NovelsRath Dothaluරත් දෝතළු - 64

රත් දෝතළු – 64

-

spot_img

රත් දෝතළු – 64

විහඟ කතාකරන දේවල් මම අසා සිටියේ සිතේ වූ සියුම් ශෝකයකින්ද යුතුවය.

“අපි හැමෝම සතුටින් හිටියේ ඔයා නිසා අරවින්දි… අපි ගැන නැතත්… සුදු මම්මා ගැනවත් හිතලා සතුටින් ඉන්න… ඔයා ඔයාටම සීමා දාගන්න හැදුවට… අපි හැමෝම ඔයා ගැන හිතන්නේ පවුලේ කෙනෙක් විදියට… ඔයා සේවකයෙක් විතරයි කියලා හිතුවා නම් අපි මෙච්චර ඔයා ගැන වදවෙන්නේ නැහැ… සුදු මම්මා පව්… එයා තනිවෙලා… ඔයා එයාව සතුටින් තියන්න බලන්න… ප්ලීස්…”

විහඟ මෙසේ කතාකරන විට මා සිතේ ඇතිවූයේ පුදුමයකි. ඔහු පිටතින් දඟකාර, වගකීම් විරහිත අයෙකු මෙන් පෙනුණද මෙතෙක් දිනක් මා ඔහුගේ නොදුටු පැත්තක් අනාවරණය වූවා යැයි කියා මට සිතිණි.

“මං මොනවා කරන්නද විහඟ සර්… මගේ හිත හොඳටම පෑරිලා… මං වරදක් කළේ නැහැ කියලා සර්ලා හොඳටම දන්නවානේ… එහෙම ති‍යෙත්දිත් විශාකා මැඩම් කරපු චෝදනාව බරපතළ වැඩියි…”

අලුත් වූ දුකකින් මම කීවෙමි. කරාමය වසා දමා මම තෙත් වූ දෑත් පිස ගත්තේ ගවුමෙනි.

“දන්නවා ළමයෝ… අපි කවුරුවත් අම්මා කරපු දේ හරියි කියලා පිළිගන්නේ නැහැනේ… එයා අපි එක්ක තියන තරහව යැව්වේ ඔයාගේ පිටින්… එයා අපි ගැන කවදාවත් හිතුවේ නැහැ අරවින්දි… එයා ජීවත්වුණේ එයාගේ ලෝකේ… එයා බිග් බ්‍රෝ එක්ක කොහොමත් තරහින් ඉන්නේ රොසෑන්ව රිජෙට් කරපු නිසා… එයා ඔයාව ඊට වඩා කෙයාර් කරනවා කියලා හිතලා තමා ඒ කේන්තිය ඔයා පිටින් යැවුවේ… එතන ඔයා නෙවේ… වෙන කවුරුහරි හිටියත් එයා කරන්නේ ඒ දේම තමා… අම්මාට ඕන අපිව භේද කරවන්න… ඒ අතරේ ඔයාත් මෙහෙම කළාම… එයාගේ අරමුණ ඉෂ්ඨ වුණා වෙනවා… ඔයාට තේරුණාද…?”

මම පුදුමයෙන් අසා සිටියෙමි. මම මෙවැන්නක් සිතා සිටියේ නැත. තමන්ගේම අම්මා වුවද විහඟ වුවද ඈ කෙරෙහි පැහැදීමක් නැත.

“තේරුණාද…?”

ඔහු යළි මා විමසන විට මම හිස සැළීමි.

“එහෙනම් ටිකක් හිනාවෙන්න දැන්වත්… කටුස්සී වගේ ඔළුව වනන්නේ නැතිව…”

එවිට නම් මා මුවට සිනහවක් නැඟුණේ නිරායාසයෙනි.

“අන්න එහෙම හිනාවෙලා ඉන්න අරවින්දි… ෂ්…. සද්දකරන්න එපා…”

දෙතොල් මත දබරැඟිල්ල තබාගෙන ඔහු කීවේ මා පසුපසින් ඇති දෙයකට අවධානය යොමු කරමිනි. මමද සෙමෙන් හැරී එදෙස බැලීමි. කොණ්ඩ කුරුළු ජෝඩුවක් පයින් ගසේ අත්තෙන් අත්තට පනිමින් කරන දඟය ටික දිනක පටන් මා දෑසට හුරුව තිබුණද විහඟ එය දකින්නට ඇත්තේ. මේ මොහොතේදීය.

