Featuresතමිල්නාඩුවට තලපති ලංකාණ්ඩුවට වැළපෙති

තමිල්නාඩුවට තලපති ලංකාණ්ඩුවට වැළපෙති

-

spot_img

තමිල්නාඩුවට තලපති ලංකාණ්ඩුවට වැළපෙති

අපට නායකයකු අවැසි වන්නේ පෙරමුණ ගෙන අපව මෙහෙයවීමට ය. නායකයකුට සියල්ල කළ නොහැකි වූවද, බොහෝ දේ දැකිය හැකිය. අනෙකාට ඉහළින් යුතු දැක්මක් යනු නායකත්ව ලක්ෂණයකි. නායකයා නිතරම දිනන්නෙකු නොවන අතරම පරාජයෙන් හෙම්බත් වන්නෙකුද නොවේ. නායකයා සහ නළුවා අතර ඇත්තේ පරස්පර කියවීමකි. මෙරටෙහි මෙන්ම අන් රටවලද ඕනෑතරම් නළුවන් නායකයන් වී තිබේ. නායකයෙක් වූ පසුවද නළුවා පුරුද්දට රඟ දැක්වීම කළ හැකි මුත්, නායකයා නළුවෙකු වීම හාස්‍යජනකය. නළුවෝ සිය වෘත්තියට විවිධ චරිත රඟ දක්වති. තිරයේ වීරයෝ, ප්‍රේමවන්තයෝ, දුෂ්ඨයෝ වෙති. තිරයට සිනහසෙති. එහිම වැළපෙති. නායකයාට චරිතයක් විය හැක්කේ තිරයේ නොව මහ පොළොවේ ය. සමාජය ඉදිරියේ ඔබ නායකයෙක්ද, නළුවෙක්ද යන්න වඩාත්ම හොදින් තහවුරු වන්නේ පොළොව මත පය තැබූ මොහොතේ සිටය.

කොලිවුඩ් සිනමාවේ “ඉලෙයි තලපති” යන විරුදාවලි ලත් ජෝසප් විජේ චන්ද්‍රසේකර් තමිල්නාඩුවේ ප්‍රාන්ත මහ ඇමතිවරයා බවට පත්වූයේ මීට නොබෝ දිනකට පෙර ය. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය නමින් ප්‍රභූ පාලනය අවසන් කරන්නට පැමිණියා සේම, තලපති විජේ තමිලග වෙට්‍රි කසාගම් පක්ෂය(TVK) පිහිටුවා බලය ලබාගන්නේ එරට සාම්ප්‍රදායික දේශපාලනය අවසන් කරන්නේය යන පොරොන්දුව සමඟය. මහපොළොවේ යථාර්ථයක් කිරීමට අපහසු යැයි බැලූ බැල්මට පෙනෙන පොරොන්දු කන්දරාවක් ලබාදෙමින් මාලිමාව බලය ලබාගත්තේ යම් සේද, ජෝසප් විජේ තමිල්නාඩුවේ මහ ඇමතිවරයා වන්නේ ද පොරොන්දු කන්දක නැඟී බඩ පිනුම් ගසමිනි.

මාලිමා ආණ්ඩුවේ පළමු කථානායක අශෝක රන්වල සිහිගන්වමින්, තලපති විජේ මහා ඇමති වූ සැණෙන්, තමාගේ දේශපාලන ගමනට ආශිර්වාද කළ නක්ෂත්‍රකරුවකු ප්‍රධාන උපදේශක තනතුරට පත්කර ගත්තේය. මාලිමා ආණ්ඩුව පොලීසිය ලවා වාහනවල අමතර කෑලි ගැලෙව්වා සේ, තලපති විජේ තමිල්නාඩුවේ මත්පැන් අලෙවිහල් හත්සිය ගණනක් වසා දමන්නට නියෝග කර තිබේ. එහෙත් ලංකාණ්ඩුව මෙන් බාල ගල් අඟුරු පාඩුව විදුලි බිලට එකතුකොට ජනතාව මත පැටවීම නොකොට තමිල්නාඩුවේ තලපති කළේ, ජනතාවට මසකට නොමිලේ ලබා දුන් විදුලි ඒකක ප්‍රමාණය දෙගුණයකට වඩා වැඩි කිරීමය. ප්‍රාන්තයක්, රටක් ලෙස එහි ආර්ථිකමය අවනඩුවක් වෙතත්, අපේ වැළපෙතිලා මෙන් “විදුලිය නිකං දෙන්න මං විදුලි සමාගම් හිමිකරුවෙක් නොවේ” වැනි කතා නොකියා, ඉලෙයි තලපති නම් තිරයේ වීරයාම පොළොවේ පැල කළේය.

