FeaturesNPP එළියට දාන්න පරක්කු අනුරගෙ ෆයිල් ටිකත් උස්සලාද දන්නෑ?

NPP එළියට දාන්න පරක්කු අනුරගෙ ෆයිල් ටිකත් උස්සලාද දන්නෑ?

-

spot_img

NPP – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන් කරමින් තිබු වාහනයට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඇති බවට ප්‍රවෘත්තීන් පළ වේ. එම ප්‍රවෘත්ති වාර්තා තව දුරටත් සඳහන් කරනුයේ සිද්ධියෙන් කිසිඳු ජිවිත හානියක් වාර්තා වී නැතත්, තුසිත හල්ලොලුව සහ ඔහුගේ වාහනයේ ගමන් ගත් නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ තුවාල ලබා ඒ මොහොතේ වාහනය තුළ තිබු රහස්‍ය ලිපි ගොනුවක් අතුරුදන්ව ඇති බවයි.

Thusitha Halloluwa

මෙම සිද්ධිය වාර්තා වනුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රීසියේ ප්‍රධාන ආයෝජනයක් කළ බවට හල්ලොලුව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් පවත්වමින් සිටින අතරතුර ය. මෙම සිදුවීම ආණ්ඩු හිතවාදීන් මෙන්ම ආණ්ඩු ප්‍රතිවාදීන්ද වෙන, වෙනම කියවාගන්නා අයුරු දක්නට ලැබේ. මේ වනවිට සමාජ මාධ්‍ය කතිකාවතේ එය සමාන කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ උද්දික ප්‍රේමරත්නගේ වාහනයට මෙලෙසම එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයත් සමඟ ය. ආණ්ඩු හිතවාදීන් දැනටමත් එය තුසිත හල්ලොලුව විසින් කරන ලද රංගනයක් බවට ෆේස්බුක් සහ යු ටියුබ් තීන්දු ලබාදී හමාර ය. එහෙත් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) නම් තාමත් ඒ පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බව නිවේදනය කර තිබේ.

Uddika Premaratne

ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බව ආණ්ඩුව පුන, පුනා කියද්දී, රට හතරවටේ නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පත්තු වේ. පත්තුවෙන වෙඩි හා අහිමිවෙන ජිවිත පසුගිය ආණ්ඩුවල සහ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ගිණුමට බැර කොට ආණ්ඩුවට අත පිසදා ගත හැකිද..? පොහොසත් රටක් සහ ලස්සන ජිවිතයක් අපේක්ෂාවෙන් ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ එවැනි ළඳ, බොළඳ කතා අසන්න නොවේ. රිය අනතුරකට, ලුණු හිඟයකට පවා ආණ්ඩුවට දොස් නැගිය යුතු නැතැයි ආණ්ඩු හිතවාදීන් පවසන්නේනම්, අප කළ යුත්තේ මෙවැනි සිද්ධීන් හුදෙකළා කොට “සතියේ සමාජ මාධ්‍ය විනෝද සමය” නැටීමද..? නැත. සෙල්ලම් තුවක්කු වලින් අහසට වෙඩි තියා ෆයිල් හොරකම් කරන නාඳුනන ක්‍රීඩකයින් මෙල්ල කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත්, අනුර කුමාර දිසානායක එළියට දමන්නට වෙලාව එනතුරු හංගාගෙන සිටින ෆයිල් ටිකත් ළඟදීම අතුරුදන් විය හැකිය.

පැවති සියලු ආණ්ඩුවල සිටියේ හොරුන්, දුෂිතයින් බැවින් මේ ආණ්ඩුව පැමිණියේ හොරු එළවා දුෂණය නැති කරන්නට ය. රාජ්‍ය සේවය අකාර්යක්‍ෂම බැවින්, නීතිය නැවෙන සුළු හෙයින් මේ ආණ්ඩුව පැමිණියේ කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ඇතිකර නීතිය අපක්ෂපාතී කරනු පිණිස ය. ඒ සඳහා රටේ මහජනතාව 42%ක ජනවරමකින් ජනාධිපතිවරයෙකුත්, 3/2ක පාර්ලිමේන්තුවකුත්, බහුතර බලය සහිත පළාත් පාලන ආයතනත් ලබාදුන් පසු ආණ්ඩුවට කෙඳිරි ගාන්නට තවත් හේතු නැත. ජනතාවට දැන් කිරීමට ඉතිරිව ඇත්තේ පළාත් සභාවල බලයත් ආණ්ඩුවටම ලබාදී ඉන් සෑහීමකට පත් නොවේනම්, ගමේ මරණාධාර සමිති, ගොවිජන සමිති, කුලඟන සමිති, මහිලා සමිති සියල්ලේම බලය ආණ්ඩුවට දී මේ කන් කෙඳිරිය නිමා කිරීම පමණි. ඊළඟ ජන්දයෙන් පසු තවදුරටත් මේ ජනතා කරදරයෙන් ගැළවෙන්නට නම් ආණ්ඩුවට කළ හැකි වන්නේ ජගත් මනුවර්ණ රිලවුන් දමන්නට සුදානම් කළාක් මෙන් දුපතක් ඉන්දියාවෙන් හෝ ඉල්ලාගෙන ලංකාවේ මිනිසුන් එහි පදිංචි කිරීම පමණි.

Latest news

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...
- Advertisement -spot_img

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට - Thulana Travel අපේ රට සොබා දහමේ අපූර්වත්වයෙන් පිරුණු රටකි. ලොව නන් දෙසින් මෙරටට ඇදෙන්නේ...

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද?

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද? ''මට ටිකක් තනියම ඉන්න දෙන්න'' මේ ඔබට හුරු පුරුදු වාක්‍ය කණ්ඩයක් වනවාට සැක නැත. ඒ් තනියම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you