Featuresපාරට්ටු, පෙරෙට්ටු සහ කැරැට්ටු

පාරට්ටු, පෙරෙට්ටු සහ කැරැට්ටු

-

spot_img

පාරට්ටු, පෙරෙට්ටු සහ කැරැට්ටු

ස්වභාවයෙන්ම බොහෝ පුද්ගලයන් වැඩි කැමැත්තක් දක්වනුයේ තමන් ගැන ගුණකථන ගැයෙනවාට ය. ඔසවා තැබීම්, පිට කැසීම් සහ උත්කර්ෂයට නැංවීම් යනු මිනිසා තමන් සන්තර්පණය කරගැනීම සඳහා ආහාරපාන වලට වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදෙන උත්ප්‍රේරණ ය. සැබවින්ම එකී ගුණාංග, කුසලතා හෝ ප්‍රවණතා තමන් සතුව පවතීද යන්න සලකා බැලීම හෝ ඇති කුමක් හෝ යමක් වැඩි දියුණු කරගැනීම ඔවුන්ට අවැසි නැත. අවශ්‍ය වන ප්‍රමුඛ කාරණය වනුයේ සමාජය තමන් එසේ යැයි සිතා තමන්ට සැලකුම් කරනවා දැකීමය. මේ පාරට්ටුව තමන්ට දිනෙක සමාජය ඉදිරියේ ඔප්පු කිරීමට සිදුවේයැයි යන අපේක්ෂාවක් ඔවුනට ඇත්තේම නැත. ඇත්තේ සමාජය තමාව ඉහළින් පිළිගන්නේය යන අධි තක්සේරුව පමණි. එහෙත් ඕනෑම පාරට්ටුවක් නිතැතින්ම සමාජය ඉදිරියේ පෙරෙට්ටුවකට ලක්වන දිනයක් පැමිණේ. සැබෑ පුද්ගලයා මතුවීම නොහොත් කැරැට්ටුව එළියට ඒම ආරම්භ වන්නේ ඒ මොහොතේදී ය. 

Disaster Management

මේ තීරණාත්මක මොහොතේදී සැලකිල්ලට බඳුන් කෙරෙන්නේ අතීතය සහ වර්ථමානයයි. අතීතයේ පාරට්ටු කළ දෙයෙහි පෙරට්ටුව තැබිය හැක්කේ වර්තමානයේදී ය. එහිදි මැන බැලෙන කැරැට්ටුව එම පුද්ගලයාගේ අනාගතය යි. “ඉස්සර එහෙම වුණාට, දැන් අපි එහෙම නෑ” කියා බොහෝ අය කීවද, උසාවියකදී පවා ‘පෙර වැරදි” සලකා බලන ප්‍රවණතාවක් තිබේ. “යහපත් කල්ක්‍රියාව” හිරෙන් නිදහස් වීමට පවා හේතුවක් වන්නේ එකී න්‍යායෙනි. සාමාන්‍ය කතාබහේදී අප නිතරම භාවිත කරන කියමනක් වන්නේ “ගිය දේ ගියා – වෙන්න තියන දෙයක් බලමු” යන්නයි. මේ කියවෙන්නේ අතීතය සහ වර්ථමානය ගැනය. අතීතයේ සිද්ධ වූ අයහපත් යමක් යහපත් කිරීම වෙනුවෙන් සේම අනාගතය වෙනුවෙන් එය නිවැරදි කිරීමට ඇති හොඳම අතරමැදි අවස්ථාව වර්ථමානයයි. පොදු ව්‍යවහාරයේ පවතින “අද කළ යුතු දේ හෙටට කල් නොදමන්න” යන්න සැදෙන්නට ඇත්තේ ඉහත පුරෝකථන වලට සමගාමීව විය හැකිය.

Disaster Management

මීගමුව බන්ධනාගාර සිද්ධියට මසක් සම්පූර්ණ වීමටත් පෙර මහර බන්ධනාගාරය තුළත් එවැනිම සිද්ධියක් වාර්තා විණි. එම සිද්ධි කුරුවිට, වැලිකඩ මැගසින් සහ දළුපොත පල්ලන්සේන බන්ධනාගාර දක්වා ව්‍යාප්ත වූ අයුරුද දක්නට ලැබිණි. මීගමුව සිද්ධියේ තරම් ජීවිත හානි නොවූ හෙයින්දෝ, ඇතැමෙක් එය මීගමුවට වඩා “මාරයි” යන්න වර නඟනු දක්නට ලැබිණි. පෙර සේම රැඳවියන් හා ඔවුන්ගේ ඥාතීන්ට දොස් නඟමින් එය “රාජපක්ෂලාගේ වැඩක්” යන්න ඔසවනු පෙණිනි. අලුතින් බන්ධනාගාර හදන්නට ගැසට් ගැසූ අධිකරණ ඇමතිවරයාද එය “කවුරුහරි සැලසුම් කරලා කරන වැඩක් වගේ” යන්න මතුකරනු පෙනෙන්නට විය. කෙටියෙන් ඇසිය යුතු වන්නේ, මීගමුව සේම මහර සිදුවීමත් බලය හොබවන ආණ්ඩුව බාරගන්නේද? එසේත් නැත්තම් ඒ දෙකම රාජපක්ෂලාට බාරදෙන්නේද? යන්න පමණි. රැඳවියන් බන්ධනාගාර තුළ මුහුණදෙන අමිහිරි අත්දැකිම් සේම, බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා අවශ්‍යතා පිළිබඳවද සමාජ කතිකාවතක් ගොඩනැඟෙමින් පවතී. බන්ධනාගාර තුළ පවතින තදබදය, රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදය, 54 යටතේ සිරගත කිරීම වැනි වඳ බැස ඇති ප්‍රශ්න නිරාකරණය කරගනු වෙනුවට ආණ්ඩුව රාජපක්ෂලාගේ පාරට්ටු කියමින් මේ පෙරට්ටු තියන්නේ තමන්ගේ නොහැකියාවේ කැරැට්ටුව බව අමුතුවෙන් කිව යුතු නැත.

