NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 04

Tharu Mal Viyan තරු මල් වියන් – 04

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

හෝමාගම කිරිවත්තුඩුව පාරේ විශාල ඉඩමක පිහිටි තුෂරගේ නිවසේ වටපිටාව ඉතා නිස්කලංකය. තුරු හිස් වලින් වටවූ නිවස තුළ වූයේ සිසිළසකි. නොයෙක් වර්ගයේ මල් පඳුරු වලින් හැසී ගැවසී ගත් ගෙමිදුල අලංකාරය. දෙමහල් නිවසක් වූ එය නවීන පන්නයට සාදා ඇත.

“හරි ලස්සනයි නේද මෙහෙ වට පිටාව…?”

අංජලී රථයෙන් බසිමින් විමසුවේ වටපිටාව නිරීක්ෂණයක යෙදෙමිනි.

“නවතින්න හිතුණාද…?”

රංගිකා විහිළු කළාය.

“හිතුණත් නවතින්නේ නැහැ…”

මුව ඇද කරමින් අංජලීද වහා කීවාය.

“අද අම්මලා නම් ගෙදර නැහැ…ඒ වුණාට කමක් නැහැනේ…”

තුෂර ඔවුන් නිවසට පිළිගනිමින් කීවේය.

“අම්මලා නැති වුණාට කමක් නැහැ…කන්න බොන්න ඕන…”

ගයානි කියන විට ඔවුනතර පැතිර ගියේ උස් සිනහ හඬකි.

“කන්න දෙන්න නම් බැරියැ…බොන්නත් ඕනද…?”

සෙනුර තුෂරට ඇසක් ඉඟිමරමින් ඇසීය.

“සොෆ්ට් ඩ්‍රින්ක්ස්…”

ගයානි වහා කීවාය.

නිවසේ සේවයට සිටින රන්මලී කැඳවූ තුෂර ඔවුනට සංග්‍රහ කරන ලෙස දැන්වූවේය. ඈ යළිත් පැමිණියේ ට්‍රොලියක තබා ගත් කේක් කෙසෙල් ඇතුළු රස කැවිළි වර්ග කීපයක්ද සමඟය. ඔවුන් එකතුව කුළුපඟ කතා බහක නිරතව රසවත් කැවිලි වල රස බැලූහ. රන්මලී තේ සාදාගෙන විත් ඔවුනට පිළිගන්වා ගිය පසුව තුෂර ඔවුන් කැඳවාගෙන උඩු මහලට පැමිණියේ නිවස පෙන්වීමට යැයි ගයානි කළ යෝජනාවටය. හිමානිටත් සෙනුරටත් මෙය නුහුරු නුපුරුදු තැනක් නොවීය. ගයානිත් රංගිකාත් ඔවුන් දෙදෙනා සමඟ එක්ව ගමන් ගත්තේ සිතා මතාම අංජලී තුෂර සමඟ තනිකරළමිනි.

“මෙහේ හරි නිදහස් නේද තුෂර…?”

ගයානිත් රංගිකාත් තමා තුෂර සමඟ තනිකර යාම පිළිබඳව නොසතුටකින් සිටියද අංජලී ඔහු සමඟ සුහද කතා බහකට පිවිසෙමින් විමසුවාය.

“ඔව්…ඒත් වෙලාකවකට හරි පාළුයි… අම්මායි තාත්තයි දෙන්නම ෆැක්ට්‍රි එකට ගියාම ගෙදර කවුරුවත් නැහැනේ…”

ඔහුගේ හඬේ තරමක ශෝකයක් තැවරී ඇතැයි කියා ඇයට සිතිණි.

“ඔයාත් ඉක්මනින්ම ජොයින් වෙයිනේ…?”

ඔහු දෙවුර සැළුවේ ඒ පිළිබඳව තවම අදහසක් නැති බව කියා පාමිනි.

