NovelsRath Dothaluරත් දෝතළු - 10

රත් දෝතළු – 10

-

spot_img

රත් දෝතළු – 10

මා හද ගැස්ම වේගවත් විය. ඔහු සිය හිස ආවරණය ඉවත් කරන විට මා පුදුමයෙන් බලා සිටියෙමි.

“කේෂව…”

මා මුව්න් පිටවිය. මා දෙපා මුල් ඇදගත්තාක් මෙන් මට දැනිණි. ඔහු මේ මොහොතේ කුමකට මෙහි පැමිණියාද? ඔහුගේ අපළ දුරුවීමට කියා බෝධි පූජා ඇරඹුවේ පෙර දිනයේය. හරි නම් මේ මොහොතේ ඔහු සිටිය යුතු වන්නේ එයට සූදානම් වෙමින් නිවසේය. මගේ සිතේ වූ තැතිගැන්ම ඔහුට නොවැටහේවා කියා මම සිතින් පැතුවෙමි.

“අරවින්දි…”

ඔහු මා ඇමතුවේ සාමාන්‍ය හඬකිනි. මා තරම් ඔහු පුදුම වූ බවක් පෙනෙන්නට නොවීය.

“ඔයා මොකද මෙතන කරන්නේ කේෂව…?”

තිගැස්ම සඟවාගෙන මම අසන විට පිළිතුරක් නොදුන් ඔහු කළේ තරමක උස් හඬකින් සිනහාසීමය. ඔහු මෙන්ම මට ඔහුගේ එම සිනහවද අපුළය. නොරුස්සුම් මුසුව මම බලා සිටියේ ඔහුගේ ඒ අප්‍රසන්න සිනහව නවතින තුරුය.

“අනේ… අනේ ළමයෝ… මේක අපේ ඉඩමනේ…. මෙතන්ට යන්න එන්න… වෙලාවක් කලාවක් ඕනද…?”

සිනහව නවතාගෙන ඔහු කීය.

“ඒක ඉතින් මාත් දන්නවා… ඒත් ඉතින් ඔයා මේ අවේලාවේ මෙතන්ට ආවේ වත්තේ හතරමායිම බලන්න නෙවේනේ…”

උපහාසයෙන් මම කියනවිටත් ඔහු කළේ සිනහසීමමය. ඔහු කුමක් හෝ මත්ද්‍රව්‍ය වර්ගයක් පාවිච්චියට ගන්නවාදැයි සැකයක් මා සිතේ ඇති වූයේ සැමදෙයකටම සිනහසෙන නිසාවෙනි. මේ මොහොතේ පවා ඔහුගේ දෑස්වල වූයේ මත් බවකි. ඒවා රත් පැහැ ගෙන තිබිණි. මා සිතේ අලුත් භීතියක් ඇති විය.

“ඔයා හරි… මම ආවේ වත්තේ හතර මායිම බලන්න නෙවේ… ඔයාව බලන්න…”

මා අලුතින් තිගස්වමින් ඔහු කීය.

“මාව බලන්න… ඔයාට දිවැස් තියනවද මම මේ වෙලේ මෙතන්ට එනවා කියලා දැනගන්න…?”

ඔහු එයටද සිනහසුණු අතර හාත්පස නිහඬ බව නිසා එය රැව් නැංවිණි. මොහු නම් සැබෑවටම මන්ද මානසික රෝගියකු යැයි ඒ මොහොතේත් මට සිතිණි. මොහු මා බලාපොරොත්තුවෙන් කියා මෙහි මඟ රැකගෙන සිටින්නේ මන්ද?

“ඕකට දිවැස් මොකටද අරවින්දි…? මං අහගෙන ඔයා ඊයේ පාලිතයට කියනවා ඔයා අද එහේ එනවා කියලා… වැඩේ කියන්නේ ඔයා එනවා කියපු වෙලාවට කලින් ගිහින්නේ…”

කාරණය පැහැදිලි වූයේ දැන්ය. ඔහුට එය ඇසී ඇත.

“ඕකට ඉතින් මොකටද මඟ රැකගෙන ඉන්නේ…? කෙළින්ම ගෙදරට ආවා නම් හරිනේ…”

“ගෙදර ආවාට නිදහසේ කතාකරන්න බැහැනේ ළමයෝ…”

“ඔයාට මා එක්ක නිදහසේ කතා කරන්න තරම් දේවල් තියෙන්න විදියක් නැහැ කේෂව…”

