More
    NovelsRath Dothaluරත් දෝතළු - 03

    රත් දෝතළු – 03

    -

    spot_img

    රත් දෝතළු – 03

    ජිනපාල මුදල්ලිගේ රබර් වතු යාය මැදින් මාත් මල්ලීත් සංදීපාගේ නිවස දෙසට පා තැබුවෙමු. ඉඳහිට ඇසෙන රැහැයි නාදය හැරුණාම එහි රජකළේ දිගු නිහැඬියාවකි. මහා දවාලට මෙහි ඇත්තේ පාළු මූසළ බවකි. එය බියකරුය. මම මල්ලී අතින් ඇදන් ඇවිද ආවා නොව දිව ආවා කීවොත් එය නිවැරදිය. ඒ තරමට රබර් වතු යාය මැදින් යාම බියජනක හැඟීමකි. සංදීපාගේ නිවසට එන විට එහි සිටියේ නැන්දාත් දියණියත් පමණි.

    “අරවින්දි දුව… ගොඩ කාලෙකින්නේ…”

    නැන්දා මා පිළිගත්තේ සුපුරුදු සෙනෙහසිනි. බොහෝ කලකින් මට මෙහි පැමිණීමට නොහැකි වූයේ ඇඟලුම් කම්හලේ සේවයට ගිය නිසාවෙනි. ඔවුන්ගේ නිවසද දැන් අලුත් වැඩියා කොට තිබිණි. මා මල්ලී කැඳවාගෙන පැමිණීම ගැන පසුතැවීමක් මා සිතේ ඇති වුණේ නිවසට ගොඩවූ මොහොතේමය. එහි අස්සක් මුල්ලක් නෑර වූයේ සංදීපා දියණියට එවා තිබු සෙල්ලම් බඩු වලිනි. බෝනික්කන්, කාර්, වාහන, කුඩා බයිසිකලයක්, සහ නොයෙකුත් සෙල්ලම් බඩු වලින් ආලින්දයම පිරී තිබිණි. මට බැලුණේ මල්ලී දෙසය. ඔහුද හයා ගත් මුවින් ආලින්දය සිසාරා දෙනෙත් දුවන හැටි මා දෑසට හසු විය. ඔහු තවම සෙල්ලම් කරන්නේ පැරණි බයිසිකල් රෝදයක් සමඟය. නැන්දා සැටිය පුරා වූ පුළුන් පුරෝන ලද සුරතල් සතුන් එහෙ මෙහෙ කරමින් අපට හිඳ ගැනීමට ඉඩ සකසා දුන්නාය. එහි පසෙක වූ පුළුන් පුරෝන ලද වළස් සුරතලකු මම උකුළට ගතිමි.

    “කෙල්ල දැන් ලොකු වෙලා නේ නැන්දේ…?”

    සුරතල් සතා පසෙක තබමින් මම ඇසුවේ අපි දුටු මොහොතේ පටන්ම නැන්දාගේ ගවුම පිටුපසට වී ලැජ්ජාවෙන් හොරෙන් එබී බලන සංදීපාගේ දියණිය දෙස බලමිනි.

    “හරිම ලැජ්ජායි… කා එක්කවත් කතා කරන්නේ නැහැ… ඔයාට මතක නැත්ද මැණික…. මේ අම්මාගේ යාළුවෙක්නේ…”

    ඈ හුරතල් ලෙස හිස සොළවයි.

    “මොන්ටිසෝරි යන්න ගත්තාම හරි යයි…”

    මම කීවේ දරුවන් කෙරෙහි අත්දැකීමක් ඇත්තාක් මෙනි. එය එසේ නැහැ කියන්නට බැරිය. අම්මා කිරිකපන්නට ගොස් එනතුරු නංගී බලාගත්තේ මාය. ඉන්පසුව මල්ලීද සැදුණේ මගේ දෑතේය. ඉතින් මට අත්දැකීම් නැතුවා නොවේ.

    “මාමා කෝ නැන්දේ…?”

    පාලිත මාමා පෙනෙන්නට නොසිටි නිසා මම ඇසීමි.

    “මේ ඉන්නවා… මේ නැහැ… ඉන්න බලන්න… කෙසෙල් කොටුවෙද දන්නැහැ…”

    ඈ එසේ කියා පිටුපසට ඇදෙන විට දියණියද ඈ පසුපස දිව ගියාය. මල්ලී ආසාවෙන් බලා සිටියේ ආලින්දයේ වූ විසිතුරු සෙල්ලම් බඩු දෙසය. එයින් එකක් හෝ ඔහුගේ කරගන්නට ආසාවක් ඔහු සිතේ ඇති නොවුණා යැයි කියා මම නොසිතමි.

