World Environment Day – ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.
ඒ අනුව ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කළේ.එම උත්සවය අද උදෑසන 09.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් 2025 ලෝක පරිසර දිනය ප්ලාස්ටික් සහ පොලිතින් දුෂණය අවසන් කරමු (Ending Global Plastic Pollution) යන ගෝලීය තේමාව යටතේ සමරනු ලබනවා.