මා සිත ගැහෙයි. බියක් මා සිතේ වුවද මම ඒ බවක් නොපෙන්වා කතාකළෙමි. මට වුවමනා වූයේ ඔහු කෙරෙන් පලා දුවන්නට වුවද ඔහු මා මඟඅවුරා සිටගෙන සිටියි. මා කුමක් කළයුතුදැයි කියා මට සිතාගන්නට නොහැකිය. කේෂව මේ සූදානම් වන්නේ මා ඔහුට නතුකර ගැනුමටය. ඔහු මට හිරිහැරයක් කිරීමට සූදානම් වුවද මේ මොහොතේ මා බේරා ගැනීමට මෙහි කිසිවෙකු නැත. දුව යාමට සිතුවද එයද නිෂ්පල ප්‍රයත්නයක් වනුයේ ඔහු මට වඩා ශක්තිමත් නිසාය. මා ඉතා ඉක්මනින් අසුවීමට ඉඩ ඇත. උදව් ඉල්ලා කෑ ගැසුවද මේ මොහොතේ කිසිවෙකු අහළ පහළ නොමැති නිසා එයද නිෂ්ඵලය. සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයැයි මසිත මට කොඳුරන්නාක් මෙනි.

“කතා කරන්න දේවල්ද නැත්තේ අරවින්දි… අපි ටිකක් අතන වාඩි වෙලා කතා කරමුද…?”

ඔහු රාගී බැල්මකින් මදෙස බලා විමසුවේ ගල් තළාව වෙත අත දිගු කරමිනි. මා සිත ගැස්ම වේගවත් විය. ඈතින් ඇසුණේ අහසින් නැඟි ගෙරවිලි හඬකි. දැන් දැන් මහා වැස්සක් ඇද හැළෙනු ඇත. අඳුරද තව තවත් වැඩි වූ සෙයකි.

“වාඩි වෙලා කතා කරකර ඉන්න වෙලාවක් නෙවේනේ කේෂව… මං යන්න ඕන… වැස්සකුත් එන්න වගේ… තාත්තා බලන් ඇති මං පරක්කු මොකද කියලා… අපි යන ගමන් කතා කරමු…”

මම එසේ කියා ඔහු මඟහැර පියවර තබන විට ඔහු මගේ අතකින් ඇද අල්ලාගත්තේ මා තැතිගන්වමිනි. ආපසු හැරුණු මා වහා ඔහුගේ අත ගසා දැමීමි.

“මොකද කේෂව මේ…?”

“සොරි… සොරි අරවින්දි… අපි කොච්චර කාලෙකට පස්සෙද මුණ ගැහුණේ… ඔයාට බයද මා එක්ක කතා කරන්න…?”

ඔහු බයාදු පෙනුමක් මවාගනිමින් ඇසුවේ දෑස් අඩවන් කොට අනුකම්පා සහගත හඬකිනි. මා මුලින් සිතුවා නිවැරදිය. ඔහු කුමක් හෝ මත්ද්‍රව්‍යයක් භාවිතා කරන බව නම් සහතිකය.

“බය නම් මං මෙච්චරවෙලා ඔයා එක්ක කතා කර කර ඉන්නේ නැහැනේ… අපි වෙන වෙලාවක කතා කරමු…”

“ඔයා බය වෙලා…ඒකයි ඔයා දුවන්න හදන්නේ…”

“විකාර… මං මොකටද බය වෙන්නේ… මම ඔයාව අඳුනගත්තේ අද ඊයෙක නෙවේනේ කේෂව… නේද…?”

මම එල්ල කළේ ඇනුම්පදයක් වුවද එය ඔහුට වැටහුණා කියා මම නොසිතමි.

“ඒකනේ ඉතින්…”

කට කොණින් පෑ සිනහවක් සමඟ ඔහු කියන විට මම ඒ සාවඥ සිනහවටත් බිය වූයෙමි.

“මම යනවා… අපි පස්සේ හමුවෙමු…”

මම පය ඉක්මන් කළෙමි. එවර ඔහු දිව විත් මා මඟ අවුරා මා ඉදිරියේ සිට ගත්තේය. තිගැස්මෙන් මම හුන් තැනම නැවතුණෙමි.

“ඒ පාර මොකද කේෂව මේ…?”

මෙතෙක් කෝපය සඟවාගෙන සිටියද මෙවර මම ඇසුවේ උතුරා ගිය කෝපයෙනි.

“අනේ අරවින්දි… මට ඔයාට දෙයක් කියන්න ඕන කළේ…”

“කියන්න ඕන තරම් වෙලා තියාගෙනත් තෙපරබබා හිටියේ… මට පරක්කු වෙනවා කේෂව…”

“ඒකනේ කිව්වේ ටිකක් කතා කරමු කියලා…”

“දැන් මොනවද කියන්න තියෙන්නේ…?”

“අරවින්දි… මං ඔයාට හුඟාක් කැමැතියි…”

අධික කෝපය නිසා මා ගත වෙවුළන්නට විය.

“මට කැමතියි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කේෂව…?”

ඒ කුමක්දැයි කියා මට හොඳින් වැටහුණද මම ඇසුවේ කිසිවක් නොවැටහුණ ලෙසිනි.

