අකුරු විසිඅටේ අරුමය – 28 Letters
“ඝර්ෂණයක් නොමැතිව මැණිකක් ඔප දැමිය නොහැකි සේම අත්දැකීම් නොමැතිව මිනිසෙකු පරිපූර්ණ නොවේ.”
සේජොං රජු ඔහුගේ පොත් රාක්කය අසලට ගියේය. පිටත වැසි ඇද හැලෙමින් පවතියි. ඔහු තම කෘතීන් එකින් එක විවෘත කිරීමට පටන් ගත්තේය.නොන්ග්සා ජික්සෝල්, වගා ක්‍රම, කොරියාවේ ගොවිතැන සඳහා වු මාර්ගෝපදේශ පොතක්. ඔහුගේ ජනතාව සාගතයෙන් වළක්වා ගත හැකි ක්‍රම. රජු ඒ පොත වැස්සට විසි කර දැමුවේය. එය මඩ සහිත කුඹුරට වැටී, තින්ත බොඳ වී නොපෙනී ගියේය. දෙවන පොතත්, තෙවන පොතත් යනාදී වශයෙන් ඒ පොත් කුඹුරේ මඩ සිප ගත්තේය. ඒවා ඔහු විසින් කොරියාවේ ජන ජීවිතය යහපත් කිරීම උදෙසා නිර්දේශ කෙරූ පොත් විය. නමුත් අකුරු කියවිය නොහැකි නූගත් ජනතාවට පොත්වලින් පළක් තිබේද?
මාලිගාව තුළින් අපූරු සංගීතයක් ඇසේ. සෙලවෙන උණ බට නළාවේ හඬ, බෙරයක වේගවත් තාලය වැස්සත් සමග අපූරු මිහිරක් දනවයි. කුටියට යන අතරමගදී රජුට කාන්තාවක් මුණගැසුණි. ලී ගෙබිම මත වාඩි වී කවි ලියමින් සිටි ඇය ඔහුට හිස නමා ආචාර කළාය. චීන අක්ෂරවලින් ලියා ඇති මේ කාන්තාවගේ කවි ඔවුන්ගේ සංස්කෘතියට කිසිවක් නොකරනු ඇත. මෙය කඩදාසි නාස්ති කිරීමකි. වරප්‍රසාද ලත් අයට හැර වෙන කිසිවෙකුට මේවා කියවිය නොහැක. ඉතින් තේරුමක් තියේද? රජු තම කුටියට ඇතුළු විය. කුටිය පන්දම්වලින් ආලෝකමත්ව තිබුණි. වහලට වැසි වතුර වැටෙන හඬ ඇසේ. බිසව රජු සමීපයට පැමිණියාය. ඔහු සිටින්නේ බෙහෙවින් වෙහෙසට පත්ව බව ඇයට වැටහුණි. බිසවගේ රතු සහ රන්වන් පැහැති ඇඳුම ඇය පිටුපසින් විහිදී ගොස් තිබේ.

“රජතුමනි, කුමක් පිළිබඳවද ඔබ සිත් තැවුලෙන් පසුවෙන්නෙ?”
සේජොං රජු සුසුමක් හෙළුවේය. ඔහු තමා පණ්ඩිතයෙකු ලෙස සැලකූ නමුදු ඔහුගේ රාජධානියේ වැසියන්ට කියවීමට හෝ ලිවීමට නොහැක.
“මගේ ජනතාව ලියන්න කියවන්න බැරි උදවිය. ඔවුන්ගෙ දරුවන්ගෙ වුණත් අනාගතය ඒකයි. මගේ ජනතාවට අධ්‍යාපනය ලබන්න පින නැහැ වගේම ඔවුන්ට එය ලබා දෙන්න තරම් හැකියාවකුත් මට නැහැ.”
ඇය ඔහුගේ අත අල්ලා ගත්තාය. එය කාරුණික, මෘදු ස්පර්ශයකි.
“ඔබ මොකක්ද කරන්න හිතන්නෙ රජතුමනි”
ඇය ඇසුවාය.
රජු තම ඇඟිලි රැවුල හරහා යවමින් කල්පනා කළේය. අනතුරුව බිසව දෙස බැලුවේය.
“මගේ ජනතාවට නව ලිවීමේ ක්‍රමයක් අවශ්‍යයි, මම ඔවුන් වෙනුවෙන් එකක් තනිවම සකස් කරනවා. ප්‍රඥාවන්තයෙකු නම් එය උදෑසන අවසන් වීමට පෙරම තේරුම් ගනීවි. මෝඩයෙක්ට පුළුවන් දවස් දහයක් ඇතුලත තේරුම් ගන්න.”
