ලූ සහ ලින් – Sorry
“ලූ, හොඳ ආරංචියක් !”
දුරකථනයෙන් ඔහුව ඇමතූ වෛද්‍යවරයා උද්‍යෝගයෙන් පැවසුවේය.
“ඔයාගෙ මල්ලිගෙ මතකෙ ආයෙම ලැබුණා. ඔහු බොහොම සනීපෙන් ඉන්නව. අපිට හරි සතුටුයි.”
“එයා මොනවහරි කිව්වද? “
ලූ නොසන්සුන්ව විමසුවේය.
“ඔහු අපේ නර්ස්ල එක්ක කිව්වා එයාට ඩූඩූ කියලා බල්ලෙක් ඉන්න වග.”
වෛද්‍යවරයා පැවසීය. ලූ කල්පනාවට වැටුණේය. ඔහු සහ මල්ලී ලින් බොහොම කාලයකට ඉස්සර එක දවසක් නපුරු වෙළෙන්දෙකුගෙන් ඒ බල්ලාව බේරාගත්තෝය. ලූ සුරතල් සතෙක් ඇති කිරීමට අවසර ඉල්ලුවද ඔවුන්ගේ මව එයට කැමති නොවුණාය. නමුත් ලින් ඒ බල්ලාව ගෙදරට ගෙන ගිය විට අම්මා ඔහුට බැණ වැදුනේ නැත. ඇය ඔහුට හොඳ දරුවා යනුවෙන් ප්‍රශංසා කළාය. වෛද්‍යවරයා දුරකථනයෙන් බොහෝ දේ කිවූ නමුත් ලූට ඒවා ඇසුණේ නැත. ඔහු නොසන්සුන්ව සිටියේය. තම කන් දෙක මිරිකාගත්තේය. එය ඔහු අසහනයට පත් සෑම අවස්ථාවකම කරන දෙයකි. ඔහු ජනේලය අසලට ගියේය. පිටතින් හුවාංපු ගඟ ගලායනු පෙනේ. ෂැංහයිවල පිහිටි මේ ගොඩනැගිල්ලේ කාර්යාලයක් හිමි කර ගැනීමම ජීවිතයේ සන්ධිස්ථානයකි. තිස් දෙවන මහලේ ජනේලය අසළ සිටගෙන ගඟේ සුන්දරත්වය නැරඹුවද ඔහුට වෙහෙසක් සහ තනිකමක් දැනුණි. ඔහු සිය ජීවිතයේ වැදගත්ම මොහොත එනතුරු බලා සිටියේය. නීති ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකරු වීම. සඳුදා, ප්‍රතිඵලය පැමිණෙනු ඇත.

කාර්යාලයේ විදුලි පහන් නිවා දැමූ ලූ ජනේලයෙන් පිටත බලා සිටියේය. අද සිකුරාදා රාත්‍රිය බැවින් කාර්යාලය පරිසරය වෙනදාට වඩා නිහඬය. සගයන් පිටත්ව ගිය පසු ඔහුට තනිකමක් දැනුණි. නියොන් ආලෝකයන් අහස් රේඛාව හරහා දිලිසුණි. සංචාරක බෝට්ටු හුවාංපු ගඟ දිගේ ලිස්සා ගිය අතර, මෝටර් රථ කුඩා කෘමීන් මෙන් පාරේ බඩගා යනු පෙනිණි. වෙලාව රාත්‍රී එකොළහ වුවද ෂැංහයි යනු නොනිදන නගරයකි. මිනිත්තු කිහිපයකට පසු, දුරකථන තිරයේ කෙටි පණිවිඩයක් සටහන් වුණි.
“ලූ, ඔයාගෙ ඥාති සහෝදරයා ජිං මිය ගියා. මොළයේ රුධිර වහනයක්. හෙට මලගෙදර එන්න.”
