NovelsRath Dothaluරත් දෝතළු - 68

රත් දෝතළු – 68

-

spot_img

රත් දෝතළු – 68

විහඟට සූපයක් සාදමින් සිටි මා තිගැස්මෙන් හැරී බැලුවේ සුපුරුදු විලවුන් සුවඳක් දැනුණ නිසාය. අහස් මා පිටුපස වූ අතර ඔහු නොදන්වාම පැමිණ ඇත.සිතේ සතුටක් මෝදු වූයේ මා නොදැනුවත්වමය. රහසේම පැමිණ ඔහු මා සිත තිගස්සවා තිබිණි.

“අ…හ…ස්… ස…ර්…”

ඔහු පැමිණ බොහෝ වේලා වන්නට ඇතැයි කියා මට සිතුණේ දිය නා හිස ගැල්වූ මෘදු විලවුන් සුවඳින් මුළුතැන්ගෙයම පිරී ගිය බැවිනි.

“මොනවද හදන්නේ අරවින්දි…?”

ඔහු බැල්මක් හෙළමින් ඇසුවේ ළිප මත වූ භාජනය වෙතය.

“මේ… විහඟ සර්ට සුප් එකක්…”

“ඇයි… මිනිහා මේ කන්න බොන්න බැරිව අසනීප වෙලාද සුප් පොවන්නේ… කාමරේට වෙලා ඕඩර් එවන්නේ හෝටලයක ඉන්නවා කියලා හිතාගෙනද…?”

කෝපයක් ඒ හඬේ වූ නිසා මා තරමක් තැතිගතිමි. එය මගෙන් අසා පළක් නැත. පිළිතුරක් දී ගත නොහැකිව මා සිටියේ ගොළුව ගියාසේය.

“දැන් තමුනුත් මෙතන කරන්නේ විහඟට කෑම බීම හද හදා… ඇප උපස්ථාන කරන එකද…?”

මෙවන් දෙයක් ඔහු අසනු ඇතැයි මා සිතා නොසිටි බැවින් මම අසරණව ගියෙමි. බොහෝ දිනකින් ඔහු දැකගැනීමට ලැබීමෙන් මා සිතේ ඇතිවූ සතුට මා හද පතුළේම මියැද ගියා සේය.

“අනේ… සර්…”

“දැන් තමුන්ද ඕවා විහඟගේ කාමරේට ගෙනියන්නෙත්…”

මා අලුතින් තිගස්සවමින් ඔහු යළිත් අසන විටම ශීලා එහි දිව ආවාය.

“ආහ්… ලොකු… සර්… මෙ…ත…න…”

අහස් දුටු ශීලා තිගැස්මෙන් කීවේ ගමන බාල කරමිනි.

“මොකද ශීලා…?”

“මේ… ලොකු සර්… පුංචි මහත්තයාගේ සුප් එක අරන් යන්න ආවා… හදලා ඉවරද මිස්…?”

ශීලා පැමිණියේ හොඳ වෙලාවට යැයි මට සිතුණේ අහස් ඇසූ පැනයට පිළිතුර එහි වූ බැවිනි.

“හදලා ඉවරයි ශීලාම්මේ…”

මම සුප් බඳුනට සුපය දමා ශීලාම්මාට දෙන දෙස අහස් බලා සිටිනු මම දුටිමි.

“අනේ ලොකු සර්… අපෙ පුංචි මහත්තයාගෙ පුදුම කරදරයක් තියෙන්නේ… කෑම ඇදලාම මගේ කකුල් කෙඩෙත්තුව… මේ පුංචි මිස්ටත් කරදරේ…”

ශීලා එසේ කීම හොඳය.

“සර් සුප් ටිකක් බොන්න…”

මම එසේ කියා ඔහුටත් සුප් දමා වහා හුන් තැනින් මෑත්ව පැමිණියේ විනිෆ්‍රීඩා මහත්මිය සොයාය. අහස්ට කේන්තියාමට තරම් දෙයක් සිදුවූවාද කියා මම ඒ අතරේත් සිතුවෙමි.
————————————————————————————————————————————————————
දින ගණනකට පසුව එදින සවස විහඟ මිදුලට පැමිණ සිටිනු මම දුටිමි. තුවාලයේ මැහුම් කපා තිබුණද ඔහු තවමත් ඇවිද්දේ නොන්ඩි ගසමිනි.

