NovelsShort Storiesකුමෝගේ පාරාදීසය

කුමෝගේ පාරාදීසය

-

spot_img

කුමෝගේ පාරාදීසය – At 8:57 I was in Heaven

කුමෝ සිටියේ සිය දෑත් අතරේ උණුසුම් කෝපි කෝප්පය තබා ගෙන, හිරු උදාව නරඹමිනි. දිගු රාත්‍රී වැඩ මුරයකට පසුව නින්දට යෑම අවැසි වුවත් ඇය මේ බලා සිටින්නේ ලියුම්කරු පැමිණෙන තෙක් ය. ලියුම්කරු ඩේවිස් ඉක්මනින්ම පැමිණෙනු ඇත. ලියුම් පිරී තිබූ ඔහුගේ බෑගය පිපිරෙන්නට ආසන්නය. කුමෝ කිහිප වතාවක්ම එය මසා දෙන්නට ඉදිරිපත් වුවත් ඔහු එයට කැමති නොවීය. ඩේවිස් ඇගෙන් පිළිගත් එකම දේ වතුර බෝතලයක් පමණි. එය බීගෙන, බීගෙන යන ඔහු අනතුරුව ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරයි. ඇයට සුබ දවසක් යනු හොඳ නින්දක් ලැබිය හැකි දවසකි.

ලියුම් එන තුරු බලා සිටීම කුමෝට සාමාන්‍ය දෙයකි. ඇගේ සහෝදරියන් ඇයට නිතර ලිව්වාය. ඔවුන්ගේ නිහඬ බව ඇය තරහ ගැන්නුවද, කුමෝ ඔවුන්ට පිළිතුරු ලිව්වේ කලාතුරකිනි. ඔවුන් එවූ සෑම ලිපියක්ම ඇය කුඩා පෙට්ටියක පිළිවෙලට අසුරා තැබුවාය. නමුත් දැන් තත්වය වෙනස්‍ වී ඇත. හය මාසයක් තිස්සේම ඔවුන්ගෙන් ලිපියක් නොවීය. මිකා සහ හොනෝකා කාර්යබහුල බව කුමෝ දැන උන්නාය. ඔවුන් දෙදෙනාම හමුදාවේ සේවය කළෝය. ජීවිත වෙනුවෙන් සටන් කරමින්, දින ගණනාවක් ඇවිදිමින්, පුහුණුවීම්වල නියැලෙමින් ජීවත් විය. හොනෝකා පැවසුවේ තමාට ලිවීමට අපහසු බවයි. පෑන අතට ගත්විට දෑස් බොඳවන බවත් දෙඅත් වෙව්ලන්නට ගන්නා බවත් ඇය සඳහන් කළාය. නමුත් මිකාට ලිවිය හැක. ඉතින් මාස හයක ප්‍රමාදයට හේතුව කුමක්ද?

At 8:57 I was in Heaven

කුමෝ දිගු වෙලාවක් මේ ගැන කල්පනා කළාය. සමහරවිට ඔවුන් පෙර නොවූ අන්දමට කාර්යබහුල වෙන්නට ඇත. සමහර විට භයානක යමක් සිද්ධ වී තිබෙන්නටත් පුළුවන. ඔවුන් ජීවතුන් අතර බව ඇය සිතුවාය. සමහර වෙලාවට ඇය පවුලේ උදවිය නොමැතිව ජීවත්වෙන අයුරු කල්පනා කළාය. එම සිතිවිල්ලෙන් පවා ඇයට දැනුනේ ක්ලාන්ත ගතියකි. තමාටත් ඔවුන් සමග එක්විය හැකිනම්? කුමෝ වෛද්‍යවරියක් ලෙස පුහුණුව ලබා ගත්තාය. ඇයට අවියක් අතට ගැනීමේ උවමනාවක් නොවිණි. හොනෝකා සහ මිකා ආයුධ යනු මෙවලමක් බව පැවසුවත් මිකාට දැනුනේ ඒවා මිනිසුන් මරා දැමීමට මිසක වෙනත් දෙයක් සිදු කල නොහැකි දේවල් පමණක්ම ලෙසයි. ඇය මිනිස්සු සුවපත් කළාය. රුධිරය දැකීම ඈව බියට පත් කළේ නැත. තුවාල සාමාන්‍ය දේවල් විය. නමුත් සමහර වෙලාවට ඇය පැකිළුණි. වෛද්‍යවරියකට සියළු රෝගීන් බේරාගත නොහැක. සමහර වෙලාවට ඇයට වරදකාරිත්වයක්, බියක් දැණුනි. සියල්ලන් බේරා ගැනීමට හැකි වූවානම්? කුමෝට යථාර්ථයට මුහුණ දීමට අවශ්‍ය ධෛර්යය නොවීය. ඇය වඩාත්ම කැමති වූයේ නිවසට වී සිටීමටයි. හැම සතියකම ඩේවිස් හමුවීමට යෑමට. සහෝදරියන් කුමක් පැවසුවත් කුමෝ ක්‍රියාශීලී ජීවිතයක් ප්‍රිය නොකළාය.