“කැමතියි කිව්වේ ළමයෝ ආදරේට…”

මා ගත වෙවුළන්නට වූයේ කෝපය නිසාය. ඔහුට පිටුපසින් මම ඈතින් යම් ඡායාවක් දුටුවා කියා මට නිකමට සිතිණි. සමහරවිට ඒ මගේ සිතේ ඇඳුණු මායාවක් වන්නට ඇත.

“රට ගිහින් හිටියාට තාම පරණ පුරුද්ද නම් එහෙමමයි නේද…? ඔයාට ලැජ්ජාවක් නැත්ද… මැරිලා ඉපදිලාද නැත්නම් මේ ගමේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලද හිතාගෙනද ඔය වගේ කතාවක් කියන්නේ… ඔයා කරපු දේවල් අමතක වෙලාද?”

“ඇයි…මම මොනවද කළේ…?”

“මොනවද කළේ කියලා අහන ලස්සන… මොනවද නොකළේ කියලා අහන්න කේෂව… සංදීපාගේ ජීවිතේ නැති කරලා දැන් ඉන්නවා මොකුත් නොවුණ ගානට…”

“ආහ්… ඒකද…? ඒක ඉතින් ඔයා නොදන්නවා වුණාට ඒකි වටේම ගිහින් ළමයි හදාගෙන අන්තිමට මාව මාට්ටු කරන්නනේ හැදුවේ…”

මා සිතේ මෙතෙක් වූ කෝපය පුපුරා ගියේ මේ මොහොතේය. මම අත දිගහැර ගැසූ කම්මුල් පහරින් කේෂව අන්දුන් කුන්දුන්ව මොහොතක් බලා සිටියේ කම්මුලේ අත තබාගෙනය.

“ඒකි වටේ ගියේ නැහැ… තමුසේ ඒ කෙල්ලව විනාශ කලා මදිවට තව චෝදනා කරන්නත් එනවද… උඹලා වගේ පිරිමින්ව ගල් ගහලා මරන්න ඕන… වනචර වැඩ කරලා තව ඒකි පිටම වැරැද්ද පටවනවා…”

මම කෑ ගැසීමි.

“ඔව්… මම වනචරයා… අද මං උඹටත් පෙන්නන්නම් මගේ වනචරකම…”

එකවරම මා වෙත පිනූ කේෂව මගේ බාහුවෙන් ඇදගෙන යාමට තැත් දරන විට මම ඊට විරුද්ධව සටන් කළෙමි.

“මාව අතෑරපන් කේෂව…”

ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්නට තැත් දරමින් මම කෑ ගැසීමි.

“උඹ කෑ ගැහුවට වැඩක් නැහැ අරවින්දි… උඹව බේරගන්න අද කවුරුවත් එන්නේ නැහැ… උඹ මට මෙච්චර වෙලා ආඩම්බර පෙන්නුවා… අරකිට වුණ දේම තමා අද උඹටත් වෙන්නේ… ඊට පස්සේ උඹත් එයි මගේ පස්සෙන් වැඳ වැටිලා උඹව බාරගන්න කියන්න….හහ්…”

“උඹ හිතන දේ වෙන්නේ නැහැ කේෂව…”

මම කෑ ගැසීමි. ඔහු මා අතින් ඇදගෙන ගල්තළාව දෙසට යෑමට තැත්දරන බව දැන මම ඔහුගේ අත සපා කෑවෙමි. ඔහු මා අතහැර මට කම්මුල් පහරක් ගැසුවෙන් මම බිම ඇද වැටුණේ සමබරතාවය බිඳී යාමෙනි. ඔහු මා වෙතට පැන මගේ සිරුරමත වැතිරගන්නා විට මම හැකි වැර යොදා ඔහු ඉවතට තල්ලු කළෙමි. ඔහුව සපා කෑවෙමි. මුහුණ සීරුවේ ඇස්ද උගුළන්නට තැත් කරමිනි. මා කෑ ගැසුවද මේ මොහොතේ මෙහි කිසිවෙකු නොපැමිණෙන බව මම හොඳින්ම දැන සිටියෙමි.

“බැල්ලී…”

ඔහු කෑ ගැසුවේ මගේ කම්මුලට ගසමිනි. මා දෑස් පවා නිලංකාරව ගිය සෙයකි. මා සිහිසුන් වන්නට යනවාද.? දෙවියනේ ! මේ මගේ අවසානයයි.

-19 වන සඳුදා නැවත හමුවෙමු-

Latest news

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක් - Income Tax මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ...
- Advertisement -spot_img

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

රත් දෝතළු – 94

රත් දෝතළු - 94 නිවස තරම් වටිනා තැනක් අන් කොහේවත් නැතැයි කියා යළි පැමිණෙන අතරේ මම සිතුවෙමි. යළි ඉක්මනින්ම නිවසට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you