NovelsRath Dothaluරත් දෝතළු - 47

රත් දෝතළු – 47

-

spot_img

රත් දෝතළු – 47

ඔහු සිනහසෙමින් මා දෙස බලා සිටියේය. එම සිනහව තුළ වූයේ උපහාසය මුසු බවක් නොව දඟකාර බවකි.

“මාත් වැස්ස දිහා බලන් හිටියා…”

මට එය අදහාගන්නට නොහැකිව මෙන් මම මුව හයා ඔහු දෙස බලා සිටින්නට ඇත.

“මොකද කට ඇරන් බලන් ඉන්නේ…?”

එවර සියුම් ලැජ්ජාමුසු හැඟීමක් මා සිතේ ඉහිර ගියේය.

“සර් වැස්සට ආසද…?”

පහත් හඬින් මම ඇසීමි.

“ඔව්… හැබැයි වෙලාවකට… ගෙදර ඉන්න වෙලාවකට වහිනවා නම් ආසයි… ඒ වෙලාවට මාත් කරන්නේ මෙහෙම වැස්ස දිහා බලන් ඉන්න එක…”

ඔහු යළිත් ජනේලයෙන් පිටතට දෑස් යොමමින් කීය.

“ඒකත් හරියට භාවනාවක් වගේ…”

මමද හැරී අහසට නෙත් යොමමින් කීවෙමි. පෙරට වඩා දැන් අහස අඳුරුය.

“හැමකෙනාටම වැස්ස සොඳුරු නැහැ…”

සුසුමක් මුදාහරිමින් ඔහු කීය. ඒ සුසුම් වැල් වැදුණේ මගේ ගෙළ පාමුලට බැවින් සිහින් හිරිවැටීමක් මා ගත පුරා දිව ගියේය.

“ඒක ඇත්ත සර්… ඒක බලපාන්නේ දවසේ කුලියක් හම්බකරගෙන කන දුප්පත් මනුස්සයාටයි…”

මා සිහියට නැඟුණේ අම්මාවය.

“හ්ම්ම්…”

ඔහුගේ සුසුම පෙරට වඩා දිගු විය.

“සර් කෑම කාලද… මං මොනවා හරි හදන්නද…?”

හදිසියේ සිහි වූ නිසා මම ඇසුවෙමි.

“නැහැ… මං එන ගමන් ලන්ච් ගත්තා…”

“ආහ්… මැඩම් නිදි… සර් එනවා කියලා දන්නේ නැහැනේ…”

“කියලා ආවම අගයක් නැහැනේ… මං සුදු මම්මාගේ කාමරේට ගිහින් ආවේ…”

“සර් කාමරේටත් ගියාද…?”

“ඔව්… ඔයා මෙතන හොඳ භාවනාවකනේ හිටියේ…”

මසිත යළිත් සියුම් ලැජ්ජාවකින් පිරීගියේය.

“පොතක් කියවන්න ගත්තා… නිදි මතයි… ඒ නිසා ජනේලේ ළඟට ආවේ… ඔන්න එකපාරම වහින්න ගත්තා…”

මම නිදහසට කරුණු කීවෙමි.

“මම සර්ට කිරි කෝපී එකක් හදන්නම්… සර් ඇඳුම් මාරු කරන් එන්න…”

එහි පැවති මඳ අඳුරේ වුවද ඔහුගේ දෑස් දැල්වුණ සැටි මම දුටිමි.

“ඇයි මට විතරක්…! අපි දෙන්නටම හදන්න… මං වොෂ් එකක් දාන් එන්නම්… මට පුදුම මට හිතුණු දේම ඔයාටත් හිතුණු එකයි…”

“ගෙදර ඉන්න දවස් වලට මෙහෙම වැස්සක් වැස්සොත් අපි එකතු වෙලා කෝපි බොනවා… සර් කිරි කෝපි වලට ආසයි කියලා මැඩම් කිව්වා…”

“හ්ම්ම්…”

