NovelsShort Storiesකුස්සියේ කලාව

කුස්සියේ කලාව

-

spot_img

කුස්සියේ කලාව – The Kitchen Canvas

ඒ එක්දහස් නවසිය අනූ ගණන්වල උණුසුම් ගිම්හාන දහවලකි. දහසය හැවිරිදි සාෂා පාසල නිමවී නිවසට යමින් සිටියාය. නිවස තුළින් හමා එන කුළුබඩු සුවඳ ඇයව ගෙතුළට සාදරයෙන් පිළිගන්නාක් මෙනි. හැම දවාලකම නිවසට පැමිණෙන සාෂා ගෙතුළට ගොස් තම පාසල් සපත්තු රාක්කය මත පිළිවෙලට තබා, පිජාමාවට මාරු වී, දෑත් දෙපා සහ මුහුණ සෝදා ගත්තාය.

“අම්මා!”

ඇය කෑ ගැසුවාය.

“මේ එනවා!”

මුළුතැන්ගෙයි දෙසින් මවගේ හඬ ඇසුණි. හැම දිනයකම සාෂාගේ මව සයිරා ඇය වෙනුවෙන් අලුත්ම කෑම වට්ටෝරුවක් සකසා තිබුණාය. සයිරා ඉවුම් පිහුම් කලාව මනා ලෙසම දැන සිටි විශිෂ්ට කෝකිවරියක් වූවාය. අට දෙනෙකුගෙන් යුතු පවුල හොඳින් පෝෂණය කිරීම තම වගකීම බව සැළකූ ඉන්දියානු මව්වරුන්ගෙන් කෙනෙකි ඈ. සූප ශාස්ත්‍රය සයිරාගේ ආත්මය තෘප්තිමත් කෙරූ කලාවක්ම විය. සහෝදරයන් සහ පවුලේ වැඩිහිටියන්ගෙන් සමන්විත කාර්යබහුල පවුලක් වෙනුවෙන් දිනපතා දැවැන්ත ආහාර වේලක් පිසීම වෙහෙසකර වූ නමුත් ඇය එයට කැමති වුණාය. ඇය ආහාර අලංකාර ලෙස පිළිගැන්වීමට අමතර මිනිත්තු කිහිපයක් ගත කළ අතර සැබැවින්ම ඒවා රස නහර පිනවනසුළු විය. ඈ දෙස බලා සිටින සාෂාට සිතුණේ අම්මා ඕනෑවටත් වඩා වෙහෙසෙන බවයි. සයිරාගේ නිමක් නැති උත්සාහයන්ට නිසි ඇගයීමක් නොලැබුණ අතර අගය කිරීමක් ලැබුණේ කලාතුරකිනි.

The Kitchen Canvas

පවුලේ නිවාඩුවක් අතරතුර ඒ මොහොත උදා විය. සාෂාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. අම්මා ආහාර පිළියෙළ කිරීමට පැය ගණනක් ගත කර ඇති අතර, දිගු දුම්රිය ගමන ආරම්භ කිරීමට පෙර නිවසේ පිසූ ආහාර පෙට්ටිවල පිළිවෙලට ඇසුරුම් කර තිබුණි. ගමනක් යන දිනයේදී පවා පීඩන උදුනේ විසිල් හඬ, උණුසුම් තෙල්වලට දැමූ අබ ඇට පිපිරෙන හඬ, එළවළු කපන හඬ ඇසුණි. එය හොඳින් හිරු පායා තිබූ දීප්තිමත් දිනයක් විය. දුම්රියේ වේගය වැඩි වන විට, කවුළු හරහා පැමිණි මෘදු සුළඟ සාෂාගේ මුහුණ ස්පර්ශ කෙරුවේය.

රෑ බෝවූ විට සයිරා සියල්ලන්ටම කෑම පෙට්ටි බෙදා දුන්නාය. සැඳෑ සීතලේ සුවය විඳිමින් ඔවුහු රසවත් ආහාර වේලකින් තෘප්තිමත් විය. චිකන් බිරියානි සයිරාගේ රසවත්ම කෑම අතරින් එකකි. මැරිනේට් කළ කුකුළු මස් සහ සුවඳැති බත්, නැවුම් මින්ට් කොළ, කොත්තමල්ලි මුසුවූ එය දිව්‍ය භෝජනයක්ම විය. ධාන්‍ය වර්ග, අබ ඇට, කරපිංචා, කඩල සහ රටකජු සමඟ එහි රස දෙගුණ තෙගුණ විය. අවසාන වශයෙන්, දකුණු ඉන්දියානු ගමනක් කිරි බත් නොමැතිව සම්පූර්ණ නොවන නිසා, සයිරා ඒවාද සකසා තිබුණාය. පවුලේ අනෙක් අය නිදා ගැනීමට ගිය විට සාෂා මව සමීපයට ගියාය. ඇයට ඇගෙන් අසා දැනගන්නට දෙයක් තිබුණාය.

“අම්මා, ඔයා ඇයි මේ තරම් ඉවුම් පිහුම් වලට කැමති ?”

