NovelsRath Dothaluරත් දෝතළු - 81

රත් දෝතළු – 81

-

spot_img

රත් දෝතළු – 81

ඉතා ඉක්මනින්ම අඳුර පැතිරුණේ ඝන මීදුමත් සමඟය. පරිසරයේ සීතල අධිකය. සෙල්ලවී අපට කෝපි සාදා දුන්නාය. කාමරයේ උණුසුම්කරන යන්ත්‍රය ක්‍රියා කර තිබූ නිසා එහි මඳ උණුසුමක් විය. නොඑසේ නම් සිදුවන්නේ ගැහී ගැහී සිටින්නටය. අහස් නාන කාමරයෙන් පිටතට පැමිණියේ නිල් පැහති සරමකින් සහ සුදු අත් දිග ටී ෂර්ටයකිනුත් සැරසීගෙනය. මා තුළ අමුතු කැළඹීමක් ඇතිවූයේ ඒ කඩවසම් බව නිසා වන්නට ඇත.

“සීතලද…?”

සිත අභ්‍යන්තරයේ වූ කැළඹීම නිසා මට එකවරම පිළිතුරක් දිය නොහැකි විය. මට හිස සැළුණේ ඉබේමය.

“ඔන්න ඉතින්… කටුස්සී වගේ ඔලුව වනනවා…”

සරදමක් ඒ හඬේ වූ අතර අතීතය සිහි වී මා මුවට සිනහ නැඟිණි.

“ටිකක් සීතලයි… හීටර් එක දාලනේ තියෙන්නේ…”

ඔහු හිස පිස දමමින්ම යටැසින් මදෙස බලා සිටියේ මනමාල බැල්මකිනි. මා ගත හී හඬු නැංවුණේ නම් සීතලට නොවේ.

“කෝපි ගෙනාවා බීලා ඉන්න… නිවෙයි…”

ඔහු කෙරෙන් වහා නෙතු ඉවතක රඳවාගත් මම කීවෙමි. තුවාය ඇඳුම් වැටේ දමා ඔහු සෙමෙන් සෙමෙන් පියවර තබමින් මා අසලට ලංවන බව දැනී මා හද ගැස්ම වේගවත් විය.

“දැන් සීතල අඩුවෙයි…”

ඔහු කීවේ මා දෙවුරෙන් අල්ලා නැඟිටුවමිනි. එවර මා ගතම අලුතින් වෙව්ළන්නට විය. අහස් මා තුරුළු කොට ගත්තේ මා බඳ වටා දෑත යවමිනි. මා මේ මොහොතේ වෙව්ළන්නේ සීතල නිසා නොවේ. එය සිත අභ්‍යන්තරයෙන් නැඟී ආ අමුතු හැඟීමක ඉමිහිරි ප්‍රතිඵලයකි. මමද ඔහුගේ උණුසුමට නතුවී ඔහු වටා දෑත් යැවුවේ නිරායාසයෙනි. ඒ උණුසුම ලබන්නට මාද බොහෝ කලක් පෙරුම් පුරමින් බලා සිටියා නොවේද.?

“අරවින්දි…”

ඔහු සෙමෙන් සවනට කෙඳිරුවේය.

“ම්ම්ම්…”

“ඔයා බයවෙලාද ඉන්නේ…?”

මා වෙව්ලන නිසාදෝ ඔහු අසන්නට ඇත.

“න්න්… නැහැ…”

සිනහසෙමින් ඔහු තව තවත් මා ඔහු තුරුළට ළංකර ගත්තේය. මා ගත වෙව්ළීම කෙමෙන් කෙමෙන් පහව යන්නට විය.

“දැන් හරි නේද…?”

සුළු මොහොතකට පසුව ඔහු විමසන විට මම සෙමෙන් ඔහු කෙරෙන් මෑත් වූයේ සිත ඉහිරීගිය ලැජ්ජා මුසු හැඟීම නිසාය. ඔහු එවර සිය දෝතින් මා මුහුණ මැදිකරගෙන මා නළලත මත මෘදු හාදුවක් තබන විට මම දෑස් පියාගතිමි.

