NewsGHF ඊශ්‍රායල හමුදාවෙන් කුසගින්නේ පෙලෙන ජනතාවට වෙඩි

GHF ඊශ්‍රායල හමුදාවෙන් කුසගින්නේ පෙලෙන ජනතාවට වෙඩි

-

spot_img

GHF නොහොත් ගාසා මානුෂීය පදනම පසුගිය මැයි මස අගදී ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීම ඇරඹීමත් සමගින් ඊශ්‍රායල හමුදාව කුසගින්නේ පෙලෙන ජනතාව වෙඩි තබා මරාදැමීමට පටන් ගත් අතර ඒ හේතුවෙන් මේ වන විට 400 කට අධික පිරිසක් ඝාතනයට ලක් වී තිබේ. එමෙන්ම 1000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට තුවාලකරුවන් නිතර රැගෙන එන අතර රෝහලේ හදිසි වාට්ටුව ලේ විලක් බවට පත් ව ඇති බවත් ප්‍රතිකාර නොලැබ මිය යන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් වාර්තා වෙනවා.

ආධාර ට්‍රක් රථ සමීපයට මිනිසුන් ළඟා වෙද්දී පූර්ව දැනුම්දීමකින් තොරවම ඊශ්‍රායල හමුදා ඔවුන්ට වෙඩි තබන බව සාක්ෂිකරුවන් පවසනවා. පලස්තීන සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNWRA) ප්‍රධානියා මෙය “මරණයේ උගුලක්” බව ප්‍රකාශ කර සිටියා. UNWRA ප්‍රධානියා වන Phillippe Lazzarini අඟහරුවාදා ( ජුනි 24) ප්‍රකාශ කර සිටියේ ගාසා තීරයේ ආහාර බෙදා දීමේ ක්‍රියාවලිය මානුෂීයත්වයට අවමන් කරන පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය GHF හා වැඩ කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එය හමුදා අරමුණුවලට ඉඩ සලසන බව පවසමින්. මේ අතර ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම තවත් කණ්ඩායම් 14 ක් හා එක්ව ගාසා තීරයේ හමුදාකරණය වූ මානුෂීය ආධාර මෙහෙයුම් වහාම නතර කරන ලෙස ඉල්ලා සිටියා.

– Al Jazeera ඇසුරිනි –

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you