“මොකද චූටි පුතා මේ… ළමයි වදපු අම්මලාවත් මෙහෙම නැහැ…”

විනිෆ්‍රීඩා මහත්මිය කියනු මට ඇසිණි.

“තුවාලේ තියන මිනිහටනේ සුදු මම්මා වේදනාව… සුදු මම්මාට මොකද…”

ඔහු නෝක්කාඩු කියමින් විත් බංකුව මත හිඳගත්තේ මට රවමිනි. මම සිනහව සඟවාගෙන ඔහුට පිටුපා වතුර බටය මල් පැලවලට ඇල්ලූයෙමි.

“තමුන් මට හිනාවෙනවා නේද…?”

ඔහු අසනවිට මම කලබළයෙන් හැරී ඔහු දෙස බැලීමි.

“අර මොකටද මම සර්ට හිනාවෙන්නේ…?”

පුදුමයෙන් මම ඇසීමි.

“මම නොන්ඩි ගහන නිසා…”

“මං හිනාවුණේ ඒකට නෙවේ…”

“එහෙනම්…?”

“නිකම් හිනා ගියා…”

“නිකම් හිනා යනවද හේතුවක් නැතුව…?”

“නිකම් හේතුවක් නැතුව සමහර අයට කේන්ති යන්නේ එහෙනම්…”

මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

“හින්ට් ගහන්නේ මටද…?”

“හින්ට් එකක් නෙවේ… අර වයසක මනුස්සයාට දීපු වදයක් හැබෑට…”

“ඔච්චර අමාරු නම් තමුන්ට තිබුණානේ ඒවා කරලා දෙන්න…”

“ආහ් මෙන්න වැඩක්… මම මොකටද කාටවත් ආවතේව කරන්නේ… නිකන් ඉන්න බැරිව කකුල් කපාගත්තට අපි පළි නැහැනේ…”

“ගිළනුන්ට ඇප උපස්ථාන කරන එක පිනක් කියලා නේද ඔයාලට කියලා තියෙන්නේ…”

“ඒ ගිළනුන්ටනේ…විහින් කරගත්ත ඒවට අපි පළි නැහැ…”

“තමුන් නිසානේ එහෙම වුණේ…”

“ඇයි මම…?”

“තමුන් එදා කියපු කතාවටයි මට කේන්ති ගියේ…”

මම ඒ බව නිකමට අනුමාන කර තිබුණෙමි.

“ඒක හරි වැඩක්නේ… මම එහෙම දෙයක් කිව්වා කියලා සර් බඩු මුට්ටු පොළවෙ ගහන්න ඕනද…?”

“ඒක නම් හොඳ දෙයක් නෙවේ කියලා මටත් තේරුණා…”

පසුතැවිළි හඬකින් ඔහු කීය.

“පරක්කු වෙලා හරි ඒක තේරුණ එක ලොකු දෙයක් සර්…”

උපහාසය මුසුව මම කීවෙමි.

“හැමදෙයක්ම ජෝක් එකට නොගෙන සීරියස් කතාකරමුද…?”

එවර ඔහුගේ හඬට එකතු වී තිබූ බැරෑරුම් බව නිසා අලුත් තිගැස්මක් මා සිතේ ඇති විය. ඔහුට මා සමඟ කතාකිරීමට ඇති බැරෑරුම් කාරණය කුමක්ද.?
යළිත් අමිහිරි වාතාවරණයකට මුහුණ පෑමට වේයැයි බියක් මා සිතේ ඇති විය.

“සර් ආයෙමත් හදන්නේ හිත රිදෙන කතාවකට නම්… මං මුලින්ම කියන්න ඕන… එහෙම කතාවක් නම් කතා කරන්න එපා…”

පිළිතුරක් නොදී ඔහු බංකුව මතින් නැඟී සිටියේ සුසුමක් හෙළමිනි. කිසිත් නොකී ඔහු ඉවත යන විට මම හිස් දෑසින් එදෙස බලා සිටියෙමි. සියළු වැඩ නිමකර මම නිර්මාණිට ඇමතුමක් ගත්තේ මා සිතේ වූ අමතර බර සැහැල්ලු කරගන්නා අටියෙනි.

