NewsAn intelligence report අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

An intelligence report අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

-

spot_img

An intelligence report – ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොකර ඇතැයි බුද්ධි වාර්තාවක් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් සිදුව ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මාස ගණනකින් පසුබෑමට ලක් කිරීම පමණක් බවයි එහි දැක්වෙන්නේ.අදාළ බුද්ධි වාර්තාව සකස් කර තිබුණේ අමෙරිකාවේ පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියයි.

ප්‍රහාරයේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම වාර්තාව විදෙස් මාධ්‍ය විසින් මේ වන විට අනාවරණ කර තිබෙනවා.කෙසේවෙතත් ධවල මන්දිරය පවසන්නේ මෙම තක්සේරුව ”සම්පූර්ණයෙන්ම වැරදි” බවයි.

එය ජනාධිපති ට්‍රම්ප් පහත් කිරීමට ”පැහැදිලි උත්සාහයක්” බවත් ඔවුන් පවසා තිබෙනවා.අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ඨික බලාගාර ඉලක්ක කර එල්ල කළ මෙම ප්‍රහාරය ඉතිහාසගත ප්‍රහාරයක් ලෙස හඳුන්වමින් අමෙරිකාවේ ආරක්‍ෂක ප්‍රධානීන් ලෝකය හමුවේ උදම් ඇනුවා.

පෙන්ටගන් හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් පැවසුවේ පැය 18ක් පුරා සිදුකළ මෙම ප්‍රහාරය “ඔපරේෂන් මිඩ්නයිට් හැමර්” ලෙස නම් කල බවයි.

ප්‍රහාරය සඳහා එය බන්කර් බස්ටර් මිසයිල රැගෙන යන ඊ 2 යානා යොදාගත් බවත් එවැනි යානා යොදා ගත් විශාලතම මෙහෙයුම මෙය බවත් ඔහු එහිදී පැවසුවා.සමස්ත යානා 125 ක් එක් වී, කිලෝ 16,000කට ආසන්න පුපුරන ද්‍රව්‍ය රැගෙන ගිය බන්කර් බස්ටර් මිසයිල 14ක් ප්‍රහාරයට යොදා ගෙන ඇත්තේ ද ඉතිහාසයේ පළමු වරට බවටයි ප්‍රකාශ වුණේ.

එසේ සිදු වූවා නම් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ නොවුණේ මන්දැයි දැන් බොහෝ දෙනා නඟන ප්‍රශ්නයක්.මේ අතර, ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළා.එය ක්‍රියාත්මක වන බව දෙරට පිළිගෙන තිබීම විශේෂත්වයක්.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතිය අමතමින් පවසා ඇත්තේ තම රටට “ඓතිහාසික ජයග්‍රහණයක්” හිමි වූ බවයි.තම ජනතාව “දින 12 යුද්ධයේ” අවසානය තීරණය කර ඇති බව ඉරාන ජනාධිපතිවරයා ද පවසා තිබෙනවා.

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you