FeaturesAli Khamenei ලෝකයම කතාවෙන ඉරානයේ ආධ්‍යාත්මික නායකයා

Ali Khamenei ලෝකයම කතාවෙන ඉරානයේ ආධ්‍යාත්මික නායකයා

-

spot_img

Ali Khamenei – ඉරාන – ඊශ්‍රායල යුධ ගැටුම් හමුවේ මේ වනවිට නිතර කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව ඇති අසූහය වියැති අලි කොමේනි (Ali Khamenei) ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසෙනවා. දශක තුනකට අධික කාලයක්, නොඑසේනම් තිස් හය වසරක් වූ ඔහුගේ පාලන කාලය තුළ මින්පෙර කිහිප වතාවකදීම අලි කොමේනි ඝාතන සැලසුම් හෙළිදරව් වුණා. ඇතැමුන්ට අනුව ඔහු “අසාමාන්‍ය අන්දමේ” නායකයෙකි. දශක කිහිපයක් පුරා ඉරානයේ සිදුවූ සමූල ඝාතන සහ වෙනත් අයුක්ති සහගත ක්‍රියාවන්ට වගකිව යුතුවූ මර්නධකාරී ඒකාධිපතියෙකි. ඉරානයේ ආර්ථික, දේශපාලන, විදේශ ප්‍රතිපත්ති ආදී බොහෝ දෑ සම්බන්ධයෙන් තනි තීරණ ගත් ඔහු ඉරාන සංස්කෘතියේ ප්‍රතිමූර්තියක් බඳු නායකයෙකි. ඔහු හැඳින්වෙන්නේ කලාපයේ බටහිර ආධිපත්‍යයට අභියෝග කෙරූ අධිරාජ්‍ය විරෝධී නායකයෙකු ලෙසින්. කිනම් රටක, මොනතරම් බලසම්පන්න නායෙකයෙකු හෝ සම්භාවනීය අමුත්තෙකු වේවා ඔහුට හෝ ඇයට ඉරානයේ උත්තරීතර නායක අලි කොමේනි මුණගැසීමට අවශ්‍යනම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම ඉරානයට යා යුතුම වේ.

 Ali Khamenei

 

1939 අප්‍රේල් මස දහ නව වැනිදා ඉරානයේ Mushhad හිදී “සයියාද් අලි කොමේනි” උපත ලබන්නේ දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා වශයෙන්. ඔහුගේ කුඩාවිය සැප පහසුකම්වලින් තොර වූ එකක්. වයස අවුරුදු හතරේදී Maktub හි දී ශුද්ධ වූ කුරානය ඉගෙනීමෙන් සිය අධ්‍යාපන කටයුතු ඇරඹූ ඔහු කල්යත්ම ආගමික ඉගෙනීම්වලට වඩා දේශපාලනය හැදෑරීමට නැඹුරු වුණා. Khorasan Seminary, Najaf Seminary සහ Qom Seminary යන අධ්‍යාපනය ආයතනවල ඔහු ඉගෙනීම ලැබුවා. කලක් ආගමික ඉගැන්වීම් සිදුකෙරූ අලි කොමේනි එවකට ඉරානයේ රජු වූ Mohammed Reza Pahlavi ගේ පාලනයට එරෙහිව කටයුතු කළා. ඒ හේතුවෙන් ඔහු සය වතාවක් අත්අඩංගුවට පත් වූ අතර වසර තුනක් රටින් පිටුවහල් කරනු ලැබ සිටියා. Mohammed Reza Pahlavi ගේ පාලනය ඔවුනට එරෙහි වූ දේශපාලන ව්‍යාපාරය දැඩි ලෙස මර්ධනය කරමින් සිටියා. 1978 – 1979 ඉරාන විප්ලවයේ ප්‍රධානම චරිතයක් ලෙස අලි කොමේනි සැළකෙන අතර, ඉරාන ඉස්ලාම් විප්ලවීය ව්‍යාපාරයේ ජයග්‍රහණය ලැබීමත් සමග ඉස්ලාම් විප්වීය කවුන්සිලයේ ප්‍රමුඛ සාමාජිකයෙක් විදිහට අලි කොමේනි පත්වෙනවා. ඔහු එහි ප්‍රධාන තනතුරු ගණනාවක්ම දැරුවා. නියෝජ්‍ය ආරක්ෂක ඇමති ධුරයද දැරූ අතර ඉන් පසු 1981දි ඉරාකය සමග යුද්ධය ආරම්භ වීමත් සමග ඉරාන ආරක්ෂක ප්‍රධානියා බවට පත්වුණා. ඝාතන උත්සාහ කිහිපයකින්ම දිවි ගලවා ගැනීමට සමත් වූ අලි කොමේනි ඉරාන ජනාධිපති මුහම්මද් අලී රජායීගෙ ඝාතනයෙන් පසුව ඉරානයේ ජනපති බවට පත්වෙනවා. එවකට ඉරානයේ උත්තරීතර නායක ඉමාම් කොමේනි විසින් අලි කොමේනිව 1986 දී නැවත වතාවක් වසර 4ක කාලයකට ජනාධිපතිවරයා බවට පත්කරන අතර ,1989දි ඉමාම් කොමේනිගේ අභාවය සමගින් ඉරානයේ නව උත්තරීතර නායකයා (Supreme Leader) විදිහට අලි කොමේනි පත්වෙනවා.