ඔහු මඳහසක් පාමින් හූ මිටි තැබුවේය. මම ඔහු අසලින් මෑත්ව පිටුපසට යෑමට සැරසෙන මොහොතේ ඔහුද හුන් තැනින් මෑත්ව මැද දොරින් අනෙක් පසට යන විට මමද මුළුතැන්ගෙයට ආවෙමි. වැස්ස නම් තුරල් වන පාටක් පෙනෙන්නට නැත. නිවසේ පහන් දල්වා මම මුළුතැන්ගෙයට පැමිණියේ විනීෆ්‍රීඩා මහත්මියගේ කාමරයටත් එබී බලාය. ඈ සිටියේ සුව නින්දකය. කෝපි සාදා අවසන් වන මොහොතේම වාගේ අහස්ද මුළුතැන්ගෙයට පැමිණි බව මට දැනුණේ ඔහු ගැල් වූ සුවඳ විළවුන් වල සුවඳිනි. මම වහා ආපසු හැරී බැලුවෙමි. සුදු අත් දිග ටී ෂර්ටයකට ඔහු හැඳ සිටියේ කළු පැහැති සරමකි. ඔහු මෙවන් ඇඳුමකින් සැරසී සිටිනු මා දුටුවේ පළමු වතාවටය. එම ඇඳුමටත් ඔහු කඩවසම්ව පෙනිණි. ඔහු දකින හැම වරම මා හද තුළ ඇතිවන මේ අමුතු හැඟීමට මම බිය වූයෙමි.

“කෝපි සුවඳ එහෙට එනවා…”

අසුනක් ඇද හිඳගනිමින් ඔහු කීවේ මඳහසක් පාමිනි.

“දැන් නම් කෝපි සුවඳ නෙවේ දැනෙන්නේ.. සර්හේ පර්ෆියුම් සුවඳ…”

ඔහුගේ කෝප්පය ඔහුට පිළිගන්වමින් මම කීවෙමි. අහස් තරමක් හඬින් සිනහසුණේය.

“ඔයාත් ඔහොම වාඩිවෙන්නකෝ…”

ඔහු පසෙක වූ අසුනක් පෙන්වමින් කියන විට මමද විත් ඔහු පසෙක හිඳ ගතිමි.

“රසයි…”

ඔහු කිරි කෝපි උගුරක් රස බලමින් කීවේය.

“මං හිතුවා නිවිලා බොයි කියලා…”

මම සියුම්ඇ නුම්පදයක් එල්ල කළෙමි.

“තාම ඒක මතක තියන් ඉන්නවද…?”

“ඔව්… මතකයි නම් තමා…”

“ඉතින් අරවින්දි… මොකද මේ ටිකේ කළේ…?”

ඔහු යළිත් විමසීය.

“විශේෂ දෙයක් නැහැ සර්… අපි බීච් ගියා…”

“ඔයායි සුදු මම්මායි…?”

“ඔව්… විහඟ සර්ත් ආව නිසා දවසක් දෙකක් එයාත් ආවා…”

“එයා ගෙදර ආවද…?”

“ඔව්… මේ ටිකේ ආයිම ට්‍රිප් එකක් ගියා…”

“එයා අරවින්දි එක්ක කතා කළාද…?”

ඔහු එය අසන්නට ඇත්තේ නිකමට මෙන් වුවද මා සිතේ ඇති වූයේ සියුම් තිගැස්මකි.

“ඔව්… කතා නම් කළා… ඒත්…”

මා මුවින් පිටවන්නට ගිය දේ මම මුව තුළම සිරකළෙමි.

“ඇයි ඒත් කියලා නැවැත්තුවේ…?”

“න්… නැහැ සර්… ඒත් මං ආස නැහැ විහඟ සර් එක්ක කතාකරන්න…”

“ඒ ඇයි කියලා මං ඇහුවොත්…?”

“අනේ මන්දා සර්… විහඟ සර් අමුතුයි… මැඩම් වුණත් කැමති නැහැ… මං විහඟ සර් එක්ක කතා කරනවට…”

“එතකොට මා එක්ක කතාකරන්නෙත් අකමැත්තෙන්ද…?”

තිගැස්සී ගිය බැල්මකින් මම ඔහු දෙස බැලීමි.

“අනේ සර්… එහෙම දෙයක් නැහැ…”

මම වහා කීවෙමි.

“එහෙනම් කමක් නැහැ… නැත්නම් ඉතින් මං කරන්නේත් වැරැද්දක්නේ…”

“වැරැද්දක්…! ඒ මොකක්ද…?”

“ඔව්… ඔයා ළඟ ඉඳන් මෙහෙම කතා කරන එක…”

“එහෙම දෙයක් නෙවේ… සර්… සර් වෙනස්… විහඟ සර් වෙනස්…”

“ඉතින් මං කොහොමද විහඟ කොහොමද…?”

ඔහු ඇසුවේ අසීරු පැනයකි. මම නොමනාපය මුසු බැල්මක් ඔහු වෙත හෙළීමි.