එය එවා තිබුණේ අම්මා විසිනි. ලූ සහ ජිං වසර ගණනාවක් තිස්සේ එකිනෙකා දැක තිබුණේ නැත. ජීවිතය කෙතරම් පහසුවෙන් අවසන් විය හැකිදැයි සිතුණ ඔහුට වේදනාවක් දැනුනි. හරියට ස්විච් එකක් ඕෆ් කරනව වගේ. තම කාර්යාල මේසය යට තිබූ කුඩා ගමන් මල්ලක් එළියට ගෙන, කමිස දෙකක් දමා ගත් ඔහු පහළට පැමිණ කුලී රථයක් අල්ලා ගන්නට උත්සාහ කළේය.
“ඔයා හොරෙක්!”
ටොං කෑගැසුවේය.
“ඔයා මගේ ශිෂ්‍යත්වය, මගේ පෙම්වතිය මගේ හැමදේම හොරකම් කරා.”
ටොං ඔහුගේ පපුවට පිහියෙන් ඇන්නේය. ලූ සටන් කිරීමට උත්සාහ කළ නමුත් වේදනාව දැනෙමින් ඔහුගේ සිරුර අප්‍රාණික වුනේ සියල්ල සුදු පැහැයට හරවමිනි. කුලී රථයේ පිටුපස අසුනේ හිඳිමින් ඔහු ඒ සිහිනය මෙනෙහි කළේය. විශ්ව විද්‍යාල කාලයේ ලූ සහ ටොං අතර තරඟයක් තිබුණි. හොඳම ප්‍රතිඵල සඳහාත්, එකම කෙල්ලෙකු සඳහාත් ඔවුහු තරඟ කළෝය. අවසානයේ දිනුම හිමි කරගත් ලූ ඇයව විවාහ කර ගත්තේය. කටකතා කිසි විටෙකත් නතර වූයේ නැත. ලූගේ සාර්ථකත්වය ෂැංහයි හි ප්‍රසිද්ධ නීති මහාචාර්යවරයෙකු වන ඔහුගේ මාමණ්ඩිය නිසා ලැබුණකි. කටකතාවක් යනු තනුක කළ සත්‍යයකි. ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැක. එහෙත් දැන්, ඔහුගේ බිරිඳ දික්කසාද වීමට ලියකියවිලි ගොනු කර තිබෙන්නේ ඔහු ඇයට සැනසීමක් හෝ ප්‍රශංසාවක් ලබා නොදුන් බව පවසමිනි.
ලූ ගුවන්තොටුපළ විවේකාගාරයේ විවේක ගත්තේය, තිරය මත ඇස් අලවාගෙන. නිවුන් ගැහැණු ළමයින් දෙදෙනෙක් ඔහුගේ අවධානය සොරා ගත්තේය. සෑම ගැහැණු ළමයෙක්ම චීනයේ වඩාත්ම ජනප්‍රිය සෙල්ලම් බඩුවක් වන ලබුබු අල්ලාගෙන සිටියේය. නමුත් ඔවුන් වඩා ලස්සන කවුද යන්න ගැන වාද කළහ. ඔහු සහ ඔහුගේ බාල සොහොයුරා ද කාගේ සෙල්ලම් කඩුව තියුණුද යන්න පිළිබඳව වාද විවාද කර තිබුණි. අතීතයේ සතුටුදායක මොහොතක් සිහිපත් කරමින් ඔහු සිනාසුණේය. ගුවන් ගමන එනතුරු බලා සිටින ඔහු සෙල්ලම් බඩු සාප්පුවකට ඇවිද ගිය අතර එහිදී නව ට්‍රාන්ස්ෆෝමර් කට්ටලයක් ලූගේ නෙත ගැටුණි.

