More
    Interviewsමගේ ඩමියක් ගෙදරක එල්ලලා තිබුණා

    මගේ ඩමියක් ගෙදරක එල්ලලා තිබුණා

    -

    spot_img

    මගේ ඩමියක් ගෙදරක එල්ලලා තිබුණා – Sadie Sink

    Stranger Things කතා මාලාව තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් Sadie Sink රංගනයට පිවිසුණේ ලාබාල වියේදීමයි. 23 හැවිරිදි ඇය දිනෙන් දිනම ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක ලෙසින් ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වෙමින් සිටිනවා. 

    Sadie Sink

    • Stranger Things ඔයාගෙ ජීවිතේට ආවෙ කොහොමද?

    එතකොට මට අවුරුදු 14 යි. High School යන කාලේ. මම සම්බන්ධ වෙනකොටත් ඒක ජනප්‍රිය වෙලා ඉවරයි. මගේ චරිතය මැක්ස්. skateboarding කරන වයසට වඩා නුවණක්කාර tomboy කෙනෙක්.

    • ඔයාට skateboard පුළුවන්ද?

    බැහැ. කොහෙත්ම බැහැ. ඒත් මම පොඩි බොරුවක් කිව්වා Rollerblading ගැන දන්නවා කියලා. මම හිතුව ඒක මට වාසියක් වෙයි කියලා.

    Sadie Sink

    • Halloween වලට මැක්ස් වගේ අඳින අය දැකලා තියෙයිද?

    ඔව්. මම දැක්කා කවුරුහරි මගේ dummy එකක් ගෙදරින් එළියෙ එල්ලලා තියෙනවා. ඒක නියමයි.!

    • ඔයා Halloween එකට සහභාගි වෙනවද?

    මම Halloween වලට ආදරෙයි.

    • John Proctor Is the Villain චිත්‍රපටය වෙනුවෙන් ඔයාව Tony සම්මානයට නිර්දේශ වුණා. ඒ ආරංචිය ඇහෙනකොට ඔයා කොහෙද හිටියෙ?

    මගේ සහෝදරයා තමයි මට ඒ ගැන කිව්වෙ. බය නිසා මට ඒක බලන්න වුවමනා වුණෙත් නැහැ. මම උදේ නැගිටලා පහලට යන්න පඩිපෙල බහිනකොට එයා ඇවිත් කිව්වා මම Nominate වුණා කියලා. මට කෑගැහුනෙ නෑ. ඒක මගෙ ජීවිතේ සතුටුම මොහොතක්.

    Sadie Sink

    • ඔයාගෙ කැමතිම රියැලටි වැඩසටහන?

    RuPaul’s Drag Race. ගිය අවුරුද්දේ මට ඒක ටිකක් මග ඇරුණා. ඒත් මම පස්සෙ ඒ ඔක්කොම බැලුවා. All stars තමයි මම කැමතිම එක. ඒකෙ හොඳම අභියෝග, දක්ෂකම් තියෙනවා.

    • ඔයාගේ පළවෙනි kiss එක ගැන කියන්න.

    ඒක set එකේ දි කරන්න වුණේ. හරිම ලැජ්ජාවක්. අම්ම ඉස්සරහ පළවෙනි හාදුව ගන්න කවුරුත් කැමති නැහැනේ. එයා ඒ දිහා බලාගෙන හිටියෙ. ඒත් දැන් මතක් කරනකොට ඒක සුන්දර අත්දැකීමක්.

     

    • ඉස්සෙල්ලම High heels දැම්ම දවස මතකද? 

    Sadie Sink

    Stranger Things වලට තමයි. එතකොට මට අවුරුදු 15 යි. මම මේකප් දාන්න අකමැති වුණා. මට ඕනෙ වුණේ නැහැ වයසින් වැඩි පෙනුමක් ලැබෙනව දකින්න. මම කිව්වා මේකප් දාලා ඉන්නෙ කියලා මිනිස්සු දැන ගන්නවට මම කැමති නෑ කියලා.

     

    • ඔයාගෙ ලග්නෙ ?

    මේෂ . නායකයින්, ධෛර්යමත් සහ අනිත් අයව මෙහෙයවන්න කැමති අය.

    • ඔයා පූසෙක් වගේද? බල්ලෙක් වගේද?

    මම පූසෙක් වගේ. මම ගෙදරින් එළියට යන්න කැමති නැහැ. ගොඩක් යාළුවෝ ඉන්නවට වඩා එක යාළුවෙක් දෙන්නෙක් ඉන්නවට තමයි කැමති. ඒක පූසන්ගෙ හැසිරීමට සමානයි.
    W Magazine ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම...
    - Advertisement -spot_img

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක - Shraddha Kapoor කලා පවුලක සාමාජිකාවක් වුණ ශ්‍රද්ධා කපූර්ව ගොඩක් දෙනෙක් හඳුනගන්නෙ ආශිකී 2...

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page