NovelsRath Dothaluරත් දෝතළු - 83

රත් දෝතළු – 83

-

spot_img

රත් දෝතළු – 83

අහස් කතාකරන තුරු මා බලාසිටියේ නොඉවසිල්ලෙනි. සිදුව ඇත්තේ කුමක් වුවද ඒ විනීෆ්‍රීඩා මහත්මිය සම්බන්ධ කාරණාවක් නොවේවා කියා මම සිතින් පැතුවෙමි.

“අපිට යන්න වෙනවා අරවින්දි…”

අහස් මා අතින් අල්ලාගනිමින් කීවේය. ඔහුගේ මුහුණෙන් පළවූයේ සංවේගයක සලකුණකි.

“මොකක්ද වෙලා තියෙන්නේ…?”

පහත් හඬින් මම ඇසීමි.

“අම්මව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා…”

“දෙවියනේ…! ඒ මොකද හදිසියේ…?”

“අපි යමුකෝ… මං යන ගමන් කියන්නම්…”

බංගලාවට පැමිණ අපි වහා සූදානම්ව පිටව ආවෙමු. අහස් මා හා කීවේ විශාකා මහත්මිය නිදි බෙහෙත් බී රෝහල්ගත කර ඇති බවය. බියක් මා සිතේ ඇති වුවද අහස් රිය ධාවනය කරමින් සිටි නිසා මම සන්සුන් වීමට තැත් දැරීමි.

“කරදරයක් නැතිව ඇති නේද…?”

ඔහු අස්වසන අදහසින් මම ඇසීමි. ඔහු හූමිටි තැබුවා මිස කිසිත් නොකීය. කෙසේ වුවත් ඔහු සිතේ බියක් ඇතිව ඇතැයි කියා මට සිතිණි. ඒ ඔහුගේ අම්මාය.
ඒ අතරේ විනීෆ්‍රීඩා මහත්මිය ඇමතුමක් ගෙන කීවේ කලබළ නොවී පරිස්සමට එන ලෙසය. මම ඇයගෙන් තොරතුරු අසන්නට නොගියේ අහස් අසල සිටි නිසාය. අපි නිවසට පැමිණෙන විට සවස් වී තිබිණි. විශාකා මහත්මිය දැඩි සත්කාරයේ බව අපි දැනගත්තේ එවිටය. ආ සැණින් අපි රෝහලට ගියෙමු. වික්‍රමසූරිය මහතාත්, රාඝවත් එහි විය.

“මොකද වුණේ තාත්තේ…?”

අහස් විමසන විට මම පසෙකට වී සවන් දුනිමි.

“ඊයේ රෑ මට කතාකරලා අඬ අඬා සමාව ඉල්ලුවා… එයාට දැන් තමා හැමදේම තේරෙන්නේ කිව්වා… රොසෑන්ගේ ණය ගෙවන්න එයාගේ නමට තියන ඉඩම විකුණන්නද ඇහුවා… මං කිව්වා කැමති දෙයක් කරන්න… මෙච්චරකල් හැමදේම කළේ මගෙන් අහල නෙවේනේ කියලා… උදේ ප්‍රේමා තේ අරන් යනකොට ඇදෙන් බිමට වැටිලලු… බෙහෙත් කුප්පියකුත් බිම තිබුණාලු… මට කතාකරල කියන්කොටත් මං ඔෆිස් යන්න පාරට ඇවිත්… ඒ ගමන්ම ආවා…”

“ඒ වෙලේම වගේ තමා ටැබ්ලට් අරන් තියෙන්නේ…”

රාඝවද කීය.

“මෙයා කරගන්න ඒවා… අනේ මන්දා…”

අහස් කීවේ නොසතුටෙනි. වික්‍රමසූරිය මහතා සුසුමක් හෙළීය.

“අංකල් යන්න ගෙදර… අරවින්දිත් අංකල් එක්ක යන්න… මෙතන හිටියට වැඩක් නැහැනේ… අපි ටිකක් ඉඳලා එන්නම්…”

රාඝව පැවසුවෙන් අහස් කුලී රියක් කැඳවූයෙන් අපි එහි නැඟී නිවසට ආවෙමු. ඒ එන අතරේ වික්‍රමසූරිය මහතා කෙටි නින්දකට වැටිණි.

“තාත්තා ගැන බලන්න අරවින්දි…”

අහස් ඇමතුමක් ගෙන කීවේය. නිවසට පැමිණි සැනින් මම ඔහුට කාමරය සූදානම් කර දුනිමි. ඔහුට හැඳගැනීමට සරමකුත් තුවායකුත් ගත්තේ අහස්ගේ කාමරයෙනි. මා එහි පැමිණි පළමු වතාවය. එය ඉතා විශාල සුව පහසු කාමරයකි. මා එවැන්නක් මීට පෙර දැක නැත. පමා නොවී මම පහළට එනවිට විනීෆ්‍රීඩා මහත්මිය සමඟ වික්‍රමසූරිය මහතා කතාබස් කරමින් සිටියේය.