Disaster Management

දිට්වා මෙරට ජන ජීවිතයට එල්ල කළ මරුපහර නැවත, නැවත මතක් කළ යුතු නොවේ. ඉන් පසුව ඩෙංගු වසංගතයේ අඩියේම ගිලී ගොඩ ඒමට දඟලමින් සිටියදීම ගංවතුර සහ නායයෑම් වල කරවටක් ගිලෙන්නට සිදුව තිබේ. දිට්වා පැමිණ ගොස් මාස 6කට වඩා ඉක්ම ගොසිනි. මුළු ලෝකයටම බල පවත්වන එල්-නිනෝ තත්වය හේතුවෙන් ලංකාවට මුහුණ දීමට සිදුවන ආපදා තත්වයන් පිළිබඳව අදාළ ආයතන හා පාර්ශව අනතුරු අඟවා තිබුණේ මීට මාස ගණනාවකට පෙර සිටය. ඒවාට සැලසුම් යොදනු වෙනුවට ආණ්ඩුව කළේ කෝච්චි පෙට්ටි ලොරිවල පටවාගෙන යමින් ගැලරියට “ආතල්” දීමය. ටකරමක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කියා දැමූ පාරට්ටු ව්‍යසන පෙරට්ටු හමුවේ ක්‍රමයෙන් බෙලහීන වී කෙඳිරිලි හඬට සීමාවී තිබේ. හඬපට අසා ඇප නැතිව හිරේ යවන ගැම්ම, නම කීවොත් වරප්‍රසාද කමිටු ගෙන්වන්නට එන හයිය රටේ පොදු අර්බුද වෙනුවෙන් පිළියම් යොදන්නට නොඑන්නේ මන්දැයි නොදනී. අවසන පෙනෙන්නේ පාරට්ටු පෙරෙට්ටු හමුවේ මට්ටුවී කැරැට්ටු එළියට එනවා පමණි.

Disaster Management

කලෙක ටී.එම් ලා ගීතයේ අයිතිය නොමැතිව “එම්.ටී” වී ඇතැයි කීහ. ගීත රචකයෝ, සංගීතවේදියෝ වඩු බාස්ලා, මේසන් බාස්ලා ගොඩටම වීසී කළහ. නැවතත් පැස්කුවල්ලා, වික්‍රමසිංහලා දෙපිළකට බෙදී කාකොටා ගනු පෙනේ. නොපෙනෙන එකම දේ ඒ කා වෙනුවෙන්ද යන්න පමණි. ගීතයේ අයිතිය පිළිබඳ මෙතරම් වදවෙන්නේ තමන්ගේ කුට්ටිය කුඩාවන නිසා මිස වෙන කෙංගෙඩියකට නොවන බව පැත්තකට වී එදෙස බලන ඕනෑම අයෙකුට වැටහේ. ගායක උතුමන්ට ඉසුරු කොදෙව්වක වැජඹෙන්නට ගී පද රචකයින්, සංගීතවේදීන් දැරූ වෙහෙස අගයන්නට තරම්වත් සංවේදකමක් නොවේනම්, කිඹුල් කඳුළු නොහෙලා “කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු” කියා තනියෙන් සිංදු ලියාගෙන, සංගීතය දමාගෙන ගැයුවානම් අහවරය. එදිනට ඒ ගීත ගායනා කළ හැක්කේ ප්‍රසිද්ධ වේදිකාවේද, වැසිකිළියේද කියා තමන්ටම අවබෝධ වනු ඇත. ඔය පාරට්ටු වලින් පෙරෙට්ටු වී එළියට එන්නේ කලා කෙරුමන්ගේ කැරැට්ටුව මිස අන් කිසිවක් නොවේ.

Disaster Management

සමාජයට නොගැළපෙන අයුරින් හැසිරෙන පුද්ගලයන්ට ගමේ මිනිසුන් කියනුයේ “කැරැට්ටුව” හොඳ නැති බවය. එවැනි පුද්ගලයන් හැඳින්වීමේදී “ඕකුන්ගේ කැරැට්ටුව අපි දන්නවා” යැයි කියති. බලයේ සිටින ආණ්ඩුවටද අතීත කැරැට්ටු තිබේ. ලැබුණු බලය පිළිබඳව පාරට්ටු කරන හැම මොහොතකදීම ඒ අතීත පාරට්ටු වෙනුවෙන් පෙරෙට්ටු තබන්නට ආණ්ඩුවට සිදුව තිබේ. අතීතයේ මෙරට කළ සංවර්ධන ව්‍යාපෘති, ස්වභාවික විපත් වල සිට යුද්ධය දක්වා ඇද පළුදු සොයමින් උසුළු, විසිළු කළ ඇත්තෝ, බලය ලැබුණු පසු ඒවාට මුහුණ දෙන අයුරු ඔවුන් ලබන පෙරට්ටු ය. “කැලෑ නීතිය” අතැර ප්‍රජාතන්ත්‍රවාදී මඟ ඔස්සේ බලය ලබාගත්තද, කරන කියන බොහෝ දේ තුළ “කැලෑ ගතිය” මතුවීම තම, තමන්ගේ කැරැට්ටු ය. හැම පෙරෙට්ටුවකදීම කැරැට්ටුව මතුවීමද මේ ආණ්ඩුවට පාරට්ටු කළ හැකි තරමේ ලොකු දෙයක් වීමම අමුතුය.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you