ArtLipstick Under My Burkha නිදහස සොයා යන ගැහැණුන් කරදරේ...

Lipstick Under My Burkha නිදහස සොයා යන ගැහැණුන් කරදරේ වැටීම කාගේ වරදක්ද?

-

spot_img

Lipstick Under My Burkha – ගැහැණු ජීවත්වන්නේම සිහින ලෝකවල. ඒ සිහින වර්ණවත්. ප්‍රේමණීයයි. මිල අධිකයි. බොහෝවිට සැබෑ නොවන සුළුයි. ගැහැණුන් සතු ඒ සිහිනවලට වයස් සීමාවන් නැහැ. මියෙනතුරාම ඔවුන් සතුව අපූරු ආශාවන් තියෙනවා.

ගැහැණියකගේ සුන්දරත්වය, සරාගීබව සඟවන්නට බුර්කාවට හැකි නමුත් ඒ ඇඳුම තුළ සැඟවුන ඇයගේ සිතිවිලි, හැඟීම් යටපත් කරන්නට බුර්කාව ප්‍රමාණවත් නැහැ. බුර්කා අඳින ගැහැණු අනන්තවත් තම ආශාවන්, සිහින සිතේ සිරකරගෙනම ඉන්නවා ඇති. කිසිවෙකුට නොපවසාම. නමුත්, සංස්කෘතිය, පුරුෂාධිපත්‍ය වගේ සිරබැමි සහිත එවන් සමාජයන් තුළත් තමා වෙනුවෙන්, තමා වැනිම ගැහැණුන් වෙනුවෙන් නැගී සිටින ගැහැණුත් ඉන්නවා. බොරු වීරත්වයක් අරමුණු කරගෙන නොව සැබෑම නිදහස උදෙසා පමණක්ම ඔවුන් සටන් වදිනවා. අමුතුවෙන් සටන් වැදීමක් අනවශ්‍යයි. ඔවුන්ගේ ජීවිතයම සටනක් නිසාවෙන්.

lipstick-under-my-burkha

මේ කතාව ගැහැණුන් සිව්දෙනෙක් ගැන. ඔවුන්ගේ ජීවිත ගැන.

රෙහානා යොවුන් වයසේ පසුවන සිසුවියක්. ඇය කැම්පස් ගියේ තම ලස්සන සිරුර බුර්කාවෙන් වසාගෙන. රෙහානා ආසයි Music වලට. ආදරේට. Miley Cyrus වගේ වෙන්න. ඉතින් ඇය හැමදාම කැම්පස් එක කිට්ටුවට ඇවිත් බුර්කාව ගලවා දැමුවා. එයට යටින් ඇය ඇඳගෙන ඉන්නවා ජීන්ස් එකක් සහ ටී ෂර්ට් එකක්. මොන තරම් නිදහස්ද….? නිදහස මොනතරම් සුන්දර වචනයක්ද…? නමුත් රෙහානාලා ජීවත්වූ සමාජයේ එය තිබුණේ අඩුවෙන්. නොතිබුණු තරම්.

lipstick-under-my-burkha

ලීලා රූපලාවණ්‍ය ශිල්පිණියක්. හැම ගැහැණු ළමයෙකුට පොදු සිහින තිබුන දුප්පත් කෙල්ලක්. ආදරේ කරන්න, පෙම්වතා එක්ක ලෝකෙ වටේ යන්න. ශ්‍රීන් අස්ලම් තිදරු මවක්. ඇය තම පවුල වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණා. උදේ සිට රෑ වනතුරු නිවසේ වැඩකටයුතු, දරුවන්ගේ වැඩකටයුතු ඇයව හෙම්බත් කර තිබුණා. පවුල වෙනුවෙන් ඇය වෙන මහන්සිය කවුරුත් දැක්කේ නැහැ. කවුරුවත් ඇයව අගය කළේ නැහැ. ඇය හරියට රොබෝ කෙනෙක් වගේ. ඇගේ දුෂ්ට සැමියාගේ සෙල්ලම් බඩුවක් වගේ..! ඇයට ඕන වුණා ආදරේ ලබන්න. ඒ නැතත් ටිකක් නිදහසේ හුස්මක්වත් ගන්න. ඌෂා. ඇය මැදිවියේ ස්ත්‍රියක්. වැන්දඹුවක්. ඇය පොත් කියෙව්වා. ඒ පොත් මොනවගේ ඒවද..? ඇගේ ජීවිතය ගැන ඇය තෘප්තිමත්ද…? ඇයටත් හීන තිබුණා.

lipstick-under-my-burkha

ලිප්ස්ටික් ඩ්‍රීම්ස්..! ගැහැණුන් සතු සිහින. බුර්කාව අඳින ගැහැණුන් බොහොමයක් ආසියානු ගැහැණුන්. ගැහැණියක වශයෙන් තම ජීවිතය ගැන තෘප්තිමත්ද…? තමාට රුචි අයුරෙන් ජීවත්වීම, ආදරය කිරීම, sex වගේ දේවල් ඔවුන්ට තහනම්ද…? ඇය තමාට උරුම වූ දේ කුමක් වුවත් සංස්කෘතියේ, පවුලේ ගෞරවයේ, විවාහයේ නාමයෙන් ඒ සියළු දුක් පීඩා හිරිහැර සිනහවකින් බාරගෙන ඉවසා දරාගත යුතුද…? නිදහස සොයා යන ගැහැණුන් ඇතැම්විට තව, තවත් කරදරවල පැටලීම, ගොදුරක් බවට පත්වීම එම ගැහැණියගේම වරදක්ද…? නොඑසේ නම් ඇය “හුස්ම ගන්නා” සමාජයේ වරදක්ද…?

Lipstick Under My Burkha (2016) දුක්බර කතාවක්. නමුත් Black Comedy/Drama ඝනයට අයිති මෙම කතාව හාස්‍යජනක අයුරින් ඉදිරිපත් කරන අන්දම අපූරුයි.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you