Featuresවැස්ස කාලෙට ගෙට ගොඩවෙන ලෙඩ

වැස්ස කාලෙට ගෙට ගොඩවෙන ලෙඩ

-

spot_img

වැස්ස කාලෙට ගෙට ගොඩවෙන ලෙඩ – Rainy Season Diseases 

අපේ රටට මේ දිනවල මෝසම් වර්ෂාපතනය සක්‍රිය වීම නිසා අඛණ්ඩව අධික වැසි ඇද හැළේ. වැසි කාලයේ ඇරැඹුම කියන්නෙම අන් දිනවලටත් වඩා රෝගවල ව්‍යාප්තිය වේගවත් වීමයි. විශේෂයෙන් වයිරස් මෙන්ම බැක්ටීරියා තත්ව ආදියේද පැතිරීම වැසි කාලයට උග්‍රවේ. කොහොම නමුත් මේ දවස්වල දරුවන් ලෙඩ නොවී තඹා ගැනීමට මවුපියන් දරන වෑයම ගැන අමුතුවෙන් කිව යුතු නැත. මන්ද දේශගුණයේ සිදුවන වෙනස් වීම් අන් කවරකුට වඩා හොඳින්ම දැනෙනුයේ දරුවන්ටය. වැසි කාලයත් සමඟ බෝ වන රෝගවලද පැතිරීම වැඩි බැවින් මේ දිනවල පැතිරෙන රෝග හා රෝග ලක්ෂණ මෙන්ම වළක්වා ගැනීම සඳහා වන උපදෙස් අළලා පහත ලිපිය සැකසේ. 

Rainy Season Diseases 

ඉහළ ස්වසන මාර්ගයේ හා පහළ ස්වසන මාර්ගයේ රෝග වශයෙන් අපට මේ තත්වයන් වර්ග කළ හැකිය. වැසි කාලයේදී දැනෙන අධික සීතල නිසා බිළිඳුන්,කුඩා දරුවන් අතර බහුලවම සෙම්ප්‍රතිශ්‍යාව වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝග මේ දිනවල සුලබය. ඉහළ ස්වසන මාර්ගයේ රෝග අතරට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වයිරස් උණ යනාදී රෝග අයත්ය. එසේම පහළ ස්වසන මාර්ගයේ රෝග අතරට නියුමෝනියාව, ළමා හතිය වැනි රෝගද අයත් වේ. ඒ අනුව මේ වගේ සීත කාලවලට ළමා හතිය වැළඳීමේ ඉහළ අවදානමක් ඇත. කාලයක් තිස්සේ පැවැති කැස්ස සුව නොවීම නිසාවෙන් ළමා හතියට ගොදුරු වේ.

සීතලට හුරුවෙන්නේ කොහොමද?

ළමයින්ව නිවසින් බැහැරට රැගෙන යාමේදී සීතල ඔරොත්තු දෙන ඇඳුමක්, සාමාන්‍යයෙන් ඇඳුම් දෙකක්වත් ඇන්ද වීම වැනි ක්‍රම අනුගමනය කළ හැකිය. දරුවන්ව විශේෂයෙන් නිවෙසින් බැහැරට ගෙනියනවා නම් තොප්පියක්, කුඩයක්, ජර්සියක් ඇන්දවීමට හුරු කරවන්න.

Rainy Season Diseases 

ඉන්ෆ්ලු⁣වෙන්සාත් වැඩි වෙලා

ස්වසන මාර්ගයේ රෝග එනම් කැස්ස, හෙම්බිරිස්සාව, උණ ගතිය, සාමාන්‍ය වයිරස් උණ තත්වයක් වුවත් එසේත් නැත්නම් ඉන්ෆ්ලුවන්සා වුවද විය හැකිය. වයිරස් තත්ව නිසා හට ගන්නා රෝග ඉතා ඉක්මනින්ම කුඩා දරුවන් අතර බෝ වීම ඇරැඹේ. එබැවින් කුමන හෝ දරුවකුට සෙම ගතිය ඇත්නම් සුව වන තුරු පාසලට, ළදරු පාසලට නොයවන්න.

ඩෙංගුත් එන්න පුළුවන්

මීට අමතරව කලින් කලට හිස ඔසවන මාරාන්තිකම රෝගී තත්ත්වය වන්නේ ඩෙංගුය. ඩෙංගු රෝගය ගැන නිසි සැළකිල්ලක් නොදැක්වුවහොත් කම්පන තත්වයක් දක්වා වර්ධනය වී ඩෙංගු මරණ පවා සිදුවිය හැකිය. එනිසා වැසි කාලයේදී සියලුම දෙනා ඩෙංගු ගැනත් අවධානය යොමු කිරීම වටී. ඒ අනුව තමාගේ අවට පරිසරයේ පිරිසුදුතාව ගැන මේ දිනවල ඉහළම සැළකිල්ලක් දැක්විය යුතු අතර වතුර රැඳෙන තැන් සොයා බලා විනාශ කළ යුතුය.

