Featuresසිඩ්නි ඛේදවාචකයේ නවතම තොරතුරු

සිඩ්නි ඛේදවාචකයේ නවතම තොරතුරු

-

spot_img

සිඩ්නි ඛේදවාචකයේ නවතම තොරතුරු Bondi beach gun shoot

ලොව ඕනෑම ආගමක අරමුණ ලෝකය වඩා යහපත් සහ සාමකාමී තැනක් බවට පත් කිරීමයි. බියෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීමයි. නමුත් ලොව පුරා මිනිසුන් වැඩියෙන්ම ගහමරා ගන්නේ, යුධ වදින්නේ ආගමේ නාමයෙන්. ආගම්වල නමින් වෛරය, මිත්‍යාව සමාජගතවීම මේ ලෝකයෙන් තුරන් වෙන දිනයක් කවදා උදා වෙනු ඇතිද?

පසුගිය දශක තුනක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ සිදුවූ දරුණුතම සමූහ ඝාතනය ඊයේ ( දෙසැම්බර් 14 ඉරිදා) වාර්තා වුණා. ඕස්ට්‍රේලියාවේ වඩාත්ම සුන්දර වෙරළ තීරයක් Bondi වෙරළේ ඉරිදා හවස සිදුවූ මෙම වෙඩිතැබීමෙන් මේ සටහන මොහොත වන විට පුද්ගලයන් 16 දෙනෙකු (සිඩ්නි නගරයේ දිගුකාලීන පදිංචිකරුවන්. මියගිය අ‍ය අතරට කුඩා දරුවෙක්ද අයත්) මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා. බලධාරීන් පවසන්නේ මෙය යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
Bondi beach gun shoot
ප්‍රහාරය සිදුකළ පය පුතු දෙපළ
චබාද් ප්‍රජාව (යුදෙව් ආගම ප්‍රචාරණය කරන) විසින් සංවිධානය කරන ලද Hanukkah නැමති උත්සවයක් සඳහා ඊයේ සිය ගණනක් පිරිස මෙම ස්ථානයට රැස් වී සිටියා. වෙඩි තැබීම් සිදුවූයේ සවස 6:45 ට පමණ බව වාර්තා වෙනවා. සැමරීම්, සතුට පිරුණු තැනක් මරණයේ භූමියක් බවට හැරුණේ බොහොම සුළු කාලයක් තුළයි. සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් විස්තර කරන පරිදි පළමු වෙඩි ශබ්දය ඇසෙනවිට බොහෝ දෙනා සිතා ඇත්තේ ඒවා ගිනිකෙළි හෝ මල්වෙඩි බවයි. නමුත් ඉක්මනින්ම මිනිසුන් භීතියට පත්වෙමින් අවුල් ජලාවක් හටගෙන තිබෙනවා. ඇතැමුන් වැතිර සිටි බ්ලැන්කට් තුළට ගුලි වුණා. තවත් පිරිසක් ආරක්ෂාව පතා දිවයන්නට වූ අතර මිනිත්තු කිහිපයක් ඇතුළත පොලිසිය සහ හදිසි සේවා එම ස්ථානයට පැමිණ තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළා. පුද්ගලයින් 43 කට අධික පිරිසක් තුවාල ලබා සිටින අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙක් අසාධ්‍ය තත්වයේ පසුවන බව වාර්තා වෙනවා. සාක්ෂිකරුවෙකු පවසා තිබුණේ වෙඩි තැබීම් කිසිදාක නතර නොවන සේ පැවතුණ බවයි. තමාට මෙම රට පිළිබඳ තිබූ විශ්වාසය කඩවී ගිය බව සිද්ධිය ඇසින් දුටු ඕස්ට්‍රේලියානු යුදෙව් ජාතිකයෙකු පවසා සිටියා.
Bondi beach gun shoot
ඝාතකයෙකුගෙන් ගිනි අවිය උදුරාගත් අහමඩ්
නිව් සවුත් වේල්ස් පොලිසිය සහ ෆෙඩරල් බලධාරීන් මෙම සිදුවීම යුදෙව් විරෝධී සහ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසින් හඳුන්වනවා. අසල පිහිටි උස් ස්ථානයක සිට තුවක්කුකරුවන් දෙදෙනා වෙඩි තබා ඇති බව ඔවුන් තහවුරු කළා. ඝාතකයන් වූ පකිස්ථාන ජාතික පිය පුතු දෙපලේ 50 හැවිරිදි පියා පොලිස් වෙඩි පහරින් එම ස්ථානයේම මිය ගිය අතර 24 හැවිරිදි පුතා අසාධ්‍ය තත්වයේ පසුවන බව සඳහන්. සැකකරුවන් ළඟ තිබී පුපුරණ ද්‍රව්‍යද සොයා ගෙන තිබේ. මොවුන් ඕස්ට්‍රේලියාවේ දිගු කාලීන පදිංචිකරුවන් වන අතර පියා 2015 වසරේදී ගිනි අවි පාවිච්චිය සඳහා බලපත්‍ර ලබාගෙන තිබෙනවා. ඔහු සතුව ගිනි අවි හයක් තිබූ බව වාර්තා වනවා.
Bondi beach gun shoot
ප්‍රහාරය සිදුවූ ස්ථානයේ ශෝකය ප්‍රකාශ කර ඇති අයුරු
ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ජාතිය අමතමින් පවසා සිටියේ මෙම සිදුවීම බිහිසුණු සහ යුදෙව් ප්‍රජාවට පමණක් නොව සියළු ඕස්ට්‍රේලියානුවන්ගේ වටිනාකම්වලට එල්ල කළ පහරක් බවයි. යුදෙව් ඕස්ට්‍රේලියානුවෙකුට පහර දීම සෑම ඕස්ට්‍රේලියානුවෙකුට පහරදීමට සමාන බව අගමැතිවරයා පැවසුවා. ඝාතකයන්ගේ සම්පූර්ණ අනන්‍යතා හෝ චේතනා බලධාරීන් විසින් හෙළිදරව් කර නොමැති අතර, ඔවුන් කිසියම් ත්‍රස්ත කල්ලියකට අයත්ද යන්න තවම තහවුරු කර නැහැ. ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය (ASIO) ඇතුළු ආරක්ෂක ආයතන, මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව අනතුරු අඟවා තිබෙනවා.
Bondi beach gun shoot
එම ස්ථානයේ එකතුකර තබා ඇති අතැර ගිය බඩු බාහිරාදිය
මෙම බිහිසුණු සිදුවීම අතරේ නිර්භීතබව සහ මනුෂ්‍යත්වය හඳුනන මිනිසුන් පිළිබඳ කතාද වාර්තා වනවා. පළතුරු වෙළඳසලක හිමිකරුවෙක් වූ ප්‍රදේශවාසී අහමඩ් අල්-අහමඩ් සිය ජීවිතය නොතකා ඝාතකයෙකුගෙන් ගිනි අවියක් උදුරා ගැනීමට සමත්වී තිබෙනවා. මේ වන විට ඔහුගේ තත්වයද බරපතළයි. ඔහුගේ නිර්භීත ක්‍රියාව හේතුවෙන් ජීවිත රැසක් බේරී තිබෙනවා. චබාද් ප්‍රජාවගේ ආදරණීය නායකයෙකු වන Rabbi Eli Schlanger ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
 Bondi beach gun shoot
තුවාල ලැබූ අහමඩ් ප්‍රතිකාර සඳහා රැගෙන යමින්

