NovelsRath Dothaluරත් දෝතළු - 87

රත් දෝතළු – 87

-

spot_img

රත් දෝතළු – 87

පුතුට කෑම කවන්නට නයනා දරන වෙහෙස දැක මා මුවට සිනහ නැඟිණි. කවන කවන සියල්ල ඔහු ඉවත දමයි.

“අනේ බලන්න මැඩම්… කවන කවන සේරම එළියට දානවානේ…”

ඈ නෝක්කාඩු කියන්නට වූවාය.

“ඕවා ඔහොම තමා ළමයෝ… තව ටිකකින් කවන්න… බඩගිනි වුණාම කයි…”

විනිෆ්‍රීඩා මහත්මිය සිනහසෙමින් කීවාය.

“නයනා සෙල්ලවීට කියන්න වතුර ටිකක් ළිපේ තියන්න කියලා පුතාව සෝදන්න…”

මම කීවෙමි. නයනා ඉවතට ගියේ පුතුවත් රැගෙනමය.

“හෙට අනිද්දා මෙයා ඇවිදින්න ගත්තාම අපිට පස්සෙන් දුවලා ඉවරයක් නැතිවෙයි…”

විනීෆ්‍රීඩා මහත්මිය කීවේ සිනහමුවෙනි.

“නයනායි, ශීලාම්මායි එහෙ ඉන්නවානේ මැඩම්… එයාලා.බලාගනියි…”

ඇගේ මුහුණ මඟහරිමින් මම කීවේ වේළුණු රෙදි ටික නමමින් එය අසුනක් මත තබමිනි.

“නයනායි, ශීලායි ඉන්නවා කියන්නේ… ඇයි ඔයා…?”

ඇගේ හඬ මවිතයෙන් පිරී ඇත.

“මං ඉඳලා කොහොමද මැඩම්… දැන් මගේ ඇග්‍රිමන්ට් එක ඉවරයිනේ…”

“එහෙම කියලා ඔයා කොහෙ යන්නද…?”

“මං තවම හිතලා නැහැ…”

මම එසේ කියා නැඟිට තුවාය රැගෙන නයනාට දී යළි පැමිණියෙමි.

“පුතාව සෝදලා ඉවරද…?”

විනිෆ්‍රිඩා මහත්මිය විමසුවේ මා ගිය විගස ආපසු ආ නිසා වන්නට ඇත.

“නයනා සෝදනවා මැඩම්…”

“නයනාට තනියම පුළුවන්ද…?”

“එයාට දැන් පුරුදුයි… එයාත් හුරුවෙන්න එපැයි මැඩම්… නැත්නම් කවුද ඕවා කරන්නේ…?”

මම එසේ පවසා නැමූ රෙදි ටිකත් රැගෙන කාමරයට පැමිණියෙමි. සුළු මොහොතකට පසුව මට ඇසුණේ පුතු හඬන හඬය. දිව ගොස් ඔහු හඬන්නේ මන්ද කියා බැලීමට සිතුණු මුත් මම කාමරයට වී සිටියෙමි. සියල්ල මා සොයා බලා කරන විට ඔහු කෙරෙහි මටත් මට ඔහු කෙරෙහිත් ඇති බැඳීම වැඩිවන්නේය. මා නොයා සිටියේ එබැවිනි. පසුව නයනා කීවේ වතුර බේසමෙන් ඔහුව ගත් නිසා හඬන්නට වූ බවකි. දැන් ඇයට මා නැතුව වුවද ඔහු සනසන්නට හැකියාව ඇත. පසුදින අහස් බණ්ඩාරවෙලට පැමිණියේ උදෑසන නවයට පමණය. පෙරදින ඔහු පැමිණි සැටියේ නිවසට ගොස් තිබූ අතර මෙදින උදෑසනම නොදන්වාම පැමිණියේය.

“මගේ කොල්ලාව බලන්නැතුව ඉන්න බැහැ… ඒකයි උදෙන්ම ආවේ…”

ඔහු කාමරයට පැමිණියේ එසේ කියමිනි. පුතා ඒ මොහොතේ නින්දට වැටී සිටියේ පෙරදින රාත්‍රියේ පටන් අවදිව දඟකරමින් සිටි නිසාය.

“මෙයා ඊයේ එළිවෙනකල් නින්දක් නැහැ… අපිට නිදාගන්න දුන්නෙත් නැහැ… දැන් තමා ඔය නිදාගත්තේ…”

විනිෆ්‍රීඩා මහත්මිය කීවාය. අහස් ඇඟ පත සෝදාගැනීමට නාන කාමරයට යන අතරේ මම කෑම මේසය සූදානම් කිරීමට පැමිණියෙමි. සෙල්ලවී උදෑසන සාදා තිබුණේ කිරිබත්ය. ඈ සාදන කිරිබත ඉතා රසවත්ය. අහස් මෙන්ම මමද එයට ප්‍රියකළෙමි.