“කෝපි නිවෙනවා…”

මම වහා ඔහු කෙරෙන් මෑත්ව කෝපි කෝප්පයක් ගෙන ඔහු වෙත පිරිනැමුවෙමි. පිටත කොරිඩෝවේ හිඳගෙන අපි දෙදෙන එකතුව කෝපි බීවෙමු. අන්ධකාරය අතරින් පහළ තැනින් තැන යාන්තමට නිවෙස්වල දැල්වෙන විදුලි පහන් එළි දිස්වූයේ කණාමැදිරි එළි මෙනි. සෙල්ලවී රාත්‍රීයට සාදා තිබුණේ තෝසය. ඇගේ සම්බෝලය රසය. රාත්‍රී හත අට වන විට මේ ප්‍රදේශයේ රාත්‍රී ආහාර ගෙන මිනිසුන් නින්දට යෑම සිරිතය. ඔවුන් පාන්දර හතර පමණ වනවිට අවදිවෙයි. ඒ මොහොතේ අපි නම් සුව නින්දක පසුවන වේලාවය. සීතල නිසා නින්ද නොයෑම මෙයට හේතුවද නොමැතිනම් දෛනික රැකියා කටයුතු උදෑසනින්ම කර අවසන් කිරීමට වුවමනා නිසා මෙසේ පාන්දර අවදිවෙනවාද කියා මට සිතාගන්නට නොහැකිය. මාත් අහසුත් රාත්‍රී අහාර ගෙන කාමරයට පැමිණියෙමු. රාත්‍රිය ඉතා නිහඬය. ඉඳහිට ඈතින් බල්ලෙකු බුරන හඬක් හැරුණාම වෙනත් හඬක් නෑසුණ තරම්ය. මුව සෝදාගෙන විත් මම යහනට වැටුණෙමි. සිතේ බියක් දෝ චකිතයක් දෝ පෙරළි කරන්නට විය. අහස් නාන කාමරයේ සිට පිටතට පැමිණ මා පසෙක යහන මත වැතිරගන්නා විට මා හද ගැස්ම වේගවත් විය.
මා බඳවටා දෑත් යවා ඔහු මා සිය තුරුළට ළංකරගන්නා විට මා ගත අලුතින් හිරිවැටී ගියේ විදුලි සරයක් ගතපුරා දිව ගියාක් මෙනි. ඔහු සිය සීතල දෙතොලින් සිපගත්තේ මගේ නළලතය.

“ඔයාට තවම වෙලාව තියනවා… ඔයාගේ හිත වෙනස් කරගන්නවා නම්…”

ඔහු පහත් හඬින් කෙඳිරීය.

“මං හිත වෙනස්කරගත්තා නම් මෙතන අද නැහැ… අහස්…”

මමද පහත් හඬින් කීවෙමි. එවර ඔහු මා දොතොල් සිපගන්නා විට මා දැස් පියවී ගියේ ඉබේමය. මා ගත අලුත් හිරිවැටීකමකින් හිරිවැටිණි. ඒ සිප ගැනීම බොහෝ වේලාවක් පුරාම පැවතිණි. එය ඉතා මිහිරිය. පසුව මා නළලත, දෙකම්මුල්, දෙතොල්, ගෙල වරින් වර ඔහුගේ සිප ගැනීමට ලක්විය. මා ගත නුහුරු හැඟීමකින් වෙළී ගියාක් මෙනි. මම ඔහුව මා සිරුරට තද කර ගතිමි. රාත්‍රී නිදන කබායට උඩින් මා හැඳසිටි සීත කබායේ බොත්තම් එකිනෙක ගැළවී ගියේය. මා සිරුර මත නැඟී ඔහු මා ගෙළ පාමුලින් පටන් ගත් සිප ගැනීම් වල කෙළවර වූයේ කුස පෙදෙසිනි. සිරුර පුරා නිදා හුන් හැඟීම් එකිනෙක පිබිදී ඔහුහේ උණුසුම සොයමින් පෙරළි කරන්නට විය. ඔහුගේ උණුසුම පතා වේගයෙන් උස් පහත් වන ළය මඬළ දෙස බලා සිටින අහස් දැක මා සිත ලැජ්ජා මුසුවූ හැඟීමකින් පිරී ගියේය. රාත්‍රී නිදන ගවුම සෙමෙන් ගිළිහී ගියේය. ඔහුගේ මනාව කැපූ රැව්ල් ගස් සිරුරේ ස්පර්ෂවන විට මා ගත කිලිපොළා ගියේය. ගෙල පාමුලින් පටන් ගත් එම සිප ගැනීම් කිති කැවීම්, මා කුස පෙදෙසට සෙමෙන් සෙමෙන් ඇදී එනවිට මා මුවින් පිට වූයේ සිහින් කෙඳිරිල්ලකි.
————————————————————————————————————————————————————-
පසුදින මා අවදිවූයේ තරමක අපහසුතාවයකිනි. පෙරදින රාත්‍රිය සිහිවන විට සිතේ සියුම් ලැජ්ජා මුසු හැඟීමක් ඇතිවුවද මා සිත ප්‍රීතියෙන් පිරී තිබිණි. අහස් යහනේ නොවූ අතර නාන කාමරයේ වතුර මලින් වතුර වැටෙන් හඬ මා සවන් වැකෙනවිට ඔහු එහි බව මම වටහා ගතිමි. ගතට දැනෙන අපහසුතාවයට වඩා මට දැනෙන්නට වූයේ ඔහුට මුහුණදීමට ඇති අපහසුතාවයයි. සෙල්ලවී දොරට ගසමින් අමතන හඬ ඇසී මම වහා ඉසිර විසිරගිය නිදන ගවුමත් දවටාගෙන ගොස් දොර විවර කළෙමි.

