඇෆ්ගනිස්ථාන කාන්තාවන් මිලියන 2.4 කට ද්විතීයික අධ්‍යාපනය තහනම් කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් පසුගිය අඟහරුවාදා (අගෝස්තු 11) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යුනෙස්කෝවේ ඇස්තමේන්තු අනුව ඇෆ්ගනිස්ථානයේ කාන්තා ද්විතීයික හා උසස් අධ්‍යාපනය තහනම් කිරීම හේතුවෙන් 2066 පමණ වන විට කාන්තාවන් 600,000 ක් ශ්‍රම බලකායෙන් ඉවත් වීමට හේතු විය හැකි බවත්, ආදායම් අහිමිවීම් ඩොලර් බිලියන 9.6 දක්වා ඉහළ යා හැකි බවත්, මුල් විවාහ අවධානම වැඩි හැකි බවත් කියවේ. තලේබාන්වරු නැවත බලයට පත් වූ විට, ගැහැණු දරුවන්ට පාසල් යෑමට සහ කාන්තාවන්ට ඉගෙනීමට නිදහස ලබාදෙන බවට ජාත්‍යන්තර ප්‍රජාවට නැවත නැවතත් සහතික වූ නමුත්, එම පොරොන්දු නොතකා, 2022 මාර්තු මාසයේදී ගැහැණු ළමයින් සඳහා වූ ද්විතීයික අධ්‍යාපන පාසල් වසා දමන ලද අතර, පසුව 2022 දෙසැම්බර් මාසයේදී විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන කාන්තාවන්ට තහනමක් පනවන ලදී. මෙම තහනම් දෙකම තාවකාලික යැයි ඔවුන් සඳහන් කළ නමුත් ඒවා දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී.

ඉස්ලාමීය නීතිය සහ ඇෆ්ගන් සංස්කෘතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුව කාන්තා අයිතිවාසිකම්වලට ගරු කරන බව තලේබාන්වරු තර්ක කරන නමුත්, ඇෆ්ගනිස්ථානයේ උසස් අධ්‍යාපනය ලබන කාන්තාවන්ට සිදුකරන සීමා කිරීම් හේතුවෙන් කාන්තා ගුරු හිඟය උග්‍ර කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට පනවා ඇති තහනම මත ප්‍රාථමික පාසල් දරුවන් මිලියන 2 කට වැඩි පිරිසක් දැනටමත් පාසලෙන් ඉවත් වී සිටින බවත් 2030 වන විට ඇෆ්ගනිස්ථානයේ සුදුසුකම් ලත් ගුරුවරියන් 11,000 කට වැඩි හිඟයක්ඇ ඇතිවනු ඇතැයි ද යුනෙස්කෝව ගණන් බලා තිබේ.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you