“මාතියා ආවද නෝනා…?”

සෙල්ලවී කෑම කාමරයට හිස පොවමින් විමසුවාය.

“ඔව් සෙල්ලවී…”

“කෑම ඇතිද නෝනා… තව මොනා හරි හදමුද…?”

“ඕන නැහැ සෙල්ලවී… කිරිබත් තියනවා…”

“හීතල වෙලාද දන්නැහැ… නෝනා…”

“එහෙම ලොකුවට සීතලක් නැහැනේ…”

අහස් පැමිණ කෑම ගෙන අවසන් වනතුරුම මම ඔහු අසළ සිටියෙමි. මා පිටවයන බව පැවසීමට වුවමනා වුවද මම කිසිත් නොකියා නිහඬව සිටියෙමි.

“අරවින්දි… මම ටිකක් නිදාගන්නවා… ඇහැරවන්න එපා… හරි මහන්සියි… මං ෆෝන් එකත් ඕෆ් කරලා තියෙන්නේ… හොඳද…”

මම එයට නිහඬවම හිස සැළිමි. ඔහු කාමරයට වැදුණේ අනෙක් පස කාමරයේ නිදා සිටින පුතා වෙතද බැල්මක් හෙළමිනි. පෙරදින නින්දක් නොවූ නිසාදෝ විනීෆ්‍රීඩා මහත්මියද කෙටි නින්දක් ලබාගැනීමට කාමරයට ගියාය.

“නයනා… පුතා ළඟ ඉන්න… සර් නිදාගන්න ගියානේ… සර්ව ඇහරවන්න එපා… පුතා ඇහැරියොත් දොර අරින්නත් එපා… පුතාට යන්න දෙන්නත් එපා.. සර්ට මහන්සියි කිව්වා…”

“ඒත්… මිස් ඇයි ඕවා කියන්නේ..?”

නයනා මවිතයෙන් ඇසුවාය.

“මම ටිකක් එළියට යනවා… ඒකයි… මැඩම් ඇහැරියාම කියන්න…”

නයනා මවිතය රැඳි දෑසින් බලා සිටියේ මා මෙතෙක් දිනක් තනිවම කොහේ හෝ නොගිය නිසා වන්නට ඇත.

“තනියම…?”

“මොන තනියක්ද…!”

මඳහසක් පාමින් කී මා ඇයව කාමරයට යවා මඳකට පමාවූයේ අහස්ට ලිපියක් ලියන්නටය.

අහස් සර්…

“අපේ ගිවිසුම ඉවරවුණේ ගිය සතියේ………….”

විරාමයක් තබා මම මොහොතක් සිතුවෙමි.

“තව දුරටත් මම නැවතී ඉන්න එක තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ මට සර් ගැන වගේම පුතා ගැනත් තව තවත් බැඳීමක් ඇතිවෙන එක විතරයි. මගේ අතින් සර්ට හරි මැඩම්ට හරි වරදක් වුණා නම් මට සමාවෙන්න. සර්ට නොකියාම මෙහෙම යන්නේ සර්ට කතාකරන්න ගියොත් මට මාව පාලනය කරගන්න බැහැ කියලා මම දන්න නිසායි. මම දැනටමත් සර් ගැන බැඳීමකින් ඉන්නේ. මම සර්ට ආදරෙයි. ඒත් ඒකෙන් සිද්දවෙන යහපතක් නැහැ. මට ගෙදර යන්න තරම හිතට හයියක් නැහැ. මම මොකක්‍හරි ජොබ්‍ එකක් හොයාගන්නවා. අම්මාලාගෙන් මං ගැන අහන්න එපා. අඩුම තරමේ නිරූටවත් මං මොකුත් කිව්වේ නැහැ. එයාවත් මං ගන්න තීරණේ ගැන මොකුත් දන්නේ නැහැ. මම කැමැත්තෙන් ගත්ත මේ තීරණේ ගැන මම පසුතැවෙන්නේ නැහැ.. සර් වගේම මැඩමුත් මට දක්වපු ආදරයට කරුණාවට රැකවරණයට ගොඩාක් පින්! “

අරවින්දි.

