NovelsTharu Mal ViyanTharu Mal Viyana තරු මල් වියන් - 06

Tharu Mal Viyana තරු මල් වියන් – 06

-

spot_img

Tharu Mal Viyana තරු මල් වියන්

තුෂර පැවසූ සියල්ල ඔවුන් තිදෙන අසා සිටියේ මවිතයෙනුත් කුතුහළයෙනුත් යුතුවය.

“ඔයාලා කතා කරලා මට හොඳ උත්තරයක් දෙන්න…”

තුෂර අවසානයේ පවසන විට තිදෙනා මුහුණින් මුහුණ බලා ගත්තේ කුමක් කළ යුතුද කියා විමසන බැලුම් හුවමාරු කරගනිමිනි.

“අපි ගෙදර අයත් එක්ක මේ ගැන කතා කරන්න ඕන තුෂර…”

ගයානි කීවාය.

“ඔව්…අනිවාර්යයෙන්…එයාලා එක්ක කතා කරන්න…කතා කරලා මට කියන්න…”

ඊට පෙර ඔවුන් තිදෙන ඒ පිළිබඳව කතා බහ කළ යුතු යැයි කියා අංජලී සිතුවාය. ඔවුන් තුෂරගෙන් සමුගෙන බස් රථයේ එන අතරේ ඒ පිළිබඳව යළිත් කතා බහ කරන්නට වූහ.

“අපි තුන් දෙනාටම එකටම වැඩ කරන්න ලැබෙන එකම ලොකු දෙයක්නේ…මං නම් එකෙන්ම කැමතියි තුෂර ගෙනාව ප්‍රොපෝසල් එකට…අපිට වැඩ කරන්න අමාරු නම් අපි නවතිමු…”

රංගිකා සිය අදහස පැවසුවාය.

“මගෙත් අකමැත්තක් නැහැ…ඇත්තටම අපි තුන්දෙනාට ආයේම එකට ඉන්න ලැබෙන චාන්ස් එකක් මේක…තුෂර ප්‍රොමිස් වුණානේ අපිට හොඳ සැලරි එකකුත් දෙනවා කියලා…බය වෙන්න දේකුත් නැහැනේ…හිමානිත් ඉන්නවා…තුෂරයි…සෙනුරවත් අපි දැන් දන්නවානේ…අනික තුෂරලාගේම නැන්දලා ගෙදර නවතින්නත් හදලා දෙනවා කිව්වානේ…අංජු ඔයා මොකද කියන්නේ…?”

ඈ සිටියේ සිතුවිලි දැහැනක අතරමංවය. නැන්දා මාමා කෙසේ වුවත් මාලක නම් කොහෙත්ම කැමති නොවනු ඇති බව සහතිකය. එය එසේ වුවත් මෙවන් අවස්ථාවක් නැවත නොලැබෙනු ඇත.

“මං නම් කැමතියි…ඒ කොහොම වුණත් නැන්දායි මාමායි එක්ක කතා කරන්නම එපැයි…”

“හරි…ඒ ගැන හිතන්න ඕන නැහැ…අපි ඉන්නවානේ…”

අංජලී මේ අදහසට එකඟ වනු ඇතැයි විශ්වාසයක් දෙදෙනා තුළම නොවූයේ තුෂර ඈ පිළිබඳව කැමැත්තකින් පසු වන විට ඔහු සමඟ රැකියාව කරන්නට සිතේ පසුබෑමක් ඇති වනු ඇතැයි සිතාය. කෙසේ නමුත් ඇයත් මෙයට එකඟ වීම පිළිබඳව නම් දෙදෙනාම සතුටු වූහ.

මාලකගේ මුහුණ අඳුරුව ඇති සැටි දැක සියුම් අනුකම්පාවක් අංජලීගේ සිතේ ඇති වුවද ඈ ඒ ඔස්සේ වැඩිදුර නොසිතුවාය. තමා කුමක් හෝ රැකියාවක් සොයා ගත යුතුය. තම අනාගතය ගොඩ නඟා ගත යුතුය. ඔහු අකමැති වූවා කියා කුමක් කරන්නද…?

“යාළුවෝ තුන් දෙනාම යනවා නම් ඉතින් බය වෙන්න දේකුත් නැහැනේ…නේද ඉන්දු…?”

හේෂාන් බිරිඳ විමසුවේය.

“ඒක නම් එහෙම තමා…ඒත්…අනේ මන්දා…දුව ගියාම පාළුවට තියෙයි…”

ඉන්ද්‍රාණි කීවේ ශෝකයෙන් මෙනි.

“සති අන්තේ ඉතින් ගෙදර එන එකනේ…මොකද මහා ලොකු දුරක්යැ…”

හේෂාන් කීවේ මඳහසක් පාමිනි. කෙසේ වුවත් මාලක නම් සිටියේ නොසතුටෙනි. ඔහු අංජලී තනිවම හමුවන මොහොතක් බලා සිටියේ නොඉවසිළිමත් ලෙසිනි.

“දැන් එහෙනම් ඒ ජොබ් එකට යනවා…?”