පැය තුනකට පසු, ඔහු ලින්ග්සි ගුවන් තොටුපළට ගොඩ බැස්සේය. කුලී රථ රියදුරන් දුම් පානය කරමින් සහ මැසිවිලි නඟමින් සිටියහ. ලූ ඉන් එකකට ගොඩ වූ අතර ගමන අතරතුර, රියදුරු පළාත් පාලන ආයතන ගැන සහ කොරෝනා වයිරසයෙන් මිනිසුන්ගේ ජීවිත නරක අතට හැරුණු ආකාරය ගැන දෙස්දෙවොල් තැබුවේ ලූ නීතිඥයෙකු වීම නිසා කතාවේදී ප්‍රවේශම් වීමටත් වග බලා ගනිමිනි. විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු වූ ලූගේ පන්තියේ මිතුරෙකු නොසැලකිලිමත් ප්‍රකාශයක් නිසා සේවයෙන් පහ කරන ලදී. දූෂිත උමං මාර්ග ව්‍යාපෘතිය ගැන රියදුරු සඳහන් කළ විට, ලූ හිස වැනුවා පමණි. පැයකට පමණ පසු ඔහු තම දෙමාපියන්ගේ නිවසට පැමිණියේය.
ලූගේ දෙමාපියන් ජීවත් වූයේ සෝපානයක් නොමැති ගොඩනැගිල්ලක හයවන මහලේ බැවින් ඔහු තම ගමන් මලු වෙහෙස මහන්සි වී ඉහළට ඇද ගත්තේය. ලින් ඔහුගේ දින වැඩි කාලයක් රෝහලේ ගත කළ බැවින් ඔහුට ලින්ගේ නිදන කාමරය ලබා දෙන ලදී. නිදා ගැනීමට වඩා, ඔහු අවදිව, ලින්ගේ කාමරයේ එහා මෙහා ඇවිදිමින් සිටියේය. සෙල්ලම් බඩු වලින් පිරුණු පෙට්ටියක් සොයා ගත්තේය. සෙල්ලම් ගුවන් යානා සහ කාර්. ඔහුගේ මව ලින්ගේ සෙල්ලම් බඩු පරිස්සම් කර තිබුණත්, ඔහුගේ ජයග්‍රහණ සහතික කොතැනකවත් සොයාගත නොහැකි විය. වරක් මවගෙන් ඒ ගැන විමසූ විට ඇය පැවසුවේ ඒවා අහම්බෙන් නැති වී තිබෙන බවයි.
සෙනසුරාදා උදයේ, ලූ සහ ඔහුගේ දෙමාපියන් අවමංගල්‍ය ශාලාවට පැමිණි අතර, ඉදිරිපස මිදුලේ කුඩා දිය උල්පතක් තිබූ අවමංගල්‍ය ශාලාව මාලිගාවක් තරම් විශ්මයජනක වනු ඇතැයි ඔහු කිසි විටෙකත් අපේක්ෂා කළේ නැත. දොරටුවේ, වම් පැත්තේ මල් වඩම් පේළියක් පෙළගස්වා ඇති අතර, දකුණු පසින් කලු රෙද්දකින් ආවරණය කෙරූ දිගු මේසයක් තිබුණි. අමුත්තන්ට උපකාර කිරීමට කාර්ය මණ්ඩලයක්ද සිටියේය. ලූගේ පියා ඔවුන්ගේ නම් අත්සන් කිරීමට ඉදිරියට ගිය අතර, මව ඔහුව මාමා හමුවීමට ගෙන ගියාය. කුඩා කාමරයක සිටි මාමාගේ ඇස් රතු වී ඉදිමී තිබුණි.
“ලූ, මේ කිසිම දේකින් වැඩක් නෑ පුතේ. ජීවිතේ මට විහිළු කරා. බලන්න මගෙ පුතාට වුණ දේ”
හඬමින් සිටි ඔහුව වේදිකාවට ගෙන යන ලද අතර, එහිදී ඔහු තම පුත් ජිං වෙනුවෙන් ගුණ ගායනා කිරීමට සූදානම් කරන ලදී. ශාලාවේදී, සෑම ශෝකවන්නෙකුම A4 කොළ කැබැල්ලක් අල්ලාගෙන, ජිං ගැන කෙටි සටහනක් සමග මිනී පෙට්ටිය අසලට ගොස් අවසන් සමුගැනීම සිදු කළෝය. අනතුරුව ඔවුන් නැවත ආසන වෙත පැමිණ ශෝකාකූල අයුරින් බලා සිටියෝය. වේදිකාවේ සිට, ලූගේ මාමා ගුණ ගායනා කිරීම ඇරඹූ අතර ඔහුගේ ස්වරය ශෝකයෙන් වෙව්ලුවේය. ලූගේ මව සහෝදර සහෝදරියන්ගෙන් බාලයා වූ අතර ජිං ගේ පියා වැඩිමහල් විය. ඔවුන් අතර හොං සහ ලාන් යන සහෝදරියන් දෙදෙනෙක් සිටියහ. සහෝදර සහෝදරියන් අතර ආරවුල් ඇති කිරීමට හොං නැන්දාට දක්ෂතාවයක් තිබුණි.