 

ලොව පුරා රටවල් මේ බිහිසුණු ප්‍රහාරය හෙළා දකිනවා. සිඩ්නි සහ අනෙකුත් මියගිය අය වෙනුවෙන් අනුස්මරණ උත්සව ඉක්මනින් සංවිධානය කෙරුණා. බොහෝ ආගම්වල පුරවැසියන් සහයෝගීතාවයෙන් පෙනී සිටිමින්, ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් සහ වින්දිතයින්ගේ පවුල් සඳහා ශෝකය පළ කරේ සාමාන්‍ය ජනතාවට ප්‍රචණ්ඩත්වය අවැසි නැතිබව පවසමින්. හදිසි සේවා, රෝහල් සහ සංවිධාන විසින් තුවාල ලැබූවන්ට නොකඩවා ප්‍රතිකාර කරමින් සිටින අතර සිඩ්නි නගරයේ රුධිර පරිත්‍යාග මධ්‍යස්ථානවල තුවාල ලැබූවන්ට රුධිරය පරිත්‍යාග කිරීමට බොහෝ අය පැමිණ සිටින බව සඳහන්. ඕස්ට්‍රේලියානුවන් සමහරු යුදෙව් ප්‍රජාව සමඟ ප්‍රසිද්ධියේ සහයෝගීතාවය පෙන්වීමට උනන්දු වී තිබෙන්නේ ඊශ්‍රායල ධජය උරහිස් මත තබාගෙන සහ යුදෙව් හිස් වැසුම් පැළඳ සිටිමින්. මිනිසුන්ගේ මෙම සහයෝගයෙන් පෙනී යන්නේ ලොව ඕනෑම ආගමක, සංස්කෘතියක මිනිස්සුන්ට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නොවන බව සහ ඔවුන් මනුෂ්‍යත්වයට ගරුකරන බවයි. වෛරය පතුරුවන එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ ක්‍රියාවන් නිසා සමස්ථ සමාජයක්ම, මුළුමහත් ලෝකයම පීඩාවට පත්වීම මොනතරම් ඛේදජනකද?

Latest news

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...
- Advertisement -spot_img

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

රත් දෝතළු – 79

රත් දෝතළු - 79 මම ඈ වෙත නැඹුරු වූයේ හිස් තේ කෝප්පය ස්ටූලය මත තබමිනි. "දෙන්නාහෙ ලව් එක නැඟලා යනවද...?" ඈ බොහෝ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you