“අරවින්දි… ඔයා ටිකක් රෙස්ට් කරන්න ළමයෝ…”

ඈ කීවාය.

“හරි මැඩම්… මං සර්ට කාමරේ අස්කළා… තුවායකුයි සරමකුයි ඇඳ උඩ ඇති… සර්ට තේකක් හදන්නද…?”

“ස්තූතියි දරුවෝ… අක්කේ මං වොෂ් එකක් දාන් එන්නම්… ඇවිත් බොමු… උදේ ඇඳගත්තු ඇඳුම පිටින් ඉන්නේ තාම…”

ඔහු නැඟිට ඉවතට ගියේය.

“අරවින්දි… ඔයා ඉන්න… නයනී තේ හදයි… මං කියන්නම්…. ඔයත් වොෂ් එකක් දාගන්නකෝ…”

ඈ යළිත් කියනවිට මම එයට එකඟව කාමරයට ආවෙමි.
————————————————————————————————————————————————————-
රාත්‍රී ආහාර සූදානම්කර තිබුණේ නයනී සමඟ ශීලාම්මාය. අහස් සහ රාඝව පැමිණියේ අටත් පසුවීය. ඒ මොහොතේ අපි සිටියේ කතාබහකය.

“මේ රොසෑන් නිසා තමා මේ සේරම ප්‍රශ්න…”

විනිෆ්‍රීඩා මහත්මිය කීවේ කෝපයෙනි.

“ඒ ප්‍රශ්නේ මං ක්ලියර් කළා කියලා මෙයා දන්නේ නැහැනේ… මං කියන්න ගියෙත් නැහැ… මෙහෙම මෝඩ වැඩක් කරගනියි කියලා කවුද දන්නේ…”

“මෙයා ටෙන්ෂන් එකේ ඉන්න ඇත්තේ… ඔයාත් ගෙදර නොහිටිය නිසා තවත් අවුල් ඇති…”

“හ්ම්ම්…”

වික්‍රමසූරිය මහතා ආහාරගෙන නින්දට ගියේය විඩාබර නිසාවෙනි.

“විශාකා මැඩම් දුකෙන් ඉන්න ඇත්තේ මැඩම්…”

මම කීවෙමි.

“මේ හැමදේම එයා විහින් කරගත්තු එව්වා… තමන් වපුරන තරමටලුනේ නෙළා ගන්නේ…”

ඈ කීවේ ශෝකයත් කළකිරීමත් මුසු වූ හඬකිනි.

“ඒක නෙවේ… කොහොමද ඔය දෙන්නාගේ වැකේෂන් එක…?”

ඈ හදිසියේ එසේ අසනු ඇතැයි නොසිතූ මා සිත අලුත් වූ ලැජ්ජාවකින් පිරී ගියේය.

“අප්පා… මෙන්න මූණත් රතුවුණා… හරි… හරි මං නිකමට ඇහුවේ…”

ඈ උස්ඬින් සිනහාසෙමින් කීවාය.
————————————————————————————————————————————————————-
පසුදින විශාකා මහත්මියව වාට්ටුවට මාරුකරන ලද බව කීවෙන් අප සිත් තුළ ඇතිවූයේ සහනයකි.

“ඇති යාන්තම්… දෙවියන්ට ස්තූතිවේවා…!”

විනිෆ්‍රීඩා මහත්මිය සැනසුම් සුසුමක් හෙළමින් කීවාය.

“මෝඩ වැඩක් කරගත්තේ කියලා තේරුණා නම් ඇති සුදු මම්මා…”

අහස් රෝහලට යාමට සූදානමින් කීවාය.

“එයාව ටික දවසකට මෙහේ එක්ක ආවොත් මොකද පුතේ…?”

විනිෆ්‍රීඩා මහත්මිය යෝජනා කළද අහස් කීවේ එවන් දෙයක් වුවමනා නැති බවය.

“දැන් ඉතින් තාත්තාත් ගෙදර ඉන්නවානේ සුදු මම්මා… ප්‍රේමාත් ළඟ ඉන්න නිසා ඕන නැහැ…”

අහස් කියනවිට විනීෆ්‍රිඩා මහත්මිය ඊට කිසිත් නොකීවාය. සති කීපයක් ඉක්මගියේ නොදැනුවත්වමය.මේ කාලයේ මාත් අහසුත් සිටියේ ඔහුගේ කාමරයේමය. එය හරියට අලුත විවාහ වූ යුවළක් මෙනි. මා මවක වීමට යන ලකුණු පහලවූයේ මේ අතරය. අහස් වඩාත් සතුටට පත්විය. මේ ඔහු බලාපොරොත්තු වූ දෙයයි.
මුල් සති කීපය මා ගෙවා දැමුවේ අසීරුවෙනි. කෑමට බීමට පිරියක් නොවූ අතර නිතර ඇතිවන වමනය නිසා මා සිටියේ දුර්වලවය. අහස් බියෙන් සිටියේය.