“මට හිතෙන්නේ විහඟ මෙයාට ෆුල් ලව් කියලා…”

සිදුවීම් එකිනෙක ඈ හා පවසන විට ඇගෙන් ලැබුණේ එවන් පිළිතුරකි.

“අනේ මන්දා… මෙයත් පිස්සු කියවන්න ගත්තා ඒ පාර…”

නොසතුටෙන් මම කීවෙමි.

“පිස්සු නෙවේ… මට පේන ඇත්ත මම කිව්වේ…”

“ඒක ඇත්ත වෙන්නේ කොහොමද…? එයාට හතර වටේම කෙල්ලෝ… අනික ඒක එහෙම නොවුණත් නිරූ අපි කවුද, එයාලා කවුද කවදාවත් පෑහෙන්නේ නැහැනේ… දන්නවානේ එයාගේ අම්මාගේ තරම…”

“ඒක නම් එහෙම තමා… අම්මා පැත්තකින් තියමුකෝ… අද කාලේ ඕන කොල්ලෙක් එහෙම තමා… ඕවා නම් මහ ලොකු දේවල් නෙවේ… මැරි කරන්න කලින් සෙක්ස් නොකරපු කොල්ලෙක් හොයනවා කියන්නේ නොමළ ගෙදරකින් අබ මිටක් හොයනවාට වඩා අමාරු දෙයක්… බඳින දාට සුදු රෙදි එළලා බලන්න ඕන කෙල්ලෙක්ගේ පිවිතුරුකම විතරක් නෙවේ… කොල්ලන්ගෙත් ඕවා හෙව්වා නම් ගොඩක් උන්ගේ රෙදි ගැලවිලා…”

මා සිත හිරිවට්ටමින් ඈ කීවාය.

“හැමෝම එහෙමද නිරූ…?”

බියපත් ලෙසින් මා ඇසුවද ඊට පිළිතුරු ලෙස මට ඇසුණේ ඇගේ උස් සිනා හඬය.

“අනේ මෝඩි… ගොඩක් උන් එහෙම තමා… දැන් නම් ඉතින් කෙල්ලො කියලාත් වෙනසක් නැහැ… ඔයා කල්පනා කළේ ඔයාගේ අහස් කුමාරයත් එහෙමද කියලා නේ…?”

මා සිත හඳුනාගත්තාක් මෙන් ඈ අසනවිට මා සිතේ ඉහිරගියේ ලැජ්ජාමුසු හැඟීමකි. ඈ මා අසල නොසිටීම වාසනාවකි.

“අනේ… මට මොකටද ඕවා…”

“බය වෙන්න එපා… මට හන්ඩ්‍රඩ් පසන්ට් ෂුවර්… ඔයාගේ කුමාරයා නම් තාම පවිත්‍රයි නිර්මලයි කියලා…”

ඈ යළිත් උස් හඬින් සිනහසෙමින් කීවාය.

“යනවා යන්න… මට මොකටද ඕවා…”

නොරුස්සුම් මුසුව මම කීවෙමි.

“මොකටද අහන්නේ… මෙයත් කවදාහරි මැරි කරනවානේ…”

“ඕවා අහනකොට නම් මට කසාදත් එපා කියලා හිතෙනවා…”

“බයවෙන්න එපා… සීයට එකක් හරි හොඳ අයත් ඇති…”

“මැරි කරන්න කලිනුත් ඔහොම නම්… මැරි කළාට පස්සෙත් ඔහොම යයිනේ… මොකටද එහෙම අය…”

පිළිකුළකින් මම කීවෙමි.

“මැරි කරලත් එහෙම පිට යන් මිනිස්සු ඉන්නවා තමා… එකක් පුරුද්දට… අනික ගෑණුන්ගෙම වැරදි නිසා…”

“ගෑනුන්ගේ වැරදි කිව්වේ… ඒ කොහොමද එහෙම වෙන්නේ…?”

පුදුමයෙන් මම ඇසීමි.

-හෙටත් හමුවෙමු-

Latest news

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...
- Advertisement -spot_img

ශිවාජි මහ රජුගේ කතාව

ශිවාජි මහ රජුගේ කතාව - Raja Shivaji නායකත්වය හෝ බලය උදුරාගත හැකි නමුත්, ජනතාවගේ සිතේ ලැගුම්ගන්නට, ජනතාවගේ නායකයෙකු වන්නට හැමෝටම...

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you