“තාම නැහැ…බලමු…”

“ඇයි…පවුලේ ඉන්නෙත් ඔයා විතරම නම්…මේ හැමදේම ඔයානේ බලන්න ඕන…”

අංජලී කීවේ මවිතයෙනි.

“වෙලාවකට මට මේ කිසිදෙයක් වැඩක් නැහැ කියලා හිතෙනවා…”

කෙටි සුසුමක් හෙළූ තුෂර කීවේ කළකිරීමකින් මෙනි.

“එහෙම කියලා අපිට වගකීම් වලින් මිදෙන්න බැහැනේ…හැමදේම අත් ඇරලා දාන්නත් බැහැ…”

ඈ කීවේ එක එල්ලේම ඔහුගේ දෑස් දෙසම බලානය. ඔහුද දෑස් දල්වා ඈ දෙස බලා සිටියේය.

“මේ මොකුත් තිබුණේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා…”

අංජලී සිනහවක් පෑවාය.

“ඇයි ඔයා හිනාවුණේ…?”

“හිනාවුණේද…හිනාවුණේ හේතුවක් ඇතිව…”

“මොකක්ද…?”

“දුප්පත් අය හිතනවා සල්ලී තිබුණා නම් හැමදේම හරි යයි කියලා…සල්ලි තියන අය හිතනවා දුප්පත් වෙලා හිටියා නම් හොඳයි කියලා…ඒත් ඔය දෙවර්ගයේම මිනිස්සු සතුටකින් නෙවේ ජීවත් වෙන්නේ…ඇති නැති දේවල් ගැන හූල්ල හූල්ල…”

තුෂර ඈ දෙස පුදුමයෙන් බලා සිටියේය.

“ඉතින් දැන් ඔයා ඉන්නේ කොතනද…?”

ඔහු පැනයක් නැඟීය.

“මැද…මං හිතන්නේ මනුෂ්‍යයෙක් උත්සාහ වන්ත වෙන්න ඕන…කම්මැළියෙක් වෙන්නත් හොඳ නැහැ…හැමදේම අනුන් කරලා දෙනකල් බලන් ඉන්න හොඳත් නැහැ…සල්ලි හම්බ කරන එකත් පිස්සුවෙන් වගේ කරන්න හොඳත් නැහැ…වුවමනා වෙලාවට වියදම් කරන්න වගේම හදිසි වුවමනාවක් වුණාම සල්ලි තිබුණා නම් ඇති…සල්ලි කියන්නේ ජීවිතේම නෙවේ කියලයි මං නම් හිතන්නේ…”

තුෂර ඇගේ දිගු කතාව අසා සිටියේ මුව මත රැඳවුණු මඳහසකින්ද යුතුවය.

“කාලෙකට පස්සෙ හොඳට හිතන කෙනෙක් මුණ ගැහුණා…”

ඈ ලැජ්ජාමුසු සිනහවක් පෑවාය. දෙදෙනාගේ කතා බහ නොයෙකුත් මාතෘකා ඔස්සේ විහිදී යන විට අංජලී කෙරෙහි වඩාත් පැහැදීමක් ඔහු සිතේ ඇතිව තිබිණි.

“ආහ්…දෙන්නා කයිය…ගෙදර යන්න වුවමනාවක් නැහැ වගේ…”

මිතුරියන් ඔවුනතරට පැමිණියේ එසේ අසමිනි. අංජලීට කාලය පිළිබඳව වැටහුමක් නොවීය. ඈ තුෂර අත පැළඳ සිටි වටිනා අත් ඔරලෝසුවේ වෙලාව බැලුවේ හිස ඇල කොට ගෙනය. සිනහවක් පාමින් තුෂර ඔරලෝසුව පෑවේය.

“බෙල්ල උළුක් වුණොත් බෙහෙත් බඳින්න වෙයි…”

ඔහු කියන විට ඇගේ මුවටද සිනහවක් නැඟිණි. වෙලාව සවස පහටද ආසන්නය. මෙතරම් වෙලාවක් ගිය බවක් ඇයටද නොදැනිණි.

