More
    FeaturesZainab Jama සම්ප්‍රදායේ කිණිහිර මත තැලුණු සෝමාලියානු රූ රැජිනගේ...

    Zainab Jama සම්ප්‍රදායේ කිණිහිර මත තැලුණු සෝමාලියානු රූ රැජිනගේ කතාව

    -

    spot_img

    Zainab Jama නම් සෝමාලියානු රූ රැජින ඉන්දියාවේ තෙලන්ගනා හි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරඟාවලියේ Head-to-Head Competition අදියරේදී සිදුකළ කතාබහට ලෝකයේම අවධානය යොමු වුණා. සෝමාලියානු සංස්කෘතියේ අංගයක් වන චර්මච්ඡේදනය (කාන්තා ලිංගේන්ද්‍රියේ බාහිර කොටස් කපා දැමීම) පිළිබඳව ඇය කතාබහ කළේ කුඩා දැරියක අවධියේ තමා එයට මුහුණපෑ අන්දම ගැන පවසමින්.

    Zainab Jama

    තමා අවුරුදු හතක දැරියක අවධියේදී මේ බිහිසුණු අත්දැකීමට මුහුණ පෑ ආකාරය ඈ පැවසුවා. මෙහිදී කිසිදු ලෙසකින්වත් වෛද්‍ය පිළිවෙතකට අනුකූල නොවන අන්දමින්, නිර්වින්දනය කිරීමක් නොකර අමු අමුවේම බ්ලේඩ් තල, කතුරු වැනි උපකරණ භාවිතයෙන් ලිංගේන්ද්‍රියේ බාහිර කොටස් කපා දැමීමෙන් පසු මුත්‍රා කිරීමට කුඩා සිදුරක් ලෙසින් ඉඩ සලසා තුවාලය මසා දමනු ලබනවා. වේදනාවෙන් කෑ ගැසූ තමාට එම ගැහැණුන් මේ සම්බන්ධව ආඩම්බර වන ලෙසින් පැවසූ වග Zainab Jama කඳුළු පිරි දෙනෙතින් යුතුව පවසා සිටියා.

    ස්ත්‍රී චර්මච්ඡේදනය නම් වූ මේ අමානුෂීය කටයුත්ත පිළිබඳව ලොව වඩාත් කතාබහට ලක්වූයේ සෝමාලියානු නිරූපිකා වාරිස් ඩයිරිගේ (Waris Dirie) “කාන්තාරයේ කුසුම “(Desert Flower) පොත නිසාවෙන්. කෙසේවෙතත්, මේ අමානුෂික ක්‍රියාවලියේ අඩුවක් සිදුවී නොමැති බැව් පෙනී යන්නේ සෝමාලියානු කාන්තාවන්ගෙන් 98% ක්ම මෙම ක්‍රියාවට භාජනය වී ඇති බවත්, ඉතිරි 2% ඒ සඳහා වයස සම්පූර්ණ නොමැති ළදැරියන් බවත් පවසන Zanib Jama ගේ හෙළිදරව්ව නිසාවෙනි.

    Zainab Jama

     

    සමාජ ක්‍රියාකාරිනියක වශයෙන් විශාල මෙහෙවරක් සිදුකරන 23 හැවිරිදි සෝමාලියානු රූ රැජිනගේ මෙම කතාබහ සංස්කෘතිය, සම්ප්‍රදායන් නිසා අයිතිවාසිකම්, නිදහස අහිමි වූ මිලියන සංඛ්‍යාත ගැහැණුන්ගේ හඬකි. මෙවැනි මාතෘකාවක් ගෝලීය වේදිකාවක කතා කිරීමට ඇය ගත් තීරණය මානව හිමිකම් සඳහා වන සටනේ, බලවත් පියවරක් සනිටුහන් කරනු ඇත.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page