“බායි, ඔයාට පුතාලා දෙන්නෙක් ඉන්නවා. දැන් අපේ අයියා ඔයාට ඊර්ෂ්‍යා කරාවි ”
හොං නැන්දා විහිළු කළාය, ඇගේ ස්වරය දඟකාරකමෙන් පිරී තිබුණි. ලූගේ මවගේ මුහුණ කෝපයෙන් තද විය.
“හොං, ඔයා කවදාවත් මාව විහිළුවට ගන්න එක නවත්වන්නේ නැහැ. ඔයාට අමතක වෙලාද? මගේ පුතා අවුරුදු තිහකට වැඩි කාලයක් රෝද පුටුවකට සීමා වෙලා කියලා ”
ඇය කෑගැසුවාය. එහෙත් හොං නැන්දා කට නතර කරේ නැත
“නමුත් ලූ හරිම සාර්ථකයි. එයා කොල්ලො තුන්දෙනෙක්ට සමානයි. නංගි, මම ඔයාට විහිළු කරන්නේ නැහැ. ඒව මගේ පපුවෙන්ම එන වචන.”
ලෑන් නැන්දා ද සංවාදයට එක් විය.
“ලූ හොඳ සහෝදරයෙක්. ලින් පඩිපෙළෙන් වැටුණාම හරි ඉක්මනට හොස්පිටල් අරන් ගියා. ලූ හරි බුද්ධිමත්.”
තම බාල සහෝදරයා අහම්බෙන් ඇගේ නිවසේ ලස්සන බඳුනක් බින්ද දවසේ හොං නැන්දා අම්මාට බැණ වැදුණු දිනය ලූට කිසිදා අමතක නොවීය. ඒ මොහොතේ සිට, ලූගේ පවුල කිසි විටෙකත් හොං නැන්දාව පිළිගත්තේ නැත. ඇය සැමවිටම බලයේ සිටින අයගේ අනුග්‍රහය ලබා ගැනීමට දක්ෂ වූවාය. ඇගේ සැමියා රජයේ සේවකයෙකි. එහෙත් සාර්ථකත්වයට සියල්ල නැවත හැඩගැස්වීමේ බලය තිබුණි, විශේෂයෙන් මිනිසුන්ගේ ආකල්ප. ඔබ අන් අයට වඩා ඉහළට නැඟුණු විට, ඔවුන් සැබවින්ම විශ්වාස නොකළ වචන කතා කරනු ඇත. හොං නැන්දා ඔහු දෙසට නැඹුරු විය.

“ලූ, ඔයා ඔයා ගැන සැලකිළිමත් වෙන්න ඕනේ. ජිං වගේ වෙන්න එපා. එයා ඕනෑවට වඩා බිව්වා.”
ඇය පැවසුවාය. ඉන්පසු ඇය හඬ පහත් කළාය.
“නමුත් මම දන්නවා ඒක කොහොමද කියලා. ඉහළ තනතුරු දරන අයට බොන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ. වගකීම වැඩි වන තරමට, වැඩිපුර බොන්නත් වෙනවා.”
