Interviewsපැහැරගත්තු අය මගේ කොණ්ඩෙ බූ ගෑවා

පැහැරගත්තු අය මගේ කොණ්ඩෙ බූ ගෑවා

-

spot_img

පැහැරගත්තු අය මගේ කොණ්ඩෙ බූ ගෑවා – Emma Stone

ජනප්‍රියත්වය ළඟා කර ගැනීමට වඩා විශිෂ්ටයෙකු වීම බෙහෙවින් අසීරුයි. ජනප්‍රිය වූ පමණින් විශිෂ්ටයෙකු වෙන්නට බැහැ. ඒ සඳහා බොහෝ දෑ සපුරාලිය යුතුයි. අමෙරිකානු රංගන ශිල්පිනී Emma Stone හැඳින්වෙන්නේ ඇයගේ පරම්පරාවේ බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක් වශයෙන්. රංගනය උදෙසා ඇකඩමි සම්මාන දෙකක්, බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකක් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ එමා ස්ටෝන් 2017 වසරේදී ලොව වැඩිම වැටුප් ලබන නිළිය බවට පත් වුණා. 

Emma Stone

සුප්‍රකට ග්‍රීක් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක Yorgos Lanthimos සහ Emma Stone මුසුව මෑත කාලීන සිනමාවේ වඩාත්ම කතාබහට ලක්වූ දෙයක්. The Favourite (2018), Poor Things (2023), Kinds of Kindness (2024) සහ නවතම Bugonia (2025) යන චිත්‍රපට ඒ අතරට අයත්. තමා මේතාක් කාලයකට රඟපෑ හොඳම චරිතය Poor Things චිත්‍රපටයේ Bella Baxter ගේ චරිතය බව එමා පවසනවා. මේ එමා ස්ටෝන් W Magazine සමග සිදුකළ කතාබහක්.

• Save the Green Planet ෆිල්ම් එකේ වගේ Bugonia ෆිල්ම් එකටත් ඔයා කොණ්ඩෙ බූ ගාලයි ඉන්නෙ?

ඔව්. adaptation එකේ අට වෙනි පිටුවෙදි එයාලා ඇගේ කොණ්ඩෙ බූ ගානවනෙ. මුල් චිත්‍රපටයෙ ඒ දේ කරනවා. පැහැරගත්තු අය මගේ කොණ්ඩෙ බූ ගානවා. ඇත්තටම මම පිටසක්වළ ජීවියෙක් නම් මට පුළුවන් මගෙ ලෝකෙ අය එක්ක කොණ්ඩෙ හරහා සන්නිවේදනය කරන්න. ඒක හැමෝම දන්නවා.

• ඔයා පිටසක්වල ජීවීන් විශ්වාස කරන බව මම දන්නවා. ඒක නෙමේ ඔයා හොල්මන් විශ්වාස කරනවාද?

මම සම්පූර්ණයෙන්ම හොල්මන් විශ්වාස කරනවා. මම කවදාවත් හොල්මනක් දැකලා නැහැ. ඒත් මම හැම තැනකම, හැම වෙලාවකම හොල්මන් ඉන්න බව දන්නවා. ඒ මගේම වැරදි හරි අනිත් අයගෙ වැරදි හරි වෙන්න පුළුවන්. මට ඒ දේවල් දැනෙනවා. ඒ වැරදි හොල්මන් වගේ මාව බය කරනවා.

• ඔයා ඔවුන් එක්ක කතා කරලා තියෙනවද?