“ගහේ කූඩුවක් ඇති…”

ඔහු කීය.

“ඔව්… තියනවා… අපි දැක්කා…”

මම කියනවිට ඔහු මා වෙත හැරුණේය. විහඟ යන්නෙහි තේරුමත් කුරුල්ලා යන්න බව සිහි වී මා මුවට සිනහවක් නැඟිණි.

“ආහ්… මොකෝ ඒ පාර හිනාවෙන්නේ…?”

“නිකන්…”

“නිකන් හිනාවෙයි මෙයා… කියනවා… මොකටද හිනාවුණේ…?”

එවර ඔහුගේ දඟකාරකම යළිත් ඉස්මතු වී ඇත.

“සර්ගේ නමත් විහඟ නේ… ඒකයි…”

“ඉතින්…?”

“විහඟ කියන්නේ කුරුල්ලාටනේ…”

“ඉතින්…”

“ඉතින්… ඉතින් කියන්නේ… සර්ට ගැලපෙන නම දාලා තියෙන්නේ…”

“ඒ මොකද…?”

“කුරුල්ලෝ කියන්නේ එක තැනක ඉන්න සත්තු ජාතියක් නෙවේනේ… හැමතැනම ඉගිළෙනවා… සර්ත් ඒ වගේනේ…”

“ඉතින් මේ කුරුල්ලට හරියන කිරිල්ලියක් තවම මුණ ගැහුණේ නැහැනේ… එක තැනකට වෙලා කැදැල්ලක් හදාගන්න…”

ඔහු එසේ කියා බැලුවේ මා දෙසය.

“මේ යන තාලේට ගියොත් නම්… සර්ට කවදාවත් හදාගන්න නම් බැරිවෙයි…”

“ඒ මොකෝ…?”

“වටේම යන කිරිල්ලියෝ සේරම ඇවිත් සර්ගේ කරේ ළඟින්න හදනකොට සර් කොහොමද එක කිරිල්ලියක් එක්ක එකතු වෙලා කූඩු තනන්නේ…?”

ඔහු මවිතය රැඳි දෑසින් මදෙස බලා සිටින විට මම ගෙතුළට ආවේ විනිෆ්‍රීඩා මහත්මිය මා අමතන හඬ ඇසීමෙනි.
————————————————————————————————————————————————————-
රාත්‍රී ආහාර සකසන්නට විහඟ උපකාර කළේ ස්ව කැමැත්තෙන්මය. විනිෆ්‍රීඩා මහත්මිය සතුටින් සිටින බව මට පෙනිණි. අහස් පැමිණෙන විට අපි සිටියේ විහඟ කී දෙයකට උස් හඬින් සිනහසෙමිනි.

“මෙයාලගේ සද්දේ ඇහෙනවා එහෙට…”

අහස්ගේ හඬින් මම හැරී බැලුවේ මුවේ පහව නොගිය සිනහවෙන්මය. ඒ දෑස් සතුටින් දිලිසෙන සැටි මම දුටිමි.

“කාගේ සද්දේද වැඩිපුරම ඇහුණේ බිග් බ්‍රෝ… අරවින්දිගේ නේද…?”

විහඟ මා අවුස්සන්නට සිතා පැවසුවා වන්නට ඇත.

“අනේ යන්න විහඟ සර් බොරු නොකියා… ඔයා තමා හයියෙන් හිනාවුණේ… නේද මැඩම්…?”

මුව ඇදකරමින් මම කීවේ මවාගත් නොමනාපයකිනි.

“හිනාවෙලා දැන් මගේ ඉළ ඇටත් ඇදුණාද කොහෙද…?”

විනිෆ්‍රිඩා මහත්මිය කීවේ අලුතින් ඈඳුණු සිනහවකිනි. රාත්‍රී ආහාර අපි එක්ව ගතිමු. මෙදින කිසිවෙකු විශේෂයෙන් ඇරයුම් කිරීමට වුවමනා නොවීය.

“අද කෑම හරිම රසයි… නේද සුදු මම්මා…?”

අහස් මවෙත බැල්මක් හෙළා විමසීය.

“වෙනදටත් අරවින්දිගේ කෑම රසයි නේ පුතා…”

වෙනසක් නොඅඟවා විනීෆ්‍රිඩා මහත්මිය කීවාය.

“ඔව්… හැබැයි අද වෙනදට වඩා රසයි…”

අහස් යළිත් කීය.

