මහජන නියෝජිතයින්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අද වන විට රාජ්‍ය පාතාලය හා රාජ්‍ය ත්‍රස්තවාදය සමාජය ගිලගෙන ඇති බවයි අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදුකර, මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරියේදී පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇති බවයි මෙයට පිළිතුරු ලබාදුන් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර සිටියේ.