“ඕක හරියනවා පුතේ… බය වෙන්න එපා… මුල් කාලේ ඔහොම තමා…”

විනිෆ්‍රීඩා මහත්මිය කීවේ අහස් අස්වසන්නටය. කෙසේ නමුත් ඔහු මා වෛද්‍යවරෙකු වෙත කැඳවාගෙන ආවේ බිය නිසාය. ඔහුද පැවසුවේ විනීෆ්‍රීඩා මහත්මිය කී දෙයමය. පසුව කෙමෙන් කෙමෙන් සියල්ල යථා තත්වයට පත් වූ අතර ආහාර රුචිය වැඩි විය. ශීලා පිසින ආහාර කෑ නොහැකි බව දැන විනීෆ්‍රීඩා මහත්මිය ඈ විසින්ම සෑදූ ආහාර වේල් නිසා මම එය රස වින්දෙමි. මට අම්මා සිහිවිය. ඈ දැන් ළඟ සිටියා නම් කියා මට සිතුණු වාර බොහෝය. නමුත් ඈ කැඳවන්නට හෝ හැකියාවක් නැත. අහස් හැකි සෑම වෙලේම මා අසලින් සිටියේය. ඔහු ඉතා සැළකිල්ලෙන් මා පිළිබඳව සොයා බැලීය. එය මා කෙරෙහි කෙසේවෙතත් සිය දරුවා කෙරෙහි වූ සැළකිල්ලක් බව මට වැටහුණ මුත් මම ඒ පිළිබඳව සිතන්නට නොගියෙමි. මේ සියල්ල තාවකාලික බව දැන දැනත් මම ඒ පිළිබඳව සිතා සිත කනස්සල්ලට පත්කරගන්නේ මන්ද.?

නැවත ටික කාලයකට බණ්ඩාරවෙල යමු යැයි අහස් කළ යෝජනාවට මම කැමැත්තෙන්ම එකඟ වූයෙමි. එම නිදහස් පරිසරයට මම ආස කළෙමි. කොළඹ සිටීම වඩා පහසු යැයි කීවේ විනීෆ්‍රීඩා මහත්මියයි.

“එහෙ මෙහේ යන එක හොඳ නැහැනේ… ටික කාලයක් පරිස්සම් වෙන්න ඕන…”

ඈ කී නිසා එම අදහස ටික කලකට පසුවට දැමීමට අපි සිතුවෙමු. මාස පහක් ඉක්මව ගියේ විදුලි වේගයෙන් මෙනි. මේ කාලයේ වෛද්‍යවරයා හමුවට යෑමට අහස් මා සමඟ පැමිණියේය. ඉපදෙන්නට සිටින්නේ පිරිමි දරුවෙකු බව දැන ඔහු සිටියේ සතුටිනි.

“තෑන්ක්ස් අරවින්දි…”

ස්කෑන් පරීකෂණය සිදුකළදා ඔහු කීවේ මා නළලත සිපගනිමිනි. ඔහු මට ආදරය කරනවා යැයි කියා සිතන්නට මම ආශා කළෙමි. මෙය සිහිනයක් මෙන් වුවද එයින් මිදෙන්නට මට වුවමනා නොවීය. එහි පියඹායන්නට මට වුවමනාය.

-හෙටත් හමුවෙමු-

Latest news

සුරේෂ් සලේට හෘදයාබාධයක්

සුරේෂ් සලේට හෘදයාබාධයක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේජ් සලේ හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ...

ඔන්න අපි රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නයි හදන්නේ

රාජ්‍ය සේවකයින් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ,...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...
- Advertisement -spot_img

ජනප්‍රිය වුණාම අතරමං වෙනව

ජනප්‍රිය වුණාම අතරමං වෙනව - Mrunal Thakur මෘනාල් තාකූර් යනු සමකාලීන ඉන්දියානු සිනමාවේ වඩාත් බලාපොරොත්තු සහගත ලෙස සැළකෙන තරුවක්. රූපවාහිනී...

පිරිමියෙක් නැති තනි ගැහැණියක්

පිරිමියෙක් නැති තනි ගැහැණියක් - Maa Behen තමන් ගැන හොයනවට වඩා අනිත් අය ගැන හොයන්න අපි අතරෙ ගොඩක් අය කැමතියි....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you