නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති අතර, එම ගින්නට හසුවූ පුද්ගලයින් පිරිසක් ආරක්ෂිතව මුදාගෙන තිබෙනවා.
එහිදී දුම් ආඝ්‍රාණය වූ පුද්ගලයින් 06 දෙනෙක් රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට කණ්ඩායම් 05 ක් යොමු කර ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියා.