ඇගේ වචන පිටුපස ඇති ඇඟවීම ලූ තේරුම් ගත්තාය. ඇය සඳහන් කළේ එවැනි චාරිත්‍ර වාරිත්‍රවලින් ඉහළට ගිය සිය සැමියාගේ සාර්ථකත්වය ගැන ය. ලූගේ දුරකථනය නාද විය. ඇමතුම වෛද්‍යවරයාගෙනි. කුලී රථ කවුළුවෙන් ඔහු කාලය විසින් පරිවර්තනය කරන ලද නගරය දෙස බලා සිටියේය. සාප්පු සංකීර්ණ වැඩි වී ඇති අතර සුඛෝපභෝගී වෙළඳ නාම වල් පැලෑටි මෙන් මතු වී තිබුණි. රියදුරු නිමක් නැති රථවාහන තදබදය ගැන පැමිණිලි කළේය. ලූ රෝහල් වාට්ටුවට ළඟා වූ විට, ඔහු දොරකඩ නතර වී දොරේ කුඩා කවුළුවෙන් එබී බැලීය. ඇතුළත, ඔහුගේ බාල සහෝදරයා වන ලින් රෝද පුටුවක වාඩිවී සිටියේය. ලූ ඇතුළු වීමට පෙර මෘදු ලෙස තට්ටු කළේය. බිය නොවීමට වගබලා ගත්තේය.
“අයියේ ඔයා ඒක ගෙනාවාද?”
ලින් ඇසීය. ලූ ඔහු දෙස බැලුවේ ප්‍රහේලිකාවකිනි.
“ඔයාට අමතක වුණාද? මම කියන්නේ යූ හුවාගේ නවකතාව”
ලින් පැවසුවේය. එකවරම, ලූට ඔහු භාර දීමට පොරොන්දු වූ To Live හි අත්සන් කළ පිටපත සිහිපත් විය. නමුත් කඩිමුඩියේ ඔහු එය දමා ඇවිත් තිබුණි.
“ අයිම් සොරි ලින්, ඊයේ රෑ මම හරිම බිසී. මම පොරොන්දු වෙනවා ඊළඟ වතාවේ මම ඒක ගේන්නම්.”
“ලින්, ඩොක්ටර් කිව්වා ඔයාට ගොඩක් දේවල් මතකයි කියලා. ඒක ඇත්තද?”
“ඔව්, මට තව මතකයි. ඔයා මට බයිසිකල් එක පදින්න උගන්නපු පළවෙනි වතාවේ මම වැටුණු හැටි ”
“අම්මා මට ඒ ට්‍රාන්ස්ෆෝමර් එක ගත්ත වෙලාව ඔයාට මතකද?”
ලූ තිගැස්සුණි.
“ඔව්, ඔව්, ඔයාට ට්‍රාන්ස්ෆෝමරයක් තිබුණා, නමුත් ඔයා ඒක තියපු තැන මට අමතක වුණා.”
“මමත් අමතක කළා. නමුත් ඒකට කමක් නැහැ. මාමා මට අලුත් එකක් ගත්තා.”
ලින් සිහින් සිනහවක් පෑවේය. ඒ මොහොතේ, ඩොක්ටර් ලූව ඔහුගේ කාර්යාලයට කැඳවීය.
“ඩොක්ට, මගේ මල්ලිගේ මතකයෙන් කොපමණ ප්‍රමාණයක් නැවත එයිද?”
“ඔයාගේ සහෝදරයා ආශ්චර්යයක්. ඔහුගේ මතකය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වේවි. හැබැයි ඒකට තව ටික කාලයක් යයි.”
ලූ සිනාවක් පෑවේය. නමුත් එය ස්වාභාවික නොවන බව ඔහු දැන සිටියේය. ඔහු ලින්ගේ වාට්ටුවට ආපසු ගියේය.
“අපි උද්‍යානය බලමු”
ලින් යෝජනා කළේය. ලූ හිස වැනුවේය. එය කුඩා නමුත් අලංකාර උද්‍යානයකකි.
“නර්ස්ල කිව්ව මට නැවුම් වාතය ලැබෙන එක හොඳ වග. දැන් මෙතන මගේ අභයභූමිය වගේ.”
