More
    spot_img
    FeaturesRufous Hummingbird බළලුන් වසරකට කුරුල්ලන් බිලියන දෙක හමාරක් මරා...

    Rufous Hummingbird බළලුන් වසරකට කුරුල්ලන් බිලියන දෙක හමාරක් මරා දමයි

    -

    spot_img

    Rufous Hummingbird කුරුල්ලන් ඉන්ද්‍රජාලිකයින් වැනිය. බොහෝ කුරුල්ලන්ගේ මෙන් මොවුන්ගේ ගෙලද ඔප දැමු තඹ කාසියක් මෙන් දිලිසෙන්නේය. ඔවුන් වා තලයේ එහෙ මෙහේ සැහැල්ලුවෙන් ඉගිලෙන්නේ ඔවුන් ගැන අවධානය යොමු කරන මිනිසුන්ගේ සිතේ කුතුහලයක් ඇති වන අයුරිනි. ඇමරිකානු කුරුලු සංරක්ෂණ ආයතනයේ සභාපති Mike Parr පලමු වතාවට මෙම කුරුල්ලෙක් සියැසින් දැක ඇත්තේ කැලිෆෝනියාවේ ලෙමන් ගසක මල් පැණි උරමින් සිටියදීය. “එය හරියටම වෙනත් ලෝකයක දර්ශනයක් වගේ, ඒක ආගමික අත්විඳීමක් හා සමානයි” ඔහු බියෙන් හා ගෞරවයෙන් පවසයි. ඔවුන් හිස හරවද්දි හදිසියේම ඔවුන්ගේ බෙල්ලට ආලෝකය වැටුණොත් එතැන පුදුමාකාර වර්ණයකින් ආලෝකමත්වෙනවා. ඒක මැජික් එකක් වගේ. ඇත්තටම බල්බ් එකක් පත්තුකරා වගේ වගේ එළියයි. මෙම වර්ගය අගල් 3කට වඩා දිග කුඩාම Hummingbird කුරුළු වර්ගයෙන් එකෙකි. කුඩා නමුත් ඉතා දරුණුතම එකෙකි. ඔවුන් ගිම්හානයේ ජීවත් වන ඇලස්කාවේ සිට මෙක්සිකෝව දක්වා සැතපුම් 3900 ක් (එක් පැත්තකට) පමණ විශ්මිත ලෙස පියාසර කරයි. ශරීර ප්‍රමාණය අනුව ලොව ඕනෑම කුරුල්ලෙකු සංක්‍රමණ චාරිකාවකට ගෙවන වැඩිම දුර ප්‍රමාණයන්ගෙන් එකක් ලෙස පක්ෂි විද්‍යාවේ Cornell Lab ට අනුව මෙම දුර සැළකේ. උස් කදු බිම්, තණබිම්, ගෙවතු මල් වල පැණි මෙන්ම කුඩා කෘමි සතුන්ද මෙම පක්ෂීන් ආහාර ලෙස ලබාගනී. කැලිෆෝනියානුවන්ට වසන්තයේදී සහ රොකී කදුකරයේ පදිංචි කරුවන්ටද මේ කාලයේදී මෙම විශ්මිත කුරුල්ලන් දැක ගැනීමට හැකි වේ. 2022 නිකුත් වු State of the Birds වාර්තාවට අනුව 1970 සිට මෙම කුරුළු ගහනය තුනෙන් දෙකක් අඩු වී ඇති බව වාර්තා වෙයි. මෙම පක්ෂීන් “Tipping Point” නම් වදවීගෙන යන පක්ෂී විශේෂ සදහන් ලැයිස්තුවට ඇතුළත් වන අතර වැඩි අවධානමක් සහිත පක්ෂී වර්ග 70න් එකක් ලෙසද හදුනාගෙන ඇති බව වාර්තා වෙයි.

