NovelsSadewtharaSadewthara - 15 සදෙව්තාරා

Sadewthara – 15 සදෙව්තාරා

-

spot_img

Sadewthara – නිම්නා ඇඳේ, ඒ මේ අත පෙරලෙමින් සිටියේ අවදිවනවාද නැද්ද යන්න සිතමිනි. ඊයේ රාත්‍රියේ බොහෝ වේලාවක් නිදිවර්ජිතව සිටි බැවින් මෙතරම් උදෑසන අවදිවේයැයි ඇයට සිතුණේම නැත. ඇය කොට්ටය යට අතගා ජංගම දුරකතන සොයා ගත්තේ වේලාව බැලීම සඳහාය. වේලාව යාන්තම් හය පසුවූවා පමණි. එහි වට්ස් ඇප් පණිවිඩයක් ලැබුණු බවට සඳහන්ව තිබිණි. එහි වේලාව සටහන්ව තිබුණේ පාන්දර හතරය. නිදිමරගාතේම නිම්නා ඇස් හීනී කරමින් එය විවෘත කර බැලුවාය.

“ගුඩ් මෝනිං නිම්නා..මට පොඩි කරදරයක් වුණා..සදෙව් බලන්න එන්න පොරොන්දු වුණාට අද එන්න වෙන එකක් නෑ.. සොරි…”

එම පණිවිඩය ලැබී තිබුණේ මිහිරගෙනි. නිම්නාට ඉබේම ඇඳමත ඉන්ඳවිනි. මොහොතක් ඇය කල්පනාවට වැටුණාය. තාමත් නින්දත්,නොනින්දත් අතර සිටිනා බැවින් හිස දෙපසට ගසා, තමා කියවූ පණිවිඩය හීනයක්ද, ඇත්තක්ද යන්න නැවත පරීක්ෂා කර බැලුවාය. එය සැබෑවකි. ඇය වහා මිහිරට ඇමතුමක් ගත්තාය. නමුත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නැත. ඇය නැවත,නැවතත් උත්සාහ කළද සාර්ථක වූයේ නැත.

“ප්ලීස් කෝල් බැක් මී වෙන් යූ ෆ්‍රී… ”

කියා මිහිරට පණිවිඩයක් තැබූ නිම්නා, නාන කාමරයට වැදුණාය. නිම්නාගේ හිස පුරාම දුවන්නට වූයේ, මිහිරට සිදුවූ කරදරය කුමක්ද යන්න ගැනය. ඇගේ හිතට ක්ෂණිකව පැමිණියේ මාලකවය. රෝහල් අවන්හලේදී සිදුවූ සිද්ධියත් සමඟ මාලක සිටියේ ලැජ්ජාවෙන් හා කෝපයෙනි. ඔහු තමාට එරෙහිව කිසිවක් කරන්නට මැලි වූවද, එහි වාඩුව මිහිරගෙන් ගැනීමට පසුබට නොවන බව නිම්නා හොඳින් දැන සිටියාය. තවත් මොහොතක් වතුර මල යටට වී සිටි නිම්නා නාන කාමරයෙන් එළියට ආවාය. ආ විගසම ඈ කළේ දුරකතනය ගෙන එය පරීක්ෂා කිරීමයි.

“ඕ..ෂිට්…”

ඇයට එසේ කියවුණේ තමා නාන කාමරයේ හිඳිද්දී මිහිරගෙන් තමාට දුරකතන ඇමතුමක් ලැබී තිබූ හෙයිනි. හැඳ සිටි තුවාය පිටින්ම ඇඳේ හිඳගත් ඇය යළි මිහිරට ඇමතුමක් ගත්තාය. එහෙත් මිහිර දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේම නැත.

“ප්ලීස් පික් අප් ද ෆෝන්…”

කියමින් නිම්නා නැවත,නැවත උත්සාහ කරන්නට වූයේය. එහෙත් මිහිරගෙන් ප්‍රතිචාරයක් නොලද තැන ඇය නොරිස්සුමෙන් සිය ජංගම දුරකතනය ඇඳ මතට වීසී කොට, කාමරයේ එහා, මෙහා ඇවිදින්නට වූවාය. නැවත දුරකතනයට පණිවිඩයක් ලැබුණු හඬ ඇසුනෙන්,ඇය වහා ඇඳට පැන එය අතට ගත්තාය.

“මට ඔයාව පොඩ්ඩක් හම්බවෙලා කතා කරන්න ඕනේ නිම්නා… ”

එම පණිවිඩය ලැබී තිබුණේ මාලකගෙනි. නිම්නා තව,තවත් අපහසුවට පත් වූයේ එම පණිවිඩය කියවීමෙනි. මිහිරට කරදරයක්. මාලකට තමාව මුණ ගැසීමට අවශ්‍යයි. නිම්නා මේ පණිවිඩයන් දෙක අතර ඇති සබඳතාවය සොයන්නට වෙහෙසුණාය. මාලක විසින් මිහිරට කරන ලද කිසියම් කරදරයක් පිළිබඳව තමා මුණගැසී පාපොච්චාරණය කළ යුතුව ඇත්තේද..? හොඳම දෙය ඔහුව මුණගැසී සිදුව ඇති දෙය දැනගැනීමයි. ඉන්පසුව මිහිර ඉන්නා තැනක් ඔහුගෙන්ම දැනගත හැකිය. නිම්නා දුරකතනය ගෙන මාලකට පණිවිඩයක් තැබුවාය.

