NovelsRath Dothaluරත් දෝතළු - 27

රත් දෝතළු – 27

-

spot_img

රත් දෝතළු – 27

විනීෆ්‍රීඩා මහත්මිය මට කැමති බවක් ඔහු කීවේ මන්ද කියා මම සිතුවෙමි.

“ඔළුවේ තිබුණු බරක් නිදහස් වුණා වගේ දැනෙන්නෙ…”

මෙවර නම් ඔහු කීවේ තරමක් උස් හඬකිනි.

“ඇයි…?”

පහත් හඬකින් මම විමසුවේ ආඩම්බරකාරයා මෙසේ මා සමඟ කතා බහකිරීම ගැන උපන් පුදුමයෙනි.

“සුදු මම්මාට දැන් ඉතින් තනියක් නැහැනේ… ඔයා එයාව බලාගනියි කියලා මට හිතෙනවා… මෙච්චර කාලෙකට හිටපු අනෙක් අයට වඩා එයා ඔයාට කැමතියි කියලා මට හිතෙන්නේ…”

මම පිළිතුරක් නොදී නිහඬව සිටියෙමි. ඔහු මගෙන් පාර විමසන විට මම නිර්මාණි මට ලියා දී තිබූ ලිපිනය ඔහුට කීවෙමි. ඊටත් සුළු මොහොතකට පසුව අපි සිටියේ මහල් නිවාසය ඉදිරිපිටය.

“ඔයාගේ යාළුවා ලොකු සල්ලිකාරයෙක් වගේ… එයා ගොඩක් කල්ද මෙතන රෙන්ට් එකට අරන්…?”

ඒ හඬේ වූයේ මවිතයක්ද සැකමුසු බවක්ද කියා මට සිතාගත නොහැකි විය. ඔහු සිතා සිටින්නේ මා පිරිමි අයෙක් සමඟ මෙහි සිටිනවා කියා විය යුතුය.

“එයා ගෑණු ළමයෙක්… අනික එයා සල්ලිකාරියක් නම් නෙවේ… ඇනෙක්ස් එක වෙන කෙනෙක්ගෙ… එයා මෙතන ඉන්නවා විතරයි… යාළුවා ගන්න පඩියෙන් මේකේ රෙන්ට් එක ගෙවන්න තියා…”

මම ඉතිරිය නොකියා නිහඬ වූයෙමි.

“යාළුවා වැඩකරන්නේ ලොකු කම්පැණි එකක වෙන්නැති…”

ඔහු එසේ අසන විට මා මුවට සිනහා නැඟිණි. එවර ඔහු මදෙස බැලුවේ නොමනාපය මුසු බැල්මකිනි.

“මොකද හිනාවෙන්නේ… මම හිනාවෙන්න දෙයක් කිව්වද…?”

ඔහුගේ නපුරුකම යළි ඉස්මතු වී ඇති සෙයකි.

“නැහැ… නැහැ… එහෙම නැහැ…”

“එහෙනම්….?”

“ඔයා ඉන්න තිබුණේ සී. අයි. ඩී එකේ…”

මම කීවේ සිනහව සඟවාගනිමිනි.

“මම පාර්ට් ටයිම් සී. අයි. ඩී ජොබ් එකකුත් කරනවා…”

මම විසල් වූ දෑසින් ඔහු දෙස බැලීමි.

“ඇත්තටම…?”

මවිතයෙන් මම අසනවිට ඔහු මවෙත හෙළුවේ ශීතල බැල්මකි.

“මම ඇහුවේ යාළුවා වැඩ කරන තැන…”

යළිත් වූ ඒ හඬේ රළු බවට මම බිය වූයෙමි.

“ඔයා සී. අයි. ඩී නම්… ඔයාටම බැරියැ හොයාගන්න…”

මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

“ඔව්… වෙන වැඩ නැතුවට… හරි… ඒකෙන් කමක් නැහැ… දැන් කවද්ද වැඩට එන්නේ…?”

