ArtA Father's Story මිනිසුන් අඩුවෙන්ම වෛර කළ දාම ඝාතකයා

A Father’s Story මිනිසුන් අඩුවෙන්ම වෛර කළ දාම ඝාතකයා

-

spot_img

A Father’s Story – පිය සෙනෙහස ගැන කවි ගී ලියැවී ඇත්තේ අඩුවෙන් බැව් පැවසෙනවා. සැබැවින්ම පීතෘත්වය යනු කුමන අන්දමේ හැඟීමක්ද..? මොන තරම් උත්සාහ කරත් දරුවෙකු කෙරේ පියෙකුගේ ප්‍රේමය විස්තර කරන්නට, ඒ හැඟීම් අකුරු කරන්නට අපිට හැකිද..? පියෙකුගේ හැඟීම් ගැන දන්නේ පියෙකුම පමණයි.

ප්‍රමෝදි නිල්වලා හේවාවිතාරණ විසින් සිංහලට පරිවර්තනය කෙරුව මේ කතාවෙ නම “පියෙකුගේ කතාවක්.” (A Father’s Story by Lionel Dahmer) මෙය, අමරණීය වූ පිය සෙනෙහස ගැන, පියෙකුගේ වේදනාවන් ගැන කතාවක්. බිහිසුණු සත්‍ය කතාවක සැඟවුන අතිශය සංවේදී කතාවක්.

A Fathers story

මේ තාත්තගෙ නම ලයනල් ඩාමර්.(Lionel Dahmer) සමහරවිට ඔබට ඒ වාසගම පුරුදු ඇති.Dahmer නම ඇසූ සැනින් කුමක් හෝ මතක් වෙනවා ඇති. ඔව්! ලයනල් ඩාමර්ට පුතෙක් සිටියා. ලොවක් හඳුනන පුතෙක්.

A Fathers story

ඔහු ජෙෆ්‍රි. උපැස් යුවලක් පැළඳි නෙත්වලින් ලෝකය දිහා බැලුව, බොහොම සන්සුන්, නිවුන පෙනුමක් දැරුව Milwaukee Cannibal නොහොත් “මිල්වෝකිවල යක්ෂයා” ලෙසින් විරුදාවලි ලැබූ ජෙෆ්‍රි ඩාමර් (Jeffrey Dahmer) 1978 -1991 කාල වකවානුව තුළ ජීවිත දහහතක් බිලිගත් බිහිසුණු දාම ඝාතකයා. ඔහු ඇතිකල ආන්දෝලනය අදටත් මැකී ගොසින් නැහැ.

ඒ ඔහුගේ පුතා. පුවත්පත්වල ඔහුව හඳුන්වාදෙන්නේ යක්ෂයෙකු යන නමින්. ඒ පුවත්පත්වලට නෙත් යොමන ලයනල් ඩාමර්ට පෙනෙන්නේ තමාගේ තරුණ වියේම ප්‍රතිබිම්බයක් බඳු වූ දරුවා. අපරිමිත සෙනෙහසින් නැලවූ තම දරුවා. ‘මගේ දරුවා!’ කෘතිය පුරාවටම ඔහු තම පුත්‍රයා ගැන සඳහන් කරන්නේ එහෙම.

ඝාතකයෙකුගේ පියෙක් වීම මොන වගේ හැඟීමක් වෙන්නට ඇතිද..? පියවරු තම දුක් සුසුම් හදවතේ ගැඹුරුම තැනක සිරකරගන්නවා රහසේම.

මෙය, ජෙෆ්‍රි ඩාමර්ගේ ජීවිතය ගැන ඔහුගේ පියාගේ ලිවීම. බිළිඳෙකු ලෙසින් තම දෝතට පැමිණි දා ඇරඹෙන මේ කතාව තුලින් ජෙෆ්‍රි ගේ කුඩාවිය ඒ තුළ වූ හැලහැප්පීම්, පවුල තුළ වූ අනේකවිධ ගැටළු ඔහු පැහැදිලි කරන්නේ සංවේදී අයුරින්. පවුල කියන්නෙ කෙනෙකුගේ පෞරුෂත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක්. යහපත් නොවූ තමාගේ ඇතැම් සිතිවිලි උත්සාහයෙන් තමා යටපත් කරගත් බවත්, ජෙෆ්‍රි ගේ සිතිවිලි තමා ඒ සඟවාගත් ඇතැම් සිතිවිලිවලට සමාන බවත් ලයනල් ඩාමර් නොපැකිළිව පවසනවා.

ජෙෆ්‍රි ඩාමර් ගේ චරිතය ඇසුරින් බිහිවුන චිත්‍රපට, කතා මාලා ගණනාවක් තිබෙනවා. ජීවමාන අවධියේ පමණක් නොව අදටත් ඔහු කතාබහට ලක්වෙන අයෙක්. දාම ඝාතකයෙකු වශයෙන් මිනිසුන්ගේ වෛරයට අඩුවෙන්ම ලක් වූ, ජෙෆ්‍රි ඩමාර්ට ආදරය කරන්නන් නොහොත් ඔහුගේ රසිකයන් මෙලොව ඕනෑතරම් සිටිනවා.

ඇතැමුන් තම පුතු වීරයෙක් වශයෙන් සැලකීම ලයනල් ඩාමර් විසින් පිළිකුල් කළ කරුණක්.

“මිනීමරුවෙකු ලෙස ජෙෆ් ගැන කල්පනා කරන්නට මට තවමත් පුළුවන් කමක් නැත.එසේ කිරීමට මා උත්සාහයක් ගත්තේ ද නැත. අඩු ම තරමේ මා ඔහුගේ ජීවිතයේ එම කොටසට යළි මගේ මනස යොමු කළේ ම නැත. ඒ වෙනුවට මා ඔහු ගැන කල්පනා කරන්නේ දුර ඈත අතීතයේ තැනක සුරක්ෂිතව තැන්පත් කෙරුණු, සිය අවිහිංසකත්වය තුළ ම මිදුණු, දඟකාර පුංචි දරුවෙකු ලෙසය”

(126 පිටුව)

A Fathers story

පියෙකුගේ සිතිවිලි එහෙමයි. පියවරුන්ට තම දරුවන් හැමදාමත් කුඩා අවධියේයැයි සිතෙනවා ඇති.

 

ජෙෆ්‍රිට ගෙවන්නට සිදුවූ එතරම් සුවපහසු නොවූ ළමා කාලය, පියෙකු වශයෙන් තම අතපසුවීම්, පසුතැවීම්, පුතු නිසා විඳින්නට සිදුවූ අවමානයන් ලයනල් ඩාමර් මේ කෘතිය හරහා ලොවට ප්‍රකාශ කර සිටිනවා.

පියෙකු සතු වගකීම මෙතෙකැයි කියා නිම කරන්න බැහැ.අවසානයේ ලයනල් ඩාමර් ලොව සියළු පියවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

“ප්‍රවේශම් වන්න.!” ඒ ඔහුගේ ඉල්ලීමයි.

දරුවෙකු රැක බලාගෙන උස් මහත් කිරීමේදී දෙමව්පියන් මොන තරම් නම් කල්පනාකාරී විය යුතු ද යන සත්‍යය මේ පියාගේ සංවේදී කතාව ඔබට පසක් කර දෙනු ඇති.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you