“අනේ…පහටත් ළඟයි…අපි යමුද…?”

ඈ විමසුවේ තැති ගත් සිතිනි.

නැන්දාගෙන් බේරුණත් මාලකගෙන් නම් විසුමක් නොවන බව ඇයට හොඳටම සහතිකය.

රථයෙන් බැස තුෂරටත් හිමානිටත් අත වනමින් අංජලී ගේට්ටුව විවර කරගෙන ගෙමිදුල දිගේ නිවසට එන විට මාලක දොර උළුවස්සට බරදී සිටගෙන බලා සිටිනු දැක අංජලීගේ සිතේ තිගැස්මක් ඇති විය. ඔහුගේ මුහණේ වූ රළු පෙනුමට ඈ සිතේ ඇති වූයේ බියකි.

“මූණේ තියන නපුරු පාට…”

ඈ තමාටම මුමුණා ගත්තාය. වරදක් නොකළද වරදකාරී හැඟීමක් ඈ සිතේ ඇති විණි.

“කොහේද ගියේ මෙච්චර වෙලා…?”

ඈ නිවසට ගොඩ වීමටත් පෙර ඔහු පොල්ලකින් දමා ගසන්නාක් මෙන් ඇසීය.

“පන්ති ඇරිලා යාළුවෙක්ගේ ගෙදර ගියා…”

මාලකගේ කෝපයෙන් පිරුණු හඬ නිසා සිතේ ඇති වූ නොමනාපයෙන් යුතුව අංජලී කීවේද තරමක කෝපයෙනි.

“කවුද යාළුවා…අර කුඩේ යටින් එක්ක ගිය එකාද…?”

ගෙතුළට තැබූ පය ආපස්සට ගත් අංජලී මාලක දෙස බැලුවේ නොපහන් දෑසිනි.

“ඔව්…තුෂරලා දිහා ගියේ…ඇයි…?”

නොරිස්සුම ඈ ඔහුගේ මුහුණටම දමා ගැසුවාය.

“ඇයි…කියලා අහන ලස්සන…”

“ඔයාත් ලස්සනට ඇහුවා නම්…මටත් ලස්සනට උත්තර දෙන්න තිබුණා…”

“ආහ්…එහෙමද…?”

“ඔව්…එහෙම තමා…”

ඔහුට හිස ගස්සමින් ඈ කාමරයට වැදුණාය.

“මීට පස්සේ කොහේ ගියත් කියලා යනවා…අම්මා බය වෙලා කීප සැරයක් කෝල් කළා…මෙයාගේ ෆෝන් එක ඕෆ්ලු…”

මාලක කාමරයේ දොරකඩ අසළට වී කීවේ නිවුණු හඬකිනි. ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර දැමුවේ පන්තිය ආරම්භ වන මොහොතේදීය. ඇයට එය යළි ක්‍රියා කරවන්නට අමතක විය. ඇගේ සිතේ වරදකාරී හැඟීමක් ඇති විය.

“ක්ලාස් වෙලේ ෆෝන් එක ඕෆ් කළා…ඔන් කරන්න අමතක වුණා…”

ඈ මාලකට ඇසෙන සේ උස් හඬින් කීවාය.

“ඔහොම යනකොට තව මොනවා මොනවා අමතක වෙයිද දන්නැහැ…”

ඔහු ඇනුම් පදයක් එල්ල කරමින් ඉවත යන විට ඈ තම හිසටම ටොක්කක් ඇන ගත්තේ දිව සපාගෙනය.

“ඇති ඔයින් ගියා…”

ඈ එසේ සිතමින් නැන්දාට ඇමතුමක් ගෙන තම වරද කෙරෙහි සමාව ඇයැද සිටියාය. රාත්‍රිය ඉතා නිහඬය. අහස පුරා පිපී ඇති තරු මල් වියන දෙස අංජලී බලා සිටියේ නිනව් නොමැතිව වාගේය. ඇයට තුෂර සිහියට නැගුණේ නිතැනිනි.

