මම නිළියක් වෙන්න හිතුවෙ නෑ – Malavika Mohanan
කලා පවුලක සාමාජිකාවක් ලෙසින් සිනමාවට පැමිණි Malavika Mohanan මේ වන විට දමිළ සහ මලයාලම් සිනමාවේ සිටින ජනප්‍රියම නිළියක්. මේ දිනවල ඇය රඟපෑ Hridayapoorvam චිත්‍රපටය සාර්ථක අන්දමින් තිරගත වෙනවා. ඇය එහි රඟපෑවේ සුපිරි නළු Mohanlal සමගයි. එය විශිෂ්ට අත්දැකීමක් බව ඇය කියනවා.

“මම මීට කලිනුත් ජනප්‍රියම නළු නිළියන් එක්ක වැඩ කරලා තියෙනවා. මම මුම්බායිවල ජීවත්වුණ නිසා වැඩිපුරම බැලුවෙ හින්දි චිත්‍රපට. මලයාලම් චිත්‍රපටත් බැලුවා. තෙළිඟු දෙමළ චිත්‍රපට බැලුවෙ අඩුවෙන්. මොහාන්ලාල් ගෙ චිත්‍රපටයක් කියන්නෙ අති දැවැන්ත කටයුත්තක්. ඔහු මගේ ඇස් ඉදිරිපිට ඉන්නව දැකීම පවා මට අදහගන්න බැරි වුණා. මම හිතුව දවස් කිහිපයකින් ඒ හැඟීම නැතිවෙයි කියලා. ඒත් කවදාවත් එහෙම වුණේ නැහැ. ”

සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක් සමඟම රංගනයේ යෙදීමට ඇය වාසනාවන්ත වුණා. මම්මූටි (The great father), රජිනිකාන්ත්, විජේ සේතුපති (petta ), විජේ (Master), ධනුෂ් (Maaran) සහ වික්‍රම් (Thangalan) ඒ අතරට අයත්. සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙක් වන අධ්‍යක්ෂක සත්‍යන් අන්තිකාඩ් සහ මොහාන්ලාල් සමග වැඩ කිරීමට ලැබීම වාසනාවක් බවත්, ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙනගත් බවත් Malavika පවසනවා. ඔවුන් දෙදෙනා චිත්‍රපට 22 කට වඩා එක්ව වැඩකළ මිත්‍රයන් දෙදෙනෙක්. වර්තමානයේ සිටින අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ මුළු වෘත්තීය ජීවිතය තුළම චිත්‍රපට 22 ක්වත් නිර්මාණය කරන්නේ නැති බව ඇය පවසනවා.

ඇයට චරිතය ලැබුණ ආකාරය සිහිපත් කරමින් Malavika පවසන්නේ තමාට අඛිල් සත්‍යන්ගෙන් ඇමතුම ලැබුණු විට, ඔහුගේ පුතුන් දෙදෙනාම චිත්‍රපට නිෂ්පාදකයින් බැවින් එය ඔවුන් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් සඳහා යැයි තමා සිතූ බවයි.
“ඒ වෙලාවේ තමයි අඛිල් මට කිව්වේ ඒක එයාගෙ තාත්තා කරන චිත්‍රපටයක් කියලා. ඉතින් හැමදේම ඉක්මනින් සිදු වුණා. අඛිල් මට කිව්වා එයාගෙ තාත්තා මට කතා කරයි කියලා, මිනිත්තු පහක් ඇතුළත මට ඇමතුම ලැබුණා. ඒ කාලේ මම හයිද්‍රාබාද්වල හිටියෙ”
තමාට මලයාලම් භාෂාව හොඳින්ම බැරි වීම ඇයට ප්‍රශ්නයක් වී තිබුණා.
“මම සත්‍යන් සර්ට කිව්වා මම පයන්නූර් උප භාෂාව කතා කරලා තියෙනව කියලා. චරිතය පූනේවල නිසා ඒ ගැන කරදර වෙන්න එපා කියලා ඔහු මට කිව්වා.”