    “ලස්සනයි නේ…?”

    ඔහු දෙස බලා මම අසන විට මල්ලී නිහඬව හිස සැළුවේ ලැජ්ජා මුසුවය.

    “රස්සවක් හොයාගත්ත ගමන් මං ඔයාට ඕවා අරන් දෙනවා…”

    ඒ ඇස් දිලිසෙන හැටි මා බලා සිටියේ සිතේ උපන් අනුකම්පාවෙනුත් දැවී ගිය ශෝකයනුත් යුතුවය. එය වචනයක් පමණක් නොව මා මටම දිවුරූ පොරොන්දුවකි. එය මා ඉටුකරන්නෙමි. මට නොලැබුණු දේ මම ඔවුන් දෙදෙනාට කෙසේ හෝ ලබාදෙන්නෙමි. පාලිත මාමා පෙරටු කරගෙන නැන්දාත් දියණියත් යළි එහි පැමිණියාය.

    “දුව… මං ඒ පැත්තේ යන්න කියලා හිතුවේ…”

    පාලිත මාමා මුහුණ පිස දමා තුවාය එහි වූ අසුනක දමමින් මා ඉදිරියේ හිඳගත්තේය.

    “තාත්තාට මොකද… ඊයේ හවස නම් ලොකු අමාරුවක් තිබුණේ නැහැ…”

    “හෙට ටිකට් කපයි කිව්වලු…”

    “හවස කවුද යන්නේ…?”

    “අම්මා යනවා කිව්වා මාමේ…”

    “හෙට දවල්ට මම යන්නම්… ටිකක් කැපුවොත් ත්‍රීවිල් එකේම ආවෑකි…”

    එසේ හැකිනම් ලොකු පහසුවකි.

    “අනේ ලොකු දෙයක් මාමේ…”

    “ඕක මොකක්ද ළමයෝ…”

    “සංදීපා ලියුම් එව්වේ නැත්ද මාමේ…?”

    “දැන් ඉතින් ලියුම් එවන්නේ නැහැ ළමයෝ… හැමදාම කෝල් කරනවා…”

    “ඒකනේ… දැන් ඉතින් ලියුම් ලියන්නේ මොකටද… මාත් මතක් කළා කියන්න…”

    “එයා කතා කරන හැමවෙලේම අහනවා…”

    නැන්දා කීවාය.

    “ලබන අවුරුද්දේ එනවලු…”

    පාලිත මාමා කතා කළේ එතරම් සතුටකින් නොවන බව මට වැටහිණි.

    “ඇවිත් ආයේ යනවද මාමේ…?”

    “මෙහෙ හිටියා කියලා මොනව කරන්නද…? එනවට වඩා මම නම් කැමතියි නෑවිදින්ම ඉන්නවා නම්… හිටියෙත් එකයි.. අන්තිමේදි ඒකිත් කරගත්තු දේ… ඕකව මතක් වෙනකොටත්…”

    ඔහු කෝපයෙන් දත්මිටි කෑවේය.

    “ඔයා නිකරුණේ කේන්ති අරන් ඇඟේ ලේ ටික පුච්චගන්නේ නැතුව ඉන්න… අරු…”

    නැන්දා කියන්නට ගිය දේ නොකියා නිහඬ වූයේ දියණිය සිටි නිසාය. ඇගේ මුහුණින් පළවූයේ නොපහන් බවකි.

    “මාමා කේන්ති ගන්න එපා… නැන්දා කියන්නා වගේ…”

    “කේන්ති ගන්නවා නෙවේ… කේන්ති එනවා…”

    “ඔය මිනිස්සුන්ට ලැබෙන්න ඕන දඬුවම් ස්වභාව දහමෙන් හරි ලැබෙයි මාමේ… අපි කලබල නොවී බලන් ඉමුකෝ…”

    නැන්දා ගෙතුළට ගියේ බීමට යමක් සාදාගෙන එන්නම් කියාය. ඈ විගස පැමිණියේ ශීතල බීම වීදුරු දෙකක්ද රැගෙනය.