කුඩා උද්‍යානයේ, කුරුළු කූඩුවක් ගස් අත්තක් මත රැඳී තිබුණි. ඇතුළත සිට, කුරුල්ලන් “කුකූ, කුකූ” යනුවෙන් කෑ ගැසූහ. ශබ්දය තියුණු වූ අතර, උද්‍යානය පුරා දෝංකාර දුන්නේය.
“මම ගොඩක් වෙලාවට මෙතන්ට එනවා. දවසක් මට පස් උඩවැටුණ බිඳුණ බිත්තර හමුවුණා. ඉතින් මම නර්ස්ලගෙන් ඇහුවම එයාලා මට ඇත්ත කිව්වා. වැඩිහිටි කුකුළො පොඩිවුන්ව කූඩුවෙන් එළියට තල්ලු කරලා මරනවලු .”
ලින්ගේ කටහඬ තියුණු විය. ඔහු හැරී, ලූගේ දෑස් දෙස එක එල්ලේ බැලුවේය.

“මම අහම්බෙන් වැටුණාද? නැත්නම් මාත් කූඩුවෙන් එළියට තල්ලු කෙරුව කුරුල්ලෙක්ද?”
ලූගේ හුස්ම නොගැඹුරු වී, ඔහුගේ දෑස් ඉවතට මාරු කළේය.
“අපි නොසැලකිළිමත් වුණා. අපි කවදාවත් අනතුර අපේක්ෂා කළේ නැහැ.”
ඔහු මැසිවිලි නැඟුවේය. ලින්ගේ වචන ඔහුව වෙව්ලන්නට සැලැස්සුවේය.
“අයියෙ, මට මතකයි. මම පඩිපෙළෙන් වැටෙනකොට ඔයා මගේ පිටිපස්සෙ හිටියා.”
“ඇත්තෙන්ම, මම ඔයා එක්ක හිටියා”
ලූ සැහැල්ලු ස්වරයකින් පිළිතුරු දුන්නේය.
“ඔයා ඒ කාලෙ මගෙ පස්සෙමයි”
විහිළු කිරීමට උත්සාහ කළ නමුත් ඔහුගේ කටහඬ වෙව්ලීය. ඔහු යන්නට ආසන්න වන විට, ලින් පෙට්ටියක් ඔහුට භාර දුන්නේය. ලූ ඔහුගේ පාසල් කාලය තුළ දිනාගත් ත්‍යාග සහතික රාශියක් ඇතුළත තිබුණි.
“මම මේවා ඔයා වෙනුවෙන් තියාගන්නවා අයියෙ. දැන් ඔවුන්ට ඒවායේ හිමිකරු වෙත ආපසු යා හැකිය.”
රෝහලෙන් පිටව ගිය වහාම ලූ ෂැංහයි වෙත ආපසු පියාසර කළේය. ඔහු කිසි විටෙකත් තම බාල සහෝදරයාට නව ට්‍රාන්ස්ෆෝමර් කට්ටලය මිලදී ගත්තේ තමා බව පවසා නැත. ගුවන් යානය බැස ඔහු දුරකථනය ක්‍රියාත්මක කළේය. එකවරම පණිවිඩ ගලා ආවේය. පළමු එක ඔහුව තිගැස්සුවේය. ඔහුගේ ඉදිකිරීම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා තිස් දෙවන මහලෙන් පැන දිවිනසාගෙන තිබේ. ඊළඟ පණිවිඩය පසුව ඔහුගේ බිරිඳගෙන්. ඔවුන්ගේ දික්කසාදයේදී ටොං ඇගේ නීතිඥයා වනු ඇත. ඊට පසු තවත් පණිවිඩයක් ලැබුණි.
“අයියෙ මට දැන් වයස තිස් අටයි. මම පොඩි කොල්ලෙක්වත් කුරුල්ලෙක්වත් නෙවෙයි. මට තවදුරටත් සෙල්ලම් බඩු ඕනෙ නැහැ.”