“විතින් වන් අවර් අපේ හොස්පිට්ල් එකේ කොෆි ෂොප් එකට එන්න..”

පණිවිඩය යැවූ නිම්නා රෝහල වෙත යෑම සඳහා සූදානම් වන්නට වූවාය. නැවත දුරකතන නාද වන්නට වූවාය. ඇය ඒ දෙස බැලූයේ අනිවාර්යයෙන්ම ඒ මාලක විය යුතුයැයි සිතා එතරම් වුවමනාවෙන් නොවේ. එහෙත් ඇමතුම ලැබුණේ මිහිරගෙනි.

“මිහිර..කොහෙද ඉන්නේ..මොකද වුණේ..”

නිම්නා දුරකතනය කණේ තබාගත්තේ එසේ අසමිනි.

“මං ජෙනරල් හොස්පිට්ල් එකේ නිම්නා..”

එහා පසින් මිහිරගේ හඬ ඇසිණි.

“මොකද වුණේ..මාලක ඔයාට ගැහුවද…”

“නෑ…නෑ…නිම්නා…අපේ අයියට පොඩි කරදරයක් වෙලා..ඊයේ රෑ හොස්පිට්ල් ඇඩ්මිට් කරා…මං තාම හොස්පිට්ල් එකේ….”

“ඕහ්ං…වට් හැපන්ඩ් ටු හිම්…”

“අත පොඩ්ඩක් කපාගෙන..”

“සීරියස් නෑනේ..”

“ලේ ටිකක් ගියා…හොස්පිට්ල් ගේන්න පරක්කු වුණු නිසා…අම්මා ගෙදර තනියෙන්..මං දැන් ගෙදර යන්නෝනෙ එයත් බයේ ඇත්තෙ..සොරි නිම්නා.. මට අද සදෙව් බලන්න එන්න වෙන්නෑ.. එන්නම් කීවට…”

“වෙයිට් ෆෝ මී..විතින් වන් අවර් අයි විල් බී දෙයාර්…”

කියා නිම්නා දුරකතන තැබුවාය. කාමරයේ ඇති දුරකතනය අසළට ගිය ඇය එය අංකනය කරන්නට වූවාය.

“කමලම්මේ..විමලසිරි මාමට කියන්න වෙහිකල් එක රෙඩි කරන්න කියලා ජෙනරල් හොස්පිට්ල් එකට යන්න තියනවා…”

එහා පස ප්‍රතිචාර තෙක් නොරැඳුණු නිම්නා, දුරකතන තබා මේස කණ්නාඩිය අසළට ගියාය.

සදෙව් ඇත්තේ තද නින්දකය. ඒ අතරේ තාරා ඔහුගේ රෝහල් කාමරයට ඇතුල් වූවාය. ඔහු නිදනා අයුරු දුටු තාරාගේ වතට පළමුව සිනහවක් නැඟ ආවාය. බෙල්ල ළඟටම පොරෝනය දමාගෙන උඩුබැලි අතට නිදා සිටිද්දී ඔහු කුඩා දරුවෙකු මෙනි. තොල් තදින් පියාගෙන හිඳිනා ඔහු ,නාසයෙන් හුස්ම ගන්නා අයුරු තාරා නිරීක්ෂණය කළාය. පපුව පෙදෙසින් පොරෝනය වැඩි වාර ගණනක් වේගයෙන් ඉහල,පහල යන අයුරු දුටු තාරා වායුසමීකරණය ක්‍රියා විරහිත කළාය. ඉන් විනාඩි කිහිපයකට පසු, සදෙව් අවදි වූයේය. තාරා දුටු ඔහු වහා ඇඳ මත හිඳගත්තේය.

“ගුඩ් මෝනිං සදෙව්..”

“ගුඩ් මෝනිං තාරා.. ඔයා උදේම ඇවිත් ….”

සදෙව් කීයේ තාරා දෙස බලා ආදරණීයව සිනාසෙමිනි.

“දැන් නවයත් පහුවෙලා…”

“නවයත් වෙලාවක්ද අනේ..මං ගෙදර ඉද්දි සමහර දවස්වල නැඟිටින්නේ දොලහට..”

“ඒ.සී පොඩ්ඩක් අඩුවෙන් පාවිච්චි කරන්න නිදාගනිද්දී..”

“අයියෝ…මට ඒ.සී නැතුව නිදාගන්න බෑ තාරා…”

“ෆෑන් එක පොඩ්ඩක් අඩුවෙන් දාගෙන නිදාගන්න..”

