Newsහයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි

-

spot_img

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි

2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ කාලය ඇතුළත අධිවේගී මාර්ගවල සිදුව ඇති ටිකට්පත් අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික ආදායමක් අහිමිව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. එම කාලය තුළ ප්‍රවේශ ටිකට්පත් මිලියන 133.8කට අධික සංඛ්‍යාවක් නිකුත් කර තිබුණද, වාහන මිලියන 18.2කට අධික සංඛ්‍යාවක් සඳහා පිටවීමේ ටිකට්පත් නිකුත් කර නැතැයි විගණනයේදී අනාවරණය වී ඇත.

විගණනයට අනුව විවිධ උපක්‍රම භාවිත කර අධිවේගී මාර්ග ආදායම් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම හා වංචා සිදුකර තිබුණද, ඊට වගකිව යුතු මුදල් අයකැමිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුනාගෙන විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට හෝ එවැනි අක්‍රමිකතා වැළැක්වීමට අධිවේගී මාර්ග කළමනාකරණය කටයුතු කර නැති බවද සඳහන්ය. ඉහළ සඳහන් කාලය තුළ ප්‍රවේශ කවුළුවේ සේවය කළ අයකැමිවරුන් විසින් වාහන වර්ගය වෙනස් කරමින් ටිකට්පත් 241,964ක් නිකුත් කර ඇති බවද විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ. අයකැමියන්ගේ අභිමතය පරිදි හෝ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන එවැනි වාහන වර්ග වෙනස්කම් පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් හඳුන්වාදී නොතිබීම හේතුවෙන්, 2019 වසරේ සිට එවැනි දෝෂ වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් රුපියල් මිලියන 611,374ක ණය ලබාගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන්ව ඇත. අධිවේගී මාර්ගවල සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ලාබය රුපියල් මිලියන 3,560.62ක් ලෙස ගණනය කර ඇති අතර, ඒ අනුව පොලී ගෙවීම් නොසලකා ණය මුදල පමණක් ගෙවීමට වසර 171කට වැඩි කාලයක් ගතවන බව විගණනයේදී නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායමෙන් ණය සහ පොලී ගෙවීම් ආවරණය කර ගැනීමට නොහැකි බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායකට එරෙහිව විශ්වාසභංගයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත. පසුගියදා පැවැති...

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන්...

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය අදූරදර්ශි 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසුමේදී ඊට එරෙහිව හෘද සාක්ෂියට එකඟව ඡන්දය...

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය...
- Advertisement -spot_img

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය අදූරදර්ශි 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසුමේදී ඊට එරෙහිව හෘද සාක්ෂියට එකඟව ඡන්දය...

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you