සයිරා හිනැහුණාය.

“ඉවුම් පිහුම් කලාවක් දරුවෝ. කෑම තමයි මගෙ කැන්වස් එක. මම මගේ ආට් එක කරන තැන තමයි කුස්සිය. මගෙ කෑමවලින් අනිත් අය සතුටු වෙන්න වෙන්න මට දැනෙන්නෙ සැනසිල්ලක්. සතුටක්. ” 

The Kitchen Canvas

ඇය මෘදුව පිළිතුරු දුන්නාය. සාෂාට පුදුම හිතුණි. දුම්රිය මැදිරියේ රිද්මයානුකූල නිශ්ශබ්දතාවය තුළ, ඇයට ගැඹුරු අවබෝධයක් ලැබුණි. මෙම නිහඬ කලාකාරියට ඇයට හිමි පිළිගැනීම ලැබිය යුතුමය. ඒ සඳහා වේදිකාවක් තැනිය යුතුය.

වසර ගණනාවක් ගෙවී ගිය අතර, සාෂා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ඇගේ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියාය. අලෙවිකරණය ඇගේ විෂය වූ අතර ව්‍යවසායිකාවක වීම ඇගේ සිහිනය විය. කාර්යබහුල දේශන ශාලා තුළ, මහාචාර්යවරු සැපයුම් දාම කාර්යක්ෂමතාව, ස්ථාවරත්වය සහ වෙළඳපල ස්ථානගත කිරීම පිළිබඳව දේශන පැවැත්වූහ. ඇය කියවූ සෑම දෙයක්ම, දැවැන්ත සමාගම් පිළිබඳ සෑම වචනයක්ම, පාරිභෝගික පදනමක් උපයා ගැනීමට ඔවුන් තම සීමාවන් තල්ලු කරන ආකාරය සහ ඔවුන්ගේ අලෙවිකරණ උපාය මාර්ග සඳහා කොපමණ උත්සාහයක් දරනවාද යන සියල්ල ඇයව ආකර්ෂණය කර ගත්තාය. සාෂාගේ අවසාන අධ්‍යයන වාරය තුළ ඇයට තමාගේම සමාගමක් ඉදිරිපත් කිරීමට පටන් ගත් ඒ නිශ්චිත මොහොතේ, ඇගේ බුද්ධිය පැවසුවේ, ‘මගේ අවසාන ව්‍යාපෘතිය ආහාර කර්මාන්තය ගැන වනු ඇත’ යනුවෙනි.

The Kitchen Canvas

ආයතනික වෙළඳ නාම Homemade ආහාර නිෂ්පාදනය කිරීමට මිලියන ගණනක් වියදම් කළ නමුත් අවසානයේ කෘතිම රසයක් ඇති දෙයක් පමණක් ලබා දුන් බව ඇය තේරුම් ගත්තාය. වෙළඳපොළ ආත්මයක් නොමැති මෘදු, මහා පරිමාණයෙන් නිපදවන සෞඛ්‍ය සම්පන්න නොවන කෙටි ආහාර වලින් පිරී තිබුණි. ඒ මොහොතේ, ඇගේ සමාගම “Kitchen Canvas” උපත ලැබීය. ඇයට අවශ්‍ය වූයේ ඇගේ මවගේ සදාකාලික, ස්වභාවික ඉවුම් පිහුම් රහස් එළියට ගෙන ඒවා පුළුල් හා නවීන වේදිකාවකට ගැලපෙන පරිදි ඉදිරිපත් කිරීමටයි. අවසානයේ, එම දිනය උදා විය. ඇය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන නිර්භීතව ආහාර කර්මාන්තයට පිවිසියාය. ඇය මුළුතැන්ගෙයට ඇතුළු වූයේ ආහාර පිසීමට නොව, සෞඛ්‍ය සම්පන්න ඇසුරුම් කළ ආහාර මිලදී ගැනීමට, සැකසීමට, ඇගයීමට සහ අලෙවි කිරීමට ය.

අද, සාෂාගේ සාර්ථක ජාතික නිෂ්පාදන පෙළේ කොඳු නාරටිය සයිරාය. වට්ටෝරු බොහොමයක් නිර්මාණය කර, පරීක්ෂා කරන්නේ සයිරායි. සිය පවුල වෙනුවෙන් ඈ දුන් ආදරය රට පුරා සිටින දහස් ගණනක් පාරිභෝගිකයින් විසින් අගය කරන ලද ඇසුරුම් කළ නිෂ්පාදන බවට පරිවර්තනය වී තිබුණි. සාෂාගේ සිහිනය සැබෑවී තිබූ අතර තම මවට උරුම තැන ලබා දෙන්නට ඇයට හැකිවී තිබුණි. සැබැවින්ම ආහාර යනු ආදරයේ විශ්වීය භාෂාවකි. එය දේශසීමා බිඳ දමමින් උරුමයන් ගොඩනගමින් පරම්පරා එකට බැඳ තබන විශ්මිත දෙයකි.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Keerthi Sriram විසින් රචිත The Kitchen Canvas කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you