“නෝනා මාතියා… කෝපි ගෙනාවා…”

ඈ කාමරයට පිවිස බන්දේසිය මේසය මත තබා යළි පිටවගියේ දොරත් වසාගෙනමය. අහස් පිටතට ඒමට පෙර මම යහන අස්පස්කර දැමීමට සූදානම් වූයෙමි. ලා නිල් පැහැති ඇඳරෙද්ද නෙත ගැටෙන විට මා සිතේ ඉහිරගියේ අලුත් ලැජ්ජාවකි. මම වහා ඇතිරිල්ල බිමට ඇද දැමුවෙමි. මෙය ඔහු දුටුවාද කියා මා නොදන්නාමුත් ගෙවුණ රාත්‍රිය සිහිවි මා ගත අලුතින් හී ගඬු නැංවිණි. මා පසුපසින් පැමිණි අහස් සිය සීතල දෙතොල් මා ගෙල පාමුල තබන විට මම තිගැස්සී හැරුණෙමි. ඔහු මුව මත වූ දඟකාර සිනහවකින් යුතුව මා සිය තුරුළට ඇදගත්‍තේය.

“ගුඩ් මෝර්නින් මැණික…”

මා මුව සිපගන්නට සූදානමින් ඔහු කීය. ඔහුගෙන් එවන් ආමන්ත්‍රණයක් බලාපොරොත්තු නොවූ මා සිත පිරීගියේ අලුත් වූ සතුටකිනි. වුවමනා වූයේ ඔහු තුරුළේ දැවටී ඉන්නට මුත් මම ඔහු කෙරෙන් මිදෙන්නට සැරසෙනවිට ඔහුගේ ග්‍රහණය දැඩි විය.

“මොකද මේ පහන්තිරේ වගේ ඇඹරෙන්නේ…?”

ඔහු සරදම් හඬකින් විමසීය.

“සෙල්ලවී කෝපි ගෙනාවා… නිවෙන්න කලින් බොන්න… ආහ්… අමතකවුණා… ඔයා නිවිලනේ බොන්නේ…”

“තාම හින්ට් ගහනවා නේද…?”

ඔහු මා මුදා හැරියද කරවටා දෑත යවමින් කීය.

“නැතුව… ඔය තුවාය ගලෝලා දාන්නකෝ…”

මම එසේ කියනවිටම ඔහු සූදානම් වූයේ එය ළිහා දමන්නටය.

“මොනාද අනේ… ඔය කරන්නේ…?”

දෝතින් මුහුණ වසාගනිමින් මම කෑගැසීමි.

“ඔයානේ කිව්වේ තුවාය ගළවන්න කියලා…”

මා මුහුණ වසාගෙන සිටි මගේම දෝත බලෙන් මුදාහරිමින් ඔහු කීය.

“පිස්සු… හරි නරකයි… ඇඳුමක් දාගන්න…”

ඔහුගෙන් මිදී මම බන්දේසිය මත වූ කෝපි කෝප්පයක් ගෙන ඔහුට පෑවෙමි.

“මං නරක දැන්ද… ඊයේ රෑ නරක නැත්ද…?”

මනමාල සිනහවක් මුවේ නංවාගෙන ඔහු යළි විමසන විට මම මගේ නෙතු බිමට හරවා ගත්තේ යළි ඉහිරීගිය ලැජ්ජාවෙනි.

“එන්න… එන්න… කෝපි නිවෙනවා…”

ඔහු එවර අසුන්ගනිමින් කීය. මමද ඔහු පසෙක වූ අසුනක හිදගතිමි.

-මැයි 4 වෙනි සඳුදා නැවත හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

වත්මන් රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා...
- Advertisement -spot_img

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

රත් දෝතළු – 88

රත් දෝතළු - 88 මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you