තලපති විජේ සිය දේශපාලන ගමන ආරම්භ කිරීමටත් පෙර සිටම ඔහු විෂයෙහි වැළපෙන්නට ලංකාණ්ඩුවට හේතූ තිබිණි. එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් පෙනී සිටීමෙන් පසු අපට “කොටියා” වූ විජේ, කච්චතිව් ගැන කතාබහත් සමඟ “නළු බට්ටා” වූයේය. කරුණානිධි පීත්ත පටිය කපද්දි සිනහමුවෙන් ඔහු පිටුපසට වී සිටි ඒ බට්ටා, කරුණානිධිගේ DMK පක්ෂයට යන එන මං අහිමිකොට අද තමිල්නාඩුවේ මහ ඇමතිවරයා ය. අකමැත්තෙන් හෝ පිළිගත යුතුව තිබෙන කාරණය නම් තමිල්නාඩුව යනු ලංකාණ්ඩුවට බලපෑම් කළ හැකි තීරණාත්මක දේශපාලන බල ව්‍යුහයක් බවයි. තලපති විෂයෙහි වැළපෙති න්‍යය අතහැර රාජතාන්ත්‍රිකව සුබ පැතීමක් හෝ ලංකාණ්ඩුව විසින් කර තිබෙනු දක්නට නොලැබිණි.

ආණ්ඩුවේ ඒ අඩුව පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් ජීවාන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා විසින් යම් තරමකට පුරවනු අසන්නට ලැබිණි. දෙරට අතර ධීවර ප්‍රජාවගේ සංවේදී ප්‍රශ්නයක් වන කව්චතිව් දූපත පිළිබඳව සංවාදයක් ගොඩ නොනඟන ලෙස අභිනව තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි ජීවාන් මන්ත්‍රීවරයා, අනන්‍යතාවය අහිමි වතුකරයේ “මලයහ” දමිළ ප්‍රජාවගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා සහාය වන්නැයි ඉල්ලා සිටියේය. ජීවාන් තොණ්ඩමාන් යනු ජාතික ජනබලවේගය අවසන් කරන්නට පැමිණි ප්‍රභූ පවුල් පාලනයේ පුරුකකි. මාලිමා ආණ්ඩුව අම්බිකා සැමුවෙල් වැනි වතුකර වනිතාවන් ජන්දයෙන් ඔසවා තබන්නේ තොණ්ඩමන්ලා ඔවුන් සූරාකන්නේය යන සටන් පාඨය උලුප්පා දක්වමිනි. ඒ නිර්ධන පංතිය වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය අම්බිකාලා අද ආගිය අතක් නැතිව යද්දී, ප්‍රභූ පන්තියේ තොණ්ඩමන්ලා පාර්ලිමේන්තුවේ තලපතිලා වෙන හැටි අරුමය, අපූරු ය.

මාලිමා ආණ්ඩුව දේශපාලන වේදිකාවේ වැඩියෙන්ම වැලපුණේ “රාජපක්ෂලා හොරු” යන සටන් පාඨය කියමිනි. මෙරට ජනයා ජාතික ජන බලවේගයට අති බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලබා දෙන්නේ එයාර්පෝර්ට් වසා ඒ “හොර නඩය” කුඩු කරන්නට ය. එහෙව් ආණ්ඩුවක් තිබියදී අල්ලස් කොමිසමට ප්‍රකාශයක් දෙන්නට බස් පිටින් සෙනඟ රැගෙන පැමිණෙන රාජපක්ෂලා ඔල්වරසන්, ජය ඝෝෂා මැද ආපහු පිටව යනු දැක අපට සිනහ නැඟුණේ පශ්චාත්භාගයෙනි. ධර්මන් වික්‍රමරත්න සිය ලියමනක සඳහන් කරනුයේ සන්නද්ධ කැරළි සමයේ සිදුවූ බැංකු, කඩ, සාප්පු සහ ධනවතුන් මංකොල්ලකෑම ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වා තිබුණේ “ආර්ථික වැඩ” යනුවෙන් බවය. ලංකාණ්ඩුවට “පොහොසත් රටක් – ලස්සන හෙටක්” දෙන්නට යන්නේ එහෙම සිතූ පිරිසක් නම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කීවා සේ කච්චතිව් පමණක් නොව ලංකාවම තලපතිට දී නොවැළපී සිටීම යහපත් ය.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you