More
    FeaturesMathaka BanawaraMathaka Banawara - 04 මතක බණවර

    Mathaka Banawara – 04 මතක බණවර

    -

    spot_img

    Mathaka Banawara – 04 මතක බණවර

    මගේ ඊයේ රෑ ගෙවිලා ගියේ හොස්පිටල් එකේ ඇඳක් උඩ. මහ රෑ පපුව හිරකරනවා දැනිලා ඇහැරුණත්,වැඩිය ගණං ගත්තෙ නෑ. ටිකෙන් ටික ඒක වැඩිවෙනව කියලා තේරුණේ හුස්ම ගන්න අමාරු වෙද්දි. මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙනවා දැණුනා. ඇස් නිලංකාර වෙද්දි මං ඇදේ වේගෙන් අනිත් පැත්ත හැරුණා. තට්ටු ඇදේ ඉදලා ලෑලී පොළොව උඩට මං “දඩස්” ගාලා ඇදගෙන වැටෙනවා විතරයි මට මතක. සිහිය එද්දි බොඳවෙලා ගිය ඇස් වලින් මං දැක්කෙ නර්ස් කෙනෙක්,සේලයින් බෝතලයක් වගේම පැත්තක තිබුණු බෙහෙත් ට්‍රොලියක්. මං ඇඳේ එහා,මෙහා වෙන්න හැදුවත් කොන්දෙ පැත්තක් තදින් රිදෙන්න ගත්ත.

    “ඔහොම ඉන්න දඟලන්න එපා….”

    චූටී නර්ස් නෝනා එහෙම කීවා. කතා කරපු ඉංග්‍රීසි ඌරුවෙන් එයා කේරළ කෙල්ලෙක් කියලා මට හිතුණා.

    “මොකක්ද මිස් මට වුණේ…”

    “ඇඳෙන් වැටිලනෙ…”

    නර්ස් කීවේ හිනාවෙවී. ඊට පස්සෙ එයා ළඟට ඇවිත් බෙහෙත් වගයක් මගේ අතට දීලා,මාව ඇඳ වියලට හේත්තු වෙන විදිහට වියල සකස් කරලා දුන්න.

    “බෙහෙත් බොන්න කලිං කන්න ඕනේ….ඔයාට ග්‍රෑස්ටයිටීස් ඕවර්…ඩොක්ටර් කීවා බඩේ තුවාල කියලා…”

    මං හිනාවෙලා ඔලුව වැනුවා. මට කියන්න ඕනේ වුණා. වැඩිපුරම තුවාල වෙලා තියෙන්නෙ හිත කියලා. අහන්න ඕනේ වුණා. හිතේ තුවාල වලට මෙහේ බෙහෙත් නැද්ද කියලා.

    “බලන්න ඔයාගේ වයස කීයද කියලා…ඇයි ඔහොම බීලා නාස්ති වෙන්නේ…”

    කේරළා හෙදිය කිව්වේ මගේ මූණට එබිලා පුංචි තරවටුවක් ගානට. මං ආයෙත් එයාට හිනාවුණා.

    ” හැමදේටම හිනාවෙනවා…ඊයේ රෑ කාමරේ යාළුවො නොහිටියනම් ගෙදර අයට තමා අඬන්න වෙන්නේ…”

    නර්ස් නෝනා එහෙම කීවේ ටිකක් සැරෙන්. මං වෙනුවෙන් අඬන්න ඉන්න අයගෙ ලිස්ට් එක බැලුවාම මුලින්ම හිටියේ අම්මා. රට දාලා එන්න හේතුවත් අම්මගෙ කඳුළු.සැනසීමකට තියෙන්නේ අම්මගෙන් ඇහෙන වචනයක් විතරයි. ජීවිතේ සම්පූර්ණ හිස් කියන හැඟීම හිතට ආවම,කෑම වලින් බඩ පුරවගත්තට වැඩක් නෑ. මං ඒ නර්ස් නෝනට කියලා අම්මට කෝල් එකක් අරගත්තා.

    “ඇයි මයෙ පුතේ කටහඬ වෙනස්වෙලා.. අසනීපයක්ද..කෑවද.. අද නිවාඩුද..මොකක්ද මේ නම්බර් එක..දැන් කොහෙද ඉන්නේ…”

    ඒ මයෙ අම්මගෙ හැටි..මං කතා කරපුවාම එයාට අහන්න ඕනේ ටික අහලා තමා මගේ ඒවට කන් දෙන්නෙ. ඇත්තටම මට අම්මට කියන්න දෙයක් නෑ.කෝල් කරන්නෙ එයාගෙ කටහඬ ඇහුණාම හිත සනීප වෙන බව දන්න නිසා. ඒක කිසිම බෙහෙතකින් සුව කරන්න බැරි බව දන්න නිසා. දවල් මාව බලන්න ආවෙත් ලේඩී ඩොක්ටර් කෙනෙක්. පළවෙනි වතාවට මං මෙහේදි සාරියක් ඇඳපු ගෑණු කෙනෙක් දැක්කෙ. ඒ ලොකු රවුම් ඇස් දිගේ ගිහිං මං නතරවුණේ අපේ අතීතේ සුදු නෝනා. ඉස්සර ඔයත් සාරියට තමා ලස්සනම. සාරිය ඇඳලා යද්දි ඔයා දිහා හැමෝම හැරිලා බලනවා. ඉස්සර ඒක මට ලොකු ආඩම්බරයක් ගෙනාපු හැඟීමක්. ජීවිතේ හුඟක් ආඩම්බර වුණු අතීතයක් අද වේදනාවක් විතරක් ඉතුරු කරලා.