පසුදා අලුයම පිබිදුණු සේජොං රජු පොදු කාමරයක තනිවම වාඩි විය. විවෘත කවුළු හරහා හිරු එළිය එතුලට ගලා ආවේය. උදෑසන කියවීම රජුගේ දින චරියාවේ වැදගත් අංගයකි. මධ්‍යම රාත්‍රිය වන විට, ඔහු සංකේත සිය ගණනක් පින්තාරු කළේය. ㄱ, ㄴ,ㅣ බුරුසුවේ එක් පහරකින් ආරම්භ කළේය. ㄷ, ㅋ, ㅅ සඳහා පහර දෙකක්. ㅎ,ㄹ,ㅈ සඳහා තුනක්. හතරකින් නවතින්න. රජු වැඩ කරන අතරතුර සේවකයින් දොරෙන් පිටත ඔහු වෙනුවෙන් ආහාර තබා ගියේය. සේජොං රජු තමා ලියූ වචන හඬ නගා කියැවූයේය. දින ගෙවී ගිය අතර රජු උපදේශකයෙක් සොයා ගියේය.

“රාජවංශය ඔබේ තේරීමට එකඟ නොවනු ඇත.”
උපදේශකයා පැවසීය.
“චීන භාෂාව දැන ගැනීම ඔවුන්ව සාමාන්‍ය මිනිසුන්ව සිටිය යුතු තැනට වඩා ඉහළින් තබයි. මෙම අක්ෂර මාලාව නිර්මාණය කිරීමට ඔබ ගත් තේරීම නිසා අපගේ රාජධානිය දෙකඩ කළ හැකිය.”
“එසේම සිදු වේවා”
සේජොං රජු පැවසීය.
“මෙතැන් සිට මගේ ජනතාවගෙන් මා තවදුරටත් වෙන් නොවනු ඇත. ලෝකය විනාශ කරන්නේ දැනුම නොවන බව තේරුම් ගන්න. ලෝකය විනාශ කරන්නේ ආත්මාර්ථකාමි බව විසින්”
බිත්ති දුසිම් ගණනක අකුරු ලිවීමට තහඩු පෙළගස්වා තිබුණි. තීන්ත රජුගේ දෑත් පුරා පැල්ලම් ඇති කළේය. කඩදාසි කාමරය පුරාම විසිරී තිබුණි, රජු අසනීප වී ඇති බව බිසව අන් අයට පැවසුවාය. ඔහුට වසර දහස් ගණනක් පවතින ලිපි ලිවීමට සිදු විය. භාෂාමය, දන්ත, මවුලික සහ ග්ලෝටල් ශබ්ද වලින් ඔහුගේ අක්ෂර විසි අට සෑදී ඇත. ඔහු ඉහළ සිට පහළට කෙටි වාක්‍ය ලිවීය. රජු අසල ඉටිපන්දම් දිය විය. සුවඳ දුම් දැල්වී, කුටිය පුරා සඳුන් සුවඳ විහිදුණු අතර, සේජොං රජු බිම ඉඳගෙන සති ගණනක් වැඩ කළේය. භාෂාව ඔහුගේ දිවෙන් ජලය මෙන් ගලා ගියේය. අවසානයේ රජු තම පිටපත කවුන්සිලයට ඉදිරිපත් කළේය. ව්‍යාංජනාක්ෂර සඳහා එකක් සහ ස්වර සඳහා එකක්, සෑම අකුරක්ම ඒ අසලම එහි ශබ්ද සමග ලියා ඇත. ඔහු තම සිංහාසනය මත හිඳගත්තේ රාජකීයයන් දෙස බලමිනි.
“අපගේ පොදු ජනයාගෙන් බොහෝ දෙනෙකුට තමන්ගෙ සිතුවිලි සහ හැඟීම් ප්‍රකාශ කිරීමට ක්‍රමයක් නැත. ඔවුන්ගේ දුෂ්කරතා කෙරෙහි මගේ අනුකම්පාව හේතුවෙන්, මම අකුරු විසිඅටක හෝඩියක් නිර්මාණය කෙරුවෙමි. ඒවා ඉගෙන ගැනීම ඉතා පහසු වන අතර, ඒ අකුරු සියලු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”