මම කෑගහලා කිව්වා, “අපි හැමෝම හොඳ මිනිස්සු. ඔයාලාව මෙහෙට සාදරයෙන් පිළිගන්නවා. මම දැන් ඔයාලා එක්ක කතා කරන්න, ඔයාලා දකින්න කැමති නැහැ. නමුත් ඔයාලා ඔතන ඉන්නවනං, මගෙන් කරදරයක් නැතිබව දැනගන්න ” කියලා. එතකොට මට රිලැක්ස් එකක් දැනෙනවා. මේක එක විදිහක psychosis එකක්. ඒත් ඉතින් මම නිළියක්නේ. [සිනාසෙයි]

• හිස මුඩු කරන එක මොනවගේ අත්දැකීමක්ද? ඔයාට සතුටක් දැණුනද? ඔයාව පැහැරගත් අය cold cream ගාන එක නම් එච්චර හොඳ වැඩක් නෙමේ වගේ පෙණුනෙ.

ඒ ක්‍රීම් එක කොණ්ඩෙ කපනවට වඩා එපා වුණා. ඒ හින්දා හිස මුඩු කෙරුව එක ගැන මට සතුටක් දැණුනා. මොකද ඒ ක්‍රීම් එක කොණ්ඩෙ ඇලිලා තියෙනකොට. ඔයාට හිතාගන්න පුළුවන්ද, දිග කොණ්ඩෙකුයි එහෙම ක්‍රීම් එකකුයි ගැන. ඒක බය හිතෙන හීනයක් වගේ දැනෙන්නෙ.

• Poor Things චිත්‍රපටයට පස්සෙත් Bella Baxter කියන චරිතය ඔයා ඇතුළට වෙලාම හිටියා කියලා මම දන්නවා. දැන් එයාව miss වෙලාද?

ඔව්. හැමදාමත් මට එයාව මග හැරෙනවා. මට ආයෙම සදහටම බෙලාගේ චරිතය රඟපාන්න අවස්ථාවක් ලැබුණත්, මම ඒක කරනවා. නමුත් මම ඒ මගුල් චිත්‍රපටිය ගැන කතා කිරීම නවත්තන්න ඕනේ. මම කියන්නේ, යෝර්ගෝස් පවා මට කියනවා ඒකෙන් ගොඩ එන්න, ඉදිරියට යන්න කියලා.

Emma Stone

• හැලොවීන් එකේදී Bella Baxter වගේ ඇඳගත්ත අයව දැකලා තියෙනවද?

මම මිනිස්සුන්ව බෙලා වගේ දැකලා තියෙනවා. ඒත් මේ අවුරුද්දේ මම හැලොවීන් එකට ශල්‍ය වෛද්‍යවරියක් විදිහට ගියා, ඒක මගේ real job එක කියලා මම හිතනවා.

• ඇත්තටම?

මම වෛද්‍යවරියක්. මට ඒක ඔප්පු කරන්න උපාධියක් නැතුව ඇති, ඒත් මම දැන් ඔයාට කියන්නේ, මම වෛද්‍යවරියක් කියලා. ඔයාට රෝග විනිශ්චයක් එහෙම නැත්තම් වෛද්‍ය උපදෙසක් අවශ්‍යයි නම් මාව මුණගැහෙන්න. මම හාවඩ් වෛද්‍ය විද්‍යාලයට ගියා. මට එකඟ වන වෛද්‍ය කණ්ඩායමක්ම ඉන්නවා. [සිනාසෙයි]

• ඔයා තාමත් ගොඩක් සංවේදියි ද?

ඒක දැන් ටිකක් වෙනස් වෙලා. මම තරුණ කාලෙනම් මම ගොඩක් කැමති කෙනෙක් දැක්කමත් මට ඇඬෙනවා.

• කණගාටුයි , ඔයාගෙ වීරවරියක් වුණ Diane Keaton මෑතකදි මිය ගියා.

