Artබෙන්ගේ බිහිසුණු පරිච්ඡේදය

බෙන්ගේ බිහිසුණු පරිච්ඡේදය

-

spot_img

බෙන්ගේ බිහිසුණු පරිච්ඡේදය Primate

මිනිස්සු පැවැත එන්නෙ වඳුරන්ගෙන් බව පැවසෙනවා. සොබාදහමට අනුව ජීවත්වෙලා සොබාදහමට හිස නමමින් මියයන වඳුරො නම් මිනිසා පැවත එන්නෙ තමන්ගෙන් කියන කතාවට ටිකක්වත් කැමති වෙන එකක් නැහැ. මිනිස්සු ඒ තරම් නපුරුයි. විකාර සහගතයි. සෙල්ලම් ගෝරිල්ලෙක්ව තුරුල් කරගෙන සත්වෝද්‍යානයේ එහෙ මෙහෙ යන පන්ච් කියන වඳුරු පැටියා ගැන පහුගිය දවස්වල ලෝකයම සංවේදී වුණා. සත්තුන්ව කූඩුවල හිරකරලා, එහෙම නැත්තම් කැලයේ ගෙවල් හදලා මිනිස්සු සත්ව කරුණාව, හිංසනය ගැන කතා කරනව. ආදරේ කියන්නෙ කෘතිමව ලබා දෙන්න පුළුවන් දෙයක් නෙමේ. සත්ත්ව විද්‍යාවෙදි Primate කියල හඳුන්වන කාණ්ඩයට වඳුරන්, චිම්පන්සින්, ගෝරිල්ලන්, බැබුං විතරක් නෙමෙයි මිනිස්සුත් අයිතියි. ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ සත්තු ඉන්නෙ ඔවුන්ට සුරතලේට ඇති කරන්න, ආරක්ෂාවට හෝ කෑමට ගන්න කියලා. ඒ කියන්නෙ ඔවුන්ව මොනයම්ම විදිහකින් හෝ පිනවන්න.

Primate

Lucy කියන ගැහැණු ළමයා කාලෙකට පස්සෙ තමන්ගෙ ගෙදරට එන්නෙ මිතුරියන් දෙන්නෙකුත් එක්ක. ලුසීගෙ ගෙදර තිබුණෙ හවායි වල. ඔවුන්ට Ben කියලා සුරතල් සතෙක් හිටියා. Ben චිම්පන්සියෙක්. එයාට මිනිස්සුත් එක්ක හොඳට සන්නිවේදනය කරන්න පුළුවන්. මිනිහෙක්ට තරමටම බුද්ධියත් තිබුණා. ඒ වගේම බෙන් හරිම ආදරණීය සතෙක්.

Primate

නමුත් හැමදේම වෙනස් වෙන්නෙ අනපේක්ෂිත සිද්ධියකට පස්සෙ. දවසක් අසල කැලයේ ඉන්න mongoose සතෙක් බෙන්ට දෂ්ඨ කරනවා. ඊට පස්සෙ බෙන්ගෙ හැසිරීම් වෙනස් වෙන්න ගන්නෙ ඉතාම වේගයෙන්. වෛරස ආසාදනයක් නිසා කලින් සිටිය ආදරණීය සත්ත්වයා වෙනුවට බෙන් ආක්‍රමණශීලී, බිහිසුණු සතෙක් බවට පත්වෙලා තියෙනව. බිහිසුණු සිද්ධි දාමයක් ඇරඹෙන්නෙ ඒ විදිහට.

Primate

Primate වර්ගයටම අයත් වුණත් අනිත් සත්තුන්ට වඩා මිනිස් සතා වෙනස් වෙන්නෙ ඔවුන් තුළ තියෙන තමා බලවත්ය යන සිතිවිල්ල හේතුවෙන්. සොබාදහම පාලනය කළ හැකිබව මිනිස්සු තරයේම විශ්වාස කරනවා. ඒ වගේමයි විද්‍යාව තුළින් සොබාදහම ඉක්මවා යෑමට මිනිස්සු නිරතුරුව උත්සාහ කළත්, සොබාදහම අභිබවා යන්න කවදාවත් බැහැ. මහ විනාශයකට පස්සෙ වුණත් ඒ ඇත්ත මිනිස්සු තේරුම් ගන්නෙ හරි කලාතුරකින්.

Primate

Horror තේමාවේ කතාවක් වෙන Primate චිත්‍රපටය අධ්‍යක්ෂණය Johannes Roberts විසින්. Johnny Sequoyah, Jessica Alexander, Victoria Wyant, Gia Hunter, Benjamin Cheng, Troy Kotsur රංගනයෙන් දායක වෙනවා.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you