ඔහු ඇසුවේ තරමක නොමනාපය මුසුවය.

“ඔව්…ගයාලා ගෙදරිනුත් හා කියලා තියෙන්නේ…රංගිටත් ප්‍රශ්නයක් නැහැ…නැන්දායි මාමායිත් කැමති වුණානේ…”

“එතකොට මං කැමතිද, නැත්ද අහන්නේ නැත්ද…?”

ඈ නිහඬය. ඔහු අකමැති වුවද රැකියාවට යාමට ඈ දැනටමත් තීරණය කොට අවසන්ය.

“ඔයා අකමැති වුණත් කරන්න දෙයක් නැහැ මාලක…මාමායි නැන්දායි මේ හැමදේම දැන ගත්තදාට මට කොහොමත් මේ ගෙදර ඉන්න බැරි වෙයි…”

“ඔයා මොනවද කියන්නේ…? එහෙම දෙයක් වෙන්නේ නැහැ…”

“ඒක ඔයාට ස්ථීරවම කියන්න පුළුවන්ද…?”

එක එල්ලේම ඔහු දෙස බලාන ඈ විමසන විට ඔහු නිහඬ විය.

“ඒවා පස්සට එන දේවල්නේ…ඇයි දැන්ම ඕවා ගැන හිතන්නේ…?”

“පස්සට හරි…ඉස්සරහට හරි…ඕවා දැන්ම කල්පනා කරන්න වෙනවා…”

ඈ කීවේ ඔහු සිය පැනය මඟහරිමින් දුන් පිළිතුර ගැන කළකිරීමෙනි.

“හරි…හරි…දැන් කවදා ඉඳන්ද වැඩට යන්න තියෙන්නේ…?”

“තාම දවසක් නැහැ…ඒත් ඉක්මනින් යන්න වෙනවා…තුෂර කිව්වේ ඉක්මනින් එන්න පුළුවන් නම් හොඳයි කියලා…”

“ආහ්…අර කුඩේ යටින් ගිය එකාද…?”

ඔහු අසන විට ඈ තිගැස්මෙන් ඔහු දෙස බැලුවාය.

“ඔයා කොහොමද අනේ ඔහොම මිනිස්සුන්ට කතා කරන්නේ…ඒකා මේකා කිය කියා…?”

නොපහන් හැඟීම ඈ ඔහුගේ මුහුණටම දමා ගැසුවාය.

“ඇයි…එහෙම අහනකොට රිදෙනවද…?”

“ඔව්…රිදෙනවා…ඒ නිසා තමා ඇහුවේ…හැම එකටම එල්ලෙන්න බලන් ඉන්නේ…තුෂර මගේ කවුරුත් නෙවේ කියල මං කිව්වානේ…”

“ඒකද කුඩේ යටින් ගියේ…?”

ඈ පිළිතුරක් නොදී නිහඬ වූයේ ඔහු සමඟ කරන කතා බහින් අවසන ඉතිරි වන්නේ සිත් වේදනාවක් පමණක් බව දන්නා නිසාය. ඔහු ඈ කෙරෙන් ඉවත ගිය පසුව අංජලී මිදුලට බැස්සේ නොසන්සුන් සිතිනි. බංකුව මත හිඳ ගෙන ඈ හිස් දෑසින් ඔහේ බලා සිටියාය. සුළු මොහොතකට පසුව මාලකද ඈ අසලට විත් හිඳගෙන ඇගේ අතින් අල්ලා ගන්නා විට ඈ තිගැස්මෙන් වටපිට බලන්නට වූයේ නැන්දා හෝ මාමා දුටුවෝතින් කියා බියෙනි.

“ඔයා ගියාම මට කොච්චර පාළුවක් දැනෙයිද කියලා…ඔයා නිකමටවත් හිතුවද අංජු…?”

ඔහු කීවේ දුක් මුසු හඬකිනි.

“ඔයා කතා කරන්නේ හරියට මං රට අතෑරලා යන්න යනවා වගේනේ…”

සුසුමක් හෙළූ මාලක ඇගේ සුරත සෙමින් මුදා හැරියේ ඉවත බලා ගනිමිනි. ඇගේ සිතට සියුම් සහනයක් දැනුණේ ඔහු සිය සුරත මුදා හළ නිසාය.

“ඔයාගේ අවසාන තීරණේත් දැන් ඔයා යනවා කියන එකද…?”

ඈ වෙත හැරුණු මාලක යළි විමසුවේය.

“හ්ම්ම්…ඔයා කතා කරන්නේ හරියට මං නොඑන්නම යනවා වගේනේ…”

සිනහවක් මුවට නඟා ගන්නට තැත් දරමින් ඈ කීවාය.

“කොහොම වුණත් යන්නේ දුරකටනේ…උදේ හවස යන්න එන්න පුළුවන් ජොබ් එකක් හොයා ගන්නේ නැතුව…ඈතකට යන්න හදනවා…ඔයා ඔහොම ගිහින් මගේ ජීවිතෙනුත් ඈතටම යාවි අංජු…”

ඔහු පැවසූ අවසන් වදනින් ඇගේ සිත පෑරිණි.

