InterviewsJohn Abraham: මම මරණයට සහ අසාර්ථකවීමට බය නැහැ

John Abraham: මම මරණයට සහ අසාර්ථකවීමට බය නැහැ

-

spot_img

John Abraham : ඔහු, බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට සඳහා නැතිවම බැරි රංගන ශිල්පියෙක්.අසීමිත කාන්තා ආකර්ෂණයකට උරුමකම් කියන ඔහු කඩවසම්බවේ අපූර්වතම සංකේතයක්. මේ John Abraham සමගින් ( Man’s World India සඟරාව) සිදුකළ කතාබහක්.

• ඔබගේ වර්තමානය ගැන ඔබට සිතෙන්නේ මොනවද?

මම මේ මොහොත ගැන තෘප්තිමත්. භෞතික වශයෙන් මගේ ඉලක්කය නිරෝගී සිරුරක් පවත්වාගැනීම.

• කාන්තාවන් සම්බන්ධව හැම පිරිමියෙක් ම දැනගත යුතුම දේ මොකක්ද?

හැමවිටම ඔබ ඔබේ සීමාවේ සිටින්න. ඔවුන්ට බාධා කරන්න යන්න එපා.

• ඔබේ ලොකුම දුර්වලකම මොකක්ද?

දුර්වලකම් ගොඩක් තියෙනවා. මට හිතෙන්නෙ මං අනිත් අයත් එක්ක සන්නිවේදනය කරනවා, සබඳකම් තියාගන්නවා මදියි.

• ඔබ නිතරම භාවිතා කරන වචනය?

ඇත්තෙන්ම සහ ඔව්. මම කැමතියි “නැහැ” කියලා කියන්නත් ඉගෙනගන්න.

• ඔබට අවස්ථාවක් ලැබුනොත් වෙනත් අයෙක් වෙන්න,ඔබ කැමති කවුරු බවට පත්වෙන්න ද?

මම ජෝන් ඒබ්‍රහම් වීම මට සතුටක්.

• හැම කෙනෙක්ටම තිබිය යුතු දෙයක් කියන්න.

යහපත් පුද්ගල සබඳතා.

• ඔබේ ජීවිතය වෙනස්කළ වටිනාම දේ මොකක්ද?

මගේ දෙමව්පියන්. ඔවුන් අවංකයි සහ අධ්‍යාපනයේ ඇති වැදගත්කම ගැන මට පහදාදුන්නෙත් ඔවුන්.

Jhone-Abraham

• ඔබ විසින්ම කඩකරන ඔබේම ප්‍රතිපත්ති මොනවද?

මම මගේ ප්‍රතිපත්ති කඩකරන්නේ නැහැ.

• ඔබට බයක් දැනෙන්නේ මොනව ගැනද?

මම මරණයට සහ අසාර්ථකවීමට බය නැහැ. සාර්ථකත්වය කරා ළඟාවීම පිළිබඳව මට දැනෙන්නේ බයක්.

• මිය යෑමට පෙර විඳින්න කැමති අත්දැකීමක් තියෙනවද?

මොහොතකට හෝ ශරීරයෙන් බැහැරවෙලා ඉන්න මම කැමතියි. (Out Of Body Experience)

• ජීවිතයේ ඔබ සොයමින් සිටින්නේ මොනවාද?

මට අවශ්‍ය නැති දේවල්.එය මාව අසතුටට පත් කරනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමේ.

• පෘථිවියේ ඔබ කැමතිම තැන?

මම ආසයි කලබලකාරී නැති, දිග පාරක බයික් පදින්න. ඒ Pacific Coast Highway එක, හිමාලය හෝ ලෝකයේ ඕනෑම තැනක් වෙන්න පුළුවන්.

• ඔබව කෝපයට පත්කරන්නේ මොනවද?

මිනිස්සු මට බොරු කියන එක මට ඉවසන්න අමාරුයි.

• ඔබ ගැන හඳුන්වන්න.

මම සරල ජීවිතයක් ගතකරන සරල මනුෂ්‍යයෙක්.

• පරිපූර්ණ සතුට ගැන ඔබේ අදහස?

එය අදහසක් පමණයි.

• ඔබේ පරණම මතකය මොකක්ද?

මට වයස අවුරුද්දෙදි වගේ අපි ජීවත්වුනේ Bhandup ප්‍රදේශයේ. ළඟදි දවසක මම ඒ ගෙදර ඇඳ ළඟ ඉඳලා ඉස්සරහ දොර ගාවට වෙනකම් පිහිටීම මතක් කළා. මට ආසයි ඒ මතකය හරිද කියලා බලන්න.

• ඔබ සතු වටිනාම දේ?

මගේ පවුල. මම මගේ පවුලට තදින් බැඳුන කෙනෙක්. මම බයික්වලටත් කැමතියි.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you