    Rufous Hummingbird

    සංරක්ෂණයට අවශ්‍ය කටයුතු වැඩිදියුණු නොකළහොත් නුදුරේදීම දැනට සිටින කුරුල්ලන්ගේ ප්‍රමාණයෙන් අඩක්වත් ඉක්මනින්ම වද වී යනු ඇතැයිද වාර්තා වෙයි. මෙම ලැයිස්තුවේ සිටින විශ්මයජනක කහ පැහැති තොප්පියක් සහ කලු වෙස් මුහුණක් සහිත “Golden – Winged Warbler” මෙන් මොවුන්ද දැඩි අවධානමක පසු වෙයි. සත්ව පර්යේෂකයින් පවසන පරිදි මොවුන්ගේ වදවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. වාසස්ථාන අහිමිවීම, දේශගුණික විපර්යාස, මානව සංවර්ධනය, වීදුරු වල හැපීමෙන් වන අනතුරු, ආක්‍රමණශීලී විශේෂ (ගෘහස්ථ බළලුන්) සහ පලිබෝධනාශක ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඉහත හේතු ගෝලීය වශයෙන් සියලුම වන ජීවීන් විනාශයටද හේතු වී තිබේ.

    කුරුල්ලන්ගේ ගහනය අඩු වීම ගැන අපි සැළකිලිමත් විය යුත්තේ ඇයි?

    ඇමරිකානු කුරුළු සංරක්ෂණ ආයතනයේ සභාපතිවරයා පවසන්නේ “මෙය මනුෂ්‍යයන් ඉදිරියේදී මුහුණ දෙන දෙයක පෙර නිමිත්තක්” බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු සදහන් කළේ ගල් අඟුරු ආකරවල සිට Canary කුරුල්ලන්ගේ වදවීම, උතුරු ඇමරිකාවේ සිදුවන පාරිසරික බිදවැටීම් පිළිබදව අපට සාක්ෂි සපයන බවයි. අප හුස්ම ගන්නා වාතය, අප පානය කරන ජලය, අප ගන්නා ආහාර මෙන්ම කුරුල්ලන්ගේ පැවැත්මද අප මෙන්ම ස්වාභාව ධර්මය මත රඳා පවතින බව ඔහු පවසයි. කුරුල්ලන්ට අහිමි වන විශාල ස්වභාවික වනාන්තර, තණබිම්, තෙත්බිම් සහ වගුරුබිම් ඒ ආකාරයෙන්ම අපටද අහිමිවන බව වැඩිදුරටත් සදහන් කරන ඔහු “එබැවින් ජීව විද්‍යාත්මක විවිධත්වය සහ දේශගුණික විපර්යාස යන දෙකම එකවර විසදා ගැනීමට අප උත්සාහ නොකරන්නේනම්, අප බොහෝ දේ මත යැපෙන ස්වභාවධර්මය අප කැමති ආකාරයටම ඒවාට ප්‍රතිචාර නොදක්වනු ඇති” බවයි. කුරුල්ලන් අපගේ පරිසර පද්ධතියට අත්‍යවශ්‍යම ජීවින් කොටසකි. ඔවුන් මල් පරාගනය කරයි, බීජ විසුරුවා හරියි. එමෙන්ම කෘමීන් හා මීයන් අනුභව කර ඔවුන්ගේ ගහනය පාලනය කරයි. එමෙන්ම ඔවුන්ගේ අලංකාරය අපගේ දෑස් පිනවයි. වසරින් වසර අඩු වෙමින් පවතින නමුත් ඔවුන් අපගේ දෙසවන් මනරම් කුරුළු ගීත වලින් පිනවයි. “කුරුල්ලන් මෙලොවින් අතුරුදහන් වෙනවාට අපි කැමති නෑ, සංරක්ෂණවාදී කෝණයකින් බලනවාට වඩා අපි ඔවුන්ට ප්‍රමුඛත්වය දිය යුතුයි. අවාසනාවකට වන ජීවීන්ට තමන්ගේම හඩක් නෑ” ඔහු එසේ කියයි. කුරුල්ලන් වදවී යාමෙන් බේරාගැනීමට අපට කළ හැකි දේවල් පිළිබදවද සදහන් වේ. වීදුරු වල ගැටීමෙන් පමණක් වසරකට ඇමරිකා එක්සත් ජනපදයේ කුරුල්ලන් බිලියන 1ක් පමණ මිය යති. වීදුරු වල එපිට ඇති ගස්වල සහ අහසේ පරාවර්තනයන් ඔවුන්ට පියාසර කළ හැකි ස්ථාන ලෙස සිතා ඒවායේ ගැටී ඔවුන් මිය යති. උස් ගොඩනැගිලිවල පමණක් නොව නිවාස වල ජනෙල් වීදුරු වලද කුරුල්ලන් ගැටෙති. ඇමරිකානු කුරුළු සංරක්ෂණ වාර්තා අනුව වීදුරු නිසා සිදුව ඇති අනතුරු වලින් අඩක් පමණම සිදුවන්නේ නිවෙස් වල ජනෙල් වල ගැටීමෙනි. මෙම අනතුරු බොහෝ විට වසන්ත හා විශේෂයෙන් සරත් ඍතුවේ සංක්‍රමණික පක්ෂීන්ට සිදු වන අතර වසර පුරාම වීදුරු අනතුරු වාර්තා වෙයි.

