NewsNorochchole විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට...

Norochchole විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට අක්‍රිය කෙරේ

-

spot_img

Norochchole – නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම නඩත්තු කටයුතු අවසන් කිරීම සඳහා දින 25ක කාලයක් ගතවන බවත්, එම ජනන යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 300 ක් වන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ.

මේ අතර නඩත්තු කටයුතු හේතුවෙන් මාස එකහමාරක පමණ කාලයක් අක්‍රිය කර තිබුණු කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සක්‍රිය කිරීමට නියමිත අතර, ඉන් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක් බව සඳහන්.

පවතින වැසි තත්ත්වයත් සමග ජල විදුලි නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් පැවතීම නිසා, මේ ආකාරයෙන් විදුලි බලාගාර නඩත්තු කටයුතු සිදුකරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you