“අපි තුෂරව මේ කෝස් එක ෆලෝ කරමු කියලා එක්ක ආවේ එයා ගෙදරට වෙලා තනිමය කල්පනා කර කර ඉන්න නිසා…එයා ආයේ ෆැක්ට්‍රි එක පැත්තටවත් යන්න කැමති වුණේ නැහැ…කෝර්ස් එක කරනකොටවත් ඔළුව ටිකක් නිදහස් කර ගනියිනේ…”

හිමානි කී හැටි ඇයට සිහි විය.

“එයා ඔයා ගැන හිතන්න අරන් අංජලී… අනේ මන්දා…”

සුසුමක් හෙළමින් හිමානි කීවේ ඇගේ සිත අලුත් බරකින් පුරවා ළමිනි.

“එයා මං ගැන හිතුවට මං මොනවද කරන්නේ…?”

ඈ සිතුවේ බර වූ සිතිනි. පසෙක වූ ජංගම දුරකථනය හඬ තළන්නට වූ විට ඈ වහා එදෙස බැලුවාය. ඇමතුම තුෂරගෙන් බව දැක ඈ සිතේ අලුත් තිගැස්මක් ඇති විය.

“අංජලී…මොකද කරන්නේ…වැඩකද ඉන්නේ…?”

ඒ ගැඹුරු හඬ ඈ සිතේ අලුත් තිගැස්මක් ඇති කළේය.

“මොකුත් නැහැ තුෂර…ඉස්තෝප්පුවේ පුටුවක ඉඳන් අහස දිහා බලන් ඉන්නවා…”

ඈ කීවේ යළිත් වරක් අහස දෙස්ට නෙත් යොමාගෙනය.

“හරි පුදුමයි…”

“ඇයි…?”

ඔහු කියන විට ඈ මවිතයෙන් ඇසුවාය.

“මාත් කාමරේ බැල්කනි එකට වෙලා අහස දිහා බලන් හිටියා…එතකොට ඔයාව මතක් වුණා…ඒකයි කෝල් එකක් ගත්තේ…”

ඈ සිතේ මවිතයක් ඇති විය. තමාද මේ මොහොතේ සිතමින් සිටියේ ඔහු ගැනය. නමුත් ඒ බවක් ඔහුට පැවසිය යුතු නැත. ඔහු සිතේ අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරළන්නේ මන්ද..?

“කොච්චර දෙයක්ද ඔයාට මාව මතක් වුණ එක…”

සිත බර වුවද මවාගත් සැහැල්ලු හඬකින් ඈ කීවාය.

“මට ඔයාව ගොඩාක් මතක් වෙනවා අංජලී…මං ඔයා ගැන හුඟක් හිතනවා…මගේ අතීතය අමතක කරලා…පාඩුවේ ජීවත් වෙන්න හිත හදන් ඉන්නකොට…ඔයා මගේ ජීවිතේට ඇවිත් අංජලී…”

ඔහු හදිසියේ මෙවැන්නක් පවසනු ඇතැයි කියා ඈ මොහොතකටවත් සිතුවේ නැත. ඒ වදනින් වදනට ඇගේ සිතේ ඇති වූයේ අලුත් රිදුමකි.

“මට ඔයාව තේරෙනවා තුෂර…ඒත්…මං මොනවා කරන්නද…? කාලයක් යනකොට හැමදේම හරි යයි…මට ඔයාට බලාපොරොත්තු දෙන්න බැහැ…ඒ නිසා මං ගැන හිතන්න එපා…ඒකෙන් වෙන්නේ ඔයා තවත් දුක් විඳින එකයි…”

ඔහු කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඈ කීවාය. තුෂර සුසුමක් හෙළන හඬ ඇයට ඇසිණි. කතා බහ නිම කර ඈ අසුනින් නැඟී සිටියේ බර වූ හදිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you