More
    spot_img
    NewsHigh Temperature දකුණු ආසියාවේ දරුවන් අධික උෂ්ණත්වයෙන් පීඩා විඳිති

    High Temperature දකුණු ආසියාවේ දරුවන් අධික උෂ්ණත්වයෙන් පීඩා විඳිති

    -

    spot_img

    High Temperature – එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියට අනුව දේශගුණික අර්බුදය හේතුවෙන් ජීවිතයට තර්ජනයක් වන තාප තරංග වඩාත් ශක්තිමත් හා නිතර නිතර වැඩි වන බැවින් දකුණු ආසියාවේ ළමුන් බිලියන භාගයකට ආසන්න සංඛ්‍යාවක් අධික උෂ්ණත්වයට නිරාවරණය වීම සිදුවන බව හෙළිවී තිබෙයි. ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් යුනිසෙෆ් ආයතනය පවසා තිබුණේ 2020 දත්ත විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු රටවල ළමුන් මිලියන 460 ක් වසරකට දින 83 ක් හෝ ඊට වැඩිකාලයක් සෙල්සියස් අංශක 35 (ෆැරන්හයිට් 95) ඉක්මවන උෂ්ණත්වයට නිරාවරණය වී ඇති බවයි. වයස අවුරුදු 18 ට අඩු අය සඳහා වඩාත්ම පීඩාවට පත් කලාපය ආසියා බවයි විශ්ලේෂණයෙන් පෙන්නුම් කර තිබිණි. දකුණු ආසියාවේ ළමුන්ගෙන් 76% ක් අධික උෂ්ණත්වයට නිරාවරණය වී ඇති අතර ගෝලීය වශයෙන් එය 32% ක් බව යුනිසෙෆ් පවසයි.

    High Temperature

    “දකුණු ආසියානු කලාපයේ රටවල් මේ වන විට ලෝකයේ උණුසුම්ම රටවල් නොවේ, නමුත් මෙහි තාපය මිලියන ගණනක දරුවන්ගේ ජීවිත අවධානම පිළිබඳව තර්ජනාත්මකයි. විශේෂයෙන් ළදරුවන්, කුඩා දරුවන්, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ ගර්භනී කාන්තාවන් ගැන සැලකිලිමත් විය යුතු වන්නේ ඔවුන් අධික තාපයට නිරාවරණය වීමෙන් බරපතල තත්වයන්ට ගොදුරු විය හැකි බැවිනි ” යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ සංජය විජේසේකර මහතා එසේ පැවසීය. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය ජුනි මාසයේදී සෙල්සියස් අංශක 47 (ෆැරන්හයිට් 116) දක්වා ඉහළ ගොස් ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකුවත් මිය ගොස් ඇති අතර තාපය ආශ්‍රිත රෝගවලින් සිය ගණනක් පිඩා විඳිමින් සිටින බව වාර්තා වෙයි.

    -CNN ඇසුරෙනි-

    Latest news

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...

    Dense fog in නුවරඑළියේ ඝණ මීදුම් තත්ත්වයක්

    Dense fog in  - නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල...

    Taken to court කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

    Taken to court - අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගෙන...

    Warnings සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

    Warnings - ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග...
    - Advertisement -spot_img

    Taken to court කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

    Taken to court - අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගෙන...

    Warnings සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

    Warnings - ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page