මා ලිපිය ලියාගත්තේ අපහසුවෙනි. වරින්වර නැඟුණු කඳුළින් මා දෑස් බොඳවිය. කලින් සූදානම්කොට තිබූ මගේ බෑගය ඇඳ යටින් ගත්තේ අහස් අවදි වේ යැයි බියෙන් මුත් ඔහු සිටියේ දිගු නින්දකය. ගමන් විඩාව ඔහුට දිගු නින්දකට මඟ පාදා තිබීම වාසනාවකි. ලියුම මේසය මත තබා ඔහුගේ ජංගම දුරකථනය ඒ මත බරට තබා මම පිටතට පැමිණියේ කඳුලින් බොඳවු දෑසිනි. ගල් පඩිපෙළ අසල නැවතී මම ආපසු හැරී බැලීමි. මිහිරි මතක බොහෝමයක් මා ලත්දේ මෙහිදීය. සුසුමක් මා මුවින් ගිලිහීයනවිට කම්මුල් තෙමා නොනවත්වා කඳුළු ගලාගියේය. පඩිපෙළ බැස මම පාරට ඇවිත් හැකි වේගයෙන් ඇවිද ආවෙමි. මේ වෙලාවට බසයක් මෙතනින් බණ්ඩාරවෙල නගරයට යයි. එය අල්ලාගැනීමට හැකි වූවා නම් හොඳය. වංගුවෙන් හැරෙන විටම මට බසයේ හඬ ඇසිණි.
————————————————————————————————————————————————————-
මා බණ්ඩාරවෙලින් පැමිණ සතියකුත් ඉක්මගොස් ඇත. නිලූපා සොයුරිය ඈ සිටින දෙව්මැදුර මඟින් පවත්වාගෙන යන වැඩිහිටි නිවාසයේ රැකියාවක් ලබාදුන්නේ ප්‍රධාන මව්තුමියගේත් පියතුමාගේත් අවසරයෙනි.

“ලොකු පඩියක් නම් ලැබෙන්නේ නැහැ… ඒත් ඔයාට මෙහෙ ප්‍රවේශමට ඉන්න පුළුවන්… ඒ අතරේ ඔයා කැමතිනම් වෙන ජොබ් එකක් බලන්න…”

නිලූපා සොයුරිය මා හා පැවසුවේ එසේය. මෙහි සිටින බොහෝ දෙනෙකුගේ දරුවන් විදෙස්ගතව සිටින අය වූ බව නිලූපා සොයුරිය මට පැවසුවාය.

“එක්කෝ රටවල් වල… සමහර අයට එයලාව බලාගන්න පුළුවන් කමක් නැහැ… ජොබ් එක නිසා හරි… බිස්නස් වැඩ නිසා හරි… එයාලා අපිට මාසිකව ගෙවීමක් කරනවා… සමහර අය ලංකාවට එන්නේ අවුරුද්දට සැරයක් දෙකක්… සති අන්තේ සමහර අය ඇවිත් එයාලගේ අම්මලා තාත්තලාව බලලා යනවා…”

නිලූපා සොයුරිය කියනවිට මා සිතේ ඇතිවූයේ ශෝකයකි.

“පරණ දේවල් ගැන වැඩිය හිතන්න එපා අරවින්දි… හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතන්න… කාලයක් යනකොට ඔය හැමදේම හරියයි…”

නිලූපා සොයුරිය පැවසුවේ මගේ නිහඬ බව නිසා වන්නට ඇත. මම මඳහසක් පෑවෙමි. අහස් පිළිබඳව හෝ විනිෆ්‍රීඩා මහත්මිය පිළිබඳව මම කිසිත් නොදන්නෙමි. මෙහි පැමිණීමට පෙරම මම මගේ පැරණි සිම්පත ගළවා අලුත් සිම්පතක් දමාගතිමි. ශෝකයක් සිතේ නොවූවා නොවේ. එසේ වුවත් මා වෙන කුමක් කරන්නද? මට අහස් මෙන්ම පුතුද සිහිවෙයි. ඔවුන් හැරදමා පැමිණීම ගැන පසුතැවීමක් නොවුවද ඇත්තේ විශාල වූ වේදනාවකි. නිලූපා සොයුරිය මෙන්ම අනෙක් සොයුරියන් තිදෙනාද ඉතා කාරුණික අය වූහ. ප්‍රධාන මව් තුමිය ශ්‍රවණාබාධයකින් පෙළුණු නිසා තරමක් උස් හඬින් කතාකරන්නට සිදු විය. ඉවුම් පිහිම් කටයුතු සඳහා මෙහි තවත් කාන්තාවන් දෙදෙනෙකු ද සිටි අතර මගේ රාජකාරිය වූයේ වැඩිහිටි අය බලාගැනීමය. එයට කන්‍යා සොයුරියන්ද සහාය වූ අතර තවත් මැදිවියේ කතුන් දෙදෙනෙකුද සිටියහ. මෙහි සිටින වැඩිහිටි අය සැමටම තම තමන්ගේ වැඩ කටයුතු තනිවම කරගැනීමට හැකියාව තිබූ අය වූ බැවින් අපට කිරීමට කියා වෙහෙසකර දේ නම් නොවීය. ටික දිනකින්ම මට ඒ සැමගේම සිත් දිනාගන්නට ලැබීම නම් වාසනාවකි.

-හෙටත් හමුවෙමු-

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you