“ඔන්න ඉතින් රවනවා… මං ප්‍රශ්නයක් ඇහුවේ…”

“සර්ට තිබුණේ ලෝයර් කෙනෙක් වෙන්න…”

“ඔව්… මං ලෝත් කළා… හරි.. හරි… ඒකෙන් කමක් නැහැ… මගේ ප්‍රශ්නෙන් පැනලා යන්න හදන්නැතුව ඒකට උත්තර දෙන්න…”

මම අපහසුතාවයෙන් යුතුව හිස බිමට නැඹුරුකොට ගතිමි.

“ෂා… මරු කෝපි සුවඳක් එන්නේ…”

දොර අසළින් ඇසුණු එම හඬින් අපි දෙදෙනම එදෙස බැලීමු. විහඟ දොර උළුවස්සට බර දී ගෙන අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමින් මනමාල සිනහවක් පෑවේය. එය හරියටම වරදක් කරමින් සිටින විට අල්ලා ගත්තා බඳු අදහසකින් පෑ සිනහවක් බව මට මනාව වැටහිණි. ඔහු කොයි මොහොතේ පැමිණියාද කියා මම පුදුම වූයෙමි. වින්ෆ්‍රිඩා මහත්මිය කියන්නේ සැබෑය. ඔහු එනවා දන්නේත් නැත. යනවා දන්නේත් නැත.

“මං ඩිස්ටර්බ් කළාද මංදා…”

ඔහු ද විත් අසුනක් ඇද හිඳගත්තේය.

“ඒත්… කරන්න දෙයක් නැහැ… මටත් කිරි තේකක් ඕන… මොකද මං ඔය කොෆී වලට ආස නැහැ…”

ඔහුගේ කතාව මා අපහසුතාවයකට පත්කළද මම ලද අවසරයෙන් අසුනින් නැඟී සිටියෙමි.

“සෝ… බිග් බ්‍රෝ… කොහොමද ඔයාගේ ටුවර් එක…?”

“හොඳයි… හිතුව විදියට වැඩ ටික වුණා… එයාලා දිගටම අපි එක්ක වැඩ කරයි…”

“වෙරි ගුඩ්… ඔයා දක්ෂයානේ…වෙල්ඩන්…”

“ඊළඟට කොහෙද ඔයා ඉඟිළෙන්නේ…?”

අහස් පෙරළා විහඟගෙන් විමසුවේය.

“හූ නෝස් බිග් බ්‍රෝ… හිතුණ තැනක ගියා… හිතුණු දාක ආවා…. යූ නෝ… මං කුරුල්ලා වගේ නිදහස් කියලා… කැමති තැනක නිදහසේ ඉඟිළුණා…”

විහඟ කීවේ සැහැල්ලු හඬකිනි.

“දැන් ඉතින් හිතුණු තැනක ඉඟිළෙන්න නෙවේ… කැදැල්ලක් හදන් කූඩු වෙන්න කාලේ…”

විනීෆ්‍රීඩා මහත්මියගේ හඬ ඇසී මමද හැරී බැලීමි.

“කැදලි නොහැදුවට කිරිල්ලියෝ නම් හතර වටේ සුදු මම්මා…”

අහස් උපහාසයෙන් යුතුව පවසමින් නැඟිට ගොස් විනිෆ්‍රීඩා මහත්මියගේ කම්මුලක් සිපගත්තේය. ඔහු ඇයට දක්වන්නේ අසීමිත සෙනෙහසක් කියා ඒ මොහොතේත් මට සිතිණි.

“එහෙම තමා නිදහස් කුරුල්ලෝ…”

විහඟ දෙවුර සළමින් කීය.

“අනේ මන්දා… මට බය ඕවා කොහෙන් ගිහින් කොහෙන් ඉවරවෙයිද කියලායි… කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ගිහින්… අන්තිමේදි කෙහෙල් ගහකට කොටපු දාකට තමා හොට පටළගන්නේ…”

විනීෆ්‍රීඩා මහත්මිය කීවේ නොසතුටට පත් හඬකිනි.

“මේ කුරුල්ලා කෙහෙල් ගස්වලට කොටන්නේ නැහැ සුදු මම්මා… ඒ නිසා බයවෙන්න එපා…”

එවිට ඈ ඔහු දෙස බැලුවේ නොමනාපය මුසු බැල්මකිනි. මුවින් නොකී දහසකුත් දෑ එහි විනැයි කියා මට සිතිණි.

-හෙටත් හමුවෙමු-

Latest news

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක...
- Advertisement -spot_img

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

රත් දෝතළු – 78

රත් දෝතළු - 78 මා සිතේ වූ කුතුහළය ඔඩු දුවන්නට වූයේ අම්මා කිසිත් නොකියා නිහඬව සුසුම් හෙළන්නට වූ බැවිනි. "මොකක්ද අම්මේ...?" "තාත්තා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you