    Rufous Hummingbird

    ශූභාරංචිය නම් මෙම මරණ වලක්වා ගැනීමට ක්‍රම තිබේ. ඔබට ඔබේ නිවසේ ජනෙල් වල “Peel-on / Peel-off ” කරන Decals සවි කළ හැකිය. මේවායින් පාරජම්බුල කිරණ පරාවර්තනය කරන අතර අපට නොපෙනුනද බොහෝ කුරුල්ලන්ට ඒවා දර්ශනය වේ. එමගින් මෙම ගැටීම් අවම කර ගත හැකිය. “ඔබට මේවා සියලුම ජනෙල්වලට සවි කිරීමට අවශ්‍ය වන්නේ නෑ, වඩාත්ම අනතුරු සිදු විය හැකි ජනේල වලට පමණක් යෙදීම ප්‍රමාණවත්” ඔහු එසේ සදහන් කරයි. ඇමරිකානු කුරුලු සංරක්ෂණාගාරය සතුව පක්ෂී හිතකාමි නිෂ්පාදන සපයන රසායනාගාරයක් ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය. ඔබ නව නිවසක් ඉදිකරන්නේනම් හෝ ජනෙල් සවි කර ඇත්නම්, ඔබට කුරුළු ආරක්ෂණ වීදුරු සවි කළ හැකිය. කුරුළු හිතකාමී ගොඩනැගිලි සැළසුම් සහ ඉහළ කුරුළු සංක්‍රමණයන් ඇති කාල වලදී රාත්‍රි “ආලෝක නිවා දැමීම” ප්‍රවර්ධනයට බොහෝ පක්ෂීන් සුරැකීමේ කණ්ඩායම් ජාතික මට්ටමින් ක්‍රියා කරයි. බොහෝ පක්ෂීන් කෘමි සතුන් අනුභව කරයි. ලොව පුරා කෘමි ගහනය අඩු වීම විශාල ආහාර හිගයක් ඇති වීමටද බලපා ඇති බව වාර්තා වේ. “පලිබෝධනාශක සහ වල් නාශක වෙනුවට ගෙවත්තේ ඇති තෘණ සහ කෘමීන් අනුභවයට කුරුල්ලන්ට ඉඩ සලසා දිය හැකියි. ඔවුන් හොද පලිබෝධනාශකයින්, ඔවුන් කෘමීන් ගොඩක් ආහාරයට ගන්නවා, ඒ නිසා ඔවුන් දිරිමත් කරන්න” සභාපතිවරයා පවසයි. එමෙන්ම කාබනික ගෙවතු වගාව, අලුතින් ගස් සිටුවීම සහ කුඩා වන ලැහැබ ඇති කිරීම මගින් කෘමි ගහනය වැඩි කරගත හැකිය.

