TravelSuwanila Rest Dambulla ඉබ්බන්කටුව ජලාශයට ඉහළින් වායු බැලුන්...

Suwanila Rest Dambulla ඉබ්බන්කටුව ජලාශයට ඉහළින් වායු බැලුන් සංචාරයක්

-

spot_img

Suwanila Rest Dambulla – හැම කෙනෙක්ගේම ජිවිතයේ විවිධ සැමරුම් තියනවා. එවැනි සැමරුම් අවස්ථා නිදහසේ,සුවපහසු,ඉඩකඩ ඇති,වැඩි පිරිසකට එකවර සහභාගී වෙන්න පුළුවන් තැනක් තමයි හැමෝම හොයන්නේ. එහෙම හොයන අයට ඒ සඳහා සුදුසුම තැන තමා දඹුල්ල – ‘සුවනිල රෙස්ට්”. දඹුල්ල – කොළඹ මාර්ගයේ කිලෝමීටර් 4ක් විතර යද්දී මුණගැහෙන ජලාශ පාරේ කිලෝමීටරයක් දුරින් තමා “සුවනිල රෙස්ට්” පිහිටලා තියෙන්නේ.

Suwanila Rest

ඉබ්බන්කටුව ජලාශය ඉස්මත්තේ පිහිටි මෙම ස්ථානය එකවර 2000කට ආසන්න පිරිසක් රැස් විය හැකි විශාල ඉඩකඩකින් සමන්විතයි. ඒ වගේම 100 දෙනෙකුට පමණ එකවර නවාතැන් ලබාගැනීමේ හැකියාව මෙහි පවතින බව එහි හිමිකරු සුනිල් ශාන්ත කුමාර මහතා අප සමඟ පැවසුවා.

Suwanila Rest

ඔබට මෙහි දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ කාමර වල ඇති වර්ගීකරණයයි. එය “රූම්ස්” සහ “ඩෝම්ස්‌ ” ලෙස වෙන් කොට තිබෙනවා. පුද්ගලයෙක්,දෙදෙනෙක් හෝ පවුලක් ලෙස ඔබ එහි පැමිණෙන්නේනම්, ඔබ වෙනුවෙන් “රූම්ස්’ පහසුකමද, කණ්ඩායම් ලෙස විනෝද චාරිකා, ආයතන සාංවත්සරික සැමරුම් වැනි දේ සඳහා පැමිණෙන ඔබට”ඩෝම්ස් ” පහසුකමද ලබාදීමට සුවනිල කාර්ය මණ්ඩලය සුදානම්.

Suwanila Rest

එළිමහනේ ක්‍රීඩාංගනයක් හා සමාන විශාල හිස් ඉඩකඩක් පිහිටා ඇති අතර එය ඉබ්බන්කටුව ජලාශයට මුහුණලා තිබීම දර්ශනියය. එම ඉඩකඩෙහි සැරිසරන පෝනියන් පිට නැගී ගමන් කොට විනෝද වීමේ අවස්ථාවද සංචාරකයන්ට හිමිවේ. තවත් විශේෂ අවස්ථාවක් ලෙස මෙම ස්ථානයේ සිට වායු බැලුනයක සංචාරයක් යෑමට ඔබ ප්‍රිය කරන්නේනම්, එම පහසුකම සලසා දීමටද සුවනිල කාර්ය මණ්ඩලය සුදානම්.

Suwanila Rest

මෙම ස්ථානය ස්වභාවික තුරුහිස් වලින් ආවරණය වූ ප්‍රදේශයක්. උතුරු මැද පලාතට සහ මධ්‍යම පලාතට මායිම්ව පිහිටි බැවින්, එම පළාත් දෙකට ආවේණික වියලි සහ සිසිල් දේශගුණික අත්දැකීම සමව විඳින්නට ඔබට අවස්ථාව උදා වෙනවා. ඉබ්බන්කටුව ජලාශය පිස හමා එන සුවදායී සිසිල් සුළං විඳිමින් එළිමහනේ වාඩිවී සිටීම සඳහා විශේෂ ස්ථාන කිහිපයක් ස්වභාවිකව සකසා තිබෙනවා.

Suwanila Rest

තවද විශාල පිරිසකට එකවර වාඩිවී ආහාරපාන ලබාගත හැකි ලෙස සැකසු දිගු විවෘත අවහන්හලක්ද ඔවුන් සතුයි. වාහන නවතා තැබීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් ඇති හෙයින් ආරක්ෂාව සහ සුරක්ෂිත බව කෙරෙහි ඔබ බියවිය යුතු වන්නේ නැහැ.

Suwanila Rest

සුවනිල රෙස්ට් හි සිට ඔබට ඉතා පහසුවෙන් ළඟා විය හැකි ප්‍රසිද්ධ සංචාරක ස්ථාන කිහිපයකි. දඹුල්ල රජමහා විහාරය,රෝස තිරිවානා කන්ද සහිත නාමල් උයන,පිදුරංගල,සීගිරිය,අවුකන,විජිතපුරය, අලි සෆාරි සඳහාම වෙන් වූ ඉකෝ පාර්ක් ඉන් කිහිපයකි. එමෙන්ම විනාඩි 40ක් වැනි කුඩා කාලයකින් මෙහි සිට අනුරාධපුර පුජා නඟරයට, මාතලේ නඟරයට සහ මහනුවරට ළඟාවිය හැකි වීමද සුවිශේෂියි. උතුරුමැදට සහ මධ්‍යම පලාතට ආවේණික ආහාරපාන සමඟ දෙස්,විදෙස් ආකර්ෂණය දිනූ දඹුල්ල පුරවරයේ පිහිටි “සුවනිල රෙස්ට්” වෙත පැමිණ ඔබේ ජිවිතයේ විශේෂ මොහොත සදා මතකයේ රැඳෙන සමරු දිනයක් කරගන්න.

Suwanila Rest

වෙන්කර ගැනීමට :
දුරකථන – 0094776187013

Facebook – Suwanila Rest

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you