    “එක්ස්කියුස්මී…”

    දොස්තර නෝනගෙ කටහඬින් මං අතීතෙන් ඇඳ උඩට ආවා. එතකොටයි දැක්කෙ මෙච්චර වෙලා මං ඩොක්ටර් නෝනගෙ අතෙන් අල්ලං ඉඳලා තියෙන්නෙ කියලා.

    “සොරි..”

    මං එහෙම කියලා ඩොක්ටර් ගේ අත අතෑරියා. එතකොටයි ඒ හිනාව දැක්කෙ. හරිම සිරියාවන්ත හිනාවක්. ඇත්තටම ඔයා හිනාවෙනව වගේ සරල,චාම් ඇස් හීනී වෙන හිනාවක්.

    ” ඔහොම හිනාවෙන්නෙපා මේ සත්තු ටික ඔයාට වශී වෙයි…”

    ඉස්සරම දවසක දෙහිවල සත්තු වත්තෙදි මං ඔයාට එහෙම කීවා.

    “එක සතෙක් වශී කරගත්තම ඇති. සත්තු ගොඩාක් වශී වුණාම කරදරයි..”

    ඔයා කීවේ ඒ සිරියාවන්ත හිනාව එක්කමයි. එහෙම කියපු ඔයා එයාට වශීවුණේ මොන හේතූවක් හින්දද කියලා අහන්න මට බැරිවුණා. ඒත් මගේ ජීවිතේ හිනාව ඒ වශීවීමත් එක්කම ටිකෙන්,ටික මැකිලා ගියා. ආදරය කියන බලාපොරොත්තුව තමා මිනිස්සු ජීවත් කරන්නෙ සුදු නෝනා.. ඒක ඔයාට වගේම මටත් මට වගේම අනිත් හැමෝටමත් පොදුයි. මං ඒ මතක පිරුණු රට අතෑරලා ආවත්,ඔයාගේ මතකය තාමත්හදවතේ තුරුළු කරගෙන ඉන්නවා. කවදාහරි දවසක මට ලෙඩෙක් වෙලා මේ රටේ මැරෙන්න වෙයි කියන බය මට අද දැණුනා. ඉස්සර මට ඕනේ වුණේම මැරිලා යන්න. ඒ ඔයාගේ මතක එක්ක මැරි,මැරී ජීවත්වෙන්න තිබුණු බයට. මිනිහෙකුට ජීවත්වෙන්න පුංචි හරි අරමුණක් ඕනේ. ඒ අරමුණු එක්ක තමා හැම කෙනෙක්ම හෙට කියන දවසට ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඔයාට අරමුණු තියෙන්න ඇති. ඒ මා එක්ක නොවෙන්න ඇති. මොන අරමුණෙන්ද මං මේ ඔයාගේ ආදරේ පරෙස්සම් කරන්නෙ. ඔව්…ඒක තමා මං කරන්න දන්න එකම දේ…මං මැරිලා පොළොවට පස් වෙච්චි දවසකත්,මේ මහපොළොවේ තැනක මගේ ආදරේ ඔයාගේ නමින් තියේවී. හදවතේ අයිතිය කොහෙවත් ලියලා නෑ. ඒක තියෙන්නේ පපුවේ. කොච්චර රිදුණත් ඔයාගේ එක හිනාවකින් නිවෙන වේදනා අතර මං මෙහෙමම ඉන්නම්. ඔයා සතුටින් ඉන්න සුදු නෝනා.

    නුඔ දැක්ක දිනේ ඉඳලා
    හද ගැස්ම තියේ රැඳිලා
    නුඔ මගේ වේවී කියනා
    ඒ පැතුම ගියත් බිඳිලා
    නුඔ මගේ තමා කියලා
    මගෙ කනට හොරෙන් මුමුණා
    කී රහස රකිමි සැමදා……

    කිසිදින නුඹේ අතගෙන ප්‍රියේ
    මා යන මගේ යා නොහැකි බව දන්නවා
    එනමුදු මගේ හදගැබ කොනේ
    නුඔ නමට වෙන් කෙරුව ඉඩ තව තියේ….

    දිව රෑ දෙකේ ඉඟි බිඟි නුඹේ
    පවුකාර ඇස්වලට පෙණුනා මගේ
    අහිතක් අනේ නෑ හදවතේ
    ආසයි තියාගන්න නුඔ හංගා ළයේ….

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page