මට තාමත් අදහගන්න බැහැ. ඇය තමයි මගේ North Star, මගේ වීරවරිය. මොකද කිව්වොත් වෙන කවුරුත් අනුකරණය කරන්න එපා කියන දේ මට තේරුම් කරේ ඇය. ඔයා කවුද, ඔයාට කරන්න පුළුවන් දේ තේරුම් ගන්න එක කොච්චර වටිනවද කියන දේ ඇය මට ඉගැන්නුවා. ගොඩක් පැතිවලින් ඇය දක්ෂ නිළියක් විතරක් නෙමේ අධ්‍යක්ෂවරියක්, ඡායාරූප ශිල්පිනියක්, කෝපි මේස ,පොත් භාරකාරියක්, වයින් සාදන්නියක්. ඇය, ඇයමයි. Fashion, ඇය ගැන හැම දෙයක්ම අද්විතීයයි සහ සම්පූර්ණයෙන්ම Diane! ඔයාට වෙන්න පුළුවන් වටිනම දේ ඔයාම වීම බව මට ඇත්තටම තේරුම් කරලා දුන්නෙ ඇය.

• ඔයා වගෙම ඇයටත් හරි ඉක්මන්ට dramatic වෙන්න පුළුවන්. තත්පරයක් ඇතුළත. ඒක හරි දුර්ලභ ලක්ෂණයක්. 

Emma Stone

ඇය හරි ජීවමානයි. මට හිතන්නේ ජීවිතේ එකම මොහොතක හරිම ඛේදජනකයි සහ හරිම විහිලු සහගතයි කියලා. අපි ඒ දෙකම අතර ඉන්නෙ. පවතින තත්වයන්, සබඳතා, මේ හැම දේම ඇතුළෙ ඒ හැමදෙයක්ම දුක හිතෙන කොමඩියක්. ඇය කරා වගේ ඒ දේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන් වීම වාසනාවක්.

• ඔයාට කැමතිම රියැලිටි වැඩසටහනක් තියෙනවද?

The Real Housewives of Salt Lake City. ඒක අපූරුයි. ඊයෙත් මම episode දෙකක් බැලුවා. මම ඒකට කැමතියි.

• ඔයා Jennifer Lawrence එක්ක Miss Piggy චිත්‍රපටයේ රඟපානවා. ඔයාද Miss Piggy විදිහට රඟපාන්නෙ?

ඒක තමයි මම මිස් පිගී ගැන ඇහුව ලොකුම අපහාසය. ඇයට ඒ විදිහට අගෞරව කරන්න මම ඉඩ දෙන්නෙ නැහැ. ඇයි මම තරුවක් විදිහට රඟපාන්නෙ? ඇය තමයි විශිෂ්ටම. නැහැ. ඇත්තටම මම මිස් පිගී විදිහට රඟපාන්නෙ නැහැ. Jen රඟපාන්නෙත් නැහැ. අපි බයවෙලා හිටියෙ. මිස් පිගී තමයි මිස් පිගී විදිහට රඟපාන්නෙ.

Emma Stone

• ඔයා පූසෙක් වගේද නැත්නම් බල්ලෙක් වගේද?

මම කලින් හිතුවේ මම බල්ලෙක් කියලා, දැන් මම හිතන්නෙත් මම බල්ලෙක් කියලා. මම ගොඩක් මිත්‍රශීලී පූසන්ගෙන් කෙනෙක්. ඇත්තටම පූසෙක්ගෙ ගතිත් තියෙනවා. ටිකක් තනියෙන් ඉන්න කැමති. introvert කෙනෙක්. බව්වෙකුත් වගේ. මම විහිළු කරනවා නේද?

• Photos වලට ලේ වැගිරෙන සිරුරක් ඇදගෙන යන්න කියලා අපි ඔයාගෙන් ඉල්ලුව වෙලාවෙ ඔයා ඒක හොඳට කරා.

මගේ හිතේ කතාව හැදෙනවා, මේ මිනිහව මැරුවෙ මම කියලා. ඉතින් ඊට පස්සෙ මම ඒකෙන් ගොඩ එන්න ඕනෙනේ !

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

අවන් එකක් නැතිව කේක් එකක්

අවන් එකක් නැතිව කේක් එකක් - No Bake Blueberry Cheesecake අවන් එකක් නැතිව හදන්න හොඳ dessert එකක් හොයන කෙනෙක්ට හරිම...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you