    “ඌ ළඟදිම එනවා කියලා ආරංචියි…”

    පාලිත මාමා යළිත් කියනවිට මම ඇතුළාන්තයෙන් තිගැස්සී ගියෙමි. ඔහු එය දැනගත්තේ කෙසේද.?

    “අම්මාටත් එහෙම කතාවක් ඇහිලා තියනවා මාමේ…”

    “ආවදෙන්කෝ…. මං බලාගන්නම්…”

    කට කොණින් නැඟූ සිනහවකින් යුතුව ඔහු කීය. ඒ සිනහව නම් මා සිත් ගත්තේ නැත. බියක් මා සිතේ ඉහිර ගියේය.

    “මෙයාටත් කොහොම මේවා ආරංචි වෙනවද දන්නැහැ…”

    නැන්දා නොසතුටෙන් කීවාය.

    “මට ඒවා කියන්න මිනිස්සුද නැත්තේ…”

    “අනේ මේ පාලිත… පින් සිද්ධවෙයි… ආරවුල් නම් ඇතිකරගන්න එපා… පහුගිය කාලෙත් පොලීසි නොගිහින් බේරුණා ඇති…”

    “අනේ ඔව් මාමේ… මාත් ඔය ගැන මාමාට නොකියා හිටියේ මාමා කළබල වෙනවා කියලා දන්න නිසාමයි…”

    “මගේ කිසිම කළබලයක් නැහැ ළමයෝ… මං බොහෝම ඉවසීමෙන් බලන් ඉන්නේ… ඕකා එනවා කියලා මට පියසේන කිව්වේ…”

    පියසේන මාමා ජිනපාම මුදලාලිගේ රියදුරුය.

    “ඔයා ආයේ ඕවට පැටළිලා මොනවා හරි දෙයක් වුණොත් අපිට මොකද වෙන්නේ…? මෙච්චරකාලයක් හිතේ සැනසීමෙන් ජීවත් වුණා… දැන් ඉතින් මට බයෙන් හැකෙන් තමා ජීවත් වෙන්න වෙන්නේ…”

    “ඔන්න ඉතින් නාහෙන් අඬන්න ගත්තා… මොන එහෙකටද බයෙන් හැකෙන් ජීවත් වෙන්නේ… තමුන් වරදක් කළායැ…”

    “මට බය ඔහේ ගැන තමා…”

    “අනේ සන්ධ්‍යෝ… මම තාම මැරුණේ නැහැනේ… මෙතන අඬන්න තියාගත්තා… ඔය කඳුළු තියාගනිල්ලා… මං මැරිච්චදාට අඬන්න…”

    පාලිත මාමා එසේ කීවේ උපහාසයෙන් යුතුව වුවද නැන්දා ඉන් තවත් කෝපයට පත්වූවාය.

    “එදාට ඇඬුවා කියලා ඔහේට පේන එකක්යැ…”

    ගවුම් කරෙන් කඳුළු පිසගත් නැන්දා කියනවිට පාලිත මාමා උස් හඬින් සිනහසුණෙන් නැන්දා නොරුස්සුමෙන් හිස ගැස්සුවාය.

    “මාමට විහිළු… නැන්දා කියන්නේ ඇත්තනේ… කල්පනාවෙන් වැඩ කරන්න…”

    මා එසේ කීවද පාලිත මාමා පිළිතුරක් නොදී නිහඬව සිටියේ මා කී දේ නෑසුණාක් මෙනි. එම නිහඬබව බියකරුය කියා යළි පැමිණෙන අතරතුරේත් මට සිතිණි.
    පාලිත මාමා අප නිවසට හැරළීමට අප සමඟ පැමිණියේය. රබර් ගස් අතරින් රාස්සිගෙ අව්ව බේරි බිමට වැටුණේ අපූරු රටා මවමිනි. පාලිත මාමා අපට පෙරටුව ගමන් ගත් අතර ඔහුගේ හිණේ සඟවාගෙන සිටින කිණිසි පිහිය මා දුටුවේ අහම්බෙනි. ගමේ මිනිසුන් කියන්නේ පාලිත මාමා යකෙකුටවත් බියක් ඇති මිනිසෙකු නොවන බවය. ඔහුට සතුරෙකු කියා සිටියා නම් ඒ කේෂවය. සංදීපාට කළ අපරාධයත් සමඟ ඔහු ජිනපාල මුදලාලිගේ පවුලේ සැවොම සමඟ සිටියේ බද්ධ වෛරයකිනි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page