“අනිද්දා වගේ…”

“හරි… මම කීයටද එන්න ඕන කුමාරිහාමිව වඩම්මවන් යන්න…?”

මා සිතේ අලුත් නොරිස්සුමක් ඇතිකරමින් ඔහු ඇසුවේය.

“වඩම්මවන්න වුවමනා නැහැ… මං ත්‍රී වීල් එකක එන්නම්… අනික අපි කුමාරිහාමිලා නෙවේ…”

නොමනාපයෙන් මම කීවෙමි.

“කට නම් තියනවා… සුදු මම්මා කිව්වේ මාව එවන්නම් කියලා… කීයටද එන්න ඕන…?”

ඔහු විමසන්නේ සැබෑවටම මා කැඳවාගෙන යෑමට ඒමේ අදහසින් බව මේ මොහොතේ නම් මට පසක් විය. පිළිතුරක් දීමට පෙර මම මඳක් සිතුවෙමි.

“වෙලාවක් කියන්න අමාරුද…?”

ඔහු යළිත් ඇසුවේ මා එක්වරම පිළිතුරක් නොදුන් නිසා විය හැක.

“හතරට පහට වගේ…”

“එකක් කියනවද… හතරටද පහටද…?”

යළිත් වරක් ඒ සැර පරුෂ බව ඉස්මතුවිය.

“මන්දා…”

මා මුවින් පිට විය.

“නම්බර් එක දෙන්න මං කෝල් එකක් දෙන්නම්… රෙඩි වෙලා ඉන්න වෙයි… මට කාලේ නාස්තිකර කර ඉන්න බැහැ ඇවිත්…”

“මං ළඟ ෆෝන් එකක් නැහැ… මං ත්‍රී වීල් එකක එන්නම් කිව්වේ ඒකයි… කාලේ නාස්ති වෙනවා නම් එක්ක යන්න එන එකත් අපරාදෙනේ…”

මම යළිත් ඇනුම්පදයක් එල්ල කළෙමි.

“හැමදේටම දෙන්න උත්තර නම් තියනවා… අනිද්දා පහ වෙනකොට මං මෙතන්ට එනවා… හරියටම ඒ ටයිම් එකේ රෙඩි වෙලා පහළට ඇවිත් ඉන්න ඕන…”

එය විධානයකි. මාද නොසිතාම එයට අවනතව මෙන් හිස සෙළවුණේ යාන්ත්‍රිකව මෙනි. ඔහුගේ විධාන වලට මා යටත් විය යුතුද කියා මට සිතුණේ පසුවය.

“හරිද…?”

මා මුවින් පිළිතුරක් නොදුන් නිසාදෝ ඔහු යළි ඇසීය

“හරි…”

“අන්න එහෙම කට ඇරලා උත්තර දෙන්න… කටුස්සී වගේ ඔළුව වනන්නේ නැතුව…”

මම නොමනාපයෙන් ඔහු දෙස බැලීමි.

“මේ මගේ කාර්ඩ් එක… මොනවා හරි වෙනසක් තියනවා නම් මට කෝල් කරලා ඉන්ෆෝම් කරන්න… හරිනේ…?”

මම සිතා මතාම හිස සළා ඔහු දිගු කළ කාර්ඩ්ඩඩ් පත උදුරාගෙන මෙන් රථයෙන් බැස ගතිමි.

“තැන්ක් යූ… ඩ්‍රොප් කළාට…”

එසේ පැවසූ මා වහා දොර වසා දැමුවේ ඔහු කුමක් හෝ පවසන්නට පෙරය.

