Interviewsපුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ...

පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ

-

spot_img

පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ – Kate Winslet

බ්‍රිතාන්‍යය ජාතික නිළියක වන ඇය රංගන හැකියාවෙන් සේම සුන්දර පෙනුම නිසාවෙන් ලොකු කුඩා කාගේත් ආදරය දිනා ගත්තා. ලොවක් වසඟ කෙරූ ටයිටැනික් ආදර කතාවේ පෙම්වතිය Rose ගේ චරිතය නිසාවෙන් ලොව පුරා ප්‍රේක්ෂක හදවත්වල සදාතනික මතකයක් වීමට Kate Winslet ට හැකිවූවා. රංගනය උදෙසා ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන රැසක් දිනා ගත් ඇය හොලිවුඩයේ සාර්ථකම නිළියක් ලෙසින් හැඳින්වෙනවා. පසුගිය වසරේ තිරගත වූ Goodbye June චිත්‍රපටයෙන් කේට් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් ලෙසින් වැඩ ඇරඹූ අතර මේ වසරේදී ඇය The Lord of the Rings: The Hunt for Gollum, The Still Waters චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයින් හමු වීමට බලාපොරොත්තු වෙනවා.

පනහ හැවිරිදි කේට් Goodbye June චිත්‍රපටය ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසියා. පවුලක ඇති බැඳීමේ අපූරුව කියන Family Drama වර්ගයේ කතාවක් වන මෙහි තිර රචනය ඇගේ පුත් ජෝ ඇන්ඩර්ස් විසින් සිදු කිරීම විශේෂත්වයක්. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම කන්දක් නගිනවාක් වැනි වැඩක් බවයි කේට් පවසන්නේ.

Kate Winslet

“Oh my god. ඒක අමාරු වැඩක්. කොහොම වුණත් ටික ටික ඉහළට යනකොට සැනසිල්ලක් දැනෙනවා. මමත් එක්ක වැඩ කරන අධ්‍යක්ෂවරුන්ට මම හැම වෙලාවෙම මගේ උපරිම සහයෝගය ලබා දෙනවා. අධ්‍යක්ෂකවරයා සහ මා අතර තියෙන ඒ බැඳීමට ලොකු තේරුමක් තියෙනව වගේම මම ඒකට ගොඩක් ගරු කරනවා. මට හිතෙන්නේ මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ අය ගොඩක් සහයෝගය දක්වන, මාව ශක්තිමත් කෙරුව හොඳ මිනිස්සු. නමුත්, යම් දෙයක කොටසක් වීමට, මට කලින් ඒ වැඩේ බොහෝ වාරයක්, දක්ෂ විදිහට කෙරුව අයගෙන් ලැබෙන අනුමැතිය මාව පොළඹවනවා. ‘අනේ, සමහරවිට මටත් ඒක කරන්න පුළුවන්’ කියලා හිතෙනවා.”

ඇය එසේ පවසන්නේ හුස්මක් ඉහළට ගනිමින්.

“නමුත් රඟපෑම කියන්නෙ වෙනස් දෙයක්. ඔබේ රඟපෑම හරියට වැඩ කරනවද නැද්ද කියලා කලින් කියන්න විදිහක් නෑ. ඒ නොදන්නකම හැම වෙලාවෙම ඉතුරු වෙනවා. ඒ නිසාම අපි ඒක කරනවා. ඒ බිය තමයි අපිව පොළඹවන්නෙත්. ඒක අපිව තවත් ඉස්සරහට තල්ලු කරනව වගේම අලුත් දේවල් උත්සාහ කරලා බලන්න පොළඹවනවා. “

ඇය හැඟීම්බරව පවසයි. ඇගේ පුතු ජෝ ඇන්ඩර්ස් මේ වෙනවිට තවත් අලුත් චිත්‍රපටයක් ගැන සිතමින්, සිහින දකිමින් ඉන්නා බවයි කේට් පවසන්නේ. ඔහුට තමා මෙය සිදුකළාද කියා විශ්වාස කිරීමට අපහසු තරමේ සතුටක් දැනෙන බව ඇය පවසනවා.

Kate Winslet

“ඒ තරම් හොඳ පිටපතක්, නළු නිළියන් කණ්ඩායමක්, ආකර්ෂණීය දෙබස්, මේ හැමදේම එක්ක මගේ සහයෝගය නැතිව වුණත් පුතා මේක හරියට කරනව කියලා මම දන්නවා. මම වැඩිපුර වැඩ කළා. මට කවදාවත් ඒක ඉවර කරන්න ඕන වුණේ නැහැ. මම ඒකට කොච්චර ආදරේ කළාද කියලා මට කියන්න තේරෙන්නෙ නැහැ.”

