ArtChallengers තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

Challengers තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

-

spot_img

Challengers – ක්‍රීඩා තරඟාවලියක් අතරතුර දැනෙන උද්‍යෝගය මෙනෙහි කරන්න. නරඹන්නන් වන අපි ඒ මොහොතේ සිටින්නේ පිපිරී යන අන්දමේ හැඟීම් ගොඩකට මැදිවෙමින්. ජයග්‍රහණය පිළිබඳව අවිනිශ්චිතතාවකින්, නොඉවසිල්ලෙන්, සසලවෙමින්.

ටාෂි සිටියෙත් එවැනි පහදා දිය නොහැකි හැඟීම් ගොඩකට සිරව, නොඉවසිල්ලෙන්. ටෙනිස් තරඟයක් නරඹමින්. එක් පසෙක ඇගේ සැමියා ආර්ට් ද අනෙක් පසෙහි ඇය හා බැඳුණු පැට්‍රික් ද තරඟ වදිමින් සිටියා. ජයග්‍රහණය කාටද…?

Challengers

ටාෂි, ඇගේ සැමියා ආර්ට් සහ පැට්‍රික් වටා ගෙතුණ මේ කතාව වර්තමානය – අතීතය අතර දෝලනය වෙමින් ඉදිරියට ඇදෙනවා. වර්තමානයේදී ටාෂි සහ ටෙනිස් ක්‍රීඩක ආර්ට් දියණියකට දෙමව්පියන් වෙමින් සුවපහසු ජීවිතයක් ගත කළා. එතකොට පැට්‍රික් කවුද..? දශකයකට එහා අතීතයේ ඔවුන්ගේ නව යොවුන් අවධියේදී ආර්ට් සහ පැට්‍රික් සමීපතම මිතුරන්. ඔවුන්ගේ ජීවිතය වුනේ ටෙනිස්. බොහෝ දෙනෙක්ගෙ ක්‍රශ් එක වුණ, ආකර්ෂණීය ටාෂි මේ මිත්‍රත්වය මැදට එන්නෙ ඔය අතරෙදි. අවාසනාවට ආර්ට් සහ ප්‍රැට්‍රික් දෙදෙනාම ඇයව තමා සතු කරගැනීමට සිහින දැක්කා. මිත්‍රයන් දෙදෙනෙක් අතරට පැමිණීමට හැකි (අ)සුන්දරම අන්දමට එකවර ඔවුන් වෙත ප්‍රවේශ වූ ඇය දෙමිතුරන්ගේ සිතේ බලාපොරොත්තුව, ආශාව උපදවා දැමුවා. එකෙණෙහිම මිත්‍රත්වය ආර්ට් සහ පැට්‍රික්ව මගහැර ගොස් තිබුණා. තමා වෙත ආකර්ෂණය වූ පිරිමින් දෙදෙනාව මෙහෙයවමින් ටාෂි ඇයගේ අභිමතාර්ථ මුදුන් පමුණුවාගත් අතර මිත්‍රත්වය පළුදු වූ නමුදු මේ තුන්කොන් සටනේ නිමාවක් තිබුණේ නැහැ. ChallengersChallengers

 

නොරිස්සුම, පිළිකුළ හෝ වෛරය ආශාවේම තවත් එක් මුහුණුවරක් ම නොවේද…?

 

 

ඇය තම සිතේ ඇති ආශාවන් නොදැන සිටියා හෝ වසර ගණනාවක් තම සිතිවිලි යටපත් කරගෙන ජීවත්වූවා වෙන්න ඇති. නමුත්, ආශාවන් යනු ලේසියෙන් යටපත් කර දැමිය හැකි දෙයක් නොවන වග දිගු කාලයකට පසුව හෝ අවබෝධ වෙනව. තමාට තමාව වැටහෙන්න ගන්නව. ඒ වැටහීමත් සමග ජීවිතේ (යම් තාක් දුරට) පහසු වෙනව.

වෛර කරන්න තරම් ජීවිතේ කෙටි වැඩියි. තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

Come on!!!!

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you