නිර්මාණි එනතුරු මා සිටියේ අළස හැඟීමෙනි. සිදු වූ සියල්ල මම යළිත් මෙනෙහි කළේ ඒ සියල්ල සැබෑවටම සිදු වූවාද කියා අදහාගනු නොහැකිවය. සියල්ල අමුතුය. මුදල් පසුම්බිය හමු වූ තැන් පටන් සිදු වූයේ පුදුමාකාර දේවල්ය. අහස්, ඔහුද මහා අමුතු ආකාරයේ මිනිසෙකි. අහංකාර උඩඟු කම ඉහටත් උඩින්ය. මා උදෑසන ඔහුට එසේ කතා කිරීම සුදුසු නොවේ කියා මට මේ මොහොතේ සිතුණ මුත් එහි වරදත් ඔහුගේමය. දැන් ඒ ගැන සිතා පළක් නැත. විනිෆ්‍රීඩා මහත්මිය කෙරෙහි නම් මා සිතේ ඉපිද තිබුණේ සැබෑම අනුකම්පා මුසු හැඟීමකි. ඈ සමඟ ගතකළ එම කෙටි කාලය තුළ ඈ මා හා බොහෝ ලෙංගතු වූවා කියා මට සිතිණි. මා එහි රැකියාවක් සොයා ගැනීමට ඉක්මන් වූවා වැඩිද කියාත් සැකයක් මා සිතේ හදිසියේ ඉපදිණි. නිර්මාණිගෙන්ද විමසා මා එය තීරණය කළයුතුව තිබුණා යැයි කියා මට සිතුණේ මේ මොහොතේදීය. වරදකාරී හැඟීමක් මා සිතේ ඉපදිණි. ඈ මා එහි යනවාට විරුද්ධ වුණහොත් කියා සිතන විට තැති ගැන්මක් මා සිතේ ඇති විය. මා නිකරුණේ ඔවුනටද බලාපොරොත්තු ඇතිකළාක් මෙනි. ඔවුන් මා බොරුකාරියක ලෙස සිතනු ඇතිද.? දැන් කුමක් කළ යුතුද කියා සිතමින් මම යහනේ වැතිර සිටියෙමි. නින්ද ගියේ කොයි මොහොතේද කියා මට මතක නැත. කළවයට වැදුණු වේගවත් පහරක් නිසා මම තිගැස්මටත් බියටත් පත්ව යහනින් නැඟිටුණේ උඩ විසිවෙමිනි. නිර්මාණි උස් හඬින් සිනහසෙමින් යහන අසල සිටිනු දැක මා සිතේ ඇති වූයේ කෝපයකි.

“මෝඩයා… මම හොඳටම බය වුණා…”

මම කෑ ගැසුවේ ඉසිර විසිර ගිය ගවුමද කළබලයෙන් සකසමිනි.

“හරි ෂෝක්… කෙල්ලෙක් නිදන් ඉන්න ලස්සන… මොනවා වුණත් සේරම වාත්තු කලා වගේ ලස්සනට තියනවා…”

ඈ යහන මත අඩමානයට මෙන් හිඳගනිමින් කීවාය.

“යනවා යන්න කැත කතා නොකියා… මේකි නම් දැන් හොඳටම නරක් වෙලා…”

මම ඇයට රවමින් කියන විට ඈ යළිත් උස් හඬින් සිනහාසුණාය.

“ඔක්කොම එළියේ දාගෙන නිදාගන්න හොඳයි… අපි අගේ කළාම නරකයි…”

ලැජ්ජාව නිසා මා මුහුණ රතු වන්නට ඇත.

“යනවා යන්න බොරු නොකියා… එහෙම හිටියේ නැහැ…”

නොමනාපයෙන් කී මම කොට්ටයෙන් ඇයට දමා ගැසීමි.

“තනියම දාලා යන්නත් බයයි දැන් නම්…”

“විකාර නැතුව ඉන්නවද… පිස්සු කියවනවා… තේ බොනවද… රෑට මොකුත් හැදුවෙ නැහැ…”

“හ්ම්ම්… තේකක් නම් බොමු… රෑට හැදුවේ නැති එක නම් කමක් නැහැ… අපි අද රෑට ඩිනර් එක එළියෙන්…”

“එළියෙන්… අපි කිව්වේ…?”

පුදුමයෙන් මම ඇසීමි.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you