More
    NewsUN ගාසා තීරයේ සටන් විරාමයක්!

    UN ගාසා තීරයේ සටන් විරාමයක්!

    -

    spot_img

    UN – ගාසා තීරයේ මතුව ඇති ගැඹුරු මානුෂීය අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ දැඩි අනතුරු ඇඟවීම් වලින් පසුව, එහි මහා මණ්ඩලය ඊයේ [12 වෙනි අඟහරුවාදා] රැස්ව සටන් විරාමයක් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර තිබේ. මෙම යෝජනාව සම්මත වී ඇත්තේ සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මහා මණ්ඩලයේ සාමාජික රටවල් හතරෙන් තුනක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ වහා මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමත් සමඟම ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේදී, ජාත්‍යන්තර සහයෝගය පළුදුව රාජ්‍ය තාන්ත්‍රික හුදකලාවකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

    UN

    කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත රජයන් සටන් විරාමයක් ඉල්ලා වෙන, වෙනම ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරමින්, “හමාස් පරාජය කිරීමේ මිල සියලු පලස්තීන සිවිල් වැසියන්ගේ අඛණ්ඩ දුක් වේදනා විය නොහැකි” බව ප්‍රකාශ කර සිටියහ. මෙම යෝජනාව පිළිගනිමින් පලස්තීනය පවසා ඇත්තේ, එය ක්‍රියාවට නැංවීම සඳහා ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙස තමන් සියලු රටවල්වලින් ඉල්ලා සිටින බවය. පිටුවහල්ව සිටින හමාස් නිලධාරියෙකු වන Izzat El-Rashiq ටෙලිග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඊශ්‍රායලය අපේ ජනතාවට එරෙහි ආක්‍රමණ සහ ජන සංහාර වහා නතර කළ යුතු” බවයි.

    එක්සත් ජාතීන්ගේ ඡන්දයට පෙර, ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ තානාපති Gilad Erdan පවසා තිබුණේ, “සටන් විරාමයක් යනු එකම දෙයකි – හමාස්ගේ පැවැත්ම සහතික කිරීම, ඊශ්‍රායලය සහ යුදෙව්වන් සමූලඝාතනය කිරීමට කැප වූ ජනඝාතක ත්‍රස්තවාදීන්ගේ පැවැත්ම සහතික කිරීම.” යනුවෙනි. ඇමරිකානු ජනපති Joe Biden, වොෂින්ටනයේ පැවති ප්‍රචාරක රැළියක් අතරතුර පවසා ඇත්තේ, පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් ට එරෙහි සටන සඳහා ඊශ්‍රායලයට එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඇතුළු “ලෝකයේ බොහෝමයක්” රටවල සහාය තිබු නමුත් ඔවුන් සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් සිදුකරන ප්‍රහාර හේතුවෙන් එම සහයෝගය අහිමි වීමට පටන් ගෙන ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමරිකානු ජනාධිපතිවරයා, ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu ට ඔහුගේ දැඩි තීරණ හා ප්‍රතිපත්ති වෙනස් කරගැනීමට සිදුවන බවත් එවිට ඊශ්‍රායලයට ස්වාධීන පලස්තීන රාජ්‍යයකට “එපා කියන්නට නොහැකි” වන බවත්ය.

    UN

    ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 18,205 ක් මිය ගොස් 50,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව පැවසේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මෙම ගැටුම එහි වැසියන් සාගින්නෙන් පෙළීමටත්, ජනගහනයෙන් 85% ක් ඔවුන්ගේ නිවෙස්වලින් අවතැන් වීමටත්, රෝග පැතිරීමටත් හේතු වී ඇති බව සඳහන් කරයි.

    -Reuters ඇසුරෙනි- by Michelle Nichols, Nidal Al-Mughrabi and Bassam Masoud.

    Image Source: UK Investing / Today Online

     

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page