TravelSuwanila Rest Dambulla ඉබ්බන්කටුව ජලාශයට ඉහළින් වායු බැලුන්...

Suwanila Rest Dambulla ඉබ්බන්කටුව ජලාශයට ඉහළින් වායු බැලුන් සංචාරයක්

-

spot_img

Suwanila Rest Dambulla – හැම කෙනෙක්ගේම ජිවිතයේ විවිධ සැමරුම් තියනවා. එවැනි සැමරුම් අවස්ථා නිදහසේ,සුවපහසු,ඉඩකඩ ඇති,වැඩි පිරිසකට එකවර සහභාගී වෙන්න පුළුවන් තැනක් තමයි හැමෝම හොයන්නේ. එහෙම හොයන අයට ඒ සඳහා සුදුසුම තැන තමා දඹුල්ල – ‘සුවනිල රෙස්ට්”. දඹුල්ල – කොළඹ මාර්ගයේ කිලෝමීටර් 4ක් විතර යද්දී මුණගැහෙන ජලාශ පාරේ කිලෝමීටරයක් දුරින් තමා “සුවනිල රෙස්ට්” පිහිටලා තියෙන්නේ.

Suwanila Rest

ඉබ්බන්කටුව ජලාශය ඉස්මත්තේ පිහිටි මෙම ස්ථානය එකවර 2000කට ආසන්න පිරිසක් රැස් විය හැකි විශාල ඉඩකඩකින් සමන්විතයි. ඒ වගේම 100 දෙනෙකුට පමණ එකවර නවාතැන් ලබාගැනීමේ හැකියාව මෙහි පවතින බව එහි හිමිකරු සුනිල් ශාන්ත කුමාර මහතා අප සමඟ පැවසුවා.

Suwanila Rest

ඔබට මෙහි දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ කාමර වල ඇති වර්ගීකරණයයි. එය “රූම්ස්” සහ “ඩෝම්ස්‌ ” ලෙස වෙන් කොට තිබෙනවා. පුද්ගලයෙක්,දෙදෙනෙක් හෝ පවුලක් ලෙස ඔබ එහි පැමිණෙන්නේනම්, ඔබ වෙනුවෙන් “රූම්ස්’ පහසුකමද, කණ්ඩායම් ලෙස විනෝද චාරිකා, ආයතන සාංවත්සරික සැමරුම් වැනි දේ සඳහා පැමිණෙන ඔබට”ඩෝම්ස් ” පහසුකමද ලබාදීමට සුවනිල කාර්ය මණ්ඩලය සුදානම්.

Suwanila Rest

එළිමහනේ ක්‍රීඩාංගනයක් හා සමාන විශාල හිස් ඉඩකඩක් පිහිටා ඇති අතර එය ඉබ්බන්කටුව ජලාශයට මුහුණලා තිබීම දර්ශනියය. එම ඉඩකඩෙහි සැරිසරන පෝනියන් පිට නැගී ගමන් කොට විනෝද වීමේ අවස්ථාවද සංචාරකයන්ට හිමිවේ. තවත් විශේෂ අවස්ථාවක් ලෙස මෙම ස්ථානයේ සිට වායු බැලුනයක සංචාරයක් යෑමට ඔබ ප්‍රිය කරන්නේනම්, එම පහසුකම සලසා දීමටද සුවනිල කාර්ය මණ්ඩලය සුදානම්.

Suwanila Rest

මෙම ස්ථානය ස්වභාවික තුරුහිස් වලින් ආවරණය වූ ප්‍රදේශයක්. උතුරු මැද පලාතට සහ මධ්‍යම පලාතට මායිම්ව පිහිටි බැවින්, එම පළාත් දෙකට ආවේණික වියලි සහ සිසිල් දේශගුණික අත්දැකීම සමව විඳින්නට ඔබට අවස්ථාව උදා වෙනවා. ඉබ්බන්කටුව ජලාශය පිස හමා එන සුවදායී සිසිල් සුළං විඳිමින් එළිමහනේ වාඩිවී සිටීම සඳහා විශේෂ ස්ථාන කිහිපයක් ස්වභාවිකව සකසා තිබෙනවා.

Suwanila Rest

තවද විශාල පිරිසකට එකවර වාඩිවී ආහාරපාන ලබාගත හැකි ලෙස සැකසු දිගු විවෘත අවහන්හලක්ද ඔවුන් සතුයි. වාහන නවතා තැබීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් ඇති හෙයින් ආරක්ෂාව සහ සුරක්ෂිත බව කෙරෙහි ඔබ බියවිය යුතු වන්නේ නැහැ.

Suwanila Rest

සුවනිල රෙස්ට් හි සිට ඔබට ඉතා පහසුවෙන් ළඟා විය හැකි ප්‍රසිද්ධ සංචාරක ස්ථාන කිහිපයකි. දඹුල්ල රජමහා විහාරය,රෝස තිරිවානා කන්ද සහිත නාමල් උයන,පිදුරංගල,සීගිරිය,අවුකන,විජිතපුරය, අලි සෆාරි සඳහාම වෙන් වූ ඉකෝ පාර්ක් ඉන් කිහිපයකි. එමෙන්ම විනාඩි 40ක් වැනි කුඩා කාලයකින් මෙහි සිට අනුරාධපුර පුජා නඟරයට, මාතලේ නඟරයට සහ මහනුවරට ළඟාවිය හැකි වීමද සුවිශේෂියි. උතුරුමැදට සහ මධ්‍යම පලාතට ආවේණික ආහාරපාන සමඟ දෙස්,විදෙස් ආකර්ෂණය දිනූ දඹුල්ල පුරවරයේ පිහිටි “සුවනිල රෙස්ට්” වෙත පැමිණ ඔබේ ජිවිතයේ විශේෂ මොහොත සදා මතකයේ රැඳෙන සමරු දිනයක් කරගන්න.

Suwanila Rest

වෙන්කර ගැනීමට :
දුරකථන – 0094776187013

Facebook – Suwanila Rest

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you