    Rufous Hummingbird

    මීළගට කුරුල්ලන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ආක්‍රමණශීලී සතුන්ය. විශේෂයෙන් නිවෙස්වල ඇති කරන බළලුන්ගෙන් ඔවුන්ට විශාල තර්ජනයක් එල්ල වේ. USDA සහ ලොව පුරා බහුවිධ අධ්‍යයනයන්ට අනුව නිදහසේ සැරිසරන ගෘහාශ්‍රිත බළලුන් දේශීය වනජීවීන්ට බරපතළ තර්ජනයක් එල්ල කරයි. ඇමරිකානු කුරුළු සංරක්ෂණ ආයතනයේ වාර්තා වලට අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් වසරකට කුරුල්ලන් බිලියන 2.4 පමණ බළලුන් විසින් මරා දමයි. බහුතරයක් කුරුළු සංරක්ෂණ කණ්ඩායම් පවසන්නේ මිනිසා විසින් කුරුල්ලන්ගේ මරණ වලට ඇති කළ විශාලතම මූලාශ්‍රය මෙය බවයි. “සෑම වසරකම වැඩිම කුරුළු මරණ වලට හේතුවන්නේ බළලුන් සහ වීදුරු වල ගැටීමයි. ඔබේ බළලා ගෘහස්ථව තබා ගන්න, අපහසු වුවත් ඔබේ අසල්වැසියන්ද ඔවුන්ගේ බළලුන් ගෘහස්ථව තබා ගැනීමට දිරිමත් කිරීමට උත්සාහ කරන්න” සංරක්ෂණ කණ්ඩායම් බළලුන් දුර බැහැර යෑම වැලැක්වීමට හැකි විශේෂ වැටවල් නිර්දේශ කරයි. “Cations” නම් බළලුන් එළිමහන් රදවනය ඒ අතරින් ප්‍රමුඛ වේ. මෙමගින් බළලුන්ට ගොදුරු ලුහුබැදීම අපහසු කරයි. එක්සත් ජනපදයේ සහ ලොව පුරා සර්ව මට්ටමින් කුරුලු වාසස්ථාන සුරැකීමට උපදේශකයන් සෑම දිනකම වෙහෙස වෙයි. රාජ්‍ය සහ පෞද්ගලික දෙපාර්ශවයේම උත්සාහයේ ප්‍රතිථලයක් ලෙස මේ වනවිටත් ජල පෝෂක ප්‍රදේශ සහ තෙත්බිම් ආරක්ෂා කිරීම සහ පිරිසිදු කිරීම මගින් පසුගිය වසර 20ක පමණ කාලය තුළ තාරාවන්ගේ, පාත්තයන්ගේ සහ හංසයන්ගේ ගහනය වැඩි කිරීමට ඔවුන් සමත් වී ඇත. මෙම පියවරයන්ගේ ප්‍රතිලාභ මිනිසුන්ටද ප්‍රයෝජනවත් වන අතර වැඩි ජලය බැස යෑමට ප්‍රදේශ, අඩු ගංවතුර සහ පිරිසිදු භූගත ජලය සපයයි. American Bird Conservancy, National Audubon Society සහ International Bird Rescue වැනි කණ්ඩායම්වලට මේ සදහා ඔබටද සහය විය හැකිය. “මේ ග්‍රහලෝකය සොයාගත් ආකාරයටම කලමණාකරණය කිරීමට අපි සෑම දෙනාටම වගකිමක් ඇත. අපි අපගේ බලපෑම් පුළුල් කරමින් පෘථිවි ග්‍රහලෝකයේ ස්වභාවය වෙනස් කරමින් සිටින අතර එය සම්පූර්ණයෙන්ම අවුල් නොකිරීමට අපට වගකීමක් ඇති බවද මට හැඟේ” යැයි ඇමරිකානු කුරුළු සංරක්ෂණ ආයතනයේ සභාපතිවරයා අවෂන් වශයෙන් සදහන් කළේය.

    -CNN News ඇසුරෙනි-

    Photo Credit: www.cnnnews.com

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    New Zealand vs Sri Lanka ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී

    New Zealand vs Sri Lanka තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...

    Hima Mal Renu හිම මල් රේණු – 58

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කුමක් කියන්නට යනවාද කියා මා සිතේ වූයේ කුතුහළයකි. "ඔයාම කියනවනේ ආරණ්‍යා ...අනුරාග් හොඳ කෙනෙක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page