“ඩොක්ටර්ස්ල උපදෙස්ම තමා දෙන්නෙ..”

සදෙව් සිය ජංගම දුරකතනය ගෙන ඇඳ වියලට හේත්තු වූයේය. අනතුරුව එහි තිරය ඇඟිල්ලෙන් ඉහලට,පහලට අදින්නට වූයේය.

“මං ඩොක්ටර් කෙනෙක් නෙවේ..යාළුවෙක් විදිහට කීවේ..යන්න ගිහිං දත,කට මැදගෙන එන්න..අද ඔයාට පොඩි ට්‍රීට්මන්ට් එකක් තියනවා කරන්න..”

“දතනම් හරි..කට මොකටද මදින්නෙ අනේ..” සදෙව් අසන්නට වූයේ සිනාසෙමිනි.

“ඕනවට වඩා කියවන නිසා…යන්න..ඔයාගේ භාෂාවෙන් කියන්නම්කෝ ගිහිං වොෂ් එකක් දාගෙන එන්න..ඊට පස්සෙ පොඩි නස්නයක් තියනවා කරලා කොල කැඳ එකක් බොමු…”

“ප්‍රශ්නයක්…” සදෙව් කට ඇද කරගෙන තාරා දෙස බලා හුන්නේය.

“ප්‍රශ්නයක් නෙවේ අනේ..නස්නයක්..ඒ කියන්නෙ බෙහෙතක්…”

“එතකොට කැඳ…”

“කොල කැඳ ඇඟට ගුණයි ඒක මං ගෙදරින් ඔයාටමයි හදාගෙන ආවේ….”

“කැඳ ගුණනම් ඇයි ඔය මිනිස්සු අහන්නෙ ආපෝ…උඔ කැඳ බීලද ඉන්නේ කියලා…”

“ඒ කොලකැඳ නෙවේ අනේ..ලුණුකැඳ..ඒවා දෙන්නෙ කෑම කන්න අමාරු,අප්පිරියා ලෙඩ්ඩුන්ට….”

තාරා කේතලයට වතුර පුරවා එය රත් වෙන්නට විදුලි ස්විචය දැමුවාය. සදෙව් ඇය දෙසම බලා හුන්නේය. ඔහුට පුදුමය. ඇය වෙනදා මෙන් කිසිඳු සබකෝලයක් නැතුව තමා හා කතාබහ කිරීම ඔහුට සහනයකි. අනෙක් අතට ඇය නිවසින් තමා වෙනුවෙන් ආහාර පිළියෙල කරගෙන පැමිණීම ඔහුගේ හිතට ගෙන ආවේ පැහැදිලි කළ නොහැකි සතුටකි. තාරා එකවරම සදෙව්ගේ ඇඳ දෙස බැලුවාය. සදෙව්ට සිය බැල්ම වෙනතකට ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත. ඔහු සුපුරුදු සිනහවෙන් ඇය දෙස බලා හුන්නේය.

“ගිහිං නාගෙන එන්නකො සදෙව්..මේ කැඳ එකත් නිවෙනවා…” තාරා කීයේ නෝක්කාඩු ස්වරයෙනි.

“මං හිතුවෙ වතුර උණු කරන්නෙ මට නාන්න කියලා..”

සදෙව් එසේ කීයේ සුපුරුදු සැහැල්ලු හඬින් තාරා දෙස බලාගෙන සිනාසෙමිනි. තාරා ඔහුගේ ඇඳ අසලට පැමිණ ඔහුගේ පොරෝනය ඇද ඉවතට ගත්තේ ඔහුව, නාන කාමරයට යැවීමේ අභිලාෂයයෙනි. එහෙත් සදෙව් සිටිනුයේ සිය යට ඇඳුම පිටින් බව ඇය නොදැන සිටියාය. එය දුටු සැනෙන් තාරා අතින් මුව වසාගෙන කාමරයෙන් එළියට දිව ගියාය. සදෙව්ද වහා ඇඳෙන් පැන නාන කාමරයට පැන්නේය. එක පිම්මේ කොරිඩෝව තෙක් දිව ආ තාරා, එහි උද්‍යානය පැත්තට වන්නට තිබූ, වීදුරු වැට අල්ලාගෙන හති අරින්නට වූයේ, මුවේ මඳ සිනහවක්ද ඇතිවය. ඇය සිය හද ගැස්ම වටහාගන්නට මෙන්, ළැමට අත තබා බැලුවාය. අනතුරුව හුස්මක් හෙලා උද්‍යානය දෙස බැලුවාය. මාලක යතුරු පැදියකින් පැමිණ රථගාලේ එය නවතනු ඇය දුටුවාය. හදිසියේම ඉහළ බැලූ මාලකද ඇය දුටුවාය. ඔහු ඇයට අත වනමින් තමා සිටින දෙසට පැමිණෙනු ඇය බලා සිටියාය.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you