NovelsRath Dothaluරත් දෝතළු - 96

රත් දෝතළු – 96

-

spot_img

රත් දෝතළු – 96

මේ මොහොතේ මාවතේ වූයේ තරමක කළබලයකි. විහඟ රිය පවදාගෙන විත් හදිසියේම අතුරු පාරකට රිය හරවා එය නවතන විට මම ඔහු දෙස බැලුවේ තරමක චකිතයකිනි. අහස් අසලදී නොදැනෙන බියක් විහඟ අසලදී දැනුණ මුත් මේ මොහොතේ මා සිතේ හටගත්තේ බියක් නොව යළිත් වරක් ඔහුගේ දොස් අසන්නට වේදැයි කියා චකිතයකි.

“මොකද තමුසේ බය වෙලා වගේ මං දිහා බලන් ඉන්නේ.? මං තමුසෙව කන්න නෙවේ වාහනේ නැවැත්තුවේ…?”

නපුරු කරගත් මුහුණින් යුතුව ඔහු කීවේ ගෙරවිළි හඬකිනි. ඔහු එක පිට එක මෙසේ කෝපය මා පිටින් පිටකර හරින්නට තරම් මා කළ වරද කුමක්ද කියා මම යළිත් සිතුවෙමි.

“ඇයි විහඟ සර් මට මෙහෙම කෑගහන්නේ…?”

“කෑ ගහන්නැතුව මං තමුසෙව නළවන්නද? මට තමුසේව මරන්න තරම් කේන්තියක් තියෙන්නේ… ඒ කරපු දේට මං තාම ඉන්නේ තරහින්…”

“සර්ගේ කේන්තිය නිවෙනවා නම් මට ඇතිතරම් බනින්න… ඒත් දෙවියනේ… මං ඉන්න ගින්දර දන්නේ මං විතරයි…”

“ගින්දර…! තමුසෙට මොන ගින්දරක්ද… තමුසේනේ අපිට ගින්දර දීලා පැනලා ගියේ…”

මට හැඬිණි. විහඟ ඉවත බලාගත්තේ කෝපයෙන් බවට සැකයක් නැත. සුළු මොහොතකට එහි පැවතියේ නිහැඬියාවකි. අහස් පිළිබඳව යමක් විමසා දැනගන්නට වුවමනා වුවද විහඟගෙන් යළි යළිත් දොස් ඇසීමට සිදුවේ යැයි බිය නිසා මම නිහඬව සිටියෙමි.

“දැන් ගෙදර ගිහින් මොනවද කරන්න හිතන් ඉන්නේ…?”

තවත් සුළු මොහොතකට පසුව ඔහු විමසුවේ පෙර තරම් රළු පරළු හඬකින් නොවේ. කඳුළු පිසගෙන මම ඔහු දෙස බැලුවේ දිගු හුස්මක් ඇද ළය පුරවා ගනිමිනි.

“අම්ම යන ගාර්මන්ට් එකේම වැඩට යන්න කියලා හිතුවේ…”

එවර ඔහුගේ මුහුණට නැඟුණේ සුපුරුදු උපහාසයමය.

“තමුසේ ගාර්මන්ට් යන්න ඕන කෙල්ලෙක්ද ඕයි… සුදු මම්මා ළඟට වෙලා හිටියා නම් එයා තමුසෙව බලාගන්නවානේ… තමුන්ගේම කෙනෙකුට වගේ නේද එයා තමුන්ට සැළකුවේ… එයා අපිටවත් එච්චර ආදරේ කළාද කියලා මට හිතෙනවා… කොහේද… පවට පින් දෙන්න බැහැ කියනවානේ…”

“ඔය කියන සේරම හරි… ඇත්ත… මං කොහොමද සර් ඒ ගෙදර ඉන්නේ… මට දොස් කියන්න එපා…”

යළිත් මා දෑසින් කඳුළු ගලා යන්නට විය.

“මම ඉන්න තැන විහඟ සර් හිටියානම් සර් මොකද කරන්නේ…? මං ගන්න තීරණේ නෙවේද සර් ගන්නේ…? මං එහෙම ආවේ අහස් සර්ට ආදරේ නිසා… ඒ ආදරේ පපුව ඇතුළේ තියාගෙන මං කොහොමද සර් අහස් සර් පෙනී පෙනීම එයා ඉන්න තැනක ඉන්නේ… මගේ කුසින් ඉපදුණු දරුවා දැක දැක… ඒ දරුවට අයිතියක් නැතිව… උස් මහත් වෙන හැටි බල බලා මං කොහොමද ඒ වහලෙ යට ජීවත්වෙන්නේ…? ඒක ගිවිසුමක් බව ඇත්ත… ඒත් ඒක පපුවට මේ තරම් ගින්දරක් වෙයි කියලා මං හිතුවේ නැහැ… ඒ ගිවිසුමෙන් එහාට බැඳීමක් නැහැ කියලා හිතලා මං එන්න ආවා… මං වැරදිද…?”

මම හැඬුවෙමි. ඔහු මට හඬන්නට ඉඩ හැර නිහඬව සිටියේය.