 Ali Khamenei

ඉරානය ආර්ථික වශයෙන් දියුණු කෙරූ ඔහු තෙල් සහ ගෑස් සංචිත සමගින් ඉරානය “බලශක්ති සුපිරි බලවතෙක්” බවට පත්කිරීමට කටයුතු කළා. න්‍යෂ්ටික වැඩසටහන් වලට අනුග්‍රහය දැක්වූවා මෙන්ම යුධ ශක්තියද දියුණු කළා. ජාත්‍යන්තර සම්බාධක තුට්ටුවකට මායිම් නොකෙරූ අලි කොමේනි තම රටේ අධ්‍යාපනය දියුණු කෙරූ අතර, ඉරානය තුළ විශාල විද්‍යාත්මක ප්‍රගතියක් ඇති කළා. පාසල්, පල්ලි බොහොමයක් ඉදිකෙරූ අතර, දුප්පතුන්ට සහන සැලසීම, රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම සිදුකලා. ඉරානය කලාපයේ බලවත් රාජ්‍යයක් බවට පත් කළේ අලි කොමේනි විසින්.

රුසියාව සහ චීනය සමගින් සහයෝගයෙන් කටයුතු කෙරූ අලි කොමේනි දශක තුනකට අධික පාලන අවධිය ඇතුළත රට පුරා ආයතන තුළ තමාට පක්ෂපාතී පුද්ගලයන් බිහි කෙරූ බවත්, ඔහුට සේවය කරන සහ ආරක්ෂා කරන පිරිසක් ගොඩනගා ගත් බවත් කමේනිගේ වැඩ පිළිවෙල නිසාවෙන් රටේ සෑම ආයතනයකම ( හමුදාව, බුද්ධි අංශ ඇතුළුව) කටයුතු අඩපණ වී ඇති බව පැවසෙනවා. රොයිටර් පුවත් සේවයට අනුව ඉරාන පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් නොවෙන අමෙරිකානු ඩොලර් බිලියන 95 කට අධික මූල්‍ය අධිරාජ්‍යයක් අයතුල්ලා අලි කමේනි විසින් පාලනය කරනවා. ඊශ්‍රායලය, ඇමරිකාව සමග විරසක වීම සහ හමාස්, හුතී වැනි ත්‍රස්ත සංවිධානවලට සහය දැක්වීම, හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානය ඇතිකිරීම මතභේදයට තුඩු දුන් කරුණු ලෙසින් සැළකෙනවා. තමාට පක්ෂපාතී කුඩාම රටවල් සමග වුව පවා හොඳින් ගණුදෙනු කරන, නොමසුරුව ආධාර අනුග්‍රහය ලබාදෙන නායකයෙකු ලෙසින් කොමේනි ප්‍රකටයි.

Ali Khamenei

ඉරානයේ ප්‍රබල දේශපාලඥයෙක් සහ කමේනි ගේ සමකාලිනයකු වන Al – Haeri වරෙක පවසා සිටියේ ඉරාන ජනතාවගේ නායකත්වය සහ ආක්‍රමණිකයන් ඉවත් කිරීම සඳහා සුදුසුම පුද්ගලයා අලි කොමේනි බවයි. තිස් හය වසරක් පුරා වූ සිය පාලන කාලය තුළ දියුණු මෙන්ම බලවත් රාජ්‍යයක් ලෙසින් ඉරානය නගා සිටුවීම සහ සෙසු රටවල් මෙන් නොවී බටහිර අධිරාජ්‍යය ඉදිරියේ හිස නොනමන දේශයක් බවට පත් කිරීමටත් කටයුතු කළේ අයතුල්ලා අලි කොමේනි විසින් බැව් පැවසීම හේතු සහගත වේ.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you