“ඔයා පේන බලනවද…මොනවද මේ කියන්නේ…?”

පිළිතුරක් නොදුන් මාලක නැඟිට ඉවත ගියේ නොසතුටෙනි මෙනි. ඈ ඉවත පිය මනින මාලක දෙස බලා සිටියේ ශෝකී දැසකිනි.
——————————————————————————————————
තුෂරගේ පුංචි අම්මාගේ නිවස පිහිටි වටපිටාවද ඉතා නිස්කලංකය. තුෂර ඔවුනට නවාතැන් ගැනීමට සූදානම් කර තිබුණෙ පුංචි අම්මාගේ නිවසය. විශ්‍රාමික ගුරුවරියක වූ ඔහුගේ පුංචි අම්මාගේ සැමියා මිය ගොස් තිබුණේ මීට දහ වසරකට පමණ පෙරය. දරුවන් නොසිටි ඔවුනට තුෂර සිය දරුවෙකු හා සමාන විය.
තුෂරද පුංචි අම්මාට දැක්වූයේ ඉමහත් සෙනෙහසකි. නිවසේ සිටියේ පුංචි අම්මාත් නිවසේ සේවයට සිටින මැදිවියේ කාන්තාවත් රියදුරුත් වත්තේ මුරකරුවාත් පමණි. අංජලීත් මිතුරියනුත් එහි පැමිණියේ රැකියාවට යෑමට තිබූ දිනයට දින තුනකට පමණ පෙරය. නිවසත් එහි වැසියනුත් වටපිටාවත් හුරු කර ගැනීම එහි අරමුණ විය. ආදිත්‍ය ඔවුන් එහි ගෙනවිත් හැරළුවේ ඔහුගේ රථයෙනි.

“බය වෙන්න එපා පුතේ…මගේම ළමයි වගේ…මං මෙයාලාව බලා ගන්නවා…”

රේණුකා කීවේ ආදිත්‍ය නැවත පිටව ඒමට සූදානම් වන විටය. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්ව ආදිත්‍ය ඔවුන්ගෙන් සමුගෙන පැමිණියේය.
රේණුකා ඔවුනට මැද කාමරය සූදානම් කර තිබුණාය. යහන් තුනක් සමඟ කන්නාඩි මේසයකුත් අල්මාරියකුත් ලියන මේසයකිනුත් යුත් එම කාමරය ඉතා විශාල ඉඩකඩ සහිත වූවකි. කාමරයටම අලළා නාන කාමරයක්ද වීම පහසුවක් විය. ජනේලය අසලම වූයේ උස්ව නැගුණු සේපාලිකා ගසකි. පෙර දින පිපුණු මලින් බිම මල් පලසක් මවා තිබිණි. සිහින් මල් සුවඳක් කාමරයටද ගලා ආවේය.

“ෂා…හරිම නිදහස්…අපිටම කියලා හැදුවා වගේ…”

ගයානි ජනේලයට පිටුපා සිට ගනිමින් කීවේ රේණු මහත්මියටය.

“ඔව්…මෙහේ ඉතින් සද්ද බද්ද නැහැ…පාඩුවේ හිටියෑකි…ඔයාල රෙස්ට් කරන්න…මං එන්නම්…මොනවා හරිම ඕන වුණොත් කියන්න…”

“හොඳයි ආන්ටි…”

රංගිකා ඇයට ස්තූති කරමින් කීවාය. අංජලී යහන මත හිඳ ගත්තේ කිසිත් නොකියාමය. ගයානි රංගිකාටද ඉඟි කරමින් ඈ පසෙක හිඳ ගත්තේ මිතුරිය මෙතෙක් කිසිත් නොකියා නිහඬව සිටීම ගැන මවිතයකිනි.

“ඇයි…අංජු…ඔයා කැමති නැත්ද මෙහෙට…?”

ගයානිගේ හඬින් අංජලී වහා ඈ දෙස බැලුවාය.

“අනේ…නැහැ…මං ගොඩක් කැමතියි…”

“එහෙනම්…ඇයි මේ අවුළෙන් වගේ…?”

“මට නිකන් බයක් දැනෙනවා…”

“ඒ මොකෝ…?”

ගයානිත් රංගිකාත් එක්වරම අසන විට අංජලී කළේ සුසුමක් මුදා හැරීමය.

“න්…නැහැ…නිකන්…ඉස්සල්ලාම ජොබ් එකකට යන නිසා වෙන්නැති…”

“අනේ…ඒකද…ඒක නම් අපිටත් තියනවා…බයවෙන්න එපා අනේ…ටික දවසකින් ඔය හැමදේම හරි යයි…”

මිතුරියගේ සුරත තද කරමින් ගයානි කීවාය.

“හ්ම්ම්…”

ඈ යළිත් කෙටි සුසුමක් මුදා හැරියේ මාලක සිහි වූ නිසාවෙනි. ඔහුට ඇමතුමක් ගත යුතුය. නැතිනම් ඔහු එයටත් ආඩපාලි කියනු ඇත.

-හෙටත් හමුවෙමු-

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you