“මං ජොබ් එකක් හදලා දෙන්නම්… ගාර්මන්ට් යන්න ඕන නැහැ… අපේ ඔෆිස් එකක වැඩකරන්න පුළුවන්… දැන් කම්පැණි එක බලන්නේ මම…”

එවර ඔහු කීවේ වෙනස්ම හඬකිනි. මා මවිත වූයේ එයට නොවේ ආයතනය දැන් ඔහු බලනවා යැයි කීම නිසාය. එසේනම් අහස් දැන් ලංකාවේ නැතිද? විහඟ එසේනම් වගකීමකින් යුතුව කටයුතු කිරීමට පටන්ගෙන ඇත්ද? විනීෆ්‍රීඩා මහත්මිය නිතර ඔහුට දොස් පැවරුවේ කිසිම වගකීමක් නොමැතිව කටයුතු කිරීම ගැනය. එසේනම් දැන් ඈ ඔවුනට කොටස් පවරා දී ඇතිවාවත්ද? අහස් දරුවා සමඟ විදෙස්ගත වූවා වන්නට ඇත. ඔහුගේ අදහස වී තිබුණේ එයයි. මහා හිස්කමක් මා සිතට දැනිණි.

“ඒ… එතකොට අහස් සර්… රට ගියාද…?”

මම වචන ගැට ගැසුවේ අපහසුවෙනි. සිත සියුම් ලෙස රිදුම්දෙන්නට වූයේ එකවරමය. විහඟ යළිත් මා දෙස බැලුවේ දවා හළුකරන බැල්මකිනි.

“රට ගියාද…!”

ඔහු එයම ප්‍රතිරාවය කළේ අලුතින් ඇතිවූ කෝපයෙනුත් උපහාසයෙනුත් යුතු වූ හඬකිනි. ඔහු සමඟ කරන මේ වචන හරඹයෙන් මම දැනටමත් හෙම්බත්ව සිටියෙමි.

“රට ගියා නම් අපි අඩුම තරමේ හිතවත් හදාගෙන ඉන්නවා ඕයි…”

ඔහු කෑ ගැසීය. එම හඬ රථය තුළ දෝංකාර නැංවූ අතර මම එම කෝපී හඬට පෙරට වඩා බියවූයෙමි. සිදුව ඇත්තේ කුමක්ද ? මා සිත බියෙන් ගැහෙන්නට විය.
ඇඟිලි තුඩින් සිය නළලත මිරිකාගනිමින් විහඟ දැඩි සංවේගයෙන් තනිවම ශෝකවන බවක් පෙනිණි. මා සිතේ ඇති වූ බිය මුසු චකිතය මා ගත වෙවුළුවා දැමීය. ඔහු කීමට ගොස් නැවතුවේ කුමක්ද? මා සිතේ අනියත බියක් හටගැනිණි.

“අනේ විහඟ සර්… මොකක්ද වුණේ… අහස් සර් රට ගියේ නැත්ද…?”

මම පිංසෙණ්ඩු වූ හඬකින් ඇසීමි. ඔහු හිස ඔසවා මදෙස බැලුවේ නෙරවාගත් බැල්මකිනි.

“මොකටද තමුසේ දැන් ඕවා අහන්නේ…? දැනගත්තා කියලා මොනවා කරන්නද… සිද්ධවුණු දේවල් වෙනස් කරන්නද? “

මා ඇසූ දෙයට පිළිතුරු නොදුන් ඔහු රිය පණගන්වා ගැනීමට සැරසෙන මොහොතේ මම අතින් අල්ලා ඔහුව වළකාලුවෙමි. ඔහු පුදුමයෙන් නැතිනම් නොරුස්සමින් යුතුව මදෙස බලනවිට මම වහා අත පසෙකට ගතිමි.

“සො…රි… විහ…ඟ ස…ර්… මම… හිතලා කළේ නැහැ…”

එවර ඔහුගේ මුවේ ඇඳීගියේ අවඥා සහගත සිනහවකි.

“හිතලා කළේ නැහැ…? තමුසේ මොනවද ඕයි හිතලා කළේ… හිතලා කළා නම් බිග් බ්‍රෝ අදටත්…”

ඔහු ඉතිරිය නොකියා නිහඬ වූ අතර මා දෙසවන් අසලම අකුණක් පුපුරා ගියාක් මෙන් කම්පනයකින් මම විසල් වූ දෑසින් විහඟ දෙස බැලුවද මට ඔහුව පෙනුණේ බොඳවය. මට අසන්නට ලැබුණේ කුමක්ද අහස්ට කුමක් සිදුවූවාද ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවූවාවත්ද ?

“දැන් කම්පැණිය බලන්නේ මම…”

“රට ගියා නම් අඩුම තරමේ හිතවත් හදාගන්නවා…”

“දැනගත්තා කියලා මොනවා කරන්නද… සිද්ධවුණු දේවල් වෙනස්කරන්නද…?”

ඔහු විමසූ හැටි මට එකිනෙක යළි යළිත් මෙනෙහි වන්නට විය.

දෙවියනේ…! එසේනම්…!

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you