Rainy Season Diseases 

අතීසාරය, පාචනය රෝගත් හැදෙන්න පුළුවන්

මේ අතර වැසි කාලය අඛණ්ඩවම පැවතීමෙන් රටේ ඇතැම් ප්‍රදේශවලට ගං වතුර ඇති වේ. ගං වතුර ගැලීමත් සමඟ පිරිසුදු පානීය ජල ප්‍රශ්නය පැන නැගේ. එවන් ප්‍රදේශවල ජනතාවට පානය කිරීමට පිරිසුදු ජලය, පිරිසුදු සහ උණුසුම් ආහාර නොමැතිකම නිසාවෙන් පාචනය, අතීසාරය වැනි රෝගද වැළැඳීමට පහසුවෙන්ම පුළුවන. අතීසාරයේ රෝග ලක්ෂණ වනුයේ බඩඑළිය සමග රුධිරය පිටවීම, වමනය යෑම, උණ ගතිය ආදියයි. පාචනයේ රෝග ලක්ෂණ ලෙස වමනය, බඩඑළිය යෑම, බඩ රිදීම, උණ ගැනීම සඳහන් කළ හැකිය. වතුර මෙන් දියාරුවට බඩඑළිය පිට වීම වයිරස් තත්ත්වයක් නිසාද විය හැකියි. වමනය යෑම පාලනය කර ගැනීමට ඩොන්පැරඩොන් සිරප් නිවැරැදි මාත්‍රාව ලබා දෙන්න. වමනය යෑම නතර වූ පසු ස්වාභාවික පාන වර්ග ලබා දී විජලනයෙන් රෝගියා වළක්වා ගත හැකිය.

රෝගියාව විජලනයෙන් වළක්වා ගන්න

බඩඑළිය යන රෝගීන්ට හොඳින් මුත්‍ර පිටවීමට අවශ්‍යය. මුත්‍ර පිටවීම අඩු, ආහාර ගැනීමටවත් නොහැකිව බඩඑළිය පිට වේනම් හෝ වමනය පිටවීම පාලනය කරගත නොහැකි නම් රෝගියාව විජලනයෙන් වළක්වා ගැනීම අවශ්‍ය කෙරේ. මෙවැනි තත්ව යටතේදි නොපමාව රෝගියා රෝහල් ගතකොට සේලයින් ලබා දීම අවශ්‍යය. පාචනය රෝගීන්ට නිවසේදීම ප්‍රථමාධාර ඇරැඹිය හැකි අතර ඔවුන් හට හැකි තරම් ස්වාභාවික දියර ආහාර ලබා දිය යුතුය. එනම් ජීවනී, බැදි හාල් කැඳ, දෙහි,දොඩම්, නාරං වැනි ස්වභාවික දියර වර්ග බීමට ලබා දේ. කෙසෙල්, පාන් ටෝස්ට් වැනි ආහාර ලබා දිය හැකිය. ඒවගේම රෝගීන් සුවය ලබන තෙක් තෙල්, බටර්, මාගරින්, ගස් ලබු , චීස් වැනි ආහාර ලබා නොදීමට වග බලා ගන්න. පාචනය රෝගීන්ට ප්‍රතිජීවක අත්‍යවශ්‍ය නොවන අතර අතීසාරය තත්වයේදී ප්‍රතිජීවක ලබා දිය යුතුය. ඒ වගේම පිටතින් ආහාර ගැනීම වෙනුවට නිවසේදී පිළියෙළ කර ගත් ආහාර අනුභවයට ගත හැකියි. සිසිල් වූ පසු අනුභවයට වඩා මඳ රස්නය තිබියදී අනුභව කිරීමටද අමතක නොකරන්න.

Rainy Season Diseases 

මී උණත් අමතක කරන්න එපා

වර්ෂාවත් සමග මැසි ගහණයේද වර්ධනයක් පෙන්වයි. මැසි ගහණයේ වර්ධනයෙන් උණ සන්නිපාතය, පාචනය, අතීසාරය වැනි රෝග ව්‍යාප්තිය වේගවත් කෙරේ. ඊට අමතරව මීයන්ගේ ගහණයේ වැඩි වීමක්ද මේ දිනවල සිදු වේ. එය මී උණ රෝගයට අවදානමක් එක් කරයි. උණ, මස් පිඩු වේදනාව, ඇස් රතු වීම, හිසරදය, මුත්‍ර කහ පැහැ වීම, මුත්‍ර යෑම අඩු වීම, වමනය, සිරුරේ අප්‍රාණිකත්වය මී උණ රෝග ලක්ෂණය. ඒ අනුව මී උණ අවදානම ඇති පෙදෙස්වල අය රෝගය ගැන සැළකිලිමත් වන්න.

ඔබ කවරකුට හෝ ඉහත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව ළඟම පිහිටි රජයේ රෝහලකට යොමු වන්න. උණ රෝගියකු නිවසේ ඇත්නම් පැය 6න් 6ට නියමිත පරිදි පැරසිටමෝල් මාත්‍රාව පමණක් ලබා දෙන්න. එයද කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 15ක ප්‍රමාණයක් උපරිම දිනකට සිවු වතාවක් ලබා දිය හැකියි. නිසි ප්‍රමාණයෙන් පරිභාහිරව ලබා දීම නිසා අක්මාවට හානි ගෙනදිය හැකි බැවින් හැම වෙලේම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට වගබලා ගන්න. වැසි කාලය කියන්නේ වයිරස් රදැඩි ගණනාවක්ම බෝ වීම අරඹන කාලයකි. එබැවින් රෝග ගැන දැනුවත්ව ඉන් පරෙස්සම් වීම නිරෝගිමත් සමාජයක් සඳහා බෙහෙවින්ම අවැසිදායි වේ.

සංවාද සටහන
ධාරා අබේනායක විසිනි. 

Doctor Deepal Perera
බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you