“අද මාත් එක්ක එකතුවෙලානේ ඉව්වේ… ඒ නිසා වෙන්නැති…”

විහඟ මැදිහත්වෙමින් කීය.

“ඔව්…ඔව්… වෙන නැත්නම්…”

“ආහ්… නැත්නම් මොකෝ…?”

අහස් එයට කිසිත් නොකීය.

“ආහ්… මං දන්නවා… අද අරවින්දි කාලෙකට පස්සේ අපි එක්ක කන නිසා නේද… බිග් බ්‍රෝ…?”

විහඟ යළිත් කියන විට මා සිතේ ඉහිර ගියේ ලැජ්ජාමුසු හැඟීමකි. අහස් සිනහසෙන දෑසින් මදෙස බලා හිඳිනු දැක මම නෙතු බිමට නැඹුරුකරගතිමි.

එක් දිනක් අහස් මා සිය කාර්යාල කාමරයට කැඳවූයෙන් මම එහි ගියේ සිතේ දෙගිඩියාවෙනි. කුමක් හෝ වරදක් වත් සිදුවූවාදැයි කියා සිතන්නට මම ගෙවුණු දින කීපය පුරා මනසින් සැරිසැරුවෙමි. එවන් කිසි වරදක් නම් මාතින් සිදුවූයේ නැත.

“අහස් සර්…”

දොරකඩ හිඳගෙන මම ඔහු ඇමතුවෙමි. ඔහු කාර්යය නවතා හිස ඔසවා බැලීය.

“එන්න අරවින්දි…”

ඒ හඬ ලෙංගතුය. සැහැල්ලුවක් මා සිතේ ඇති විය.

“වාඩිවෙන්නකෝ…”

ඔහු ඉදිරියේ වූ අසුන පෙන්වමින් ඔහු කියන විට මම එහි හිදගතිමි.

“වැඩ ගොඩ ගැහිලා… මට මේ ටික කරගන්න ඔයාගේ සපෝර්ට් එක ඕන…”

“ඒත්… මට මේවා කරන්න පුළුවන් වෙයිද…?”

දෙගිඩියාවෙන් මම ඇසීමි.

“මං කියලා දෙන්නම්… ඔයා අල්ලගනියි ඉක්මන්ට…”

ඔහු පැවසුවේ මා කෙරෙහි විශ්වාසයෙන් මෙනි. මුලින් මා සිතේ බියක් ඇතිවුවද ඔහු සියල්ල මට මනාව කියා දුන්නෙන් මට ඉක්මනින්ම ඒ සියල්ල ග්‍රහණය කරගත හැකි විය. එය අහස්ගේ පැසසුමට ලක්වූයෙන් මා සිතේ ඇති වූයේ සතුටකි.

“දැන් මෙයාට අපි එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ… ඒ තරමට බිසී…”

විහඟ නෝක්කාඩු කීවේ එක් රාත්‍රියක ආහාර ගන්නා මොහොතේදීය.

“එහෙම් තමා… දැන් වගකීම් වැඩියි…”

මමද මඳහසක් පාමින් කීවෙමි.

“මේ මනුස්සයාගෙන් ඔහොම මරෝගෙන වැඩගන්න එපා බිග් බ්‍රෝ… බලන්න… කීයක් දේවල් කරනවද කියලා… සුදු මම්මා බලාගන්නවා… උයන ඒවා… ඒ මදිවට දැන් ඔෆිස් එකෙත් වැඩ…”

විහඟ කීවේ නොමනාපයෙන් මෙනි.

“ඒකට තමා පඩියක් ගෙවන්නේ… මං අරවින්දිගේ සැලරි වැඩි කරලා තියෙන්නේ… අනික අරවින්දිගේ හැකියාවෙන් වැඩක් ගන්න ඕන… එයා ඉගෙනගත්තු ළමයෙක්…”

අහස් කතා කළේ මා වෙනුවෙනි. ඔහු මා කෙරෙහි යම් ගරුත්වයකින් යුතුව එසේ පවසන බවක් මට වැටහිණි.

-හෙටත් හමුවෙමු-

Latest news

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...
- Advertisement -spot_img

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න - Alia Bhatt බොලිවුඩ් සිනමාවේ නව පරපුර නියෝජනය කරන නිළියන් අතර ආලියා භාට්ට හිමිවන්නේ සුවිශේෂී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you