කේට් පවසන්නේ සිය පුතු කෙරෙහි උපන් සැබෑම ප්‍රේමයෙන්.

“මේ වගේ වැඩකට ආදරණීය කණ්ඩායමක් තෝරා ගන්න ඇත්තටම සංවේදීකම කියන දේ තියෙන්න ඕන. ප්‍රවීණයන් ඉන්නකොට මම ඔවුන්ට කලින් අහලා නැති දෙයක් මට කියන්න බැහැ. අධ්‍යක්ෂවරුන් දේවල් උත්සාහ කරනකොට, ඔබ එය උකහා ගන්නව. මේ සිහිනය හැබෑ කරන්න වුවමනා දේවල් මට සහජයෙන්ම දැනුණා. අපි හැමෝම උපරිමය සිදු කළා. මම ඇති තරම් දේවල් දැකලා ඇති කියලා මට හිතෙනවා. මම ඇති තරම් ඉගෙන ගත්තා, නමුත් මගේ ජීවිතයේ මුල් අවධියේදී, ටයිටැනික් හැරුණු විට, මම කළ අනෙක් සියල්ල ඕනෑම සිදුවීමකට සූදානම්ව ඉන්න ඕන විදිහේ ඒවා. මම විශිෂ්ට අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කළා. වැඩ කරන්න අමාරුයි කියන අය එක්කත් වැඩ කරා. සමහර වෙලාවට ඔබට අනිත් නළු නිළියො එක්ක මිතුරු වෙලා එකිනෙකාගෙ සහයෝගය දැඩිව ඕනෙ වෙනවා. මම එහෙම කරලා තියෙනවා. කාලය ගෙවිලා ගිහින්. මට හිතෙන්නෙ අපි ප්‍රයෝජනවත් නෑ කියල හිතන දේවලින් ගොඩක් ඉගෙන ගන්නව කියලා. හරි ඉක්මනින්ම. මම ළමයි එක්ක වැඩ කරන්න කැමතියි. ඒක ලේසියි. ඔවුන් දරුවො බවට පත් කරන්න මම දන්නවා. ඇත්තටම දරුවන්ට, ඉතා කුඩා දරුවන්ට උගන්වන්න අමාරුයි. නමුත් අපි ඔවුන්ට ළමයින් විදිහට ඉන්න පුළුවන් පරිසරය නිර්මාණය කරා.”

කේට් සිය චිත්‍රපට අත්දැකීම් එසේ අවදි කරනවා.

Kate Winslet

“ජූන් කියන්නෙ එංගලන්ත කාන්තාවගේ සළකුණ. කාන්තාවන්ගෙ තියෙන අපූරු අවංකභාවය, ඔවුන් තම ජීවිතයේ අවසාන හෝ පසුකාලීන පරිච්ඡේදවලට ඇතුළු වුණාම රෝහල් ඇඳේදි පවා කොහොමහරි තමන්ගෙ පවුල රැගෙන යාමට ඇයට තියෙන හැකියාව, හැම කෙනෙක්ටම ඇගෙන් අවශ්‍ය ආදරය දීමට ඇයට තියෙන ශක්තිය ප්‍රකාශ කිරීමට ඇති හැකියාව. ඔබ කුමන වයසක වුණත් ඔබ තවමත් කාගෙමහරි දරුවෙක්. කතාවේ මට ඉතා පැහැදිලිව පෙනෙන අනෙක් සුන්දර දේ තමයි ඔවුන් හැමෝම එකට බැඳල තියෙන දේ තමයි ළමා කාලය. ජීවිතයේ ඔබට කුමක් සිදු වුණත්, ඔබ අවසානෙට යන්නේ මොන දිශාවටද, ඔබ අවසානෙ ජීවත් වන්නේ කොතැනද කියන දේවල් නොසලකා, එය ඔබ ළඟම රැඳෙනවා. ඒක හොඳ ළමා කාලයක් වුණත් නැතත්, ඒ මතකයන් හැම විටම ඔබ එක්ක තියෙනවා.”

“මම හිතන්නේ කවුරුහරි මම ඉන්න චිත්‍රපටියක් බලලා ඉවර වෙලා එයාල ගෙදර ගිහින් ඒ ගැන හිතන්න ඕන. නැතුව එයාලා ෆිල්ම් එක ඉවරවෙලා එළියට යනවනං, පබ් එකට යනවනං ඒක වැඩක් නෑ. ඒක විහිළුවක් වගෙ පෙනුනට චිත්‍රපටයක් හදනකොට, ඒක ඇත්තටම සැබෑවක් කියලා දැනෙන්න සලස්වන්න වගකීමක් තියෙනවා. මට ප්‍රේක්ෂකයින් රවට්ටන්නවත් ඔවුන්ට බල කරන්නවත් ඕන නෑ. ඔවුන්ට හැකි තරම් මෘදු හා සංවේදීව ඒ දේවල් අත්විඳින්න ඉඩ දෙන්න ඕනෙ. මම නළු නිළියන්ට නිදහස දුන්නා. ඔවුන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කළා. ඒකෙන් මට අධ්‍යක්ෂකවරිය විදිහට ගොඩක් වෙලාවට මහන්සි දැණුනා. නමුත් මම මට දැනුණු පීඩනය හැංඟුවා. නළු නිළියන්ට මගෙන් කිසිම පීඩනයක් එන්නෙ නැති විදිහට ඉන්න උත්සාහ කළා. කොහොම හරි, කොහොම හරි මම ඒ දේවල් කළා.”

