දැදුරු ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී සිටියදී බේරාගෙන රෝහලට රැගෙන ගිය තරුණයාද මියගොස් තිබෙනවා.ඒ අනුව මෙම ඛේදවාචකයෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් ඇත.
කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස දියේ ගිලී මරණයට පත්ව තිබෙනවා.
අදාළ තරුණයන් දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගැනීමට උත්සාහ කළත්, එම අවස්ථාවේදීම සොයාගැනීමට හැකිවූයේ එක් අයෙකු පමණයි.
කෙසේ වෙතත් ඔහු කඩිනමින් හලාවත මහ රෝහලට රැගෙන ගියත් දිවි බේරාගැනීමට හැකි වි නැහැ.