හොනොකා හමුදාවට බැඳුනේ ජීවිතයට වෙනසක් අවැසි නිසා වන අතර, මිකාද ඇයව අනුගමනය කළාය. කුමෝ හොනොකාව අගය කළාය. ඇය තමාට අවශ්‍ය දේ දැන සිටියාය. ඇය ඉගෙනීමට දක්ෂ නොවුවද තමා ගැන හොඳින් අවබෝධ කරගෙන තිබේ. මිකා නම් කියන්නේ හොනොකාට වඩා කවුරුත්ම හොනොකාව නොදන්නා බවයි. මිකා සහෝදරියන් දෙදෙනාටම ප්‍රතිවිරුද්ධ විය. ඇයට හැඟීම් ගැඹුරින් දැනුණු අතර අමුතු දේවල් ගැන ලැජ්ජා විය. ඇය හොනොකා සමඟ හමුදාවට යන බව පැවසූ විට එය සියල්ලන්ම කම්පනයට පත් කළේය. ඇය සටන්කාරියක නොවේ. යමෙකු උරහිසට තට්ටුවක් දැමුවද ඈ බියට පත් වේ. ඒත් සිය වචනය සුරකිමින් ඇයත් හොනොකා හා යන්න ගියාය.

At 8:57 I was in Heaven

කුමෝ ඇගේ පුටුවේ පිටුපසට හේත්තු වූවාය. දැන් හිරු ක්ෂිතිජයට ඉහළිනි. ඇගේ සහෝදරියන් ගැන සිතීමෙන් ඇයට යහපතක් සිදු නොවනු ඇත. ඉදිරියේදී ඇති විය හැකි දේ ගැන බිය නොවී ඇය ඉදිරියේ ඇති දේවල් අගය කිරීමට ඉගෙන ගත යුතුය. කුමෝ ඇගේ සමට වැටෙන හිරු එළියේ උණුසුම, පිජාමාවෙන් සිටින විට දැනෙන සුවපහසුව ගැන සිතුවාය. ඇස් පියාගතහොත් නින්ද යන බැවින් ඈ අවදිව සිටියාය.

“මිස් කුමෝ”

තරුණ පිරිමි කටහඬක් ඇසිණි.

“මිස් කුමෝ”

කුමෝ වහ වහා නැඟිට තේ කෝප්පය බිම තබා වතුර බෝතලය අතට ගත්තාය. ඩේවිස් ඇය ඉදිරියට දුවගෙන ආවේය. ඔහුගේ දුඹුරු පැහැති හිසකෙස් අව්වට දිලිසුණ අතර නළලට දහඩිය දමා තිබුණි. නිල් පැහැ නිල ඇඳුම ඩේවිස්ට මනාව ගැළපේ. ඇය ඔහු හා සිනාසුනාය.

“හෙලෝ, ඩේවිස්”

ඇය සෙමෙන් පැවසුවාය.

“ඔයාට කොහොමද?”

ඩේවිස් ඔහුගේ තොප්පිය නැවත සකස් කර, ඔහුගේ පපුව ආඩම්බරයෙන් පිම්බුවේය.

“හොඳයි, මැඩම්! දැන්, මම මෙතන්ට ආවේ ලියුම් බෙදන්න මිසක් කතා කර කර ඉන්න නෙමේ.”

කුමෝට සිනහ ගියේය.

At 8:57 I was in Heaven

“දවසක ඩිනර් එකට එන්න. ඔයා ඕනවට වඩා වැඩියෙන් මහන්සි වෙනවා.”

“බලමුකෝ”

උදාසීනව පැවසූ ඩේවිස් ප්‍රීතියෙන් යුතුව ලියුම් තුනක් ඇය අත තැබුවේය. කුමෝ ඔහුට වතුර බෝතලය දුන් අතර ඔහු ඇයට ස්තුතිපූර්වක බැල්මක් හෙළීය.

“ඊළඟ සතියේ හමුවෙමු, ඩේවිස්”

කුමෝ සිනාසෙමින් සමුදුන්නාය.

හිස් තේ කෝප්පයද රැගෙන ඇය නිවස තුළට ආවාය. කුඩා මුළුතැන්ගෙය තුළ ඉඳගත් ඈ ලිපි පරීක්ෂා කර බැලුවාය. බිල්පත්, මිතුරියකගෙන් ලිපියක්, ඊළඟ එක මිකාගෙන්. ඇගේ දෑස් විසල් විය. කුමෝ වහ වහා එය විවර කළාය.

ආදරණීය කුමෝ,

මෙතරම් කාලයක් නොලියූ එක ගැන සමාවෙන්න. හොනෝකා සහ මාව ඉතා භයානක මෙහෙයුමකට යැව්වා. ඇත්තටම ඒක ගොඩක් භයානකයි. අපිට කාටවත් කතා කරන්න අවසර තිබුණෙත් නෑ. සමාවෙන්න කුමෝ. කොහොම වුණත් අපි දෙන්නම හොඳින් ඉන්නවා. මෙහෙයුම අවසන් වුණ ගමන්මයි ඔයාට ලිව්වෙ. අපි සාර්ථකයි. ඒ කිසි දෙයක් නිව්ස්වල පෙන්නුවෙත් නැහැ. ඔයා හොඳින් ඉන්නව කියලා හිතනවා. හොඳට මතක තියා ගන්න කුමෝ. මේ හැමදේම තව මාස තුනකින් ඉවරයි. එතකොට අපි ආයෙත් ගෙදර. අපිට ඉස්සර වගේම ඔක්කොමත් එක්ක කෑම කන්න එළියට යන්න පුළුවන්. ගොඩක් ආදරෙයි.

මිකා.

කුමෝ වෙලාව බැලුවාය. උදේ 8:57 යි. දැන් නිදා ගැනීමට නොහැක. රාත්‍රියේ වැඩ කිරීමට සිදු වුණාට කමක් නැත. මේ දැනෙන සතුටත් උද්‍යෝගයත් සමග නිදා ගන්නේ කෙලෙසද? තවත් මාස තුනක් ඉතිරි වී තිබේ.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Eli Todd විසින් රචිත at 8:57 I Was in Heaven කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි.]

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you