“මම හැමදාමත් චිත්‍රපටවලට ආදරේ කළා. පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ. මම ලොකු තිරේක ඉස්සෙල්ලම බැලුවෙ E.T ෆිල්ම් එක. තාත්තා මාව විතරක් ඒක බලන්න එක්කගෙන ගියා. මට පුදුමයි තාත්තා ඇයි මාව විතරක් එක්කන් ගියේ කියලා. අනිත් අයට වඩා මම ඒකට කැමතියි කියල හිතන්න ඇති. නැත්තම් එයාට ඒ අත්දැකීම මාත් එක්ක බෙදාගන්න ඕනෙ වෙන්න ඇති. මට කවදාවත් ඒක අමතක වෙන්නෙ නැහැ.”

කතාව අවසානයේ ඇගේ හඬ බිඳීයයි.

Kate Winslet

“නායකත්වය, කරුණාව, ප්‍රීතිය හරි වැදගත්. ඒක වැඩවලට බලපානවා. මූඩ් අවුල් නළුවෙක් හරි අධ්‍යක්ෂවරයෙක් හරි ඉන්නවනං, එයා ගෙදර ප්‍රශ්නයක් හරි වෙන දෙයක් නිසා හරි අවුලෙන් නම් ඒක නිර්මාණය හරියට කරන්න බැරි වෙන්න හේතුවක්. විශිෂ්ට නළු නිළියන් සමඟ විතරක් නොවේ විශිෂ්ට පුද්ගලයින් සමඟ වැඩ කරන්නත් මම වාසනාවන්ත වුණා. මම මුලදී ඉගෙන ගත්ත එක දෙයක් තමයි අපි අනිත් අයගෙ කතා දන්නෙ නැහැ. ඒ නිසා කවුරුත් විනිශ්චය නොකර සුහදශීලිව වැඩ කරන්න ඕනෙ කියන දේ. Goodbye June රූගත කිරීම්වලදී ඔවුන් හැමෝම කතාබහ කරනවා. මම අහනව, ‘මොනවද කතා කරන්නේ? මට මග හැරුණේ මොනවද?’ කියලා. අපි හැමෝටම කතා තියෙන නිසා ඒ සංවාද තියෙන එක හොඳයි, ඒ ඔක්කොම ඇත්තටම රසවත්.”

“මම ඇත්තටම හිතන්නේ මට අධ්‍යක්ෂණය පුළුවන් කියලා. ඒ වගේම පුතාට ඕනෙ වුණා ඉගෙන ගන්න, මේකෙ කොටසක් වෙන්න, ඔහු නිර්මාණය කළ චරිතවලට පණ එනව දකින්න. ජෝ හරි නුවණක්කාර, විමසිලිමත් තරුණයෙක්, ඔහු එහි සිටීම තරම් හොඳ දෙයක් මට හිතා ගන්නත් බැරි තරම්. සමහර විට මම රඟපාන දර්ශන අධ්‍යක්ෂණය කරනකොට ඒක හරි ප්‍රයෝජනවත් වුණා. අවංකව අදහස් බෙදාගන්න, අලුත් දේවල් කියන්න පුළුවන් වීම විශිෂ්ටයි. ඕනෑම කෙනෙක් අවංකව යෝජනා කරන දේවල් අහන්න අපි විවෘත වෙන්න ඕනෙ. මොකද අනිවාර්යයෙන්ම ඒ මිනිස්සුන්ට පුළුවන් ඔයා ගාව නැති අලුත් අදහස් ඔයාට දෙන්න.”

Deadline ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක...

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක්

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක් - Patali Champika Ranawaka පවතින ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගසා ඇතැයි...
- Advertisement -spot_img

කේරළා ක්‍රමයට බිත්තර කරියක්

කේරළා ක්‍රමයට බිත්තර කරියක් - South Indian Style Egg Curry (Kerala Style) බිත්තර තම්බලා නැත්තම් ඔම්ලට් විදිහට කෑමට ගන්න ගොඩක්...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you